The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

මා දුටු අහංගම - (චින්තන ධර්මදාස)

T

The Leader Desk

April 7, 2024 • 3:27 PM

මා දුටු අහංගම - (චින්තන ධර්මදාස)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගාල්ල කියන්නෙ මං නිතර යන්න ආස පැත්තක්.
  • ඒ අයගෙ මනස ඇතුලෙ විදේශිකයන් එක්ක ගැටුමක් දැඩිව නිර්මාණය කරගෙනමයි හිටියෙ.
  • ඒ තරගයට මුහුන නොදී බෙදීමක් ගැටීමක් ඇති කරගැනීම කියන්නේ දැනට තියෙන ආදායම් මාර්ගත් නැති කරගැනීමක් කියල මං තේරෙන විදිහට කිව්වා.
  • පිස ඇති හැම එළවළුවක්ම නෙලාගත්ත දිනය වෙලාව සටහන් කරලා තියෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


ගාල්ල කියන්නෙ මං නිතර යන්න ආස පැත්තක්. ගොඩක් විදේශිකයන් එක්ක ගනුදෙනු කරන පැතිවල පවතින සංස්කෘතියට මං කැමතියි. මාව අනුරාගී කරන තරමට බාහිර ලෝකයත් එක්ක නිරන්තර රමණයේ යෙදෙන කලාපයක් තමයි අපේ දකුණු වෙරළ.



මට තිබුනෙ අහංගමට යන්න. අහංගම පොඩි පොඩි ව්‍යාපාර කරන ලංකාවෙ අය එක්ක අදහස් බෙදා ගැනීමක් කරන්න. ඒක තිබුනෙ සංචාරක පොලක් මැද්දෙ. මං ධර්ම දේශනාවක් පැවැත්තුවා.

ආර්ය අශ්ටාංගික මාර්ගය අනුගමනය කිරීමෙන් සාර්ථක ව්‍යාපාරිකයෙක් නැත්තං ව්‍යවසායකයෙක් වෙන්නෙ කොහොමද කියල මං ඒ අයට පැහැදිලි කරලා දුන්නා. ඒ කතාව පස්සෙ අප්ලෝඩ් කරන්නම්.

මේ කතාබහ තිබුනෙ අහංගම සංචාරකයන් ඉලක්ක කරගත් තාවකාලික මාර්කට් එකක. විවිධ අත්කම්, කෑම වර්ග, කලා වර්ග අලෙවි කරන ඒ පලාතෙ අය තමන්ගේ නිෂ්පාදනවලින් එතන පොඩි පොඩි ස්ටෝල්ස් කළා.

මගේ ධර්ම දේශනයට පස්සෙ කීප දෙනෙක් මාත් එක්ක ඇවිත් කතා කළා.

එතනදි මතුවුනු මං පුදුම වුනු කතාවක් වුනේ විදේශිකයන් විසින් ටිකෙන් ටික තමන්ගේ ව්‍යාපාර අයිති කරගන්නවා කියන චෝදනාව. විවිධ රටවලින් එන විදේශිකයන් විවිධ ආකාරවලින් කල්පනා කරමින් පොඩි පොඩි ව්‍යාපාර පටන් අරගෙන තියෙනවා. ඒවායින් තමන්ගේ ජීවන මාර්ගයන්ට තර්ජනයක්‍ වෙනවා කියල දේශීය ව්‍යාපාරිකයො හිතනවා.

xfdgdfg
ඒ විදේශිකයන් විසින් ආරම්භ කරන ව්‍යාපාර නිසා තව තවත් විදේශිකයන් ඒ පලාත්වලට එන තත්වයක් නිර්මාණය වෙන බවත්, ඒ නිසාම තව තවත් අවස්ථාවන් විවෘත වන බවත්, ඒ අය විසින් පළාතේ ග්‍රාම්‍ය සංස්කෘතික තත්වයන් නූතන පරිවර්තනයකට ලක් කරන බවත්, මේ සියල්ල නිසා තමන්ගේ ආදායම් තවත් වැඩි වනු ඇති බවත් දකින්න එතන මා එක්ක කතාබහ කරපු ව්‍යාපාරිකයන්ට හැකියාවක් තිබුනෙ නෑ. ඒ අයගෙ මනස ඇතුලෙ විදේශිකයන් එක්ක ගැටුමක් දැඩිව නිර්මාණය කරගෙනමයි හිටියෙ.

විදේශිකයන්ට කරන්න බැරි දේවල් කරන්න කල්පනා කරන්න. මේ රටේ විදේශිකයෙකුට වඩා හොඳින් දේවල් නිෂ්පාදනය කරන්න, නිර්මාණය කරන්න දේශීය කෙනෙකුට පුළුවන් වෙන්න ඕන. ඒ තරගයට මුහුන නොදී බෙදීමක් ගැටීමක් ඇති කරගැනීම කියන්නේ දැනට තියෙන ආදායම් මාර්ගත් නැති කරගැනීමක් කියල මං තේරෙන විදිහට කිව්වා.

