The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

කච්චතිවූ දූපත සහ ඉන්දියානු ව්‍යාප්තවාදය - (නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර)

T

The Leader Desk

April 5, 2024 • 7:54 AM

කච්චතිවූ  දූපත සහ ඉන්දියානු ව්‍යාප්තවාදය - (නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාව සමග ඉන්දියාව මෙම ගිවිසුමට 1974 දී එළැඹෙන්නේ දීර්ඝ කාලීනව පැවැති සාකච්ඡා කිහිපයකට පසුවය.
  • මෙම සාකච්ඡාවල අතීතය 1920 තරම් අතීතයට දිව යන අතර 1966 දී යාපනයේ සි.එස් නවරත්නම් මහතා විසින් ද ඓතිහාසික විශ්ලේෂණයක් ඉදිරිපත් කරන ලදී.
  • කච්චතිවූ දූපත ජයලලිතා මහ ඇමතිවරිය විසින් 2008 වර්ෂයේ දී ද නැවතත් 2011 වර්ෂයේ ද ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගොස් මෙම ගිවිසුම අහෝසි කිරීම පිළිබඳ කරුණු දැක්වූ තමිල්නාඩු රජය අසාර්ථක විය.
  • සිරිමා බණ්ඩාරනායක මැතිණිය සහ ඉන්දිරා ගාන්ධි මැතිණිය අතර අත්සන් කරන ලද ගිවිසුමට දැනට වසර පනහක කාලයක් ගත වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජයශන්කර්ද අග්‍රාමාත්‍යවරයාගේ ස්ථාවරය තහවුරු කරමින් ප්‍රකාශයක් නිකුත් කරන ලදී. 

 

මෙම ප්‍රකාශ මගින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර 1974 දී අත්සන් කරන ලද ගිවිසුම (India Sri Lanka Maritime Boundary Agreement) අත්සන් කිරීම පිළිබඳව කොංග්‍රස් පක්ෂය මෙන්ම එහි නායිකා ඉන්දිරා ගාන්ධි මෙන්ම තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබා ගත්තේ යැයි කියන තොරතුරු මත පදනම්ව 1961 දී පණ්ඩිත් ජවහල්ලාල් නේරු විසින් කච්චතිවු දූපත “කුඩා නොවැදගත් දුපතක් බැවින් අයිතිවාසිකම් කීමට බලාපොරොත්තු නොවන බවට’’ කරන ලද ප්‍රකාශයක් පදනම් කරගෙන මෙම දේශපාලනය බෝම්බය පත්තු කර ඇත. 

සිරිමා බණ්ඩාරනායක මැතිණිය සහ ඉන්දිරා ගාන්ධි මැතිණිය අතර අත්සන් කරන ලද ගිවිසුමට දැනට වසර පනහක කාලයක් ගත වී ඇත.

 

ශ්‍රී ලංකාව සමග ඉන්දියාව මෙම ගිවිසුමට 1974 දී එළැඹෙන්නේ දීර්ඝ කාලීනව පැවැති සාකච්ඡා කිහිපයකට පසුවය. මෙම සාකච්ඡාවල අතීතය 1920 තරම් අතීතයට දිව යන අතර 1966 දී යාපනයේ සි.එස් නවරත්නම් මහතා විසින් ද ඓතිහාසික විශ්ලේෂණයක් ඉදිරිපත් කරන ලදී. 1976 දී තවත් ගිවිසුම් තුනකට එළඹුණු අතර ඒ මගින් සමුද්‍රීය මායිම් සලකුණු කරගත් අතර එක් ගිවිසුමකට මාලදිවයින ද අත්සන් තැබීය.

 

1711947514 katchatheev 6කච්චතිවූ දූපත

 

ජයලලිතා මහ ඇමතිවරිය විසින් 2008 වර්ෂයේ දී ද නැවතත් 2011 වර්ෂයේ ද ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගොස් මෙම ගිවිසුම අහෝසි කිරීම පිළිබඳ කරුණු දැක්වූ තමිල්නාඩු රජය අසාර්ථක විය. සිරිමා බණ්ඩාරනායක මැතිණිය සහ ඉන්දිරා ගාන්ධි මැතිණිය අතර අත්සන් කරන ලද ගිවිසුමට දැනට වසර පනහක කාලයක් ගත වී ඇත.

