The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

මැතිවරණ දෙකම එකම දින පැවැත්වීමේ මගෝඩි කතාව - (කුසල් පෙරේරා)

T

The Leader Desk

April 4, 2024 • 9:19 AM

මැතිවරණ දෙකම එකම දින පැවැත්වීමේ මගෝඩි කතාව - (කුසල් පෙරේරා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සිංහල-දෙමළ අලුත් අවුරුදු සමයේ ජනතාව ලිස්සණ ගසක නැංවීමට හදා ගත් කතාවක් රසකර මාධ්‍යයට කියා ඇත.
  • ඔහු කියා තිබූ ආකාරයට ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට සූදානම් නැති ජනාධිපති වික්‍රමසිංහ සහ ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් ඉල්ලා සිටින, මෑතක් වන තුරු ඔහු ඇබිත්තකම් කළ රාජපක්ෂලා දැන් යම් එකඟතාවකට පැමිණ ඇත.
  • වික්‍රමසිංහ ජනාධිපතිට ගෝඨාභය තේරී පත්වූ වසර 05 ක පූර්ණ ධුර කාලය සම්පූර්ණ කිරීමට සිදුවන හෙයින් ජනාධිපතිවරණය එහේ මෙහේ කිරීමට මැතිවරණ කොමිසමටද නොහැක.
  • ව්‍යවස්ථාවට අනුව, ජනාධිපතිවරයෙකුට ධුර කාලයෙන් වසර 04 ක් සම්පූර්ණ කළ පසු නැවත ජනාධිපතිවරණයකට යාමේ අවසරය ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සිංහල-දෙමළ අලුත් අවුරුදු සමයේ ජනතාව ලිස්සණ ගසක නැංවීමට හදා ගත් කතාවක් රසකර මාධ්‍යයට කියා ඇත.

 
 
ඔහු කියා තිබූ ආකාරයට ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට සූදානම් නැති ජනාධිපති වික්‍රමසිංහ සහ ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් ඉල්ලා සිටින, මෑතක් වන තුරු ඔහු ඇබිත්තකම් කළ රාජපක්ෂලා දැන් යම් එකඟතාවකට පැමිණ ඇත. හේතු කාරණා එකතු කරමින් ඔහු කියූ ඒ එකඟතාව වන්නේ ඔවුන් දෙගොල්ලන්ගේම වාසි වෙනුවෙන් ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය එකම දින පැවැත්වීමය.
 
අගමැති රනිල් මුදල් ඇමති ලෙස දිවුරුම් දෙයිවික්‍රමසිංහ ජනාධිපතිට ගෝඨාභය තේරී පත්වූ වසර 05 ක පූර්ණ ධුර කාලය සම්පූර්ණ කිරීමට සිදුවන හෙයින් ජනාධිපතිවරණය එහේ මෙහේ කිරීමට මැතිවරණ කොමිසමටද නොහැක.
නීතිමය වශයෙන් එයට සෘජු බාධාවන් නැත. ව්‍යවස්ථාවට අනුව, ජනාධිපතිවරයෙකුට ධුර කාලයෙන් වසර 04 ක් සම්පූර්ණ කළ පසු නැවත ජනාධිපතිවරණයකට යාමේ අවසරය ඇත. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මේ ඉන්නා වික්‍රමසිංහ ජනාධිපතිට ගෝඨාභය තේරී පත්වූ වසර 05 ක පූර්ණ ධුර කාලය සම්පූර්ණ කිරීමට සිදුවන හෙයින් ජනාධිපතිවරණය එහේ මෙහේ කිරීමට මැතිවරණ කොමිසමටද නොහැක.
 
නමුත් පාර්ලිමේන්තුව තේරී පත් කෙරුණු දින සිට මාස 30 ක කාලය ඉක්මවූ පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජනාධිපතිට ලබාදී ඇති අතර, මන්ත්‍රී බහුතරයක් සම්මත කරන්නාවූ පාර්ලිමේන්තු යෝජනාවක් මගින්ද පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට හැකිය. එය සිංහල-දෙමළ අළුත් අවුරුද්දෙන් පසු දිනෙක පාර්ලිමේන්තුව කඳවා සම්මත කරගත හැකි යෝජනාවකි. ගැටළුව ඇත්තේ එකම දින ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා නාම යෝජනා සහ මැතිවරණ දින ගලපා ගැනීමෙහිය.
ඡන්ද දිනය තීරණය කිරීමට කොමිසම රැස්වෙයි ! - මරික්කාර් තගක් දමයි !ජනාධිපතිවරණය සැප්තැම්බර 17 වන දින හෝ ඊට පසු මාසයක් ඇතුළත පැවැත්වෙන බවට වන නියමය ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශ කළ යුත්තේ මැතිවරණ කොමිසම මගින්ය.
 
