The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

හයිගේට්ස් සුසානයේ නිදන, අපි දන්න කියන, අපේ කෙනෙක් ඔයා මාක්ස්! - (අරවින්ද හෙට්ටිආරච්චි)

T

The Leader Desk

March 15, 2024 • 9:33 AM

හයිගේට්ස් සුසානයේ නිදන, අපි දන්න කියන, අපේ කෙනෙක් ඔයා මාක්ස්! - (අරවින්ද හෙට්ටිආරච්චි)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වික්‍රමබාහු කරුණාරත්න සහෝදරයගෙත් උපන්දිනය කියල ශෂී ලන්ඩනයේ ඉඳන් කියනකං මං ඒ ගැන දැනං හිටියෙ නැහැ.
  • නමුත් 88-89 භීෂණ වාතාවරණයක් ආපුවයින් පසසේ ඇගේ මේ නෝන්ඩි සිනහව ඇය අපට දැම්මේ නැහැ.
  • එත් එයා 1994දි ගිහින් ආයෙමත් චන්දෙ දාල තිබුණෙ තාත්තගෙ යාවජීව පක්ෂය වෙච්ච යූඇන්පියට බවයි මට මතක.
  • එත් බාහු සහෝදරයා බලල එහෙම කියන්න බැරි බව ශෂී හරහා බාහුගේ උපන් දිනේ දැනගැනීමෙන් පසුවයි මට වැටහුණේ.
අකුරු ප්‍රමාණය (Font Size):


වික්‍රමබාහු කරුණාරත්න සහෝදරයගෙත් උපන්දිනය කියල ශෂී ලන්ඩනයේ ඉඳන් කියනකං මං ඒ ගැන දැනං හිටියෙ නැහැ.

එත් අද කාල් මාක්ස් මැරිච්ච දවස.

 අපේ අක්කා සාමාන්‍යයෙන් වමේ දේශපාලනය ගැන තියා කාල් මාක්ස්ගේ පොයබාහ් තීසිසයවත් කියවපු කෙනෙක් නෙවෙයි. නාගරික මධ්‍යම පංතික පසුබිමක සහ ඒ ආශ්‍රිත මතවාද එක්ක ජීවත් වුන ඇයට වමේ පක්ෂ ගැන තිබුණෙ සියුම් සමච්චල්සහගත බැල්මක් සහිත ආකල්පයක්. ඇය කවදාවත් ඒ ආකල්පය වචනවලට හරවා නොකිව්වට, ඒ ආකල්පය සඟවාගත් සමච්චල් සිනහවෙන් සිටි අපේ තරුණ කාලෙ ඒ සිනහවෙන් බැටකාපු දෙන්නෙක් අපේ ගෙදර හිටිය. ඒ මම යි, මගේ මියගිය මල්ලි යි. ඒ නිසා ඒ දවස්වල චන්දයක් කිට්ටු වුනහම වමේ පක්ෂවල චන්ද ප්‍රතිපල අපි බලාගන්නේ වෙන ගෙදරක ඉඳං.

 


නමුත් 88-89 භීෂණ වාතාවරණයක් ආපුවයින් පසසේ ඇගේ මේ නෝන්ඩි සිනහව ඇය අපට දැම්මේ නැහැ. මමයි මල්ලියි හිතුවෙ එයා ජවිපෙ කැම්පේන් එකෙන් වෙනස් වෙලා කියල. එත් එයා 1994දි ගිහින් ආයෙමත් චන්දෙ දාල තිබුණෙ තාත්තගෙ යාවජීව පක්ෂය වෙච්ච යූඇන්පියට බවයි මට මතක. එත් අපි දන්න වමේ සගයෙක් හෝ කලා සගයෙක් ගෙදර ආපුවහම කන්න ටික බොන්න ටික සපයල දෙන්න ඇය අමතක කළේ නැහැ. ඒ ක්‍රියාව ඒ කාලෙ මමයි මල්ලිලි ඒ හැටි සැලකිල්ලට ගත්තේ නැති කාරනාවක්. අපි අක්කගෙ උපන් දිනේ කාල් මාක්ස්ගෙ මරණෙ දවසෙ වෙච්ච ඒක දුටුවෙ නෙගටිව් දැක්මකින්. මොකද ඇයගෙ තිබුණ වාම විරෝධය හින්ද. එත් බාහු සහෝදරයා බලල එහෙම කියන්න බැරි බව ශෂී හරහා බාහුගේ උපන් දිනේ දැනගැනීමෙන් පසුවයි මට වැටහුණේ.

