The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : යෝනාගේ දුම්කුඩු හෙප්පුව

T

The Leader Desk

April 7, 2024 • 5:26 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : යෝනාගේ දුම්කුඩු හෙප්පුව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මගීහු දිවි ගලවාගත හැකි මඟක් සොයමින් ඒ මේ අත දුවන්නටත්, විලාප දෙන්නටත් පටන් ගත්හ.
  • ජපානයේ මහා සුනාමිය ඇතිවූ අවස්ථාවේ, එරට වෙළෙඳ ව්‍යාපාරිකයන් විපතට පත් ජනතාවට බඩු මුට්ටු දුන්නේ නොමිලේය.
  • සමහරුන් මත්පැන් පවා නොමිලයේ ගෙන යන්නට ඉඩ දුන් බව මාධ්‍ය මගින් දුටිමු.
  • උපහාස කතාකරුවෝ නිතරම තමන්ටම සිනාසෙති.
අකුරු ප්‍රමාණය (Font Size):

මගීහු දිවි ගලවාගත හැකි මඟක් සොයමින් ඒ මේ අත දුවන්නටත්, විලාප දෙන්නටත් පටන් ගත්හ.

මේ මහා කලබලය මැද නැවේ සිටි එක් යෝනක මනුස්සයෙක් (අරාබි ජාතිකයෙක්) කිසියම් උපක්‍රමයක් සොයන්නට මෙන්, නැවේ කුඹ ගසට නගින්නට ගත්තේය. කුඹ ගස උඩටම නැගගත් යෝනා, මඳක් වටපිට බලමින් සිට, තම ඉණට අත යවා දුම්කුඩු හෙප්පුව ගෙන, ඉන් කුඩු ටිකක් නාසයට ඉරුවේය. ඉන්පසු සෙමින් සෙමින් කුඹ ගසින් බසින්නට විය.

ඊට සුළු මොහොතකට පසු යෝනාත් සමඟම නැව මුහුදු පත්ලට ගිලා බැස්සේය.

 

denis loebner sinkingshipරැවුල පත්තු වූ විට ඉන් සුරුට්ටු පත්තු කර ගන්නට යන්නේද එවැනි අපේ උන්දලාය.

මට මේ පැරණි ජනප්‍රවාදය යළි මතකයට නැගුණේ සිරි ලංකාවේ අපේ මිනිසුන්ද අර ‍යෝනාට බොහෝ සමාන යැයි හැඟුණු බැවිනි. රුවුල පත්තු වූ විට ඉන් සුරුට්ටු පත්තු කර ගන්නට යන්නේද එවැනි අපේ උන්දලාය.

අර යෝනා හෝ නානා ජීවිතය පරදුවට තබා දුම්කුඩු ඉරුවේ ආතල් ගැනීමටය. අනුන්ගේ දුකෙන් තම මඩිය තර කරගෙන, ආතල් ගැනීමට අපි තරම් 'කැපවෙන' ජාතියක් ලොව තවත් නැති තරම්ය.

000 9ph2ql 1'බඩු හංගනවා' යන යෙදුමද ඔවුන් සම්බන්ධයෙන් ව්‍යවහාර වන්නකි.

 

අපේ ජන කොට්ඨාස අතර, 'ව්‍යාපාරික ප්‍රජාව' යන උජාරු නමින් හැඳින්වෙන වැදගත්, ධනවත් පිරිසක්ද සිටිති. රටේ ඕනෑම අර්බුද අවස්ථාවකදී තමන්ගේ ව්‍යාපාර සතු භාණ්ඩ (වෙළෙඳ ද්‍රව්‍ය) වැඩි මිලට විකිණීමට ඔවුන් හරි හපන්නුය. 'බඩු හංගනවා' යන යෙදුමද ඔවුන් සම්බන්ධයෙන් ව්‍යවහාර වන්නකි. වැඩි ලාභ ගැනීම සඳහා පසුගිය කාලයේ ගෑස්, සිමෙන්ති, ඇස්බැස්ටස්, කිරිපිටි යනාදිය පමණක් නොව, බේත් හේත් පවා සඟවා තබා, පසුව අලුත් මිල ගණන්වලට විකුණා ලාබ ලැබූ වෙළෙඳ මහතුන් ගැන කවුරුත් දනිති.

''අනේ අපේ සහෝදර ජනතාවට සල්ලි නෑ. අපි පොඩි ලාබයක් තියාගෙන මිනිස්සුන්ට බඩු විකුණමු.'' යැයි කියූ එකෙක්වත් ඒ 'ප්‍රජාව' අතර සිටියේ යැයි නොසිතමු.

 

BUPEH City DM 10 620 Aඅපේ රටේ නම් සුනාමි හතක් ආවත්, ඒ ජාතියේ වෙස්සන්තරලා දක්නට ලැබෙන්නේ නැත.

ජපානයේ මහා සුනාමිය ඇතිවූ අවස්ථාවේ, එරට වෙළෙඳ ව්‍යාපාරිකයන් විපතට පත් ජනතාවට බඩු මුට්ටු දුන්නේ නොමිලේය. සමහරුන් මත්පැන් පවා නොමිලයේ ගෙන යන්නට ඉඩ දුන් බව මාධ්‍ය මගින් දුටිමු. අපේ රටේ නම් සුනාමි හතක් ආවත්, ඒ ජාතියේ වෙස්සන්තරලා දක්නට ලැබෙන්නේ නැත. එහෙත්, සුනාමි ආධාරවලින් පොහොසත් වූවන් ගැන නම් අසන්නට ලැබුණි.

khushwant singhකුෂ්වන්ත් සිංතමන්ගේ රටේ හා ජාතියේ දුර්වලකම් ගැන සිනාසීම, ලැජ්ජාවට කාරණයක් නොවේ. එය ඔවුන්ගේ සංස්කෘතික හැදියාවේ ලක්ෂණයකි. උපහාස කතාකරුවෝ නිතරම තමන්ටම සිනාසෙති. ජාත්‍යන්තර කීර්තියට පත් ඉන්දීය ගත්කරු කුෂ්වන්ත් සිං හැමවිටම තමන් අයත් සීක ජාතිය (පංජාබ්) උපහාසයට ලක් කළේය. සීකයන්ද ඒ කතා කියවා සිනාසුණා මිස, කුෂ්වන්ත්ගේ ගෙට ගල්මුල් එල්ල කරන්නට ගියේ නැත.

කුෂ්වන්ත්ගේ එක් සිනා කතාවක දැක්වෙන පරිදි, ඔහුගේ පංජාබ් මිත්‍රයකු රිය අනතුරකට මුහුණපා රෝහල්ගත කෙරුණි. ඔහු ව්‍යාපාරිකයෙකි.

බරපතළ තත්ත්වයේ සිටි ඔහු සැත්කමකට පසු, රෝහල් කාමරයකට ගෙන එනු ලැබුණි. සිහිය ලැබූ පසු, ඔහු, අසල සිටි හෙදියගෙන් මෙසේ විමසුවේය.

''මං මේ කොහෙද? මට මොකද වුණේ?''


''සර් ලොකු කාර් ඇක්සිඩන්ට් එකකට මුහුණපෑවා. දැන් ඉන්නෙ හොස්පිට්ල් එකේ.''


''මොනවා! අනේ මගෙ ඇම්බැසඩර් කාර් එකට මොකද වුණේ?''

 

Hospitial 1200px 11 15 1000x600''අයියෝ! ඒක නැතිවුණා නං ඊට වඩා හොඳයි.'' රෝගියා කම්පා වූයේය.


''කාර් එකේ නං ගන්ඩ දෙයක් නෑ.. ඒත් ඒ ගැන දුක් වෙන්ඩ එපා, අපි සර්ගෙ එක අතක් කපලා ජීවිතේ බේරගත්තා.''


''එක අතක් කැපුවා.. අනේ එතකොට මගේ රොලෙක්ස් ඔරලෝසුවට මොකද වුණේ? දැන් කාලේ ඒක ලක්ෂ දෙකක් විතර වටිනවා.''


''ඒ ගැන දුක් වෙන්න එපා සර්... කලිසම් සාක්කුවේ තිබුණු පර්ස් එක අපිට හම්බවුණා.. බෑන්ක් කාඩ්, ක්‍රෙඩිට් කාඩ් සේරම එක්ක අපි ඒක සර්ගෙ වයිෆ්ට දුන්නා.''


''අයියෝ! ඒක නැතිවුණා නං ඊට වඩා හොඳයි.'' රෝගියා කම්පා වූයේය.

''කලබල වෙන්න එපා සර්... සර්ගෙ වයිෆ් එළියෙ ඉන්නවා. මං එන්න කියන්නං.''

මොහොතකින් ඔහුගේ බිරිඳ, කාමරය තුළට පැමිණියාය.

 

7569 woman praying for man ill in hospital bed get''හරි ෂෝක්! එතකොට කවුද ෂොප් එක බලාගන්නෙ!''
''ඕ කමලා... ඔයා තනියමද ආවෙ...?'' එවිටම ඔහුගේ වැඩිමල් දියණියද කාමරයට පැමිණියාය.

''නෑ තාත්තෙ. මාත් අම්මත් එක්ක ආවා.''

''එතකොට කෝ අයියා?'' එවිටම ඔහුගේ පුතාද, කාමරයට පැමිණ පියා අසල සිට ගත්තේය.

''මාත් ආවා තාත්තෙ. අපි ඔක්කොම ඔයා ළඟ.''
''හරි ෂෝක්! එතකොට කවුද ෂොප් එක බලාගන්නෙ!''

 

ව්‍යාපාරික ප්‍රජාවගේ හැටි ඔන්න ඔහොමය. එහෙම බලනකොට සිරි ලංකාව Part of India යැයි කී කතාවේද වරදක් නැති සේය.


සැත්කම් කල් දමා ඇත - (කපිල කුමාර කාලිංගගේ හීසරය)(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී
Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...