The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

බොල්ටිමෝර් සිට කොළඹට එද්දී පාලමක ගැටුණු ඩාලි නැවේ තිබුණේ ‘විෂ අපද්‍රව්‍ය’ ද?

T

The Leader Desk

April 1, 2024 • 5:29 PM

බොල්ටිමෝර් සිට කොළඹට එද්දී පාලමක ගැටුණු ඩාලි නැවේ තිබුණේ ‘විෂ අපද්‍රව්‍ය’ ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • (Francis Scott Key Bridge) ගැටුණු සිංගප්පූරු ධජය සහිත ඩාලි (Dali) නමැති භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ අන්තරායකර ද්‍රව්‍ය (hazardous materials) ටොන් 764ක් තිබූ බව වෙබ් අඩවියක් විසින් අනාවරණය කරනු ලැබ තිබේ.
  • එම වෙබ් අඩවිය වාර්තා කළේ, බහාලුම් 56ක් තුළ විඛාදනයට ලක්වනසුලු, ගිනිගන්නාසුලු, විවිධ අනතුරුදායක ද්‍රව්‍ය සහ පුපුරන ද්‍රව්‍ය මෙන් ම, ලිතියම් බැට්රි ඇතුළු 9 වන පන්තියේ අන්තරායදායක ද්‍රව්‍ය (විදුලි උපකරණ ආදී ද්‍රව්‍ය) තිබූ බව අනාවරණය වී ඇති බව ය.
  • අදාළ වෙබ් අඩවිය එම ලිපිය පළ කර ඇත්තේ, "ඇමෙරිකාවේ විෂ සහිත අපද්‍රව්‍ය ශ්‍රී ලංකාවට රැගෙන යමින් තිබූ නෞකාව බොල්ටිමෝර් පාලමේ ගැටෙයි," (Ship Exporting US Toxic Waste to Sri Lanka Crashes Baltimore Bridge) යන සිරස්තලය යටතේ ය.
  • මෙම නෞකාවේ බහාලුම් 4,700ක් තිබී ඇති අතර, සෙසු බහාලුම් 4,644 තුළ ඇත්තේ මොනවා ද යන්න ඇමෙරිකාවේ ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය (US National Transportation Safety Board) පරීක්ෂා කරමින් සිටින බව ද එම වාර්තාවේ දැක්වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

(Francis Scott Key Bridge) ගැටුණු සිංගප්පූරු ධජය සහිත ඩාලි (Dali) නමැති භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ අන්තරායකර ද්‍රව්‍ය (hazardous materials) ටොන් 764ක් තිබූ බව වෙබ් අඩවියක් විසින් අනාවරණය කරනු ලැබ තිබේ.

එම වෙබ් අඩවිය වාර්තා කළේ, බහාලුම් 56ක් තුළ විඛාදනයට ලක්වනසුලු, ගිනිගන්නාසුලු, විවිධ අනතුරුදායක ද්‍රව්‍ය සහ පුපුරන ද්‍රව්‍ය මෙන් ම, ලිතියම් බැට්රි ඇතුළු 9 වන පන්තියේ අන්තරායදායක ද්‍රව්‍ය (විදුලි උපකරණ ආදී ද්‍රව්‍ය) තිබූ බව අනාවරණය වී ඇති බව ය.

අදාළ වෙබ් අඩවිය එම ලිපිය පළ කර ඇත්තේ, "ඇමෙරිකාවේ විෂ සහිත අපද්‍රව්‍ය ශ්‍රී ලංකාවට රැගෙන යමින් තිබූ නෞකාව බොල්ටිමෝර් පාලමේ ගැටෙයි," (Ship Exporting US Toxic Waste to Sri Lanka Crashes Baltimore Bridge) යන සිරස්තලය යටතේ ය.

ljkfg
මෙම නෞකාවේ බහාලුම් 4,700ක් තිබී ඇති අතර, සෙසු බහාලුම් 4,644 තුළ ඇත්තේ මොනවා ද යන්න ඇමෙරිකාවේ ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය (US National Transportation Safety Board) පරීක්ෂා කරමින් සිටින බව ද එම වාර්තාවේ දැක්වේ.

