The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

ලංකාවේ කතානායකවරුන්ට එරෙහි විශ්වාසභංග යෝජනාවලට මෙතෙක් සිදුවූ දේ

T

The Leader Desk

March 19, 2024 • 11:40 AM

ලංකාවේ කතානායකවරුන්ට එරෙහි විශ්වාසභංග යෝජනාවලට මෙතෙක් සිදුවූ දේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ, නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනි.
  • මාර්ගගත ආරක්ෂණ කෙටුම්පත සහ පොලිස්පතිවරයා පත්කිරීමේදී කතානායකවරයා පක්ෂපාතී ආකාරයට කටයුතු කළ බවට චෝදනා කරමින් මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ, සමගි ජන බලවේගය විසිනි.
  • විවාදයට දවස් තුනක් මෙම විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම මාර්තු 14 වන දා දින නියම කරනු ලැබුවේ ද, කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ම ය.
  • මේ අනුව, මාර්තු 19 වන අඟහරුවාදා පෙ.ව.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ඒ, නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනි.


මාර්ගගත ආරක්ෂණ කෙටුම්පත සහ පොලිස්පතිවරයා පත්කිරීමේදී කතානායකවරයා පක්ෂපාතී ආකාරයට කටයුතු කළ බවට චෝදනා කරමින් මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ, සමගි ජන බලවේගය විසිනි.

 

කථානායකට එරෙහි විශ්වාසභංගය භාර දෙයිමෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ, සමගි ජන බලවේගය විසිනි.

 

විවාදයට දවස් තුනක්

 

මෙම විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම මාර්තු 14 වන දා දින නියම කරනු ලැබුවේ ද, කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ම ය.

 

මේ අනුව, මාර්තු 19 වන අඟහරුවාදා පෙ.ව. 9.30 සිට ප.ව. 5.30 දක්වා ද, 20 වන බදාදා පෙ.ව. 9.30 සිට ප.ව. 4.30 දක්වා ද විවාදය පැවැත්වීමට නියමිතව තිබිණි.

 

 

විවාදයේ දෙවන දිනය වන 20 වන බදාදා ප.ව 4.30ට පමණ විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීම පැවත්වීමට තීරණය කර තිබුණ ද, අද දිනයේ එහි යම් වෙනසක් සිදුවිය.

 

අද පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළේ, විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය 21 වන බ්‍රහස්පතින්දා දිනයේදීත් පැවැත්වීමට ය.

 

ඒ අනුව, ඡන්ද විමසීම 21 වන දා පස්වරු 4.30ට සිදු කෙරෙනු ඇත.

 

කතානායකත් කනස්සල්ලෙන් !

වත්මන් කතානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව විවාදයට ගැනෙන විශ්වාසභංග යෝජනාව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායකවරයෙකුට එරෙහිව ඉදිරිපත් වූ පස් වන විශ්වාසභංග යෝජනාව වේ.

 

ශ්‍රී ලංකාවේ කතානායකවරුන්ට එරෙහිව ගෙනා විශ්වාසභංග


වත්මන් කතානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව විවාදයට ගැනෙන විශ්වාසභංග යෝජනාව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායකවරයෙකුට එරෙහිව ඉදිරිපත් වූ පස් වන විශ්වාසභංග යෝජනාව වේ.

 

මීට පෙර, කතානායකවරයෙකුට එරෙහිව අවස්ථා 4කදී ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනා කිසිවක් ජයග්‍රහණය කර නැතැයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ, සන්නිවේදන දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ එච්.ඊ. ජනකාන්ත සිල්වා BBC සිංහල සේවයට පැවසීය.

 

RgXvuVoKNwEWByOh 95463df6dfd370a5ef1f4da6158ed909 XLවිශ්වාසභංග දෙකකට මුහුණ දෙන්න එම්. එච්. මොහොමඩ් කතානායකතුමාට සිද්ධ වුණා

 

ඔහු ප්‍රකාශ කළේ, "කථානායකවරුන් හතර දෙනෙකුට එරෙහිව විශ්වාසභංග යෝජනා පහක් අද වන විට ඉදිරිපත් වෙලා තියෙනවා. ඉන් විශ්වාසභංග දෙකකට මුහුණ දෙන්න එම්. එච්. මොහොමඩ් කතානායකතුමාට සිද්ධ වුණා. නමුත් එකක්වත් ජයග්‍රහණය කරලා නෑ," යනුවෙනි.

