The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

නුවරඑළියටම ආලෝකයක් වූ රේණුකා හේරත්

T

The Leader Desk

March 15, 2024 • 3:28 PM

නුවරඑළියටම ආලෝකයක් වූ රේණුකා හේරත්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රේණුකා හේරත් මැතිණියගේ හත්වන ගුණ සමරුව 2024 මාර්තු මස 12 දිනට යෙදී තිබුණි.
  • ජයවර්ධන මහතාගේ ආරාධනයෙන් වලපනේ ආසනයේ සංවිධායකවරිය ලෙස 1977 වසරේ පැවැති මහ මැතිවරණයට තරග කළ ඇය පහසුවෙන් වලපනේ ආසනය ජයග්‍රහණය කළාය.
  • ජයවර්ධන රජයේ නුවරඑළිය ප්‍රථම දිසා ඇමතිණිය ලෙස පිදුම් ලැබූ අතර පසුව නියෝජ්‍ය සංස්කෘතික ඇමැති ධුරයටද පත් වූවාය.
  • එය එතෙක් වලපනේ ඇතුළු නුවරඑළිය දිස්ත්‍රික් ජනතාවගේ වාසනාවට ලැබූ අමාත්‍ය තනතුරක් විය.
අකුරු ප්‍රමාණය (Font Size):
රේණුකා හේරත් මැතිණියගේ හත්වන ගුණ සමරුව 2024 මාර්තු මස 12 දිනට යෙදී  තිබුණි.

රේණුකා හේරත් මැතිණිය, ගුරුවරියක ලෙස සේවය කරමින් එක්සත් ජාතික පක්ෂයේ ‘ජාතික සේවක සංගමයේ‘ නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක ලෙස  දේශපාලන කරළියට පිවිසියාය.

එක්සත් ජාතික පක්ෂ නායක ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ආරාධනයෙන් වලපනේ ආසනයේ සංවිධායකවරිය ලෙස 1977 වසරේ පැවැති මහ මැතිවරණයට තරග කළ ඇය පහසුවෙන් වලපනේ ආසනය ජයග්‍රහණය කළාය.


පළමු මහ මැතිවරණ සටනින්ම ජයග්‍රහණය කළ ඇය ජේ. ආර්. ජයවර්ධන රජයේ නුවරඑළිය ප්‍රථම දිසා ඇමතිණිය ලෙස පිදුම් ලැබූ අතර පසුව නියෝජ්‍ය සංස්කෘතික ඇමැති ධුරයටද පත් වූවාය.


රේණුකා හේරත් මැතිණියගේ විශිෂ්ඨතම කාල පරිඡේදය වූයේ 1989 රණසිංහ ප්‍රේමදාස රජයේ ‍සෞඛ්‍ය හා වනිතා කටයුතු ඇමතිනී ලෙස දිවුරුම් දීමෙන් අනතුරුවය.  එය එතෙක් වලපනේ ඇතුළු නුවරඑළිය දිස්ත්‍රික් ජනතාවගේ වාසනාවට ලැබූ අමාත්‍ය තනතුරක් විය.


එතැන් පටන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ දූ පුතුන් පෙළමින් සිටි රජයේ රැකියා සිහිනය සැබෑවක් බවට විය. විශේෂයෙන්ම වලපනේ ආසනයේ සෑම පවුලකම දරුවෙකුට රජයේ රැකියාවක් හෝ වෙනත් කිසියම් උපකාරයක් ලබාදීමට තරම් ඇය නුවරඑළියට ජනතාවට කෘතවේදී වූවාය. ඒ අනුව වලපනේ ද ඇතුළු නුවරඑළිය දිස්ත්‍රික්කයේ තරුණ තරුණින් දහස් ගණනකගේ රජයේ රැකියා සිහිනය සැබෑ කිරීමට ඇය සමත් වූවාය.


 “ලංකාවේ සෑම රෝහලකම වලපනේ හෝ නුවරඑළිය දිස්ත්‍රික්කයේ තරුණයෙක් හෝ තරුණියක් රැකියාවක් ලබා සේවය කරන බව“ කතාවක්ද පැතිරි ගියේ රේණුකා හේරත් මැතිණිය තම දිස්ත්‍රික්කයේ ජනතාවට සේවය කිරීම අනෙකුත් ජනාතා නියෝජිතයින්ට ආදර්ශයක් දෙමිනි.