 

මේ සියල්ල පිටුපස තිබෙන්නේ ඉදිරියේ පැවැත්වෙන මහ මැතිවරණයයි. ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදි රාජ්‍යයේ මහ මැතිවරණයේදී මිලියන 969 ක් ඡන්දදායකයන් ඡන්දය භාවිත කිරීම ආරම්භ කරනු ඇත්තේ එහි පළවෙනි අදියර පැවැත්වෙන අප්‍රේල් 19 වන දිනය. එම පළමු අදියරට තමිල්නාඩු ප්‍රාන්තයද අයත් වන අතර ලෝක් සභාව තුළ මන්ත්‍රීධුර 39 ක් තමිල්නාඩුවට හිමිවේ. 

bjp76හින්දු බස කතා නොකරන දකුණු ඉන්දියාවේ තිබෙන ප්‍රාන්ත තුළ වෙනම බලයක් ගොඩනගා ගැනීමට BJP උත්සාහ කරයි. 

2019 මහ මැතිවරණයේදී NDA සන්ධානයෙන් තරග කළ භාරතීය ජනතා පක්ෂයට කිසිදු මන්ත්‍රී ධුරයක් තමිල්නාඩු ප්‍රාන්තයේ හිමි නොවූ අතර මෙවර ඔවුන් AIADMK පක්ෂය සමඟ ද සන්ධාන ගත නොවී වෙනම තරග කරයි. හින්දු බස කතා නොකරන දකුණු ඉන්දියාවේ තිබෙන ප්‍රාන්ත තුළ වෙනම බලයක් ගොඩනගා ගැනීමට භාරතීය ජනතා පක්ෂය උත්සාහ කරයි. 

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් යටත් කරගන්නා තුරු කිසිදු අවස්ථාවක දකුණු ඉන්දීය කලාපය උතුරු ඉන්දියාව සමග සම්බන්ධව පැවතියේ නැත. මහාභාරතයක් ගොඩනගන ලද්දේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසිනි. ඉන්දියාවේ වඩාත්ම වේගයෙන් දියුණු වන සියලුම ප්‍රාන්ත ඇත්තේ දකුණු ඉන්දියාවේය.

 

 129564941 gettyimages 1476189626 594x594තම ඡන්ද පදනම වැඩි කර ගැනීම නරේන්ද්‍ර මෝඩී සහ භාරතීය ජනතා පක්ෂයේ ඒකායන පරමාර්ථය වන්නට ඇත. 

භාරතීය ජනතා පක්ෂයට අභියෝග කරන INDIA (India National Development Inclusive Alliance ) හි නායකයන් වන රාහුල් ගාන්ධිගේ මවටත් 1974 දී තමිල්නාඩුවේ මහ ඇමැති වූ වර්තමාන මහ ඇමති ස්ටාලින්ගේ පියා වන කරුණානිධිටත් පහරදීම මගින් තම ඡන්ද පදනම වැඩි කර ගැනීම නරේන්ද්‍ර මෝඩී සහ භාරතීය ජනතා පක්ෂයේ ඒකායන පරමාර්ථය වන්නට ඇත. 

wimal

නමුත් හාස්‍යජනකම තත්වය ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ මේ සම්බන්ධයෙන් දක්වන නිද්‍රාශීලී  පිළිවෙත යි. අතීතයේ ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන මෙන්ම වර්තමානයේ ජාතිකවාදය පිළිබඳ කතා කරන සියලුම කොටස් මේ සම්බන්ධයෙන් මුනිවත රකිනු දක්නට ලැබේ.

භාරතීය ජනතා පක්ෂයට පහසු ජයක් ලැබෙනු ඇතැයි යනුවෙන් උපකල්පනය කරන දේශපාලනවිශ්ලේෂකයන් රාශියක් සිටියත් ඉන්දියාවේදී ජනමත සමීක්ෂණ අසාර්ථකවනු බොහෝ ව්‍යවස්ථාවලදී අප දැක ඇත. මෑත දී පැවැති ප්‍රාන්ත පහක මැතිවරණයෙන් අපේක්‍ෂා කළාට වඩා වැඩි ග්‍රහණයක් භාරතීය ජනතා පක්ෂය ලබා ගත්තද මුළු ඡන්ද සංඛ්‍යාවේ එකතුව ගණනය කළ විට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට කොංග්‍රසය සමත් වී ඇත. (BJP 48133463/ CONG 49077907). එබැවින් අපේක්ෂා කරනවාට වඩා වැඩි තියුණු තරගයක් මහ මැතිවරණයේදී පැවතිය හැකිය. 

සටහන :
නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර
නිදහස් ලේඛක
prasadrharischandra@gmail.com

සබැඳි පුවත් :
කච්චතිවු ලංකාවට දුන්නාට මෝදිට කේන්ති ගිහින්


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...