The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

ලංදේසි හිඟන්ටයෝ හා චිකාගෝ කොළුවෝ - (උදන් ප්‍රනාන්දු)

T

The Leader Desk

March 17, 2024 • 9:49 AM

ලංදේසි හිඟන්ටයෝ හා චිකාගෝ කොළුවෝ - (උදන් ප්‍රනාන්දු)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහි සඳහන් වූයේ මෙය ය: "කුමක් හෝ හේතුවක් නිසා මට හෙළ හවුල හා පෙ.ස.ප අතර කිට්ටු සමානකමක් පේනව.
  • ඒ අතර ම, මහාචාර්යතුමාගේ ප්‍රකාශය ප්‍රශ්නයට නගමින් විවේචන ද ප්‍රති උත්තර සහිත කොමෙන්ටු ද වැටිණ.
  • ඉන් පසු කුඩා ලැයිස්තුවක් (තමන් කියන දේට උදාහරණ ලෙස) ඉදිරිපත් කළේ ය.
  • ''හිඟන්ට" යන්න ප්‍රාදේශීය වහරෙන් අර්ථ දැක්වෙන්නේ හිඟා කන්ට ලෙස ය.
අකුරු ප්‍රමාණය (Font Size):

එහි සඳහන් වූයේ මෙය ය: "කුමක් හෝ හේතුවක් නිසා මට හෙළ හවුල හා පෙ.ස.ප අතර කිට්ටු සමානකමක් පේනව. මේක මට බොහෝ කාලයක් තිස්සේ ඉඳලා පෙනෙන දෙයක්". 


සුපුරුදු පරිදි, මහාචාර්යතුමාගේ දායක සභාවේ සාමාජිකයෝ කොමෙන්ටු මිටි පිටින් හූමිටි තැබූ හ. ඒ අතර ම, මහාචාර්යතුමාගේ ප්‍රකාශය ප්‍රශ්නයට නගමින් විවේචන ද ප්‍රති උත්තර සහිත කොමෙන්ටු ද වැටිණ. ඒ අතර තිබූ එක් කොමෙන්ටුවකට මාගේ අවධානය යොමුවුණේ ඒ තිබූ අන්තර්ගතයට ම නොවේ. ඒ කොමෙන්ටුකරුවා භාවිතා කළ එක් යෙදුමකට ය. 

nd 56කොමෙන්ටුකරු තම කොමෙන්ටුව ආරම්භ කළේ, "සමහර මානසික ව්‍යාධි හා විකෘති ප්‍රවේණිගතයි කියා මට බොහෝ කලක් සිට සිතන දෙයක්" යි කියමින් ය. ඉන් පසු කුඩා ලැයිස්තුවක් (තමන් කියන දේට උදාහරණ ලෙස) ඉදිරිපත් කළේ ය. කොමෙන්ටුව අවසාන කළේ "මේ පරංගි හමුදාවට පක්කලිකම් කරන්න මල්වානේ තියන් හිටපු උන්ගේ ප්‍රවේණියද?" කියා ය.

යට කී ලැයිස්තුවේ තිබුණේ, ටෙලි නාට්‍ය නොබලා කරන විචාර (විකාර) ලියන පැඞියෝ, පොත් නොකියවා විචාර (විකාර) ලියන පැඞියෝ, පිට කවරෙත් වැරදියට පරිවර්තනය කරන තක්කඩියෝ හා අනුන්ගේ පොත් 'මගඩි' කියන ඩච් හිඟන්ටයෝ යන උදාහරණ ය. මාගේ විශේෂ අවධානය යොමු වුණේ "ඩච් හිඟන්ටයෝ" යන යෙදුමට ය. ඩච් යනු ලන්දේසි, ඕලන්ද හෝ නෙදර්ලන්ත යන තේරුම කියැවෙන ඉංග්‍රීසි වචනය ය. ''හිඟන්ට" යන්න ප්‍රාදේශීය වහරෙන් අර්ථ දැක්වෙන්නේ හිඟා කන්ට ලෙස ය. එසේ කරන්නා හඳුන්වන්නේ හිඟන්ටයා ලෙසද කියා මම නොදනිමි. මා අනුමාන කරන්නේ ඒ එසේ නොවේ කියා ය. යට කී සීමාවන්ට යටත් ව වුව ද ඒ යෙදුම යම් අමුතු හැඟුමක් ජනනය කරන බව කිව යුතු ය.