88-89 සමාජය පරාද වීමෙන් පස්සේ අපි වමේ පක්ෂයක් කියල යන්තමට හෝ විශ්වාසයක් තියාගත්තේ නව සමසමාජ පක්ෂයත් එක්ක. ඒ නිසා සාපේක්ෂව සුළු පිරිසක් හිටියත් ඒ දවස්වල බාහු සහෝදරයාගේ මැයි දින කතාව අහන්න අපි කොල්ලො සෙට් ඒකක් ගියා. ඒ අතර අහල පහලින් එකතු වුණේ ඇන්ජලෝ ජයසිංහ, අනුප නන්දුල, මගේ මල්ලී, උඩ ගෙදර මල්ලි කෙනෙක්. රස්තියාදු සෙට් එකේ තවත් බොහෝ උදවිය මේ ගමනට සෙටි වුණේ ආතල් එකක් ගන්න බලාපොරාත්තුවෙන්.

 


මේ අතර යූඇන්පී, ශ්‍රීලනිප අදහස් දරන එවුන්ගේ ඉඳං කිසිම අදහසක් නොදරපු එවුන් පවා හිටිය.

නමුත් මට වික්‍රමබාහුව මූණට මුලිච්චි කරවන සාකච්ඡාවක් හදල දුන්නේ මොල සෙනවි. ඒ සාකච්චාවෙන් පස්සේ, ජවිපෙන් අයින්වෙලා නසේට වැඩකරපු සාන්තට වික්‍රමබාහු කියල තියෙන්නෙ මෙදාපාර මට මුනගැස්සුවේ ඇලි මුගටියෙක් කියල. ඇලි මුගටිය කියන රූපකය බාහු පාවිච්චි කරල තිබුණෙ, ඇලි මුගටිය අනික් මුගටියන්ගෙන් වෙනස් වෙන්නේ ඌ නයි දෙන්න දෙන්න අල්ලන නිසා කියල.    

දැන් ආපහු හැරිල බලනකොට මම, වමේ කියල හඳුන්වපු පක්ෂ කණ්ඩායම්වලින් ඇසුරු නොකරපු කෙනෙක් නැති තරම්. එත් මට ඒ කිසි කණ්ඩායමක් ඇතුළෙ මගේ නිත්‍ය අනන්‍යතාවය පිහිටුවගන්න බැරි වුණා. ඒ උවමනාව මා තුළ ඇතිකරවන්න ඔවුන්ටත් පුළුවන් වුණේ නැහැ. එක මගේ හෝ ඔවුන්ගේ ලොකු කමක් නෙවෙයි. එත් එක ඒහෙම වුණේ නැහැ. මට ම ආවේනික මොක්දෝ නිසඟයක් ඇවිත් මට ඒවායේ යාව ජීව සාමාජිකයෙක් ලෙස වඳ බහින්නට මා තුළ ඉන්න කවුද කෙනෙක් ඉඩ දුන්නේ ම නැහැ.

නමුත් මම එකක් හොඳට ම දන්නව.

සාමාන්‍ය වැඩිහිටි මිනිහෙකුට වුණත් අගහිඟකම් වැඩිවෙලා කන බොන ටික පවා අර්බුදයට ගිය වෙලාවට මතක් වෙන්නෙ තමන්ගෙ අම්මව. එත් යන්තම් හෝ වමේ දේශපාලන කතිකාවේ ගෑවිලා හෝ හිටිය පිරිමියෙකුට හෝ ගැහැනියකට අගහිඟකම් වැඩිවෙලා කන බොන ටික පවා අසීරු වෙන මොහොතක මතක් වෙන්නෙ මාක්ස්ව.

අද මාක්ස් මියගිය දවස…

 


අපේ ගෙදර කවදාවත් කවුරුත් කාටවත් සුභ උපන්දිනයක් කියනවා මම අහල නැහැ.