 

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසයේ කතානායකවරයෙකුට එරෙහිව පළමු වරට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වූයේ, 1963 වර්ෂයේදී ය.

 

ඒ, එවකට කතානායකවරයා වශයෙන් කටයුතු කළ ආර්.එස්. පැල්පොළට එරෙහිව ය.

 

එම විශ්වාසභංග යෝජනාව ඇතුළු සෙසු විශ්වාසභංග යෝජනාවල තොරතුරු මෙසේ ය.

 

#1963 - ආර්.එස්. පැල්පොළට එරෙහිව - අපක්ෂපාතිව කටයුතු නොකළ බවට ජේ.ආර්. ජයවර්ධන ප්‍රමුඛ විපක්ෂයේ මූලිකත්වයෙන් යෝජනාව ඉදිරිපත් කරන ලදී. ආර්.එස්. පැල්පොළ යනු නාවලපිටියෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත්වූ අයෙක් විය.

 

#1980 - එම්.ඒ. බාකීර් මාකාර් - ආචාර්ය ආනන්ද තිස්ස ද අල්විස්ගේ ඉල්ලා අස්වී‌මෙන් පසු බාකීර් මාකර් කතානායකවරයා වශ‌යෙන් පත්කරන ලදී. බේරුවල ආසනයෙන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ඔහු පාර්ලිමේන්තු වරම් හිමි කර ගත්තේ ය. 1983 අගෝස්තු මාසයේදී ඔහු කතානායක ධූරයෙන් ඉල්ලා අස් විය.

 

#1991 - එම්.එච්. මොහොමඩ් - හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් වූ අවස්ථාවේදී පක්ෂග්‍රාහීව කටයුතු කළ බවට චෝදනා කරමින් ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන ලදී. කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ ඔහු 1989 වසරේ 1994 වසර දක්වා කතානායක ධූරය දැරීය.

 

#1992 - එම්.එච්. මොහොමඩ් - කලබලකාරී අවස්ථාවක න්‍යාය පත්‍රයේ තිබූ අයිතම 17ක් එක දිගට අනුමත කිරීමට එරෙහිව විපක්ෂය විසින් ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන ලදී.

 

#2024 - මහින්ද යාපා අබේවර්ධන - මාර්ගගත ආරක්ෂණ කෙටුම්පත සහ පොලිස්පතිවරයා පත්කිරීමේදී පක්ෂපාතී ආකාරයට කටයුතු කළ බවට චෝදනා කරමින් සමගි ජන බලවේගය විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළේ ය.

 

ඒ අනුව, ශ්‍රී ලංකාවේ කතානායකවරයෙකුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වී ඇත්තේ, වසර 32කට පසුව ය.

 

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනා සංඛ්‍යා දත්ත


ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මේ වන විට විවාදයට ගැනෙන කතානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු ඉතිහාසයේ 50 වන විශ්වාසභංග යෝජනාව ලෙස ඉතිහාසයට එක් වෙයි.

 

කෙහෙළියට එරෙහි විශ්වාසභංගයට සජබය අත්සන් තබයිකෙහෙළියට එරෙහි විශ්වාසභංගයට සජබය අත්සන් තබයි

 

මීට පෙර, විශ්වාසභංග යෝජනා 49ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබේ.

 

ඒ අතරින්, 27ක් ආණ්ඩුවකට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනා වේ. අගමැතිවරුන්ට එරෙහිව විශ්වාසභංග යෝජනා 4ක් ඉදිරිපත්ව ඇති අතර, ඇමතිවරුන්ට එරෙහිව විශ්වාසභංග යෝජනා 14ක් ඉදිරිපත්ව තිබේ.

 

ශ්‍රී ලංකාවේ කතානායකවරුන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත්ව ඇත්තේ, 5 වන වරට ය.


(BBC සිංහල සේවය)

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...