සරසවි ඇඳුරන්ට ලොතරැයියක් ඇදෙන්න යයි !- තවත් අවුලක් !!මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

නිර්මාල් රංජිත් තම ආචාර්ය උපාධි අධ්‍යයනය සඳහා ඕලන්දයට ගියේ දෙදහ වසරේ අග විය යුතු ය. ඒ කාලයේ ඕලන්දය තමන්ගේ යටත් විජිත සමයේ ගාමක බලවේගය වූ වී.ඕ.සීය හෙවත් ඕලන්ද නැගෙනහිර ඉන්දීය කොම්පැනිය, පිහිටුවා වසර 400ක් ගෙවෙන ජුබිලිය සැමරීමට ලක ලැහැස්ති වෙමින් සිටී ය. ඒ වෙනුවෙන් ශාස්ත්‍රීය දායකත්වයක් කිරීම සඳහා, ඕලන්ද රජය විශේෂ පරිශ්‍රමයක් යොදා, ඒ රටේ පමණක් නොව යුරෝපයේ ද පැරණි ම විශ්ව විද්‍යාලයක් වන ලෙයිඩන් සරසවිය හා එරට ලේඛනාරක්ෂක ආයතනය සමඟ විශේෂ ආචාර්ය උපාධි වැඩසටහනක් දියත් කළේ, තම පෙර යටත් විජිත රටවල සිසු සිසුවියන් කණ්ඩායමකට ය. වී.ඕ.සී සමයේ විවිධ යටත්විජිත රටවල ඕලන්ද ඉතිහාසය සමඟ ගෙතුණු විවිධ පැතිකඩ මේ සිසු සිසුවියන් අතින් පර්යේෂණයට භාජනය විය. මහාචාර්යතුමා මෑත දී පරිවර්තනය කළ, මාතර කැරැල්ල පොතේ මුල් කතෘ ලුඩෝවයික් වාක්හනාර්, මහාචාර්ය රංජිත් ගේ ආචාර්ය උපාධි සුපරීක්ෂණ කමිටුවේ සිටි අයෙකි. මහාචාර්ය රංජිත්ගේ "ඩච් කනෙක්ශනය"  ගොඩනැගෙන්නේ ඒ පසුබිමේ ය.

ඉහත සඳහන් කළ ආචාර්ය උපාධි වැඩසටහනටත් වඩා දීර්ඝකාලීන ව හා සංඛ්‍යාත්මකවත් වැඩි ආචාර්ය උපාධි අවස්ථා ලාංකිකයන් අතර ප්‍රවර්ධනය කිරීමට ඕලන්ද රජය අනුග්‍රහය දැක්වුවේ ආර්ථික විද්‍යා ක්ෂේත්‍රයේ ය. කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ එක්තරා කාලයක ශාස්ත්‍රීය මට්ටමෙන් ධාරිතාවය ගොඩනැගුණේ ඕලන්ද ආචාර්ය උපාධි මගින් බව, මෑත කාලීන ව බිහි වූ ආචාර්ය උපාධිධරයින් දෙස බැලීමේදී පැහැදිලි වේ. කලක් කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශාධිපති ව සිටි ආචාර්ය පූජ්‍ය විමලරතන හිමියන් තම ආචාර්ය උපාධිය හදාරනු ලැබුවේ ඕලන්දයේ නයිමේහ සරසවියේ ය. මෑත කාලීන ව, ප්‍රතිපත්ති වාද විවාදවල සක්‍රීය ලෙස සහභාගි වූ මහාචාර්ය සිරිමල් අබේරත්න තම ආචාර්ය උපාධිය කළේ ඇම්ස්ටර්ඩෑමයේ ෆ්‍රී යුනිවසිටියේ ය. වර්තමාන අංශාධිපති මහාචාර්ය චන්දන අලුත්ගේ ද ඕලන්ද ආචාර්ය උපාධි නිෂ්පාදනයකි. සංචාරක ක්ෂේත්‍රය ගැන විශේෂඥයෙකු වන මහාචාර්ය සුරංග ද සිල්වා ද තම ආචාර්ය උපාධිය කළේ ෆ්‍රී යුනිවසිටියේ ය. අතුල රණසිංහ හා එස්.පී ප්‍රේමරත්න යන මහාචාර්යවරුන් දෙදෙනාගේ ආචාර්ය උපාධි අධ්‍යයන සිදු වූයේ ද ඕලන්දයේ ය. ආචාර්ය එම් ගනේශමූර්ති ද ඒ දේශාන්තයේ ම තම ආචාර්ය උපාධි අධ්‍යයන කටයුතු කළේ ය. මීට ව්‍යාතිරේඛ මහාචාර්යවරු වන්නෝ අමලා ද සිල්වා හා ලලිතසිරි ගුණරුවන් වන අතර ඔවුන් දෙදෙනා, පිළිවෙලින්, ආචාර්ය අධ්‍යන කටයුතු කළේ සසෙක්ස් හා පැරිස් හී ය.