සෞඛ්‍ය හා වනිතා කටයුතු ඇමැතිනිය ලෙස කාගෙත් අවධානයට ලක්වූ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පුරෝගාමි පියවර රැසක් දියත් කරමින්  කාන්තාවන්ගේ පෝෂණය, ඔවුන්ගේ ජීවන තත්ත්වය නඟා සිටුවීම හා අයිතිවාසිකම් උදෙසා රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන සමග එක්ව අමතක නොවන වැඩකොටසක් කිරීමට ඇය සමත් වූවාය.


සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස සියලුම වෘත්තීනට අදළව වෘත්තීය සමිති සමඟ එක්ව කටයුතු කරමින් කිසිඳු වෘත්තීය අරගලයකට ඉඩ නොතබමින් කටයුතු කිරීමෙන් ඇයගේ නිපුණත්වය, කාර්යශූරත්වය හා වගකීම මැනවින් කැපි පෙන්වූ අවස්ථාවක් විය.


රේණුකා හේරත් මැතිණිය අපෙන් සමුගෙන දැනට මාර්තු මස 12 වන දාට අවුරුදු  7ක්  වන අතර, එදින රාත්‍රී ධර්ම දේශනාවක් පවත්වා පසු දින මහා සංඝරත්නයට සංගගත දානමය පුණ්‍යකර්මක් ඇයගේ දයාබර සැමියා හා ආදරණීය දියණිය නීතිඥ හිරණ්‍යා හේරත් ඇතුළු පවුලේ ඥාතීන් රේණුකා හේරත් ජන්ම භූමිය ලැබූ වැවකැලේ ඇයගේ නිවසේදී පැවැත්විය. මෙම පිංකමට අමතරව වලපනේ ගැබිණි මව්වරුන් සඳහා භාණ්ඩ හා වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීමක් වෛද්‍ය නිලධාරි කාර්යාලයේදී සිදුකරන ලදි.

එදා මෙදා තුර නුවරඑළියටත්, වලපනේ මැතිවරණ කොට්ඨාශයටත් පොදුවේ මෙරට සියලුම කාන්තාවන්ටත් අනුපමේය සේවයක් කළ රේණුකා හේරත් මැතිණියගෙන් පසු එකී සේවය හා අවධානය නුවරඑළියට, වලපනේ මැතිවරණ කොට්ඨාශයට මේ දක්වා ලැබී නැත.


පවුල් හා ප්‍රභූ දේශපාලනය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කය සහ එහි ජනතාව මේ වන විට දැඩි සේ පීඩාවටත් අසරණකමත් පවත්ව ඇති බව පැහැදිලිව පෙනී යන කරුණකි. ඔවුන්ගේ හඩ, වුවමනා එපාකම් මැතිසභය තුළ නිසි ලෙස නියෝජනය නොවීම ඔවුන් මුහුණ දෙන බරපතළම ගැටලුවකි. මේ නිසා නුවරඑළිය දිස්ත්‍රික්කය දිගින් දිගටම සමාජ, ආර්ථික සංවර්ධනයෙන් ඈත් වෙමින් තිබෙන අතර එය වෙනස් කිරීමට කාලය පැමිණ ඇති බව මේ ගැන අවධිමත් ජනතාවගේ අදහසය.


අවසාන වශයෙන් මෙය නොලියාම බැරිය. රේණුකා හේරත් මැතිණියගේ ආදරණීය දියණිය මේ වන විට තම මවගෙන් ගිලිහී තිබූ “ජනතාව වෙනුවෙන්“  ධජය රැගෙන මව නතර කළ තැනින් ජනතාව වෙත තම සේවය සලසන්නට ඉදිරියට ඒම වලපනේ මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික් ජනතාවගේ වාසනාවකි, ජයග්‍රහණයකි. එය මවගේ පන්නරයෙන් ලැබූ උරුමයකි. මේ වන විටත් මවගෙන් නවතා තිබූ එම අනුපමේය සේවය ඉටු කරමින් සිටින්නීය.

(සුජීව සෙනරත්)
සමාජ හා දේශපාලන ක්‍රියාකාරික
sujeewa1965@gmail.com

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...