The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

සිංහල අලුත් අවුරුද්දට කලින් ගම්මුන් ගෙන් අය බදු ගත් යක් ආණ්ඩුව දැන් කෝ?- (තිලක් සේනාසිංහ)

T

The Leader Desk

March 29, 2024 • 9:34 AM

සිංහල අලුත් අවුරුද්දට කලින් ගම්මුන් ගෙන් අය බදු ගත් යක් ආණ්ඩුව දැන් කෝ?- (තිලක් සේනාසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ”යක් ආණ්ඩුව” යනු දුරාතීතයේ එම ප්‍රදේශ පාලනය කොට ප්‍රබල යක්ෂ ආත්මයන් ලැබූ බවට ගැමියන් විශ්වාස කරන ගුප්ත හා අද්භූත පාලන තන්ත්‍රයකි.යකුන් පිදුම යනු ඔවුන් උදෙසා සිංහල අලුත් අවුරුද්දට පූර්වගාමීව සිදු කෙරෙන චාරිත්‍රයකි.
  • මෙය “අය බදු ගෙවීම” ලෙස ද හැඳින්වේ.
  • මෙලෙස නෑ යකුන් පිදුමට හවුල් වන සියලුම දෙනා එම ගම් වල පරම්පරාගතව කෘෂිකර්මාන්තයට; විශේෂයෙන් වී ගොවිතැනට සම්බන්ධ වූවෝ වෙති.
  • නමුදු සෙසු ගම් වැසි සියල්ලෝම ඊට විවිධ ලෙසින් දායක විය යුතුම ය.
අකුරු ප්‍රමාණය (Font Size):
අද වන විට මෙම ක්‍රියාවලිය සතිපතා, මාස් පතා සිදු වන නමුදු එවක එම ගමකට පිටතින් යම් පවුලක් සංක්‍රමණය වීම ඉතා අහඹු සිදුවීමක් විය. 

මේ වන විට හුදු නාම මාත්‍රයක් බවට පත් වුව ද එවක සෑම සිංහල අලුත් අවුරුද්දක් සඳහා තෙල් වළං ලිප තැබීමට පෙර ඒ සඳහා”යක් ආණ්ඩුවෙන්” අවසර ගැනීමේ පාරම්පරික ගැමි චාරිත්‍රයක් එම ගම්වල පැවතිණ. ”යක් ආණ්ඩුව” යනු දුරාතීතයේ එම ප්‍රදේශ පාලනය කොට ප්‍රබල යක්ෂ ආත්මයන් ලැබූ බවට ගැමියන් විශ්වාස කරන ගුප්ත හා අද්භූත පාලන තන්ත්‍රයකි.යකුන් පිදුම යනු ඔවුන් උදෙසා සිංහල අලුත් අවුරුද්දට පූර්වගාමීව සිදු කෙරෙන චාරිත්‍රයකි.
 
kamatha 800x415පිදුමට හවුල් වන සියලුම දෙනා එම ගම් වල පරම්පරාගතව කෘෂිකර්මාන්තයට; විශේෂයෙන් වී ගොවිතැනට සම්බන්ධ වූවෝ වෙති.
 
මෙය “අය බදු ගෙවීම” ලෙස ද හැඳින්වේ. මෙලෙස නෑ යකුන් පිදුමට හවුල් වන සියලුම දෙනා එම ගම් වල පරම්පරාගතව කෘෂිකර්මාන්තයට; විශේෂයෙන් වී ගොවිතැනට සම්බන්ධ වූවෝ වෙති. නමුදු සෙසු ගම් වැසි සියල්ලෝම ඊට විවිධ ලෙසින් දායක විය යුතුම ය. එසේ නොකළ හොත් ඔවුනට ඒකාන්ත වශයෙන්ම යක් ආණ්ඩුවෙන් දඬුවම් හිමි වනු ඇත. 
 
එවක ජා ඇල නිවන්දම පදිංචියට පිටතින් පැමිණි පවුලට ද එහි පාරම්පරික වැසියන් ජාඇළ, නිවන්දම විසූ පාලම් මෙන්ඩිස් නමින් ප්‍රකට රජයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවකු වූ මෙන්ඩිස් වීරසිංහ මහතාගේ නිවසේ පැවැත්වෙන යකුන් පිදුම ගැන දන්වා සිටියහ. එය හැඳින්වෙනුයේ ”සිරිත් ලෙස” දැන්වීම වශයෙනි. එහෙත්, ගැමියන් ගේ ඒ කතාව ඇසූ එම නිවැසියෝ කොක් හඬලා සිනාසී “මේ ගම් වල වැද්දොත් ඉන්නවාද?” යනුවෙන් ඇසූ බව එවක ගම පුරාම ප්‍රසිද්ධ විය.