 

Dr 1ආචාර්ය හවඩ් නිකලස්
ආචාර්ය උපාධි ප්‍රවර්ධනයට අමතර ව, කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ධාරිතාවය තවත් ගොඩ නගනු වස්, ඕලන්ද රජයේ අනුග්‍රහයෙන්, ඒත් නුවර පිහිටි අයිඑස්එස් නමැති විශ්ව විද්‍යාලයේ කොළඹ විශ්ව විද්‍යාලයේ එකමුතුවෙන් ආර්ථික විද්‍යා ශාස්ත්‍රපති සටහනක් දියත් කළේ ප්‍රකට ආර්ථික විද්‍යාඥයකු වන, ලාංකීය සම්භවයක් ඇති, ආචාර්ය හවඩ් නිකලස් විසිනි. එම වැඩසටහනේ විශේෂත්වයක් වූයේ, මූල්‍ය ක්ෂේත්‍රයට අදාළ කර්මාන්තවල නියැලී ජ්‍යෙෂ්ඨ හා නායකත්ව මට්ටමේ ප්‍රවීණයන්ට ආර්ථික විද්‍යාව විධිමත් පුහුණුවක් ලබා දීමයි. වර්තමානයේ කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාන්ශයේ සේවය කරන උනන්දු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙකු වන ඉන්ද්‍රජිත් අපොන්සු ඇකඩමියාවට ආගමනය වූයේ ඉහත වැඩසටහන ඔස්සේ ය. ඉහත වැඩසටහනේ ම කොටසක ලෙස දේශීය ආචාර්ය උපාධි වැඩසටහනක දියත් කළ අතර එහි නිෂ්පාදන මේ වන විට කොළඹ ආර්ථික විද්‍යංශයේත් ඉන් පිටත් සිටිනු දැකිය හැක.  

 