ජාත්‍යන්තර මුහුදු ගමන් නිරීක්ෂණය කරන www.marinetraffic.com දක්වා ඇති පරිදි, මාර්තු 26 වන දා බොල්ටිමෝර් වෙතින් පිටත්වූ මෙම නෞකාව, කොළඹ වරායට ළඟා වීමට නියමිතව තිබුණේ, අප්‍රේල් 22 වන දා ය.

lkfgr

කොළඹ වරායේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය නැව්පතිගේ කරුණු දැක්වීම

කෙසේ වෙතත්, නෞකාවේ තිබූ බහාලුම්වල තිබූ ද්‍රව්‍ය මොනවා ද යන්න මෙතෙක් තහවුරු කළ නොහැකි බව කොළඹ වරායේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය නැව්පති ලක්ෂි වසන්ත සිව්රත්න බීබීසී සිංහල‌ සේවයට පැවසීය.

"අපි ඉල්ලලා තියෙන්නේ ‌නැවක තියෙන ද්‍රව්‍ය ගැන වරායට ළඟා වෙන්න පැය 48කට කලින් දැනුම් දෙන්න කියලා. ඒ නිසා මේ නැවේ තියෙන දේවල් ගැන අපට දැනුම් දීමක් කරලා තිබුණෙ නෑ. ඒක කොළඹට එන්න තිබුණේ, අප්‍රේල් 22 වෙනි දා," කොළඹ වරායේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය නැව්පතිවරයා සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, ඔහු ප්‍රකාශ කළේ, කොළඹ වරායට පැමිණෙන නෞකාවක අන්තරායදායක ද්‍රව්‍ය හෝ අපද්‍රව්‍ය තිබූ බව කී පමණින් ඒවා ශ්‍රී ලංකාවට ගොඩ බෑමට රැගෙන එන ද්‍රව්‍ය ලෙස අර්ථකථනය කළ නොහැකි බව ය.

"මාධ්‍ය මොන ඇජෙන්ඩාවල ඉඳලා කරුණු ඉදිරිපත් කරනවා ද කියලා අපි දන්නෙ නෑ. හැබැයි ගොඩක් විශාල නැව්වලින් අපද්‍රව්‍ය හෝ අන්තරායකර ද්‍රව්‍ය ප්‍රවාහනය කරනවා. ඒවා කොළඹ වරායට ගොඩ බාන්නේ රට ඇතුළට මුදා හරින්න නෙවෙයි. කොළඹ වරාය කියන්නේ නැව් මාර්ගවල මධ්‍යස්ථානයක්. ඉතින් විශාල නැව්වලින් ගේන අපද්‍රව්‍ය වෙනත් කුඩා වරායවල්වලට ගෙනියන්න බැහැ විශාල නෞකාවලට. ඒ නිසා ඒ ද්‍රව්‍ය කොළඹ වරායේ තාවකාලිකව ගොඩබාලා කුඩා නැව්වලට පටවලා අදාළ රටවල්වලට යවනවා. මේක සාමාන්‍යයෙන් දිගට ම සිද්ධ වෙන ක්‍රියාවලියක්. ඒ අපද්‍රව්‍ය කිසි ම ආකාරයකින් රට ඇතුළට යන්නෙ නෑ."


"අපද්‍රව්‍ය ගොඩබාන්න පුළුවන් අපි අවසර දුන්නොත් විතර යි" - මධ්‍යම පරිසර අධිකාරිය

විශාල නෞකාවලින් වෙනත් රටවල් කරා රැගෙන යාම සඳහා කුඩා නැව්වලට පටවන තෙක් තාවකාලිකව අපද්‍රව්‍ය කොළඹ වරායට ගොඩබෑම සඳහා මධ්‍යම පරිසර අධිකාරියෙන් අවරසයක් ගත යුතු බව එම අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අජිත් වීරසුන්දර බීබීසී සිංහල සේවයට පැවසීය‍.

"තාවකාලිකව අපද්‍රව්‍ය අඩංගු බහාලුම් ගොඩබාන්න අපෙන් අවසර ඉල්ලුවොත් ඒ ගැන සලකා බලල අවසරයක් දෙනවා. එවැනි අවසරයක් ලැබුණා ම නිශ්චිත කාල සීමාවකට තාවකාලිකව ගොඩබාලා ආපහු නැව්ගත කරන්න අපි අවසර දෙනවා. අපි සහතික කරල කියනවා කිසි ම අපද්‍රව්‍යයක් රට ඇතුළට එන්න අපි ඉඩ තියන්නේ නැහැ කියලා," මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පැහැදිලි කළේ ය.