ඒ කෙසේ හෝ එම ගම්මානයක ප්‍රභූ නිවෙසක යකුන් පිදුම සිදුකෙරෙන අතර එය බදාදා, සෙනසුරාදා වැනි කෙම්මුර දිනයෙක යොදා ගැනෙයි. එහෙත්, ඒ දින නියම කරනු ලබන්නේ එම නිවසේ ගෘහමූලිකයා සමග කරනු ලබන කතාබහකට අනුව ඒ සඳහාම කැපවී හිඳින ‛යක් කපු මහතකු’ විසිනි. 
 
img 1205යකුන් පිදීමේ චාරිත්‍රයේ ප්‍රමුඛතමයා වන යක් කපු මහතා ( අද මෙවන් යක් කපු මහතුන් නැත්තටම නැති තරම් ය ) සහ ඔහුගේ ගෝල බාලයෝ කල්වේලා ඇතිවම එම නිවසට රොක් වෙති.
කෙසේ හෝ මෙම දින නියම කර ගැනීමත් සමග මෙම යකුන් පිදුම සිදුවන දිනය ගම පුරාම ප්‍රචාරය වෙයි. ඒ ගම්මුන් හට තම තමන්ගේ වී අස්වනු වලින් හිමිවන අග්‍ර භාගය, යකුන් පිදුම පැවැත්වෙන නිවසේ හිමිකරුවන්ට භාරදීම පිණිස ය. එවක මෙම යකුන් පිදුම සඳහා මෙන්ඩිස් වීරසිංහ මහතාගේ නිවස ගම්මුන් විසින්ම තෝරා ගන්නා ලදී. ඒ ඔහු ඒ වන විට එහි විසූ වත් පොහොසත්කම් සහිත දැහැමි ප්‍රභූ වරයකු බැවිනි.

යකුන් පිදීමේ චාරිත්‍රයේ ප්‍රමුඛතමයා වන යක් කපු මහතා ( අද මෙවන් යක් කපු මහතුන් නැත්තටම නැති තරම් ය ) සහ ඔහුගේ ගෝල බාලයෝ කල්වේලා ඇතිවම එම නිවසට රොක් වෙති. ඒ වන විට ද අඩුම තරමින් ගම්මුන් තිහ-හතළිහක්වත් එහි රොක් වී හමාර ය.
 
Dedunuthanna mයකුන් පිදුම යනු ව්‍යවහාරික අර්ථයෙන් බලන විට යකුන් සඳහා දෙනු ලබන රාත්‍රී භෝජන සංග්‍රහයකි.
 
ආධ්‍යාත්මික සහ අභිචාරාත්මක පක්‍ෂය පසෙක තැබූ විට මෙම යකුන් පිදුම යනු ව්‍යවහාරික අර්ථයෙන් බලන විට යකුන් සඳහා දෙනු ලබන රාත්‍රී භෝජන සංග්‍රහයකි. එහෙත් එසේ යකුන් පිදීම වෙනුවෙන් සැකසෙන මල්පැළ (යකුන් පිදීමේදී මේවා හැඳින්වනුයේ මැහි යනුවෙනි) ඉදි කිරීමේ සිට ඒ සඳහා භෝජන සැකසීම සිදු කරනු ලබන්නේ හුදෙක් පුරුෂ පක්‍ෂය විසින් පමණි. මෙම පුරුෂ සහභාගීත්වය කොතෙක්ද යත් නිවෙස්වලින් ගෙන එනු ලබන වී කෙටීමට පවා කාන්තාවන් සහභාගී කර නොගැනීම මෙහි ඇති විශේෂත්වයකි.
 
මෙසේ වී කොටා සකසා ගත් සහලින් කොටසකින් කැවුම්, කොකිස් ද තව කොටසකින් හත් මාලුව සමග බතක් ද පිළියෙල කරනු ලබයි. ඒ ද පිරිමින් විසින්ම ය. වට්ටක්කා දලු, කහට දලු, කජු, කොස් ඇට, මෑ, අළු කෙසෙල් සහ බටුවලින් සමන්විත හත්මාළුව යකුන් පිදුමකදී නොවැරැදීම දක්නට ලැබෙන්නකි. පසු කාලීනව මේවාට සෝයා මීට් වැනි නවීන ආහාර ද එක් ව තිබේ.
 
20374443 1393301274039020 4259003163929901970 n යකුන් පිදීම සඳහා ඇතැම් කපු පරම්පරාවල් විසින් ‛වෙරි පහ’ නමින් හඳුන්වන රා, අරක්කු, කංසා, අබිං සහ දුම්කොළ ද යොදා ගනු ලැබේ. එම මෙම භෝජනයේ දී යකුන්ට ‛ඇඟ ටිකක් රත්කර ගැනීමට’ විය හැකිය.
ආහාර පිසීම පිණිස කාන්තාවන් සහභාගී කර නොගැනුණ ද මෙම යකුන් පිදුම සඳහා ‛ඇටි ඇට පහ’ නමින් හඳුන්වන ධාන්‍ය වර්ගවලට අමතරව පුළුටු වර්ග, දියමස් ගොඩමස් යොදා ගැනෙයි. මීට අමතරව මෙම යකුන් පිදීම සඳහා ඇතැම් කපු පරම්පරාවල් විසින් ‛වෙරි පහ’ නමින් හඳුන්වන රා, අරක්කු, කංසා, අබිං සහ දුම්කොළ ද යොදා ගනු ලැබේ. එම මෙම භෝජනයේ දී යකුන්ට ‛ඇඟ ටිකක් රත්කර ගැනීමට’ විය හැකිය.