448574
ඒත් මේ වගේ සංචාරකයන් ඉලක්ක කරගත් ව්‍යාපාරවල යෙදෙන පුංචි ව්‍යවසායකයන්ගේ සිතීම, තේරුම් ගැනීම යාවත්කාලීන් කරන යම් ව්‍යාපෘතියක ලොකු අවශ්‍යතාවයක් තියෙනවා කියල මට හිතුන. සංචාරකයන් වැඩි වැඩියෙන් පැමිනීමත් එක්ක සිදුවන පරිවර්තනයන් ධනාත්මකව බාරගන්නා ප්‍රජාවක් නිර්මාණය කිරීම සංචාරක කර්මාන්තය පැත්තෙන් ඉතා වැදගත් වෙනවා.


එතන මං වගේම කතා කරන්න ඇවිත් හිටියා මිදිගම ෆෘට් ෆාර්ම් එක නමින් ව්‍යාපෘතියක් පටන් ගත්ත අමුතු තරුණයෙක්. එයා සහ තවත් එයාගෙ යාලුවො දෙන්නෙක් එකතු වෙලා පටන් ගත්ත මේ ව්‍යාපෘතියට තියෙනවා අක්කර ගානක පළතුරු වත්තක්. ඊට යාබද බෙහෙත් පැලෑටි වත්තක්. භාවනාවට වෙනම ආරණ්‍ය කලාපයක්. යෝගාවලට කන්ද උඩ ශාලාවක්. එවෙලේ ගොවිපොලෙන් නෙලා ගත් කෑම උයලා රහට කන්න දෙන බොජුන් හලක්. පිස ඇති හැම එළවළුවක්ම නෙලාගත්ත දිනය වෙලාව සටහන් කරලා තියෙනවා.

රඹුටන් වාරෙට ෆාර්ම් එක ඇතුලෙ නවාතැන් ගන්න අයට ගස් පිටින් රඹුටන් කඩන් කන්න ලැබෙනවා. කුරුල්ලො වර්ග කොච්චරද ගානක් නරඹන්න ලැබෙනවා. ඒ ඔක්කොමටම වඩා හරිම අමුතු සොඳුරු ලෞකික අසපුවක ජීවත් වෙන ආස්වාදය ලැබෙනවා.

225254
සමහර මිනිස්සු එකතු වෙලා කරන අමුතු වැඩ දැක්කම මේ රටේ එකට ජීවිතේ බෙදාගෙන ඉන්න එක ගැන ආඩම්බර හිතෙනවා.

අපි නවතින්න තෝරගත්තෙ ෆ්‍රීඩා හවුස් කියල තැනක්. ‍ෆ්‍රීඩා කාලෝට කැප කළ දෙව් මැදුරක් වගේ තිබුනු කාමරය බුකින්ග් එකේ දැක්කම මට දවසක් එතන නතර වෙන්නම ඕන වුනා. එතන ෆ්‍රීඩා කාලෝට වෙන් කරලා තිබුනෙ අපි හිටපු කාමරේ විතරයි. ඊට එහා පැත්තෙ කාමරේ තනිකරම කොකෝ ෂැනල්ට වෙන් කළ දෙව් මැදුරක්. ඊට එහා පැත්තෙ ඕඩ්රි හෙප්බර්න්ද කොහෙද. කොහොම හරි ඒක ෆෙමිනිස්ට් නවාතැන්පොලක්.

සුන්දර ඉතාලියානු කාන්තාවක් ඒක කරගෙන යනවා. එයා ආර්ටිස්ට් කෙනෙක්. එයාට ඕන කරන්නෙ ලංකාවට ආවේනික පැවැත්මෙ සාරය ඒ විදිහටම විඳින්න.

66duhe

‘ලංකාවට ආපු ගමන් යුරෝපෙ කෙනෙකුට ලොකු වෙනසක් දැනෙන්න ගන්නවා. අපිට ආපහු යන්නම හිතෙනවා. ඒත් ටික දවසකින් අපි ඒකට ඇබ්බැහි වෙනවා. ඒක නැතුවම බැරි වෙනවා. මං ලංකාවෙන් යන්න කියල හිතන හැම වෙලාවකම මට මේ ජීවිතේ දාලා යන්න බෑ කියන හැගීම ඇති වෙනවා.

ඒක හරි අමුතු දෙයක්. ලංකාවෙ ජීවත් වෙනකොට ඒක ඇඟ ඇතුලට එන වෙනස් පැවැත්මක්. කොළඹ ගත්තොත් එහෙම එකක් නෑ. ඒක ලෝකෙ ඕනම රටක නගරයක් වගේ. ඒත් කොළඹින් ඈතට වෙන්න වෙන්න ලංකාව තියෙනවා. ඒක හරිම වෙනස් ජීවිත ක්‍රමයක්. මේ රටට කෙනෙක් එන්න ඕන අන්න ඒ ජීවිතය විඳින්න. නැතුව ක්ලබ් එකක නටලා පූල් එකක බැහැලා මුහුදෙ නාලා ගියාට කෙනෙකුට ලංකාව මුනගැහෙන්නෙ නෑ..’’