මම කියලත් නැහැ. මරණ ගෙවල්වලදි බිත්ති බදාගෙන අඬනවත් මම දැකල නැහැ. මම කරලත් නැහැ. හැබැයි එකෙන් දුක් වුණේ නැහැ කියල අදහස් වෙන්නෙ නැහැ.

අම්ම වෛද්‍යවරියක් වෙච්ච සහ තාත්ත සුභසාධන නිළධාරියෙක් වෙච්ච ගෙදරක එහෙම වුණේ කොහොමද කියල මම තවම හොයනව.

එත් මම අද අක්කගෙ උපන්දිනේට කෘතිමව සුභ පතල, හෙට ඉඳන් කන්න දෙන්න බැරි තත්වයක් ඇවිත් තියෙනව කියල පොඩි පොකට් මනී එකක් ඉල්ලුව.                                                                                  

ඇය එක දෙන්න බැරි ඇගේ නොහැකියාව කියල පොඩි වොයිස් මැසේජ් එකක් එවල තිබුණ.                                

ඉතිං මම එකට ආපහු උත්තර දෙන්න ගියේ නැහැ.

මොකද, දවස තිස්සෙ ම ඔළුවෙ දිව්වෙ “අද මාක්ස් මැරිච්ච දවස, මොකක් හරි එකක් කුරුටු ගාන්න ම ඕනි මේ හාදයා වෙනුවෙන්” කියල. එත් ගෙදර දොරේ ජීවන අරගලයේ වැඩ එක්ක හැප්පිල මේක ලියන්න ඉඳගන්න ලැබුනෙ සවස 6.00ට. ඒත් මාක්ස් මගේ අසීරුව ගැඹුරින් ම තේරුම් ගන්න පුළුවන් සගය. ඒ හින්ද ලොකු හෘදසාක්ෂිමය වදයක් ආවෙත් නැහැ හිතට.
 
මාක්ස්ගෙන් මොනවහරි ඉගෙන ගත්තු වමේ අය අතුරින් දකුණේ ජවිපෙ සහ උතුරේ සමහර වෙල්ලාල කුලවාදී නොවූ සටන්කාමී සංවිධාන වලින් මට හමුවුණ සහෝදර සහෝදරියන්ගේ මම දැකපු මාර ම ගුණයක් තමයි එවුන් දැක්ක ගමං අහන ප්‍රශ්නෙ …..“සහෝදරය කාල ද ඉන්නෙ?, පොඩ්ඩක් කාල ඉම්මු ද?….” කියන එක.
 
එත් පහුගිය කාලෙ තමන්ගේ උපයාගැනීමේ මාර්ගය අහිමි වෙච්ච සිරිමලීට දීප්තිගේ ‌මුහුණු පොත් කාරයෝ ටිකක් කෝචොක් එකක් දාල තිබුනා, “ආ…කොහොම ද …දැං රස ‌බෝංචි කන්න ලැබෙනව ඇති නේ ද කියල. උන් එහෙම කළේ, ඇය 90 දශකයෙ බඩට නොකා සහ නොකාපු, ඒක නොකියා ගොඩනගන්නට ශ්‍රමය දුන්නු එක්ස් එකේ ම පුටුවක් උඩ නැගල බව නොදැන. සිරිමලීලා ම ගොඩනගපු එක්ස් එකේ පොලිටිකල් ප්ලැට්ෆෝම් එක උඩ නැගල ආතල් එකේ එහෙම කියන අලුත් හුජ්ජ කොල්ලො හෝ කෙල්ලො සිරීමලී හෝ වෙනත් කැපකාර එක්ස් සාමාජිකයින් සම්බන්ධයෙන් උන්ගෙ නායකයා කොච්චර කුහක ද කියල දන්නේ නැහැ. මෙයාල පොරොප්ප වාගේ උඩ එන්න හදන්නේ මාක්ස්වත් මරාගෙන වුනාට මෙයාල ම ගෝත්‍රිකයි කියා හදුන්වන සමහර වාම සංවිධාන වලට තියෙන ස්නායු නැති උදවිය.