මේ අතර, ඩාලි නෞකාවේ තිබූ ද්‍රව්‍ය සම්බන්ධයෙන් වාර්තාවක් ලැබී නොතිබූ හෙයින් එහි තිබූ ද්‍රව්‍ය පිළිබඳව අදහසක් පළ කළ නොහැකි බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.


454fනෞකාවේ තිබූ බහාලුම්වල තිබූ ද්‍රව්‍ය මොනවා ද යන්න මෙතෙක් තහවුරු කළ නොහැකි බව කොළඹ වරායේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය නැව්පති ලක්ෂි වසන්ත සිව්රත්න බීබීසී සිංහල‌ සේවයට පැවසීය


"තාවකාලිකව ගොඩබෑමත් වරදක්" - ආචාර්ය ජගත් ගුණවර්ධන

බලධාරීන් කුමක් පැවසුව ද, වෙනත් රටක අපද්‍රව්‍ය තාවකාලිකව හෝ කොළඹ වරායට ගොඩබෑම වරදක් බව පරිසරවේදී නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන පෙන්වා දෙයි.

"තාවකාලිකව ගොඩබාන අපද්‍රව්‍ය අරන් ගියේ නැත්නම් මොක ද කරන්නේ? මේ වගේ සිද්ධි කිහිපයක් මීට කලිනුත් වෙලා තියෙනවා නේ. එංගලන්තයෙන් ගෙනාපු අපද්‍රව්‍ය තොගය කිසි ම රටකට ගෙනියන්නෙ නැතුව කොළඹ වරායේ කුණුවෙමින් තිබුණ හැටි අපට මතක යි. ඒ නිසා තාවකාලිකව හරි මේ වගේ නුසුදුසු දේවල් වරායට ගොඩබාන්න ඉඩ දෙන එක වැරදි යි."

ආචාර්ය ජගත් ගුණවර්ධන සඳහන් කළේ, මේ සඳහා පවත්නා නීති ප්‍රමාණවත් නොවන්නේ නම් නව නීති හඳුන්වා දීමට බලධාරීන් පියවර ගත යුතු බව ය.

බාසල් සම්මුතිය යනු කුමක් ද?

බාසල් සම්මුතිය යනු, උපද්‍රවකාරී අපද්‍රව්‍ය ප්‍රවාහනය පාලනය කිරීම සහ ඒවා බැහැර කිරීම පිළිබඳව ඇති සම්මුතියකි.

එය රටවල් අතර අන්තරායකර අපද්‍රව්‍ය ප්‍රවාහනය අවම කිරීම සඳහා සහ විශේෂයෙන් සංවර්ධිත රටවල සිට අඩු සංවර්ධිත රටවලට අන්තරායකර අපද්‍රව්‍ය ගෙන යාම වැළැක්වීම සඳහා අත්සන් තබන ලද ජාත්‍යන්තර ගිවිසුමකි.

මෙම ගිවිසුමට ශ්‍රී ලංකාව ද අත්සන් තබා තිබේ.

මෙම සමුළුව 1989 මාර්තු 22 දින අත්සන් සඳහා විවෘත කරන ලද අතර 1992 මැයි 5 දින සිට බලාත්මක කෙරිණි. 2018 ඔක්තෝබර් වන විට රටවල් 188ක් සහ යුරෝපා සංගමය සමුළුවේ පාර්ශවකරුවෝ වෙති.