මෙවර ජනාධිපතිවරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඉදිරි සැප්තැම්බර 17 වන දින හෝ ඊට පසු මාසයක් ඇතුළත පැවැත්වෙන බවට වන නියමය ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශ කළ යුත්තේ මැතිවරණ කොමිසම මගින්ය. එහිදී ජනාධිපති මැතිවරණ පනතට අනුව මැතිවරණ කොමිසම අනිවාර්යෙන් පිළිපැදිය යුතු දින වකවානු සම්බන්ධ කොන්දේසි කිහිපයක් ඇත.

(1) නාම යෝජනා බාර ගන්නා දිනය පූර්ව නියමය ප්‍රකාශ කළ දිනයේ සිට දින 16 ට පසු සහ දින 21 ක් ඇතුළත දිනයක් ලෙස නියම කළ යුතුය. එය එක් දිනකි. ඒ සමග නාම යෝජනා බාර ගන්නා ස්ථානය සහ වෙලාවන්ද ප්‍රකාශ කළ යුතුය.

(2) ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය නියම කළ යුත්තේ නාම යෝජනා බාර ගන්නා දිනයේ සිට සති 04 ට පසු සහ සති 06 ක් අවසන් වීමට පෙරාතු දිනයක ය.

එහෙත් පාර්ලිමේන්තු මැතිවරණයකදී ඒ කාල පරාස ඊට බෙහෙවින් වෙනස් ය.
 
මැතිවරණ වියදම් පනත වහා සම්මත කර ගන්න ! - දේශපාලන පක්ෂවලට බලපෑම්මැතිවරණ දෙකක් වෙනුවෙන් වෙනස් දින වකවානු එක කාලසටහනකට ගැලපීම එතරම් පහසු කාරණාවක් නොවේ.
01. නාම යෝජනා සඳහා දින නියම කළ යුත්තේ ගැසට් පත්‍රිකාවක් මගින් නියම කෙරුණු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ දින සිට දින 10 ට පසු දිනයේ සිට දින 17 ක් කල් ඉකුත්වන දින පස්වරු 12 තෙක් ය. එහි අරුත නම් පාර්ලිමේන්තු මැතිවරණයක නාම යෝජනා බාර ගැනීම සතියක කාලයක් පුරා සිදු කෙරෙන බවය.

02. මැතිවරණ දිනය තීන්දු කළ යුත්තේ නාම යෝජනා බාර ගැනීම අවසන් වූ දින සිට සති 05 ට පසු සහ සති 07 ක් ඉක්ම යෑමට ප්‍රථමයෙනි.   

මැතිවරණ දෙකක් වෙනුවෙන් වෙනස් දින වකවානු එක කාලසටහනකට ගැලපීම එතරම් පහසු කාරණාවක් නොවේ. ජනාධිපතිවරණයේ නාම යෝජනා දිනය හා ජනාධිපතිවරණ දිනය සමග පාර්ලිමේන්තු මැතිවරණය ගැලපීමට, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම මැතිවරණ කොමිසම සමග කෙරෙන සාකච්ඡාවකින් පසුව තීන්දු කිරීමට සිදු වන්නකි. 
 
ඡන්දයේ මුද්‍රණ කටයුතු සඳහා දින 30 ක් අවශ්‍ය බව මුද්‍රණාලය කියයිකාල සටහන් හැදීමට වඩා පහසු කාර්ය වන්නේ බහුතර මන්ත්‍රී යෝජනා සම්මතයකින් පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණය හා ජනාධිපතිවරණය සුපුරුදු පරිදි වෙන වෙනම පැවැත්වීමය.
 
මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරණය පැවැත්වෙන දින සැළසුම් කිරීම අනුව පාර්ලිමේන්තු මැතිවරණයක නාම යෝජනා බාර ගැනීම හා මැතිවරණ දිනය ගලපා ගත යුතු හෙයිනි. ඉදිරි මාස 04 ක කාලයකදී එළෙසින් කාල සටහන් හැදීමට වඩා පහසු කාර්ය වන්නේ බහුතර මන්ත්‍රී යෝජනා සම්මතයකින් පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණය හා ජනාධිපතිවරණය සුපුරුදු පරිදි වෙන වෙනම පැවැත්වීමය.
එසේ නැතිව අයාලයින් මාධ්‍යයට කියන කතා අනුව ජනාධිපති වික්‍රමසිංහගේ සහ රාජපක්ෂලාගේ සම්මුතිය මත මේ මැතිවරණ දෙක එකවර පැවැත් විය හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි අනුව්‍යවස්ථා 104ආ(1) යටතේ වෙන් වෙන්ව නම්කර ඇති “ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තෝරා පත් කර ගැනීම, පළාත් සභා මන්ත්‍රීවරයන් තෝරා පත්කර ගැනීම, පළාත් පාලන ආයතනවල සභිකයන් තෝරා පත්කර ගැනීම සහ ජනමත විචාරණයක් පැවැත්වීම” අතුරින් ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තෝරා පත් කර ගැනීමේ මැතිවරණ එකවර එක් දිනෙක පැවැත්වීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් මගින් මැතිවරණ කොමිසමට බලය පැවරීමෙන් පමණි. ඒ අනුව නාම යෝජනා බාර ගැනීම සහ ඡන්දය පැවැත්වීම සම්බන්ධ ජනාධිපති මැතිවරණ පනතෙහි සහ පාර්ලිමේන්තු මැතිවරණ පනතෙහි ප්‍රතිපාදනද සංශෝධනය කළ යුතුය.
 
පාර්ලිමේන්තුව අද රෑ අවසන් කරයි ! - යළි විවෘත කිරීම පෙබ. 8සිදුවිය හැක්කේ ජනාධිපති ධුර කාලය පාර්ලිමේන්තුවේ ධුර කාලය අනුව තීන්දු වීම හෝ පාර්ලිමේන්තුව අවුරුදු 04 ක් ඉක්ම වන තෙක් විසුරුවන්නට නොහැකි වීම හා ජනාධිතිවරණය අනුව එය තීන්දු වීමය.
 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ මැතිවරණ පනත් එසේ සංශෝධනය කළ විට, ඊළගට මතුවන පරස්පරය වනුයේ ජනාධිපතිවරයාට වසර 04 ට පසු නැවත ජනාධිපතිවරණයකට යෑමේ ව්‍යවස්ථා ප්‍රතිපාදනයට සහ පාර්ලිමේන්තුව සිය ධුර කාලයෙන් මාස 30 ට පසු හා බහුතර මන්ත්‍රීවරුන්ගේ යෝජනාවක් මත විසුරු වන්නට ඇති ප්‍රතිපාදනයට සිදු වන්නේ කුමක්ද යන්නෙහි ය. එවිට එකම දින මැතිවරණ දෙක පැවැත්වීමට එක්කෝ පාර්ලිමේන්තුව කල් තියා විසුරුවන දිනය අනුව ජනාධිපති ධූරය සඳහාද ජනාධිපතිවරණයක් තීන්දු කිරීමේ ව්‍යවස්ථාමය ප්‍රතිපාදන හෝ වසර 04 ට පසු ජනාධිපති තම දෙවන ධුර කාලය සඳහා මැතිවරණයක් තීන්දු කළහොත් ඒ සමග පාර්ලිමේන්තුවද විසුරු හැරීමට ව්‍යවස්ථා ප්‍රතිපාදන තිබිය යුතුය. එවිට සිදුවිය හැක්කේ ජනාධිපති ධුර කාලය පාර්ලිමේන්තුවේ ධුර කාලය අනුව තීන්දු වීම හෝ පාර්ලිමේන්තුව අවුරුදු 04 ක් ඉක්ම වන තෙක් විසුරුවන්නට නොහැකි වීම හා ජනාධිතිවරණය අනුව එය තීන්දු වීමය.
එබැවින් දුර දිග බැලීමේ නොහැකියාවත් සමාජය වෙනුවෙන් වගවීමකුත් නැති දේශපාලන අයාලයින් ඔවුන්ගේ ප්‍රසිද්ධිය වෙනුවෙන් කියන කතා අනුව රටක මැතිවරණ ක්‍රියාවලි දිග හරින්නට හෝ හකුලන්නට නොහැක. බරපතලම ප්‍රශ්නය එවැනි ඕනෑම වාචාල කතාවක් මාධ්‍යවේදීන් ප්‍රශ්න නොකර ගෙනැවිත් ඒවා වැදගත් ප්‍රවෘත්ති ලෙස වාර්තා කිරීමය. මාධ්‍යවේදීන්ටද සමාජ වගකීමක් ඇති බැව් අමතක වීමය.

අලුත් අවුරුද්දට මගේ යෝජනාව - (කුසල් පෙරේරා)(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com
2024 අප්‍රේල් 04 

සබැඳි ලිපිය :
ජනාධිපතිවරණයයි මහ මැතිවරණයයි එකම දිනයක ?

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මැතිවරණ දෙකම එකම දින පැවැත්වීමේ මගෝඩි කතාව - (කුසල් පෙරේරා) | The Leader