ඉතිං මාගේ සහෝදරවරුනි. මාක්ස් මැරුණෙ අද වගේ දවසක.
 
marx

ඒ  හින්ද මම මගෙ කයිවාරුව දැං නවත්තල, මාක්ස් මිය යන මොහොතේ මොහොතකට එළියට ගිහිං ඔහුගේ මරණය කලින් ම දැනගත්තු එංගල්ස්ට ඉන් දින හයකට පසුව කතු මඩුල්ලකින් සහ තව කණ්ඩායම් වලින් ලැබුණ සුළු ප්‍රකාශ සහ එංගල්ස්ගේ ප්‍රකාශයක් මේ විදිහට දිග හැරල දෙන්නං මට පුළුවන් උපරිමයෙන්.

මාක්ස් ඔයා කොහේ හරී මේ වාතලයේ ඉමක ඉන්නව නං මේ ලියවිලිවල ආදරය ඔයාට යි.

එංගල්ස් මෙහෙම කියනව. 
 
240px Engels 1856මාක්ස්ගෙ මේ වියෝව නිමිති කරගෙන මට නිවේදන කිහිපයක් ලැබිල තියෙනව.

ඒවා අනුව ජනතාවගේ සංවේගය කොයිතරම් පුළුල්ව පැතිරිලා තියෙනව ද කියල පේනව.

ඒ හින්ද ඒවා ගණනයකට ගත යුතුයිනේ.  - එංගල්ස් 
 
මාක්ස් මියගොස් දවස් හයකට පසුව මාර්තු 20වෙනිදා එලිනෝර් මාක්ස් මෙනවියට මෙන්න මෙහෙම ටෙලිග්‍රෑම් ආවා.

එක  ප්‍රංශ භාසාවෙන් පලවන ඩේලිනිව්ස් පුවත්පතේ කතු මඩුල්ල විසින් මෙන්න මෙහෙම උපුටල තියෙනව
 
“එංගලන්තයේ වැඩකරන පංතිය නැමති පොත ලියූ කතුවරයා සහ දිවංගත කාල් මාක්ස්ගේ සමීපතම මිතුරා වන ඒංගලස් මහතාණෙනි, පහත සටහන සමඟ මාක්ස්ගේ දෙණ මත මල් කළඹක් තබන්නට කාරුණික වන්න!

වැඩකරන ජනයාගේ අයිතීන් න්‍යායාත්මකව ආරක්සා කරදුන් සහ ප්‍රායෝගිකව යොදා ක්‍රියාත්මක කරන්නට ඉගැන්වූ මිනිසා සිහිවීම පිණිසයි!

 එංගලස් මහතාගේ ලිපිනය සහ මල්වඩමේ මිල අපට පවසන ලෙස ඒ මහතා අපට දැනුම් දී තිබේ.

ඒ නියමිත මුදල නොපමාව ඔහු වෙත ලැබෙන්නට සලස්වන්නෙමු!

 මීට,
මොස්කව් නගරයේ පෙට්‍රොව්ස්කි ඇකඩමියේ සිසුන්.”
 
මරණයෙන් දින 3ක් ගෙවී මාර්තු 17 වෙනිදා පැවැත් වූ මේ අවමගුල් උත්සවයට පිටත් කර හැරීම සඳහා සමහර මල් කළඹවල් සහ පණිවුඩ ප්‍රමාද වුණා වැඩි තරම්. මීට අමතරව පැරීසියේ සිටි අපගේ මිත්‍ර පී ලව්රොව් විසින් මාර්තු 31 වෙනිදා පීටර්ස්බර්ග් තාක්ෂණික ආයතනයේ සිසුන් සහ රුසියානු ශිෂ්‍ය කාන්තාවන් සමඟ මාක්ස්ගේ සොහොන මත මල් කළඹක් තබන්නට මට මුදල් ඇණවුමක් ඒවා තිබුණා. 
 
