කර්මාන්තයේ ප්‍රකට ව්‍යාපාරිකයකු වන හාර්පො ගුණරත්න 'සැලෝන් සිලෝන්' නමින් ලාංකීය ආහාර පාන පිසෙන රෙස්ටුරන්ටයක් ඉන්දියාවේ බැංගලෝරයේ ඇරඹීම ය. මෙවැන්නක් සාමාන්‍යයෙන් ලාංකීය ඩයස්පෝරුන් වෙසෙන දෙශාන්තයන් හී ඔවුන් ඉලක්ක කර ගෙන, ලාංකීය නොස්ල්ජිටැයාව ආහාර පාන ලෙස ප්‍රතිනිෂ්පාදන කරන ලක්රස - හෙළ බුජුන් - ජැෆ්නා කිචන් ආදී ව්‍යාපාරවලට වඩා වෙනස් ය. මේවායේ ඉලක්කය අදාළ රටේ රට්ටුන් ය.
හාර්පො ගුණරත්න
හාර්පෝ ගුණරත්න හෝටල් ක්ෂේත්‍රයට අමුත්තෙක් නොවේ. ආහාර පාන ක්ෂේත්‍රයට පිවිසෙන්නට පෙර ඔහු නියැලී සිටියේ හෝටල් කර්මාන්තයේ ම කොටසක වන එන්ටර්ටේන්මන්ට් හෙවත් විනෝදාස්වාදය හෝ පිණවීම යන ක්ෂේත්‍රයේ ය. අසූවේ දශකයේ පමණ, ව්‍යාප්ත වූ ඩිස්ක් ජොකී හෙවත් ඩී.ජේ භූමිකාව ලංකාවට හඳුන්වා දුන් මුල් කාලයේ, පුරෝගාමී ඩීජේවරයකු ලෙස හාපෝ ගුණරත්න තම වෘත්තීය ජීවිතය තරුණයකු ලෙස ඇරඹුවා මට මතක ය. 'ඩීජේ හාර්පෝ' නමින් එකල ප්‍රකට ගුණරත්න මහතා, කොළඹින් බැහැරත් කොළඹ තරු පන්තියේ හෝටල්වලත් පැවැත්වෙන සංගීත සාද හා සාද හා නැටුම් සාදයන් පසු පස සිටින ගාමක බලවේගය විය. අනතුරුව ගුණරත්න මහතා කොළඹ ප්‍රධාන තරු හෝටල් කිහිපයක ම, සංගීත ක්ෂේත්‍රයට සීමාව නොවූ, පොදු ව්‍යාපාරික හා කළමනාකරන ක්ෂේත්‍රයේ නායකත්ව පදවි කීපයක්ම දැරූ බව ද මතක ය.
'කොමන්ස් කොෆී ක්ලබ්' නමින් කොෆී ශොප් පන්නයේ ව්‍යාපාරයක් තමන්ගේ ම මූලිකත්වයෙන් ආරම්භ කළේ 1990 දී ය.
මේ අත්දැකීම් සමුදාය ප්‍රයෝජනයට ගනිමින්, ගුණරත්න මහතා 'කොමන්ස්' හෙවත් 'කොමන්ස් කොෆී ක්ලබ්' නමින් කොෆී ශොප් පන්නයේ ව්‍යාපාරයක් තමන්ගේ ම මූලිකත්වයෙන් ආරම්භ කළේ 1990 දී ය. මේ වන විට කොෆි ශොප් හා කැෆේ කොළඹ හා ඉන් පිටතත් අඩියක් අඩියක් ගානේ තිබුනත්, ගුණරත්න මහතා විසින් අරඹන ලද 'කොමන්ස්' පුරෝගාමී කර්තව්‍යයක ඇරඹුමක විය. ඉන් අනතුරුව, බේලීෆ් නමින් ඉතාලියානු රෙස්ටුරන්ටයක් ගුණරත්න මහතා ග්‍රෙගරීස් පාරේ පිහිටි විශාල පැරණි ගොඩනැගිල්ලක ආරම්භ කළ අතර, ඉන් ලද ප්‍රසිද්ධියෙන් හාර්පෝස් පීට්සා නමින් ව්‍යාපාරයක් ද දියත් කළේ ය.
සිලෝන් කරි ක්ලබ් දිලිත් ජයවීර මහතාගේ හෝටල් ව්‍යාපාර දාමයේ එක් පුරුකක වන, කොළඹ මහ බැංකු ගොඩනැගිල්ලට හරියට ඉදිරියෙන් පිහිටා තිබෙන ස්ටුවර්ට් හෝටලයේ සිට ක්‍රියාත්මක වන ලාංකීය ආහාර ගැන විශේෂඥතාවයකින් යුතු රෙස්ටුරන්ටයකි.මීට සති කිහිපයකට පෙර කාගේත් අවධානයට යොමු වුණු අම්බානි පුතණුවන්ගේ පූර්ව විවාහ මංගල්‍යය සාද මාලාවේ එක් සාදයකට ලාංකීය ආරෙන් උයන ලද කෑම වේලක් ද අඩංගු විය. අදාල දිනයේ ලාංකීය ආහාර පාන සෑදීමට තෝරා ගෙන තිබුණේ, සිලෝන් කරි ක්ලබ් නමින් හැඳින්වෙන රෙස්ටුරන්ටය යි. සිලෝන් කරි ක්ලබ් දිලිත් ජයවීර මහතාගේ හෝටල් ව්‍යාපාර දාමයේ එක් පුරුකක වන, කොළඹ මහ බැංකු ගොඩනැගිල්ලට හරියට ඉදිරියෙන් පිහිටා තිබෙන ස්ටුවර්ට් හෝටලයේ සිට ක්‍රියාත්මක වන ලාංකීය ආහාර ගැන විශේෂඥතාවයකින් යුතු රෙස්ටුරන්ටයකි. මෙහි සංකල්පය ජයවීර මහතාගේ විය හැකි අතර, එහි කළමනාකාරණ නායකත්වය පවරා තිබුණේ එතුමාගේ සමීප ඥාති දියණියකට ය. එම තරුණ මහත්මිය ඇතුළු දහයක දොළහක පමණ පිරිසක්, අම්බානි මඟුල් ගෙදර උයන්න පිහන්න ගිය බව එම සමාගම වාර්තා කර තිබුණේ ආඩම්බරයෙනි. එක් වේලකට පමණක් ආහාර පිසීමට ඇනවුම් කර තිබුණත්, පළමු දින ආහාර මේසයට ආරාධිතයින් දැක්වූ දැඩි ආසාව නිසා, කලම්බෝ කරි ක්ලබ් කණ්ඩායමට තවත් දිනයක පැවතෙන සාදයකට කෑම පිසින ලෙස අම්බානි පූර්ව මංගල සාද කමිටුව ආරාධනා කළ බවත් වාර්තා විය.