1540555749 404186 1540556238 noticia normalචිකාගෝ බෝයිස්

ඩච් හිගන්ටයෝ යන යෙදුම දුටු විට මට මතක් වූයේ 'චිකාගෝ බෝයිස්' හෙවත් චිකාගෝ කොලුවෝ නමින් හඳුන්වන ආර්ථික විද්‍යාඥන් පිරිසක් ය. එක් දහස් නවසිය පනස් ගණන්වල ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් "චිලී ප්‍රොජෙක්ට්" නමින් ක්‍රියාත්මක වූ වැඩසටහනක් විය. මීට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සම්පාදනය වූයේ රොකෆෙලර් හා ෆෝඩ් පදනම යන අතිශය ධනවත් සංවිධාන ද්වය විසිනි. මේ වැඩසටහනේ ප්‍රතිඵලයක් ලෙස, දකුණු ඇමරිකාවේ ආර්ථික විද්‍යා ශිෂ්‍යයන් (විශේෂයෙන් චිලී රටේ) ඇමෙරිකාවට ගෙන්වා ඔවුනට වැඩිදුර අධ්‍යාපනය දීම කෙරිණ. මේ කර්තව්‍යයේ නායකත්වය ගෙන ක්‍රියාත්මක කළේ, චිකාගෝ සරසවිය ය. එම සරසවියේ එකල ප්‍රකට ආර්ථික විද්‍යාඥයකු වූ, මිල්ටන් ෆ්‍රීඩ්මන් මෙම වැඩසටහනේ පියා ලෙස කටයුතු කළේ ය. ආර්ථික නිර්භාධකරණය හා  පෞද්ගලිකකරණය අරභයා මිල්ටන් ෆ්‍රීඩ්මන්ගේ ආර්ථික විද්‍යා ප්‍රවේශය එකල ඇමරිකාවේ පමණක් නොව ලොව පුරා ද ප්‍රචලිත විය. 1976 දී ෆ්‍රීඩ්මන්ට නොබෙල් ත්‍යාගය ද ලැබුණේ එහි ප්‍රතිඵලයක් ලෙස ය. ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවට මේ සා විශාල වියදමක් හා මහන්සියක් දරා, දකුණු ඇමරිකානු ආර්ථික විද්‍යාඥයින් පරම්පරාවක් බිහි කරන්නට අවශ්‍ය වූයේ පින් පිණිස නොවේ. 

දකුණු ඇමරිකාවේ සීඝ්‍රයෙන් පැතිර යන මාක්ස්වාදී නැඹුරුව මෙල්ල කිරීමේ හා මුලිනුපුටා දැමීමේ ඇමරිකානු අභිප්‍රාය හා සීඅයිඒ ක්‍රියාකාරිත්වය රහසක් නොවී ය. මෙලෙස චිකාගෝ සරසවියේ මිල්ට්න් ෆ්‍රීඩ්මන් පන්නයේ ආර්ථික විද්‍යා පුහුණුව ලද විද්‍යාර්ථීන් තම රටවලට පෙරළා පැමිණ, එම රජයන් හි ආර්ථික විද්‍යා ක්ෂේත්‍රයේ ඉහළ තනතුරු හා වගකීම් බාර ගත් හ. චිලියේ මුදල් ඇමතිවරු කිහිපදෙනෙක් හා බැංකුවේ ප්‍රධානියෙක් මෙලෙස පුහුණුව ලද චිකාගෝ කොලුවෝ වූ හ.

 

2015 02 03 Chile Pinochet Kissinger

1973 චිලියේ කුමන්ත්‍රණයකින් බලයට පත් වී ඒකාධිපති පාලනයක් ඇරඹූ ඔගස්ටෝ පිනොශේ යටතේ මේ චිකාගෝ කොලුවන්ට වැඩ කිරීමට සිදුවීම හුදු අහම්බයක් නොවිණ. කුමන්ත්‍රණයට පෙර බලයේ සිටි සැල්වදෝර් අයන්ඩේගේ ආණ්ඩුව සමාජවාදී හා කොමියුනිස්ට් නැඹුරුවක වීම ඊට සාක්ෂි සපයයි.

සටහන :  මෙය ලියන මා ද ආචාර්ය උපාධි අධ්‍යයනය කළේ ඕලන්දයේ බවත් ඊට පෙර සිට ම බොහෝ කාලයක් ඕලන්ද ආයතන සමග වෘත්තිමය වශයෙන් ගනුදෙනු කළ බවත්, ආචාර්ය උපාධියෙන් පසු වසර ද කිහිපයක් එම රටේම රැකියාවක් කරමින් ජීවත් වූ බවත් සටහන් කරන්නේ, එසේ නොමැති නම් මා කොලය පමණක් නොව කොලම ද වසා ගසන චෝදනාවෙන් බේරීමට ය !  

බාබර බැරෝමීටර - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
සමාජ හා දේශපාලන විශ්ලේෂක 
udanfer2014@gmail.com

(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ලංදේසි හිඟන්ටයෝ හා චිකාගෝ කොළුවෝ - (උදන් ප්‍රනාන්දු) | The Leader