The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

මිෆප්‍රිස්ටෝන් යනු කුමක් ද සහ ලෝකයේ ගබ්සාව නීති විරෝධී කොහේ ද?

T

The Leader Desk

April 2, 2024 • 10:35 AM

මිෆප්‍රිස්ටෝන් යනු කුමක් ද සහ ලෝකයේ ගබ්සාව නීති විරෝධී කොහේ ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වෙත ප්‍රවේශ වීම සීමා කළ හැකි ද යන්න තීරණය කිරීම සඳහා මේ වන විට එක්සත් ජනපදයේ නඩු කටයුත්තක් ක්‍රියාත්මක වෙමින් පවතී.
  • ගබ්සා කිරීම සඳහා යොදා ගන්නා මෙම ඖෂධය එක්සත් ජනපදයේ 2000 වසරේ සිට නීත්‍යනුකූලව පැවති අතර 2016 වසරේ සිට ඒ වටා තිබුණු නීති ක්‍රමයෙන් ලිහිල් විය.
  • වසරේදී ගබ්සා කිරීමේ අයිතිය ලබා දුන් වැදගත් තීන්දුවක් වූ රෝ එදිරිව වේඩ් තීන්දුව අවලංගු කිරීමෙන් පසු ප්‍රාන්ත කිහිපයක් ගබ්සා කිරීම් මුළුමනින් ම පාහේ තහනම් කර ඇත.
  • මෙම ගබ්සා ඖෂධය සම්බන්ධ නඩුවට අදාළ තීන්දුවක් ජූනි මස අගදී ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

වෙත ප්‍රවේශ වීම සීමා කළ හැකි ද යන්න තීරණය කිරීම සඳහා මේ වන විට එක්සත් ජනපදයේ නඩු කටයුත්තක් ක්‍රියාත්මක වෙමින් පවතී.


ගබ්සා කිරීම සඳහා යොදා ගන්නා මෙම ඖෂධය එක්සත් ජනපදයේ 2000 වසරේ සිට නීත්‍යනුකූලව පැවති අතර 2016 වසරේ සිට ඒ වටා තිබුණු නීති ක්‍රමයෙන් ලිහිල් විය. එරට ආහාර හා ඖෂධ අධිකාරියේ නීතිවල මෑතකදී සිදු වුණු වෙනස්කම් අනුව, එම ඖෂධය තැපෑල හරහා යැවීමටත් වෛද්‍ය නිර්දේශයකින් තොරව එය ඖෂධ හල්වලින් ලබා ගැනීමටත් අවසර ලැබිණි.
 
 ඊට පක්ෂ වූ පෙලපාලිකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පිටත රැස්ව සිටියහ
 
ගබ්සාවට එරෙහි වෛද්‍යවරුන් සහ ක්‍රියාකාරීන්ගේ කුඩා කණ්ඩායම්වල එකතුවෙන් සැදුම් ලත් සංවිධානයක් වන Alliance for Hippocratic Medicineහි නීතිමය අභියෝගය සාර්ථක වන්නේ නම්, ගබ්සා කිරීම සඳහා යොදා ගන්නා මෙම ඖෂධය වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට ඇති අවස්ථාව වැළැක්වෙනු ඇත.

2022 වසරේදී ගබ්සා කිරීමේ අයිතිය ලබා දුන් වැදගත් තීන්දුවක් වූ රෝ එදිරිව වේඩ් තීන්දුව අවලංගු කිරීමෙන් පසු ප්‍රාන්ත කිහිපයක් ගබ්සා කිරීම් මුළුමනින් ම පාහේ තහනම් කර ඇත.
 
මෙම ගබ්සා ඖෂධය සම්බන්ධ නඩුවට අදාළ තීන්දුවක් ජූනි මස අගදී ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වේ.

ලෝකයේ ගබ්සාව නීති විරෝධී කොහේ ද?

ප්‍රජනන අයිතීන් සඳහා වූ මධ්‍යස්ථානයේ දත්තවලට අනුව, රටවල් 21ක පමණ ගබ්සාව සම්පූර්ණයෙන් ම තහනම් කර ඇත. ඉන් වැඩි ගණනක් ගෝලීය දකුණේ රටවල් ය.

තවත් බොහෝ රටවල ගබ්සාවක් කිරීම සඳහා පිළිගත හැකි හේතු සම්බන්ධයෙන් දැඩි නීති රීති ඇති අතර, මවගේ ජීවිතය බේරා ගැනීමට හෝ ස්ත්‍රී දූෂණ හෝ ව්‍යාභිචාරය සම්බන්ධ සිදුවීම්වලදී පමණක් ඒ සඳහා ඉඩ ලබා දෙයි.

 
අප්‍රිකාවේ, රටවල් බොහොමයකට දැඩි ගබ්සා නීති ඇතත්, අතළොස්සක් රටවල්වල එනම්, දකුණු අප්‍රිකාව සහ මොසැම්බික් ඇතුළු රටවල එය එසේ නොවේ. කොංගෝව, සෙනගල්, සියෙරා ලියෝන්, මොරිටේනියාව, මැඩගස්කරය සහ ඊජිප්තුව යන රටවල් සියල්ලම ගබ්සාව සම්පූර්ණයෙන් ම තහනම් කර ඇත.
 
image
 
 
යුරෝපයේ බොහෝ රටවල් ආර්ථික හේතු මත (ගර්භණී කාන්තාවට දරුවෙකු ලැබීමෙන් ඇති විය හැකි බලපෑම සැලකිල්ලට ගනිමින්, ඔවුන්ගේ සමාජ හෝ ආර්ථික තත්ත්වයන් ඇතුළුව) හෝ ඉල්ලීම් මත ගබ්සා කිරීමට ඉඩ දෙයි. ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය ඇතුළු අනෙකුත් රටවල් ද ඉල්ලීම් මත ගබ්සා කිරීමට අවසර දෙයි.

එක්සත් ජනපදයේ, මෙම තත්ත්වය වඩාත් සංකීර්ණ ය. ගැබ් ගෙන සති 24ක් පමණ දක්වා ගබ්සා කිරීමට සඳහා තිබුණු අයිතිය 2022 වසරේදී අවලංගු කළ දා සිට දැන් නීති ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස් වේ.

මිෆප්‍රිස්ටෝන් යනු කුමක් ද සහ එය ලෝකයේ භාවිතයට ගැනෙන්නේ කොහේ ද?
 
image5
 
මිෆප්‍රිස්ටෝන් (Mifepristone) යනු, වෛද්‍යමය ගබ්සාව සිදු කරන පියවර දෙකක ක්‍රියාවලියකදී භාවිත කරන පළමු ඖෂධය යි. එය ක්‍රියා කරන්නේ ගර්භණීභාවය දිගට ම පැවතීමට අවශ්‍ය වන ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය අවහිර කිරීමෙනි. දෙවන ඖෂධය වන මයිසොප්‍රොස්ටෝල් (misoprostol) ගර්භාෂය තුළ ඇති දෑ ඉවත් කිරීම සඳහා යොදා ගනු ලැබේ. එක්සත් ජනපද අධ්‍යයනයන් පවසන්නේ, මෙම පියවර දෙකේ ඖෂධ ක්‍රමය 95%ක් ම ඵලදායී බව ය.

මිෆප්‍රිස්ටෝන් සඳහා ප්‍රථම වරට අනුමැතිය ලැබුණේ 1988 වසරේදී ප්‍රංශයේදී ය. ලාභ නොලබන සංවිධානයක් වන Gyunityහි දත්තවලට අනුව, එය දැන් රටවල් 96ක භාවිතය සඳහා අනුමත කර ඇත. ඉතා මෑතකදී, එනම්, පසුගිය වසරේදී ආර්ජන්ටිනාව, ඉක්වදෝරය, ජපානය සහ නයිජර් යන රටවල් ද එය භාවිතයට අනුමැතිය ලබා දුන්නේ ය.
 
image4
 
ලෝක සෞඛ්‍ය සංවිධානය අනාරක්ෂිත ගබ්සාව අවම කිරීම සඳහා වන ඔවුන්ගේ මාර්ගෝපදේශවල කොටසක් ලෙස මිෆප්‍රිස්ටෝන් සහ මයිසොප්‍රොස්ටෝල් මගින් සිදු කරන ගබ්සාව ලැයිස්තුගත කර ඇති අතර, කාන්තාවන්ට නිවැරදි තොරතුරු සඳහා ප්‍රවේශය තිබේ නම් සහ අවශ්‍ය අවස්ථාවලදී සෞඛ්‍ය සේවා ලබා ගැනීමට හැකි නම් මෙම ඖෂධ වෛද්‍ය නිර්දේශයකින් තොරව ලබා ගත හැකි බව ද පවසයි.
 
එක්සත් ජනපදයේ, ගැබ් ගෙන සති 10ක් දක්වා කාලය තුළ මිෆප්‍රිස්ටෝන් භාවිත කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇති නමුත් වෙනත් බොහෝ රටවල, එය දෙවන ත්‍රෛමාසිකයේ වෛද්‍යමය ගබ්සාව සඳහා භාවිත කරයි.

මිෆප්‍රිස්ටෝන්හි අතුරු ආබාධ මොනවා ද සහ එය ආරක්ෂිත ද?
 
 
image3
 
මිෆප්‍රිස්ටෝන් ගැනීමෙන් පසු මස් පිඩු පෙරළීම් සහ යෝනි මාර්ගයෙන් ලේ ගැලීම අපේක්ෂා කළ යුතු අතර එය සාමාන්‍යයෙන් ඖෂධය ක්‍රියා කරන බවට වන ලකුණක් වේ (එය ගබ්සාවක් සිදු වූ බවට සහතිකයක් නොවේ). අනෙකුත් පොදු අතුරු ආබාධ අතරට ඔක්කාරය, ශාරීරික දුර්වලතාව, උණ, ඇවිලිල්ල, වමනය, හිසරදය, පාචනය සහ කරකැවිල්ල ඇතුළත් වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, මිෆප්‍රිස්ටෝන් සහ මයිසොප්‍රොස්ටෝල් භාවිතය සඳහා ආරක්ෂිත බවත් එම ඖෂධ දෙක ම ඔවුන්ගේ අත්‍යවශ්‍ය ඖෂධ ලයිස්තුවේ (Essential Medicines List)හි අන්තර්ගත බව ත් ය.
 
image2
 
ගබ්සා විරෝධී කණ්ඩායම් මෙම ගබ්සා ඖෂධ අවදානම් සහ අකාර්යක්ෂම බවට කාලයක් පුරා පවසා ඇත. ඔවුහු එය "රසායනික ගබ්සාව" ලෙස හඳුන්වති. කෙසේ වෙතත්, ඔවුන්ගේ ප්‍රකාශ සමග ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ඇමෙරිකානු වෛද්‍ය සංගමය වැනි ප්‍රමුඛ පෙළේ වෛද්‍ය සංවිධාන එකඟ නොවේ.

ආහාර හා ඖෂධ අධිකාරියට අනුව, මිෆප්‍රිස්ටෝන් භාවිත කරන්නන් මිලියනයකගෙන් මරණයට පත් වී ඇත්තේ පස් දෙනෙකු පමණි. සංසන්දනාත්මකව ගත් කල, අමෙරිකානු වෛද්‍ය සංගමයේ ජර්නලයේ 2001 වසරේ පළ වූ අධ්‍යයනයකින් පෙනී ගියේ, සාමාන්‍යයෙන් නිර්දේශ කරනු ලබන ප්‍රතිජීවක ඖෂධයක් වන පෙනිසිලින් භාවිත කරන්නන් මිලියනයකගෙන් 20 දෙනෙකු පමණ අසාත්මිකතා ප්‍රතික්‍රියාවක් හේතුවෙන් මරණයට පත්වන බව ය.

BBC සිංහල සේවය  

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මිෆප්‍රිස්ටෝන් යනු කුමක් ද සහ ලෝකයේ ගබ්සාව නීති විරෝධී කොහේ ද? | The Leader