'මිනිස්ට්‍රි ඔෆ් ක්‍රෑබ්' මීට වසර කිහිපයකට පෙර, මහේල සංගක්කාර හා දර්ශන් ත්‍රිත්වය 2019 දී තමන්ගේ ව්‍යාපාරයේ ශාඛාවක් මුම්බායේ විවෘත කළ හ. මහේල හා සංගක්කාර ක්‍රිකට් ලෝකයේ ස්ථාපිත කරගත් ජනප්‍රියතාවය මුම්බාය වැනි තරු පිරිවර ගැවසෙන නගරයක මෙවන් දෙයකට පිවිසීමට අවශ්‍ය වටපිටාව සැකැසී තිබිණ. ඊට අමතර ව ඔවුන්ගේ වාසියට වැඩ කළ තවත් සාධකයක්ද තිබුණා විය හැක. ඒ මුම්බායේ පමණක් නොව ඉන්දියාවේ ද ප්‍රකට, ලාංකීය සම්භවයක් ඇති, රූ රැජිනක් වූ, පසු ව නිළියක වූ, ජැකලින් ෆර්නැන්ඩස් ය. මහේල හා සංගක්කාර සමඟ ජැකලින් කලකට පෙර ගෝඨාභය රාජපක්ෂ නාගරීක සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ලෙස සිටින කාලයේ පටන් ගත් ආර්කේඩයේ, 'කෑමසූත්‍ර' නමින් නව ආරක රෙස්ටුරන්ටයක් ආරම්භ කළා ය.
පාරේ තොටේ තියෙන පොඩි ඊටරි කඩ, ඩබා, රෙස්ටුරන්ට හා ඉහළ පෙළේ ෆයින් ඩයිනින් ස්ථාන ගතහොත්, අඩු ගාණේ මිලියනයක්වත් රට පුරා තිබෙනවා විය හැක.
සාක්කුවේ යහමින් මුදල් ඇති, "කෑම"-සුඛල්ලියානු, නව ඉන්දියානුවා තමාට හුරු පුරුදු තෝසයට, චපාතියට, නානයට, පරාටාවට වඩා වෙනසක් ඇති දෙයක් ලාංකීය මුළුතැන් ගෙයින් පතනවා විය හැක.එහෙත් සුබ ආරංචිය මෙය ය. ඉන්දියානු මධ්‍යම පංතියේ ප්‍රසාරණයේ වේගය හා විශාලත්වය සිතාගත නොහැකි මට්ටමක පවතින අතර ඔවුන්ගේ චර්යා වෙනසේ ප්‍රධාන දර්ශකයක වන්නේ නිවසින් පිටත පිසෙන නව පන්නයේ ආහාර රස බැලීමට ඇති ලොල් බව යි. ඉන්දියාවේ ඕනෑ ම ප්‍රාන්තයක ඇති පොඩි පහේ මෝල් එකක වුව ද ඇති ෆුඩ් කෝර්ටයක පිරී ඉතිරී ගිය පිරිසක අනුභව කරන විලස අදහා ගත නොහැක. කේරළයෙන් ලංකාවට පැමිණි ආප්පමය, ලංකාවේ ආප්පයක් ලෙස තැනෙන්නේ තරමක් වෙනස් විදියකට ය. සාක්කුවේ යහමින් මුදල් ඇති, "කෑම"-සුඛල්ලියානු, නව ඉන්දියානුවා තමාට හුරු පුරුදු තෝසයට, චපාතියට, නානයට, පරාටාවට වඩා වෙනසක් ඇති දෙයක් ලාංකීය මුළුතැන් ගෙයින් පතනවා විය හැක.
මින් අදහස් කරන්නේ ඉන්දියාවේ හන්දියක් හන්දියක් ගානේ ලංකාවේ පෙට්ටි කඩයක් හා කොත්තු ලෑල්ලක් දාන්නට හැකි බව නොවේ. විශේෂිත ව්‍යාපාර අවකාශ හෙවත් නිෂ් මර්කට් පන්නයේ අවස්තාවන් ඇති බව ය. සුළු පරිමාණයෙන් වූවත්, අපටත් එක්තරා "ව්‍යාප්තවාදයක්" සූප ශාස්ත්‍රීය ආක්‍රමණයක් ලෙස පෝක් සමුද්‍ර තීරයෙන් ඔබ්බට දියත් කළ හැක.
(ආචාර්ය උදන් ප්‍රනාන්දු)සමාජ හා දේශපාලන විශ්ලේෂක
udanfer2014@gmail.com
(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )




