The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

භාරත රස සරණි - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

T

The Leader Desk

April 7, 2024 • 9:51 AM

භාරත රස සරණි - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වෙල්ලෝර දුම්රිය ස්ථානයට පෙර පිහිටි, 'කට්පාඩි ජන්ක්ශන්' නම් කුඩා දුම්රිය නැවතුම් පොළ ඒ ගනුදෙණුව ඉටු කර, පොඩි ලාභයක් ද උපයා ගෙන, එග්මෝරයේ ම පිහිටි ප්‍රධාන දුම්රිය ස්ථානයෙන් දුම්රියකට ගොඩවූයේ මාගේ ඉන්දීය මිත්‍රයෙකු -- ඔහුගේ නම අරුලප්පන් ය.
  • ඊමේල්, වට්සැප් පමණක් නොව මොබයිල් ද නැති ඒ කාලයේ, හිත මිතුරු අරුලප්පන් මට තැපෑලෙන් එවූ ලියුමක කියා සිටියේ, අහවල් වේලාවෙන් පිටවෙන අහවල් කෝච්චියේ නැගී, වෙල්ලෝර දුම්රිය ස්ථානයට පෙර පිහිටි, 'කට්පාඩි ජන්ක්ශන්' නම් කුඩා දුම්රිය නැවතුම් පොළෙන් බසින ලෙස ය.
  • කකුල් ලණුවකින් බැඳ, ඔබ මොබ යමින් සිටි කුකුලන් දහ දොළොස් දෙනෙකු පෙන්වා, මිතුරා මගෙන් ඇසුවේ, කන්නට කැමති කුකුලා පෙන්වන ලෙස ය.
  • මා තරමක් කෝලයෙන් හා විලියෙන් සිටින බව තේරුම් ගත් මිතුරා එක් කුකුලෙක් පෙන්නා, "ඌ හොඳා" කියා, වෙළෙන්දාට සංඥා කළේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ අසූව දශකයේ අග භාගයේ ය. ඒ කාලයේ ඉන්දියාව ආවෘත ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කළ බවට ඒ හැටි දැනුමක් තේරුමක් නොතිබුණත්, ඉන්දියාවට යන විට ලක්ස් සබන් කැට තොගයක් ගෙන ගියහොත්, මදුරාසීයේ (චෙන්නායි නගරයට එකල කී නම) එග්මෝර් නමින් හැඳින්වෙන ප්‍රදේශයේ ඩීන් නමින් ප්‍රකට, සිංහල ද කතා කළ හැකි, වෙළඳ මහතාට වැඩි මිලකට විකුණා ගත හැකි බව දැනගෙන සිටියෙමි.

 

katpadi 2වෙල්ලෝර දුම්රිය ස්ථානයට පෙර පිහිටි, 'කට්පාඩි ජන්ක්ශන්' නම් කුඩා දුම්රිය නැවතුම් පොළ

ඒ ගනුදෙණුව ඉටු කර, පොඩි ලාභයක් ද උපයා ගෙන, එග්මෝරයේ ම පිහිටි ප්‍රධාන දුම්රිය ස්ථානයෙන් දුම්රියකට ගොඩවූයේ මාගේ ඉන්දීය මිත්‍රයෙකු  -- ඔහුගේ නම අරුලප්පන් ය. ඔහු බැහැ දැකීමට  දුර බැහැරක යෑමට ය. ඊමේල්, වට්සැප් පමණක් නොව මොබයිල් ද නැති ඒ කාලයේ, හිත මිතුරු අරුලප්පන් මට තැපෑලෙන් එවූ ලියුමක කියා සිටියේ, අහවල් වේලාවෙන් පිටවෙන අහවල් කෝච්චියේ නැගී, වෙල්ලෝර දුම්රිය ස්ථානයට පෙර පිහිටි, 'කට්පාඩි ජන්ක්ශන්' නම් කුඩා දුම්රිය නැවතුම් පොළෙන් බසින ලෙස ය. දුම්රියෙන් ගොඩ බැස ගත් මා තරමක සැක සංකාවකින් වටපිට බැලුවේ මගේ මිතුරා ඇවිත් සිටිත් දෝ නොසිටිත් දෝ  එසේ වුවහොත් මා අතරමං වේ දෝ කියා ය. මේ අවධියේ මා ළඟ ක්‍රෙඩිට් කාඩ් තබා වැඩිපුර මුදල් ද සාක්කුවේ තිබුණේ නැත. මුහුණ පුරා සිනාසෙමින්, අරුලප්පන් ඇවිදින් මා උණුසුම් ව වැළඳ  ගත්තේ ඒ වෙලාවේ ම ය.

Diamond Harbour, India - November 16, 2013: India population of approx. 1.2 billion people, which is 1/6 of the world population. Society is very diverse ethnic and religious. 60% of the population works in agriculture. The share of agriculture in GDP of India is 20%.විශාල යකඩ ගොඩක් බඳු රෝයල් එන්ෆීල්ඩ් වර්ගයේ මෝටර් සයිකලයකිණි අරුලප්පන් මා කැටුව යන්න පැමිණ සිටියේ.

 

විශාල යකඩ ගොඩක් බඳු රෝයල් එන්ෆීල්ඩ් වර්ගයේ මෝටර් සයිකලයකිණි අරුලප්පන් මා කැටුව යන්න පැමිණ සිටියේ. ගමක පිහිටි ඔහුගේ කුඩා නිවසට අප දූවිලි කාගෙන පැමිණි අතර, මගේ මිතුරාගේ බිරිඳ, ඒ වන විටත්, නිවසින් තරමක් බැහැර ව පිහිටි, පොල් කොළවලින් වට කළ නාන ස්ථානයකට සමීප ව, විශාල වතුර කල්දේරමක උණු වතුර නටවමින් සිටියා ය. ඇඟපත සෝදා ගත් මා, මිතුරාගේ යෝජනාව පරිදි, ඔහු සමග කඩමණ්ඩියට ගියේ, රාත්‍රී ආහාරයට අවශ්‍ය කළමනා ගෙන ඒමට ය. කඩමණ්ඩියේ කොනක තිබුණේ බිත්තර හා කුකුලන් අලෙවි කරන ස්ථානය යි. කකුල් ලණුවකින් බැඳ, ඔබ මොබ යමින් සිටි කුකුලන් දහ දොළොස් දෙනෙකු පෙන්වා, මිතුරා මගෙන් ඇසුවේ, කන්නට කැමති කුකුලා පෙන්වන ලෙස ය.

 spicy chicken curry FT RECIPE0321 58f84fdf7b484e7f86894203eb7834e7එදා රාත්‍රී අහාරය වූයේ මේ කුකුල් මස් කරිය හා උණුවට උයාගත් සුදු බතක් පමණි.

 

මා තරමක් කෝලයෙන් හා විලියෙන් සිටින බව තේරුම් ගත් මිතුරා එක් කුකුලෙක් පෙන්නා, "ඌ හොඳා" කියා, වෙළෙන්දාට සංඥා කළේ ය. උඩ අතට සිටවා තිබූ ලී කොටයක කුකුලා සීරුවෙන් තබා, සැණෙකින් ගෙල සිඳ, ඒ අසල ම පිහිටි උණුවතුර භාජනයකට කුකුල් කවන්ධය ඔබා පිහාටු ටික ගලවන්නට වෙළෙන්දාට ගියේ විනාඩි කිහිපයක් පමණි. ඉන්පසු ව තඩි පිහියකින් කුකුලා විවිධ අතට හරවමින් කුඩා කොටස් වලට කපා, ගහල කොළයකින් ඔතා දුන්නේ මාගේ දෑතට ය. එදා රාත්‍රී අහාරය වූයේ  මේ කුකුල් මස් කරිය  හා උණුවට උයාගත් සුදු බතක් පමණි. වරින් වර බත් සමග අනා ගැනුමට ගී ටිකක් පිඟානට හැළී ය. මා එහි සිටි සතියේ දවල්ට හා රෑට කෑවේ මේ ආකාරයට ම ය. උදේට මාරුවෙන් මාරුවට තෝසේ හෝ ඉට්ලි සෑදුවේ අරුලප්පන්ගේ බිරිඳ ම ය.

 

McDonalds Museum Featuredලෝ පතල ෆාස්ට්-ෆුඩ් ආහාර දාමයක වන මැක්ඩොන්ල්ඩ්ස් ඉන්දියාවට සේන්දු වෙන්න සෑහෙන්න කලක් ගති.
ලෝ පතල ෆාස්ට්-ෆුඩ් ආහාර දාමයක වන මැක්ඩොන්ල්ඩ්ස් ඉන්දියාවට සේන්දු වෙන්න සෑහෙන්න කලක් ගති. ඊට හේතුව වූයේ, වෙළඳපළ ශක්‍යතා අධ්‍යයනවලදී මතු වුණු නිශේධනීය කරුණු නිසා ය. අදාල ආහාරයේ නෛසර්ගික රස හා ඉන්දියානුවා පතන රස අතර සෑහෙන පරතරයක් තිබීම ව්‍යාපාරයේ ශක්‍යතාවය ගැන ගැටලු මතු කළේ ය. අදාළ සමාගම බොහෝ පර්යේෂණ කර, ඔවුන් සකසන පැටියේ රස ඉන්දියානු රසට ගැලපෙන ලෙස, මසාලා ඌරුවකින් සමන්විත, වෙනස්කම් රාශියක් කළේ ය. අවසානයේ දී මැක්ඩොනල්ඩ්ස් ඉන්දියාවට ආගමනය කළේ 1996 ය. ඒ නව දිල්ලදිල්ලියේ වසන්ත් විහාර් හී ය. ගව මස් අඩංගු ආහාර නොමැති ලෝකයේ ප්‍රථම මැක්ඩොනල්ඩ්ස් අලෙවි සැල එය විය. කෙන්ටකී ෆ්‍රයිඩ් චිකන් හෙවත් කේඑෆ්සී, කුකුල් මස් පදනම් වූ නිසා ඊට වසරකට පෙර, බැන්ගලෝරයේදී දියත් විය.

IBSA leaders Manmohan Singh මන්මෝහන් සිංශත වර්ෂ ගණනක් ඉට්ලි-තෝසෙ හා චපාති-නාන් කෑ ඉන්දියානුවා මැක්ඩොනල්ඩ්ස් හා කේඑෆ්සී වෙත පියමං කළේ ඉබේ ම නොවේ. ඊට බලපෑ ප්‍රධාන සාධකය වූයේ 1991 ආර්ථිකයේ මතු වූ ගෙවුම් ශේෂ අර්බුදයකට පිළියමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යෑමට සිදුවීමත්, එහි ප්‍රතිඵලයක් ලෙස ආර්ථිකය ලිබරල්කරණය (ලක් බසින්, විවෘත ආර්ථිකය) වීම ය. අගමැති නරසිංහ රාඕ හා ප්‍රකට ආර්ථික විද්‍යාඥයකු වූ මුදල් ඇමති, මන්මෝහන් සිං (පසු කලෙක, එනම් 2004-2014  කාලයේ, ඉන්දියාවේ අගමැති වූයේ ඔහු ය) මේ දැවැන්ත ආර්ථික ප්‍රතිපත්ති පෙරැලියේ නායකයෝ වූ හ.

ඉන්දියාවේ ආර්ථිකය නොසිතූ විරූ ලෙස ප්‍රසාරණය කළ තොරතුරු තාක්ෂණ හෙවත් අයි-ටී කර්මාන්තය හා ඒ සබැඳි විදේශ ආයෝජන ව්‍යාප්ත වූයේ ද මේ සමයේ ම ය. මේ කර්මාන්ත ආශ්‍රිත ව, සාපේක්ෂ ව තරුණ, තාක්ෂණ දැනුමැති, යහමින් මුදල් උපයන නව ශ්‍රම බලකායක් ඉන්දියාවේ මධ්‍යම පංතියට වේල්ලක් කැඩුවා සේ ගලා ආවේ ය. ඉතා ඉහළ ක්‍රය ශක්තියක් ඇති මොවුන්ගේ ජීවන විලාසිතා, සිතුම් පැතුම් හා අභිලාෂයන් පෞරාණික ඉට්ලි-තෝසේ  මාදිලියෙන් සපුරා වෙනස් වූයේ ඔවුන්ගේ ජීවිත ආර්ථික ලිබරල්කරණයේ හා ගෝලීයකරණයේ පහසට ලක් ව තිබු බැවිණි.

 

ඉන්දියාවේ 75 වන නිදහස් දිනය අද - ලංකාවට නිරීක්ෂණ ගුවන් යානයක්දශක තුනක් පමණ, යට කී තත්ත්වය තවත් වැඩුනා මිස ආපස්සට ගියේ නැත.

දශක තුනක් පමණ, යට කී තත්ත්වය තවත් වැඩුනා මිස ආපස්සට ගියේ නැත. නව ඉන්දියානු මධ්‍යම පාන්තිකයාගේ ජීවන ශෛලියේ කේන්ද්‍රීය වෙනස සිදුවූයේ ආහාර පාන ක්ෂේත්‍රයේ ය. ඉන්දියාවේ 20-25% ජනතාව පමණ වෙජිටේරියන් හෝ වීගන් වූවත් පසු ගිය දශකය දෙක තුල එය සීග්‍රයෙන් වෙනස් වී ඇත. ගව මස් තවමත් සමාජ තහනමක් හෙවත් ටැබූවක් ලෙස තිබුණත්, අනෙකුත් මස් මාළු පරිභෝජනය ඉතා වේගයෙන් පැතිර ඇත. ජනප්‍රිය මාධ්‍ය සංස්කෘතියෙන් ඉන්දියානුවා බටහිර පමණක නොව ජපන් හා කොරියන් වැනි ආහාර කෑමට පුරුදු ව ඇත. 2019 සිට 2022 කාලයේ පමණක්, ජපන් සුෂී පරිභෝජනය 50% කින් ඉහල ගොස් ඇත. මිලේනියල් ඉන්දියානුවන් සතියේ දවස් හත ම නිවසේ පිසූ කෑම ගිලිණු වෙනුවට දින දෙක තුනක් පිටින් කෑමට හෙවත් 'ගොයින් අවුට්' සංස්කෘතියට පුරුදු ව ඇත. කට්පාඩි හී මා ගත කළ කාලයේ අමුත්තාට පිටින් ගෙන ආ කෑමක් පිළිගැන්වීම හෝ පිට තැනකට කෑමට එක් කරගෙන යාම සැළකුවේ අගෞරවයක් ලෙසිණ.    

ලාංකේය ව්‍යාප්තවාදය - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)කට්පාඩි හී මා ගත කළ කාලයේ අමුත්තාට පිටින් ගෙන ආ කෑමක් පිළිගැන්වීම හෝ පිට තැනකට කෑමට එක් කරගෙන යාම සැළකුවේ අගෞරවයක් ලෙසිණ.

 

අරුලප්පන් මා මුලින් බැහැ දකින විට, ඔහුගේ දරුවෝ අවුරුදු දහය පහළොව වයස් කාණ්ඩයේ අය වූ හ. ඊට අවුරුදු දහයකට පමණ පසු, මා නැවත වරක් චෙන්නායි (මදුරාසිය නම වෙනස් වුයේ 1996 ය) නුවරට ගිය විටෙක, අරුලප්පන් මා සිටි හෝටලයට බැහැ දකින්නට ආවේ ය. ආගිය තොරතුරු කතා කිරීමේදී ඔහු මට කීවේ තම දරුවන් ඉංජිනේරු හා තොරතුරු තාක්ෂණ ඉගෙනුම ලබන බව ය. වසර විස්සක් පමණ අපගේ සන්නිවේදනය මග හැරිණ. මීට වසර දෙකකට පමණ පෙර, මට ඔහු සමාජ මාධ්‍යය ඔස්සේ හමු විය. විශ්‍රාමික ව සිටින ඔහු, තම බිරිඳ අකාලයේ මිය ගිය මට කීවේ බිඳුණු ස්වරයකිණි. දරුවන් සියල්ල සොඳින් සිටිනා බවත්, ඔවුන් හොඳ රැකියා කරනට විවිධ නඟර වෙත සංක්‍රමණය වූ බවත් ඔහු කීවේ මිශ්‍රිත හැඟීමකිණි. කෙදිනක හෝ නැවත වරක් කට්පාඩි හන්දියෙන් බැස, දැන් හැත්තෑ වැනි වියෙහි පසු වන, මේ සොඳුරු මිතුරා  බැහැ දැකීමට යන්නට ඇත්නම් කියා මට සිතෙන වාර අනන්ත ය. එසේ ගිය විටක මෙවර  මට අරුලප්පන් කෑමට පිළිගන්වන්නේ කුමක් ද කියාත් මට සිතේ.

බාබර බැරෝමීටර - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
සමාජ හා දේශපාලන විශ්ලේෂක 
udanfer2014@gmail.com

(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...