The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : සට්ටඹිරාළලාගේ ගොඩ පෙරකදෝරුකම්

T

The Leader Desk

March 24, 2024 • 7:54 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : සට්ටඹිරාළලාගේ ගොඩ පෙරකදෝරුකම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වර්තමාන දේශපාලනඥයන් යනු රටට කිසි වැඩක් නොකරන පිරිසක් බවය, ඉන් අදහස් කෙරුණේ.
  • ජනවහරට නුසුදුසු, ප්‍රසිද්ධියේ නොබිණිය යුතු ඇතැම් වදන් ප්‍රසිද්ධියේ කියා පෑම ඔවුන්ගෙන් ඉටුවන එක් සේවාවකි.
  • පශ්චාද් භාගය සම්බන්ධ කර කියන තව තවත් අපහාසාත්මක කියුම් ද ඇත.
  • එහෙයින් ඉදිරි කාලයේදී එවැනි ''පශ්චාද් භාග පරිත්‍යාගශීලී'' දේශපාලන සට්ටැඹියන් බොහෝ සේ දැකගත හැකිවනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

වර්තමාන දේශපාලනඥයන් යනු රටට කිසි වැඩක් නොකරන පිරිසක් බවය, ඉන් අදහස් කෙරුණේ.

එහෙත් මගේ දකුණු මොළයට දැනෙන විදිහට නම් ඔවුන් කිසිම වැදගැම්මකට නැති මන්දබුද්ධිකයන් පිරිසක්ද නොවේ. අනෙක් අතට, ඒ එසේ නම්, ඔවුන් පත්කර යවන ජනතාව ද ඊට එහා ගිය ගොබ්බයන් විය යුතුය.

 

අරගලය' සහ රාජපක්ෂවාදය එක විට ආරක්ෂා කිරීමට තතනන රනිල් - (ගාමිණී වියන්ගොඩ)
වර්තමාන දේශපාලනඥයන්ගේ මා දකින එක් ගුණාත්මක ලක්ෂණයක් වන්නේ ඔවුන්ගේ භාෂා ඥානය ය. නැතහොත් සිංහල භාෂාවට කරන සේවාවය. ඒ අතින් පාර්ලිමේන්තුව, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවටත් වඩා භාෂාවට වැඩ සදයි.

ජනවහරට නුසුදුසු, ප්‍රසිද්ධියේ නොබිණිය යුතු ඇතැම් වදන් ප්‍රසිද්ධියේ කියා පෑම ඔවුන්ගෙන් ඉටුවන එක් සේවාවකි. අනෙක ජනවහරින් දුරස්ව ගොස්, කෙමෙන් ඇකී මැකී යන වදන් හා යෙදුම් නැවත සමාජගත කිරීමය. ඒ අතින් ඔවුන් සිටින්නේ මහාචාර්ය ජේ.බී. දිසානායක, මහාචාර්ය සඳගෝමි කෝපරහේවා, කරුණාරත්න අමරසිංහ වැනි දැනට අපට ඉතිරිව සිටින භාෂා විශේෂඥයන් කිහිප දෙනාටද තර්ජනයක් වන තැනකය.

මෑතකදී අපේ භාෂාප්‍රේමී දේශපාලනඥ පර්ෂදයේ මතු කෙරුණු යට ගොස් තිබූ දෙවදනක් වූයේ සට්ටඹිරාළ හා ගොඩපෙරකදෝරුය.

මුලින්ම සට්ටඹිරාළ නැතහොත් සට්ටම්බිරාළ වෙත යමු.

 



සට්ටම්බි යනු නුවර රජවාසල නාන ගෙයි මෙහෙ කළා වූ ද, දෝලා කටයුතු කළා වූද මෙහෙකරුවෝය. අනෙක් අතට සට්ටම් යනු උරුලෑ ආදී සතුන්ගේ තට්ටමය.

රජවාසලේ වැසිකිළි පිරිසිදු කිරීමද සට්ටඹි ''රාජකාරියක්'' විය.

ඒ කෙසේ වෙතත්, පසු කාලයකදි සට්ටඹියා යන යෙදුම භාවිත වූයේ කවුරුන් හෝ ඉහළ කෙනකුගේ පශ්චාද් භාගය සෝදන්නාටය. 

