The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

රුපියල ශක්තිමත් වීම සිංහල අලුත් අවුරුද්දේ කොවුල් ගී මිහිරක් කර ගත හැකිද?- (රේණුකා දමයන්ති)

T

The Leader Desk

April 4, 2024 • 7:01 AM

රුපියල ශක්තිමත් වීම සිංහල අලුත් අවුරුද්දේ කොවුල් ගී මිහිරක් කර ගත හැකිද?- (රේණුකා දමයන්ති)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඇමෙරිකානු ඩොලරයක විනිමය අනුපාතය රුපියල් 299.96 කි.මෙලෙස ඩොලරයක අගය රුපියල් 300 ට අඩු අගයකට පත් වූයේ 2023 ජූනි 12 වැනිදායින් පසුව ය.
  • මේ හේතුවෙන් ශ්‍රී ලාංකේය විදේශ විනිමය වෙළෙඳපොළ තුළ විදේශ විනිමය සැපයුම වැඩි වී ඇති බව ද ඔවුහු සඳහන් කරති.
  • මේ වන විට බැංකු පද්ධතිය ඔස්සේ ලැබෙන විදේශ විනිමය ප්‍රවාහයන් ද වර්ධනය වී ඇති බව වාර්තා වේ.
  • ඒ පසුගිය කාලයේ පැවැති අවදානම් සහගත නොවිධිමත් ක්‍රම වලින් රට තුළට මුදල් එවීම් බොහෝ දුරට සීමා වී ඇති පසුබිමක ය.
අකුරු ප්‍රමාණය (Font Size):

 
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඇමෙරිකානු ඩොලරයක විනිමය අනුපාතය රුපියල් 299.96 කි.මෙලෙස ඩොලරයක අගය රුපියල් 300 ට අඩු අගයකට පත් වූයේ 2023 ජූනි 12 වැනිදායින් පසුව ය. ඊයේ දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 295.24 ක් සහ විකුණුම් මිල රුපියල් 304.60 ක් බවත් පසුගිය මාර්තු මස 28 දක්වා කාලය තුළදී ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 7.6 කින් අතිප්‍රමාණය වී ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කොට ඇත. 

පසුගිය කාලය තුළ පනවන ලද ආනයන සීමා එලෙසම තිබිය දී මෙරටට ගලා එන විදේශ විනිමය ප්‍රමාණය වැඩි වීම රුපියල ශක්තිමත් වීමට හේතු වී ඇති බව සමාජ ආර්ථිකය පිළිබඳ විද්වත් මතයයි. මේ හේතුවෙන් ශ්‍රී ලාංකේය විදේශ විනිමය වෙළෙඳපොළ තුළ විදේශ විනිමය සැපයුම වැඩි වී ඇති බව ද ඔවුහු සඳහන් කරති. මේ වන විට බැංකු පද්ධතිය ඔස්සේ ලැබෙන විදේශ විනිමය ප්‍රවාහයන් ද වර්ධනය වී ඇති බව වාර්තා වේ. ඒ පසුගිය කාලයේ පැවැති අවදානම් සහගත නොවිධිමත් ක්‍රම වලින් රට තුළට මුදල් එවීම් බොහෝ දුරට සීමා වී ඇති පසුබිමක ය. මෙරට ආනයන සීමාවීම හේතුවෙන් රටින් පිටවන විදේශ මුදල් සීමා වීම සාධනීය තත්වයකි. 

 

ආනයන සීමා එලෙසම තිබිය දී මෙරටට ගලා එන විදේශ විනිමය ප්‍රමාණය වැඩි වීම රුපියල ශක්තිමත් වීමට හේතු වී ඇති බව සමාජ ආර්ථිකය පිළිබඳ විද්වත් මතයයි.
මහ බැංකුව සඳහන් කළේ විකුණුම් ප්‍රමාණයන් සියයට විසිපහේ සිට සියයට දහය දක්වා පසුගිය කාලයේ අඩු කළ බවයි. ඒ හේතුවෙන් විනිමය වෙළෙඳපොළේ ද්‍රවශීලතාව වැඩිදියුණු වී ඇතැයි ද පැවසෙයි. රුපියල ශක්තිමත් වීමේ ප්‍රවණතාව ආරම්භ වීමට එය ද ඉවහල් ව ඇති බව පෙනෙයි. එමෙන්ම පසුගිය කාලය පුරා අප රටේ සංචාරක කර්මාන්තය අත් කර ගත් ප්‍රගතිය ද මේ සඳහා සාධනීය බලපෑමක් කළ බව පැහැදිලිව දැක ගත හැකි සත්‍යයකි. ranj

මේ අතර රුපියල ශක්තිමත් වීම උදෙසා රජය විසින් ගනු ලැබූ යහපත් ආර්ථික තීන්දු තීරණ ඉවහල් වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි. ඒ රජය ගත් ආර්ථික තීන්දු රටට යහපත් ලෙස බලපෑ ආකාරය සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් පවා නිකුත් කරමිනි. අමාත්‍යවරයා තවදුරටත් පෙන්වා දී ඇත්තේ රුපියල ශක්තිමත් වෙමින් පැවතීමට හේතුව රට තුළ ඇති දේශපාලන ස්ථාවරත්වය සහ සාමකාමී වතාවරණය බවකි. 

2022 වසරේ සැප්තැම්බර් මාසයේ දී ඩොලර් බිලියන 1.7ක්ව පැවැති විදේශ සංචිත ප්‍රමාණය 2023 වසරේ පෙබරවාරි මාසයේ මුල් සතිය වන විට 23.5%ක වර්ධනයක් අත් කර ගනිමින් බිලියන 2.1ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත් එය ඩොලර් මිලියන 400ක වර්ධනයක් බවත් අමාත්‍යවරයා සිය නිවේදනයෙන් පෙන්වා දෙයි.

 

දකුණු ආසියාවේ ආහාර මිල වැඩිවීමෙන් වැඩිම බලපෑම ලංකාවටආහාර උද්ධමනය 2022 වසරේ සැප්තැම්බර් මාසය වන විට 94.9%ක පැවති බවත්, එය 2023 ජනවාරි මාසය වන විට 60.1% දක්වා පහළ බැස ඇති බවත්, අමාත්‍යවරයා මෙමගින් පෙන්වා දෙයි.

සියලු දෙනාට බලපානු ලබන ආහාර උද්ධමනය 2022 වසරේ සැප්තැම්බර් මාසය වන විට 94.9%ක පැවති බවත්, එය 2023 ජනවාරි මාසය වන විට 60.1% දක්වා පහළ බැස ඇති බවත්, අමාත්‍යවරයා මෙමගින් පෙන්වා දෙයි. 2022 වසරේ සැප්තැම්බර් වන විට 29,802ක් ලෙස පැවැති සංචාරක පැමිණීම 261%ක වර්ධනයක් අත් කර ගනිමින් 2023 පෙබරවාරි වනවිට 107,639ක් ලෙස සටහන්ව ඇති බවත්, මේ සියල්ල සිදුව ඇත්තේ රජය විසින් ගනු ලැබූ ආර්ථික ප්‍රතිපත්තිමය තීන්දු තීරණ මත බවත්, අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියි.

රාජ්‍ය අමාත්‍ය වරයාගේ එම අහිංසක සතුටට ඉඩ සලසන අතරේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ ස්ථාවරත්වය ජනතාව ගේ සාක්කු පසුම්බි වල ඇති රුපියල් කෙරෙහි බලපාන අන්දමත් අප විමසා බැලිය යුතු ය.

 

සමාජ රක්ෂණයට වෘත්තීය සමිති වගකීම - (කුසල් පෙරේරා)ශ්‍රී ලංකා රුපියල ස්ථාවර වීමේ තත්වය ජාතික දේහයේ සෑම ලේ නහරයක් ඔස්සේම එහි සෑම සෛලයකටම දැනිය යුතු ය

මක් නිසා ද යත් ශ්‍රී ලංකා රුපියල ස්ථාවර වීමේ තත්වය ජාතික දේහයේ සෑම ලේ නහරයක් ඔස්සේම එහි සෑම සෛලයකටම දැනිය යුතු බැවිනි. එසේ නොවීම අප රටේ විපක්ෂ දේශපාලන කණ්ඩායම් හා විකල්ප දේශපාලන බලවේග ලකුණු එක් රැස් කරන ඇලඩින් ගේ පුදුම පහනක් සේ යොදා ගන්නා බව ද පෙනෙයි. රටේ කෘෂිකාර්මික කටයුතු සඳහා පොහොර සපයන ප්‍රධාන සමාගම් දෙක මඟින් එහි වාසිය ගොවීන්ට බෙදා දීම මඟින් මෙරට රාජ්‍ය නායකයන් ගේ සිට අන්ත දිළින්දා තෙක් සාගිනි නිවා ගන්නා බත් පතේ මිල අඩු කිරීමට සැලකිය යුතු පිටිවහලක් ලැබෙන බව නොරහසකි. ඊට අමතරව වත්මන් සමාජ ආර්ථික යාන්ත්‍රණයට බෙහෙවින් ඉවහල් වන ඉන්ධන මිල ද මාසිකව ක්‍රියාත්මක වන මිල සූත්‍රයට අනුව ඉදිරියේ දී අඩු වන බව නොරහසකි.

මේ අතර ඩොලරයට සාපේක්‍ෂව රුපියල ශක්තිමත් වීම හේතුවෙන් වාහන අමතර කොටස් මිල ගණන් ඉදිරියේ දී පහළ බසිනු ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගයේ සභාපති ගැමුණු විජේරත්න ද පවසා තිබේ. බස් රථ සඳහා යොදන ටයර්, බැටරි වැනි උපාංගවල මිල ගණන් දැනටමත් යම් මට්ටමකින් අඩුවී ඇති බැවින් නුදුරේ දීම බස් ගාස්තු අඩු කිරීමට හැකියාවක් පවතින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. එය “ඩීසල් ගාණ අඩු වුණාට බස් ගාස්තු අඩු කරන්න බැහැ. බස් වලට යොදන අමතර කොටස් මිල අහස උසට ඉහළ ගිහින්” යනුවෙන් බස් කර්මාන්ත කරුවන් ගේ නිති අඬෝවැඩියාවට වෙනස් කතාවකි.

 

IMG 4446 2000x1246රුපියල ස්ථාවර වීම ඔස්සේ එහි උපරිම වාසිය පාරිභෝගිකයන්ට ලබා දීම මඟින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කොන්ද කෙලින් කරවිය හැකි බවට එම ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෝ විශ්වාසය පළ කරති. 
පසුගිය සමයේ මර ඇඳට වැටී තිබූ මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය තාම මුක්කු ගසා වත් කෙලින් කර ගැනීමට නොහැකි වී තිබේ. එහෙත්, රුපියල ස්ථාවර වීම ඔස්සේ එහි උපරිම වාසිය පාරිභෝගිකයන්ට ලබා දීම මඟින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කොන්ද කෙලින් කරවිය හැකි බවට එම ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෝ විශ්වාසය පළ කරති. 

ඒ අතර මේ වන විට ක්‍රියාත්මක සියයට 18 වැට් බද්ද සියයට 15 දක්වා අඩු කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බවක් පැවසෙයි. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් මත මුදල් අමාත්‍යංශය සහ මහ බැංකුව එක්ව සැලසුම් සකසමින් සිටින බවට ද තොරතුරු ලැබී තිබේ. ඒ අනුව නුදුරේ දීම ඉන්ධන, විදුලිය සහ ගෑස් සමඟ අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල සැලකිය යුතු ප්‍රතිශතයකින් අඩු වීමට නියමිතව තිබේ. එහෙත්, මේ තත්වය යටතේ වුව එළඹෙන සිංහල අලුත් අවුරුද්දට මෙතෙක් අපගේ සවන් පුරා රැව් දුන් “කණ කොක් හඬ” යටපත් කොට සුමිහිහිරි ” කොවුල් නාදයක” මිහිර විඳගත හැකි ද යන්න පැනයකි. ඒ රුපියල ශක්තිමත් වීමේ වාසිය කිසිසේත්ම තමන්ට නොලැබෙන බවත් මහා පරිමාන ආනයන සමාගම්වලින් තමන්ට භාණ්ඩ මිලදී ගැනීමට සිදුව ඇත්තේ පෙර මිලටම පමණක් බවත් සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාරික ප්‍රජාව නඟන අඳෝනා නිසා ය. 

අපි උපයපු ඩොලර් කෝ?' : කුසගින්නේ වැඩ කරන ඇඟලුම් කම්කරුවෝ - (ජයනි අබේසේකර)විපක්ෂ දේශපාලන කණ්ඩායම් හා විකල්ප දේශපාලන බලවේග ලබා ගන්නා වැඩි ලකුණු තමන්ට දැඩි සේ හානිකර බව ද වත්මන් පාලකයන් තරයේම සිහි තබා ගත යුතුය.

ආණ්ඩුව රුපියල ස්ථාවර කිරීමට කටයුතු කළාට සුළු පරිමාණ ව්‍යාපාරිකයන් නඟා සිටිවීම සඳහා කිසිදු අයුරකින් මැදිහත් නොවන බව පවසන ඔවුන් පවසා සිටිනුයේ වත්මන් ආණ්ඩුව ද පුංචි මිනිසුන් රැකීමට වඩා ඡන්දයක දී “හදිසි අත මාරුවක්” කර ගත හැකි තමන් ගේ ප්‍රකෝටිපති ගජ මිතුරන් රැකීමට දක්වන ඇල්ම මේ වන විට තමන්ට ද ඉතා හොඳින් පසක් වී ඇති බවකි.

ඒ අනුව රුපියල ශක්තිමත් වීම තුළින් පොදු ජනතාවට සහනයක් ලබාදීමට නම් අනිවාර්යයෙන්ම රජය මැදිහත්ව මෙම යකඩ බැරියරය කඩා ඉවත් කළ යුතු බවත් එසේ නොවන්නේ නම් මහා පරිමාණ ව්‍යාපාරිකයන් පමණක් අසාධාරණ ලාභයක් ලබා සුළු පරිමාණ ව්‍යාපාරිකයින් සහ ජනතාවට තව දුරටත් දුකම උරුම වන බවත් ඔව්හු අවධාරණය කරති.

එමෙන්ම ඒ ඔස්සේ විපක්ෂ දේශපාලන කණ්ඩායම් හා විකල්ප දේශපාලන බලවේග ලබා ගන්නා වැඩි ලකුණු තමන්ට දැඩි සේ හානිකර බව ද වත්මන් පාලකයන් තරයේම සිහි තබා ගත යුතුය.

WhatsApp Image 2024 03 01 at 2.33.58 PM(ඒ ජී රේණුකා දමයන්ති)
නිදහස් මාධ්‍යවේදිනී 
renudamayanthi2024@gmail.com

(උපුටා ගැනීම - vinivida.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රුපියල ශක්තිමත් වීම සිංහල අලුත් අවුරුද්දේ කොවුල් ගී මිහිරක් කර ගත හැකිද?- (රේණුකා දමයන්ති) | The Leader