මෙම යකුන් පිදුමේ කටයුත්තු සියල්ල සූදානම් වූ පසු සැන්ඳෑ ඇඳිරියත් සමග මෙම චාරිත්‍රාවලිය අරඹනු ලැබේ. 
 
මෙහිදී ප්‍රථමයෙන් දෙවියන් සඳහා වෙනම සකස් කොට ඇති මල්පැලවල පහන් දැල්වීමෙන් පසුව නිවසින් තරමක් දුර ස්ථානයක ඉදි කළ මැහි ආදියේ දී මෙම පූජාව ‛ගොටු’ වශයෙන් පූජා කිරීම සාමාන්‍ය පිළිවෙතයි. දෙවියන් සඳහා පුදනු ලබන පුද පඬුරු යකුන්ට දීමේදී ‛ගොටු’ වශයෙන් හැඳින්වෙන අතර, එම පිදීමෙන් පසුව ඇත්තේ බාර හාරවලින් නිදහස් වීමේ අවස්ථාවයි.
රේස් එකෙන් දිනූ ගවයා මරන්න කොන්ත්‍රාත්තුවක් දීලාතමන් භාරයේ සිටින ගව මහිෂාදීන් වෙනුවෙන් වෙන් වෙන් වශයෙන් පඬුරු පිදීම මෙහිදී සිදු කරති.
 
මෙසේ යකුන් පුදා අවසානයේ දෙවියන්ට පුද පඬුරු ද පිදීමක් සිදු කෙරෙන අතර, නිවැසියන් වෙනුවෙන් හා තමන් භාරයේ සිටින ගව මහිෂාදීන් වෙනුවෙන් වෙන් වෙන් වශයෙන් පඬුරු පිදීම මෙහිදී සිදු කරති.

ඉන් පසුව නිවසේ සාලයේ හෝ ගෙමිදුලේ එළන ලද මාගල් මත රැස්වූ සියලු දෙනා වාඩිවන අතර, ඔවුන් ඉදිරියේ එළනු ලබන කෙසෙල් කොළ මතට මෙම හත්මාළුව සමග බත් බෙදනු ලැබේ. අනතුරුව යකුන් පිදුම සඳහා විශේෂයෙන් සැකසූ කැවුම්, කොකිස් සහ ඒ සඳහා ඉදුණු කෙසෙල් ගෙඩි ආදියෙන් රැස්ව සිටි පිරිස සංග්‍රහ ලබති.
 
sinhala tamil new yearයකුන් පිදුම සඳහා විශේෂයෙන් සැකසූ කැවුම්, කොකිස් සහ ඒ සඳහා ඉදුණු කෙසෙල් ගෙඩි ආදියෙන් රැස්ව සිටි පිරිස සංග්‍රහ ලබති.
ඒ කෙසේ හෝ මෙලෙස එම යකුන් පිදුමට හා යක් ආණ්ඩුවට අපහාස කළ එම පවුලේ සාමාජිකයන් ඊට මාස කිහිපයකට පසු ගැමියන් “දෙවියන් ගේ ලෙඩ” නමින් හඳුන්වන පැපොල, සරම්ප, කම්මුල් ගාය වැනි වෛරස් ආසාදනයකට ගොදුරු වූ අතර එවක ප්‍රදේශය පුරාම එම පුවත ලැව් ගින්නක් මෙන් පැතිර ගොස් තිබිණ.
 
නමුත් අද මේ යක් ආණ්ඩු කතා පුවත දැන හිඳිනුයේ එම පළාත්වල පවා මැදි විය ඉක්මවූ වැඩිහිටියන් පමණි. ඊට හේතුව අප නොදන්නා කිනම් හෝ කාලයක ඒ යක් ආණ්ඩුව ද “විසුරුවා හැර” තිබීම නිසා ද විය හැක.

WhatsApp Image 2024 02 13 at 4.20.58 PM(තිලක් සේනාසිංහ)
ගවේශනාත්මක මාධ්‍යවේදී 
thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම- vinivida.lk)

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සිංහල අලුත් අවුරුද්දට කලින් ගම්මුන් ගෙන් අය බදු ගත් යක් ආණ්ඩුව දැන් කෝ?- (තිලක් සේනාසිංහ) | The Leader