''අපි උඹල වගේ එක එකාගෙ පස්ස හෝදන්ට යන්නෙ නෑ'' යි බණින්නේ ඒ අර්ථයෙනි. ජන වහරේදී ''පස්ස ලොවන්නට'' යනුවෙන් ද යෙදේ. පශ්චාද් භාගය සම්බන්ධ කර කියන තව තවත් අපහාසාත්මක කියුම් ද ඇත. දේශපාලනඥයන්ට පමණ ඉක්මවා ආධාර කිරීමට යන උදවියට ද එවැනි පශ්චාද්භාගී යෙදුම් භාවිත කෙරේ.

මැතිවරණයක් ළඟය. එහෙයින් ඉදිරි කාලයේදී එවැනි ''පශ්චාද් භාග පරිත්‍යාගශීලී'' දේශපාලන සට්ටැඹියන් බොහෝ සේ දැකගත හැකිවනු ඇත.

 



සට්ටැඹියාට සමාන තවත් වචනයක් ඇත. එනම්, ඇට්ටිම්බා ය. එහි තේරුම ශරීර කෘත්‍යයෙන් පසු අධෝ මුඛය මනාව පිරිසිදු නොකරන්නා නොහොත් බාගෙට හෝදා ගන්නාය. ඒ අනුව සට්ටඹිරාළලා තම රාජකාරිය හරි හැටි ඉටු නොකළහොත් රජවරු පවා ඇට්ටිම්බෝ බවට පත් වෙති. දේශපාලන භූමියේද සට්ටඹියෝ මෙන්ම ඇට්ටිම්බෝද හිඟ නැත.

මීළඟට ගොඩ පෙරකදෝරුකම දෙසට හැරෙමු.

 

වත්මන් ආර්ථික විද්‍යා පුරෝකථනයන් නිවැරදි ද?- (ජයශ්‍රී ප්‍රියලාල්)
පෙරකදෝරුවා යනුවෙන් ජනවහරට හැරෙන්නේ 'ප්‍රොක්ටර්' යන ඉංග්‍රීසි යෙදුමය. ඇඩ්වකේට්වරු, අද්වකාත් ලෙස ද හැඳින්වුණි.

ගොඩ පෙරකදෝරුවා මේ දෙවර්ගයටම අයත් නැත. ඔවුන් වැස්සකටවත් නීති විද්‍යාලයට හෝ නීති පීඨයට අඩියක් තබා නැත. ඔවුන්ගේ විශේෂත්වය වන්නේ ඕනෑම ප්‍රශ්නයක් හෝ තත්ත්වයක් සම්බන්ධයෙන් උපදෙස් දීමය. ගොඩ පෙරකදෝරුවන් නැති තැනක් නැත. ගම්බද පොළේ, නගරයේ, කඩපිලේ, තේ කඩේ, හෝටලයේ, උසාවි බිමේ පමණක් නොව තැබෑරුමේදීද ඔවුන් මුණගැසෙනු ඇත. ගොඩ වෙදකමේදී මෙන්ම ගොඩ පෙරකදෝරුකමේදීද හරියන තැන් මෙන්ම වරදින තැන් ද ඇත.

''ලෙඩා මළත් බඩ සුද්දයි'' යන තියරිය මේ දෙගොල්ලන්ටම ගැලපෙයි.

 

ආර්ථික අර්බුදය ගැන ආචාර්ය ලයනල් බෝපගේ විග්‍රහයක් - (පළමුවන කොටස)


දැන් රට තිබෙන්නේ ආර්ථික අතීසාරයෙන් අසාධ්‍ය වූ තත්ත්වයකය. ඒ අතරම ''ප්‍රසිඩන්ට් ස්ටාර්'' තරගයට ද අපේක්ෂකයෝ පෙළගැසෙමින් සිටිති. ඒ නිසා සට්ටඹියන්ගේ ඇට්ටිම්බන්ගේ හා ගොඩ පෙරකදෝරුවන්ගේ තෝම්බු තෝට්ටම් ගැන වාද විවාද කරනු වෙනුවට කළ යුත්තේ තම්බි අප්පුගේ පොල්මුඩු වෙදකමින් හෝ ලෙඩා ගොඩදැමීමය.

 

පරණ නොවන විහිළු කතා - (කපිල කුමාර කාලිංග)(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී
Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk)


 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...