Shutterstock 7864720e
ඊළඟට, පසුගිය සතිය වන විට, සමාජප්‍රජාතන්ත්‍රවාදින් වූ ඔඩෙස්සා හි සිසුන් ද මාක්ස්ගේ සොහොන මත ඔවුන්ගේ නමින් මල් කළඹක් තබන ප්‍රර්ථනවා මට දන්වා ඒවා තිබුණා. පීටර්ස්බර්ග් සිට ලැබුණ මුදල් මළ් කළඹවල් 03කට තරම් ප්‍රමාණවත් වුනා. ඒ නිසා මොස්කව් සහ ඔඩෙස්සා වලින් අපේක්ෂා කළ මල් කළඹවල් සඳහා ගෙවීම ද මට පහසු වුණා. මේවා සඳහා වන සමරු සිහිකැඳවුම් ලේඛන සකසා ගැනීම මට තරමක් නුහුරු අත්දැකීමක් වුණා. ආරම්භයේ දී සොහොන මත මල් කළඹවල් තැබූ අතර, ඒවාට අදාළ ගිණුම් වාර්තා කිරීමට හැකි වුණේ පසුව යි. සෝලිගන්හි කතුරු, පිහි සහ කඩු කර්මාන්තයේ යෙදී සිටි කම්කරුවන් ලස්සන මල් කලඹක් ඒවා තිබුණා.

එහි “මාක්ස්ගේ සොහොන වෙනුවෙන්” කියා සරලව ලියා තිබුණා. මෙය ඒවලා තිබුණේ කොමියුනිස්ට් කම්කරු අධ්‍යාපන සංගමය හරහා යි. අපට ඒ මල් කළඹ සොහොන මත තියන්න පුළවන් වුණේ මාර්තු 24දා.
 
මේ මල් කළඹ තැන්පත් කරන්නට ගිය විට, කලින් සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ සහ කොමියුනිස්ට් කම්කරු අධ්‍යාපනික සංගමයේ මල් කළඹවල්වල වූ රතුසේද දුනු වල අගකෙලවරවල් කපාගෙන ගොස් සොහොන අපකීර්තියක් ලබා දී තිබුණා. මේ බව අදාළ වගකිවයුත්තන්ට දැන්වීමෙන් වැඩක් වුණේ නැහැ. ඒත් මේ එන ආසිරි පැතුම් දිහා බලුවහම නම් අනාගතයේ දී මේ සොහොන ආරක්ෂා වේවිය කියල හිතන්න පුළුවන්.
 
මේ අතර ස්විට්සර්ලන්තයේ ස්ලැවොනික සංගමය විසින් ප්‍රකාශ කරනු ලබන්නේ, මහා විමුක්ති අරගලයේ වින්දිතයින්ට සහන සැලසීම සහ ඒම අරගලය ඉදිරියට ගෙන යාම සඳහා මාක්ස්ගේ නමින් ජාත්‍යන්තර අරමුදලක් පිහිටුවන බවත්, ඒ තුළින් මාක්ස් වෙනුවෙන් අනුස්මරණ ස්මාරකයක් ද පිහිටුවනු ඇති බවයි.

ඇත්ත වශයෙන් ම මෙම යෝජනාවේ ඉරණම මූලික වශයෙන් රඳා පවතින්නේ, ඒම යෝජනාවට ප්‍රතිචාර ලැබෙන විදිහ අනුව වන අතර, මා ඒය මෙහි සඳහන් කරන්නට සිතුවේ ද ඒ නිසා ය.

එලෙස ම, සත්‍ය කරුණු ඇසුරින් පුවත්පත් වල පළ වූ අසත්‍ය කටකතා පිලිතුරු වශයෙන් මම අපගේ අසහාය න්‍යායචාරී නායකයා වූ කාල් මාකස්ගේ රෝගාබාධ සහ අභාවය පිළිබඳ පහත කෙටි විස්තරය ඔබට කියමි.

කාල්ස්බාඩ්හිදී සිදුකරනු ලබූ අදියර තුනක ප්‍රතිකාර හරහා මාක්ස්ට තිබුණ පැරණි අක්මා රෝගය සම්පූර්ණයෙන්ම පාහේ සුවකරගත් පසුවත්, හිසරදය, නින්ද නොයාමේ නිරන්තර ගැටලුව, නිදන්ගත බඩේ අමාරුවක් සහ ස්නායු වෙහෙසකින් මාක්ස් පීඩා වින්දා.
 