'1970 ගණන්වල සංවර්ධිත රටවල පාරිසරික නීති දැඩි කිරීම සමඟ අන්තරායකර අපද්‍රව්‍ය බැහැර කිරීමේ පිරිවැය විශාල ලෙස ඉහළ ගියේ ය. ඒ අතර ම, නැව්ගත කිරීම ගෝලීයකරණය වීමත් සමග අපද්‍රව්‍ය සම්ප්‍රේෂණය කිරීම වඩාත් පහසුවෙන් කළ හැකි වූ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන්, විශේෂයෙන් ඌණ සංවර්ධිත රටවල් වෙත අන්තරායකර අපද්‍රව්‍ය ප්‍රවාහනය වේගයෙන් වර්ධනය විය. මෙම සම්මුතියට අනුව දේශසීමා හරහා අපද්‍රව්‍ය ගෙනයාම සඳහා දැනුම්දීම, කැමැත්ත සහ පසුවිපරම අත්‍යවශ්‍ය කරුණක් විය. පසුව එම සංශෝධනය 2019 දී සම්මත විය.ඒ අනුව සංවර්ධිත රටවල් වලින් සංවර්ධනය වෙමින් පවතින රටවලට අන්තරායකර අපද්‍රව්‍ය අපනයනය කිරීම සපුරා තහනම් කර ඇති අතර, ප්‍රතිචක්‍රීකරණය ඇතුළු ඕනෑ ම හේතුවක් ඉදිරිපත් කරමින් සිදුකෙරෙන අපනයනයන් සඳහා බාසල් තහනම අදාළ වන,' බව පරිසර යුක්ති කේන්ද්‍රයේ යොහානි විහංගා සඳහන් කරයි.

කසළ නෞකා පිළිබඳ ශ්‍රී ලංකාව ලත් අත්දැකීම්

මීට පෙර නෞකා මගින් ශ්‍රී ලංකාවට කසළ රැගෙන ආ සිද්ධි කිහිපයක් ප්‍රසිද්ධියට පත්ව තිබේ.

ඉන් ප්‍රධාන සිද්ධියක් වන්නේ, 2019 වසරේදී අනාවරණය වූ එංගලන්තයේ සිට කසළ අඩංගු බහලුම් 100ක් පමණ මෙරටට රැගෙන ඒමේ සිද්ධිය යි.

එක්සත් රාජධානියෙන් ලංකාවට ආනයනය කළ කන්ටේනර් 98ක තිබූ භාවිත කළ මෙට්ට තොගයක් රේගුවේ පාරිභෝගික ආරක්ෂක ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.

එම කන්ටේනර් පෙට්ටි ඇතුළත කුරුලු පිහාටු, දිලීර, දිරාගිය ශාක අපද්‍රව්‍ය, ප්ලාස්ටික් හා පොලිතින් ඇතුළු තවත් අපද්‍රව්‍ය තිබූ බව වාර්තා විය.

මේ අතර, 2021 වසරේදී හානිකර බැක්ටිරියා අඩංගු බව පැවසූ, චීන කාබනික පොහොර රැගත් නෞකාවක් දින 70ක් පුරා ශ්‍රී ලංකා මුහුදේ නැන්ගුරම් ලා තිබිණි. පසුව එය සිංගප්පූරුව බලා පිටත් විය.

මීටර 154ක් දිග 1996 දී නිෂ්පාදිත HIPPO SPIRIT [IMO 9135523] නමැති එම නැව පැනමාවේ ලියාපදිංචි කළ නෞකාවකි.

චීනයේ 'කින්ඩාඕ සීවින් බයෝ ටෙක් ගෘප් සමාගම (Qingdao Seawin Biotech Group Co., Ltd)' නිෂ්පාදනය කරන කාබනික පොහොරවල අහිතකර බැක්ටිරියා අඩංගු බව අවස්ථා දෙකකදී මෙරට ශාක නිරෝධායන සේවය විසින් තහවුරු කරන ලදී.

මේ අතර, 2021 වසරේදී ශ්‍රී ලංකා මුහුදේ දින 13ක් තිස්සේ ගිනි ගැනීමට ලක්වූ X-PRESS PEARL නෞකාව හේතුවෙන් ද සාගරයට දැඩි අහිතකර බලපෑම් එල්ල විය.

මෙම නෞකාව 2021 මැයි මස 15 වන දින ඉන්දියාවේ හසීරා වරායේ සිට නයිට්‍රික් ඇසිඩ් (Nitric acid) ටොන් 25ක් සහ වෙනත් රසායනික ද්‍රව්‍ය සහ රූපලාවණ්‍ය ආලේපන ද්‍රව්‍ය සහිත බහලුම් 1486ක් රැගෙන යාත්‍රා කරමින් තිබිණි.

2021 මැයි මස 19 වන දින කොළඹ වරාය ආසන්නයට පැමිණි නෞකාව ඒ වෙත ඇතුළුවීමේ අපේක්ෂාවෙන් නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබියදී මැයි 20 වන දින ගින්න හටගෙන තිබිණි.

(BBC සිංහල සේවය)

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...