GettyImages 954493508 e1525453017496
ගිම්හාන කාලේ මුහුදු වෙරළෙහිත් සෞඛය නිකේතනයකත් සංචාරය කිරීමෙන් පසුව මේ මුඛ්‍ය රෝග දෙක පිළිබඳ  පැමිණිලි කිරීම අඩු වැඩි වශයෙන් අතුරුදහන් වුණ බව කිව යුතුයි. අලුතින් ආපු ඊළඟ අවුරුද්දේ දී නම් මේ කරදරකාරී බලපෑම් වැඩිපුර පැමිණියේ නැහැ. එත් උගුර පිළිබඳ නිදන්ගත පැමිණිලි සහ කැස්ස නින්ද නොයාමට දායක වුණා. සමස්තයක් විදිහට ගත්තහම නිදන්ගතව තිබූ බ්‍රොන්කයිටිස් රෝගය කරදර කළේ අඩුවෙන්. ඔහුගේ පිය බිරිඳගේ මරණය සිදුවෙන්නට සති හතරකට හෝ පහකට කලියෙන් ඔහුව බ්රොන්කයිටිස් සහ ආරම්භක නිව්මෝනියාව මුහුවී සංකීර්ණ ව හැදුනු දරුණු ප්ලූරසි (Pleurisy) නම් තත්වයකට ගොදුරු වුණා. මෙය ඉතා හොඳින් සමනය කරගතහැකි වූ අතර, මේ උදෙසා 1882 දී ඔහුව අයිල් ඔෆ් වයිට් වෙත සහ ඇල්ජියරස් වෙත යවනු ලබුවා. ගමන සීතල වූ නිසා ඔහු නැවත ඇල්ජායරස් වෙත පැමිණියේ යටකී ප්ලූරසි තත්වයෙන් වඩ වඩාත් පීඩා විඳිමින්.

සාමාන්‍ය දේශගුණික තත්වයේ දී මෙයින් ඒතරම් බලපෑමක් සිදු නොවන්නටත් තිබුණා.

ඒත් එදාපාර ඇල්ජීරියස්හි ශිත සෘතුව සහ වසන්තය අන් කවරදාටත් වඩා සීතල සහ වැසි සහිත වුණා. අප්‍රියෙල් මාසය වන විට ඔහුගේ කෑම කාමරය උණුසුම් කිරීමට අපි නිෂඵල උත්සහයක් යෙදුනා. එත් අවසාන වශයෙන් සමස්ත තත්වය යහපත් නොවි නරක අතට ම හැරුණා.    

මාක්ස් ඇල්ජියරිස් සිට මොන්ටෙ කාලෝ වෙත පැමිණියේ, සීතල තෙත ගමනකින් පසුව ඇතිවන තුන්වන ප්ලූරිසි තත්වයකින් පීඩා විඳිමින්. මේ අයහපත් කාලගුණය විශේෂයෙන් ඔහු වෙනුවෙන් ම අප්‍රිකාවේ සිට ගෙන ආවා වගේ වුණා. ඒ නිසා රෝගයෙන් යථා තත්වයට පත්වනවා වෙනුවට ඔහුට සිදුවූයේ රෝගයට ඒරෙහිව සටන් වදින්නට යි.
 
ග්‍රීස්ම කාලය මුළදි ආජන්ටියයිල්හි සිටි තම දියණය වූ ලෝනගුට් මහත්මිය වෙත ගිය ඔහු තම නිදන්ගත බ්‍රොන්කයිටිස් රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා අසල්වැසි නගරයක් වන ඒන්ගියන්හි සල්ෆර් සහිත උල්පත් වෙත යාමට එහි රැඳී සිටියා. අඛන්ඩ තෙත ගිම්හානය නොතකා ප්‍රතිකාරය සාර්ථක වුණා සහ ඒ වගේ ම බමන්දගාමී ද වුනා. නමුත් වෛද්‍යවරුන් ඉන් තෘප්තිමත් වූ බව පෙන්නට තිබුණා. ඔවුන් ඉන්පසු මාක්ස්ව ජිනීවාවල විලෙහි වෙතට යැවූ අතර, ඒහිදී ඔහු බොහෝ දුරට සුව ලැබුවා. ඉතින් ඔහුට ශීත කාලය ගත කරන්නට ලැබුණේ ලන්ඩනයේ නොව ඒංගලන්තයේ දකුණු වෙරළ තීරයේ බව නම් සත්‍යයක්. ඉන් අවසන, ඔහුට අවශ්‍ය වූයේ ඔහුගේ වැඩකටයුතු නැවත ආරම්භ කිරීමට යි.
 
සැප්තැම්බර් මාසයේ ලන්ඩනයට එනවිට ඔහු මනා පෙනුමකින් ද සිටි අතර කිසිදු පැමිණිල්ලක් නොකර මා සමඟ හැම්ප්ස්ටඩ් කන්ද ද නැග්ගා. ඒම කන්ද ඔහුගේ නවාතැනේ සිට අඩි 300ක් පමණ ඉහළට දිවෙන එකක්. නොවැම්බරයේදී මිදුම බැස යන බවට කාලගුණ තර්ජනයක් නැවත පැමිණියා.  එහිදි, ඔහුව අයිල් ඔෆ් වයිට් හි දකුණු කෙලවරේ ඇති වෙන්ට්නෝර් වෙත යවනු ලැබුවා.

නැවත තෙත් කාලගුණයට මීදුම මුසු වුණා. නොවැලැක්විය හැකි නැවුම් සීතල සහ කැස්ස විපාකය අරන් ආවා. නැවුම් වාතය ලබා යථා තත්වයට පත්විය යුතුව සිටි ඔහුට තම කාමරයට සිරවී දුර්වල වන්නට සිදු වුණා. ඉන්පසුව ඔහුගේ දියණිය වූ ලේන්ගුට් මහත්මිය ද මිය ගියා.
 
klf
ඉන් මතු ජනවාරි 12වෙනිදාවක් වූ පසුවදා මාක්ස් ලන්ඩනයට පැමිණියේ පැහැදිලි ලෙස ම බ්‍රොන්කයිටිස් රෝගයෙන් පීඩා විදිමින්. උපරිමය දක්වා යන වේදනාව ඉවසා දරාගත නොහැකි නිසා ඝන ආහාර ගැනීමෙන් වැලකී කිරි ලීටරයක් පානය කරන්නට ඔහුට එකඟ වන්නට සිදුවිය. එය, ඔහු මුළු ජීවිත කාලය පුරා ම අකමැතිව සිටි ආහාරයකි.

පෙබරවාරි මාසය වන විට ඔහුගේ පෙහළුවල තුවාලයක් ඇති වුණා. බෙහෙත්වලින් ඔහුගේ ශරීරයට කිසිදු යහපත් බලපෑමක් සිදු වුණේ නැහැ. ඊට පෙර මාසයට වඩා අතිරික්තයක් බෙහෙත් ලබා දුන්න ද ප්‍රතිඵලය වූයේ එය ම යි. මේ සියල්ල නිසා ඔහුගේ ආහාර රුචිය දුර්වල වී ගිය අතර, ආහාර දිරවීමට ද බාදා ඇති වුණා. දවසින් දවස බලන් ඉඳිද්දී ම මාක්ස්ව කෙට්ටු වුනා. නමුත් රෝගය වෙනත් වාසිදායක මාවතක් ගනිමින් සිටියා. ඉතිං බ්‍රොන්කයිටිස් රෝගය තරමක් සුව වී ගිල දැමීමේ පහසුවක් ද ඇති වුණා. වෛද්‍යවරුන් තුළ ද බලාපොරොත්තුව දැල්විණා. මා ඔහුව බැලීමට ගිය හොඳම කාලය ඒ කාලය යි. එත් ඉන්පසුව, මම හදිසියේ ඔහුගේ නිවසට යන විටෙක මුළ නිවස ම කඳුළු සලමින් පැවතුණා.
 
ඔහු කෙතරම් අසනීප වී සිටියාදයත්, නිවසේ අදවිය සිතුවේ එය ඔහුගේ අවසානය කියා යි. ඒහෙත් ඒදින උදෑසන ඔහු වයින් කිරි සහ සුප් රසකර පානය කළා. විශ්වාසවන්ත මහළු ලෙන්චෙන් වසර 40ක් තිස්සේ ඔහුගේ නිවසේ සිටි කෙනෙක්. ඔහු මාක්ස් ලඟට ගොස් ආපසු පැමිණ “ඒන්න, ඒයා ඉන්නෙ අඩ නින්දේ” යැයි මට කීවා. අප ඇතුළට යන විට ඔහු සමූපූර්ණයෙන් ම නිදාගෙනයි සිටියේ. නමුත් ඔහු නිදාගෙන සිටියේ සදහට ම යි. කාල් මාක්ස් තම හාන්සි පුටුවේ හිඳීමින් ලැබූ තරම් වන පහසු මරණයක් කෙනෙකුට ප්‍රර්ථනා කළ නොහැකි යි.
 
දැන් මම සුභ පණිවුඩයක් සමඟින් මේ කථාව අවසන් කරන්නම්.

ප්‍රාග්ධනය පොතේ දෙවන වෙළුමේ අත්පිටපත සම්පූර්ණයෙන් ම සංරක්ෂණය වී පවතිනවා. එය වර්තමාන ස්වරෑපයෙන් යුතුව මුද්‍රණය කළ හැකිද කියා කියන්නට මට තවමත් හැකියාවක් නැහැ. මෙහි ෆෝලියේ පිටු 1000කට වඩා තියෙනව. නමුත් “ප්‍රාග්ධනයේ සංසරණ ක්‍රියාවලිය සහ සමස්තයක් ලෙස ඒ ක්‍රියාවලියේ ආකාරයන්” 1867 සිට 1870 දක්වා දිවෙන අනුවාදයක් අනුව සම්පූර්ණ වෙනව. ආරම්භක විවේචනයක සාරයක ස්වරූපයෙන් ඇති ලිඛිත ද්‍රව්‍ය පසුකාලීන අනුවාදයක් සඳහා ද උචිත ය. විශේෂයෙන් රුසියානු ඉඩම් හිමිකම පිළබඳ දේවල් හසුකරගැනීමට මේ සටහන් සමඟ හොඳ ගණුදෙනුවකට යා හැකි ය.
 
marxism
මාක්ස්ගේ වාචික උපදෙස වූයේ, ඔහුගේ බාලදියණිය වන එලිනෝර් මහත්මිය සහ මම මෙහි ලේඛන විධායකයින් විය යුතු බවයි. 

ෆෙඩ්රික් ඒංගල්ස්
(1883 වසරේ අප්‍රේල් 28 වන දින ලන්ඩන්හි සිට)  


මේ ලිපිය ලියල ඉවර වෙන්න ටිකකට කලින් අපහසුයි කියපු අක්ක බැංකුවට සුළු ගාණක් දැම්ම කියල පණිවුඩයක් එවල තිබුණ. මට පේන විදිහට, දීප්ති වැනි අයට වඩා ප්‍රයෝගික තලයේ දී ජවිපෙට, සමහර දෙමල සංවිධානවලට සහ අපේ අක්කට මාක්ස්ව තේරෙනව.

ලන්ඩනයේ ඉඳං මං ලියනව දිග වැඩියි කියල එවන නසේ හිටපු ශෂී මගේ මිත්‍රයා, බලපන් එංගලස් මාක්ස් ගැන ලියල තියෙන පතරංගයේ දිග….තව දිගයි, මම කොට කෙරුව…. ඒ නිසා මේ ප්‍රාග්ධන කෘතියේ ඇති නිධානයෙන් ඩිංගිත්තක්වත් ඒ ගැන අවංකව ප්‍රායෝගික වන තව මනුස්සයෙකුගෙ භෞතික බඩගින්න තේරෙන උදවියට කියා දෙමු. ඔවුන් කොච්චර දුර්වල වුණත් ඒ්වාට මැසිවිලි නොකියා ඔවුන් අතරට ප්‍රාග්ධනයේ න්‍යාය අරන් යමු.
 
“මා මලත් මෙලෝ කුස
රෝසමල් පිපෙනු ඇත..
වසන්තය දළු දමා සුවහසක් කල් පුරා
අමාවක මැදියමක මා නොමැති බව දැනී
මගෙ සුසම් රැඳි තොලෙක උණුසුමක් සොයනු ඇත..
මට හොරා මගේ හිත හඳුනගත් එක් අයෙක්
මා නිදන මගෙ සොහොන වෙත පැමිණ හඬනු ඇත”     
 
                                                                                                        

-  පුන්තිලා නාට්‍යයෙන්..

 මාක්ස් ඔයාට සුභ රාත්‍රියක්!

Aeavinda Hettiarachchi 1@ අරවින්ද හෙට්ටිආරච්චි
නිදහස් මාධ්‍යවේදී හා සමාජ විශ්ලේෂක 
indikaaravinda@gmail.com
(slleader.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...