එයා ලංකාව ගැන කතා කරන විදිහට අපේ ඇගේ මයිල් කෙලින් වෙනවා. ඒක ඒ තරම් ඇඟට දැනෙන ඇත්තක්. ලංකාවෙ ජීවිතේ සුන්දරත්වය කියන්නෙ ලංකාවෙ මිනිස්සුන්ට තේරෙන්නෙ නැති දෙයක්. හරියට වතුරෙ ඉන්න මාලුවාට වතුර තේරෙන්නෙ නෑ වගේ.

kjhfdg


‘’මට තියෙන බය මේ අය ලංකාවෙ සංචාරක කර්මාන්තෙ දියුනු කරනවා කියල ලොකු බිල්ඩින් ටිකක් හදාගෙන යයිද කියල. මොකද එහෙම වුනොත් මේ රටේ වටිනකම නැති වෙනවා. බිල්ඩින් නෙමෙයි මේ දූපතේ හැදෙන්න ඕන. සත්තු, ගහකොල එක්ක හරිම අවමතාවාදී විදිහට ජීවත් වීමේ සෞන්දර්යයි මේ දූපතේ විඳින්න තියෙන්නෙ. ඒක නැති කරගන්න එක අපරාදයක්’’


පිට ඉඳන් ලංකාව දිහා බලන කෙනෙක් විදිහට එයාට තිබුනා හරිම ලස්සන කියවීමක් අපේ රට ගැන. රටෙන් යන්න බලාගෙන ඉන්න, වෙන රටවලට පැනලා සුවපහසු ජීවිත බලාපොරොත්තු වෙන ලංකාවෙ බහුතරයකට පිටවෙලා යන්න දීලා මේ වගේ මේ දූපතට ආදරේම මිනිස්සුන්ට මේ රටේ නවතින්න දෙනවා නම් කොයිතරම් හොඳද කියල හිතු‍නා. මේ රටෙන් යන්න ආස කරන අය වගේම මේ රටට එන්න ආස කරන අයත් ගොඩක් ඉන්නවා.

e54543rf

ඊට පස්සෙ උදේ කන්න ගියා සුනිල් අයියාගේ කඩේට. ඒකෙ නම සුනිල්ස්. වැඩි අරුමෝසම් නැති මුහුද අයිනෙ පොඩි තීරුවක්. එයාගෙ තියෙනවා එයාම හදාගත්ත මෙනුවක්. එයාගෙම හඳුන්වාදීමක් වෙන අමුතු රොටියක්. කමිසෙකුත් නැතුව, හොඳ තද පාට සරමකුත් ඇඳගෙන සුනිල් අයියා හැමෝමත් එක්ක සුහදව කතා කරනවා. සුනිල් අයියාගෙ තැනින් කෑම කාපු, රහක් තියෙන කිසි කෙනෙකුට අහංගම පහු කලොත් එතන නවතින්නෙ නැතුව යන්නෙ බෑ. තාම ගිහිල්ලා නැති කෙනෙක් ඉන්නවා නම් ගිය වෙලාවක රොටි එක්ක, පරිප්පු, සීනි සම්බෝල, පොල්සම්බෝල, බිත්තර, නූඩ්ල්ස් ඔක්කොම දාලා දෙන අලි බ්‍රෙක්ෆස්ට් එක ට්‍රයි කරන්න.

sunil
සුනිල් අයියා ගැන ලෝකෙ ප්‍රසිද්ද සඟරාවලත් ලිපි පළවුනා. වැඩි වැඩ දාන්න යන්නෙ නැතුව, තමන් නොවන වෙන කෙනෙක් වෙන්න යන්නෙ නැතුව, තමන් දන්න දේ සරලව ඍජුව පිලිගැන්වීම හින්දම සුනිල් අයියා අහංගම ෆුඩ් කල්චර් එකේ වීරයෙක්.

මේ ඔක්කොම පහුකරගෙන ජොයින්ට් එකකුත් ගහලා ආපහු කොළඹ එන ගමන් මං කල්පනා කලේ, පුරුදු කොළඹ අතෑරලා නුපුරුදු අහංගමට වෙලා ඉන්න තිබුනා නම් ජීවිතේ කොයිතරම් ආස්වාදනීය වෙයිද කියල. ඒ නගරය ඒ තරම් හොඳට හුස්ම වැටෙන නගරයක්.

අපි සුද්දො වෙන්න යන්නෙ නැතුව, අපි සුද්දන්ගෙන වෙනස් වෙන දේ අඳුරගෙන, ඒක පැකේජ් කරලා, ප්‍රසන්ට් කරන්න ඉගෙන ගත්තොත් අහංගම සුන්දර සංචාරක නගරයක් වෙයි. සංචාරක කර්මාන්තයේ දැවැන්ත හෝටල් ව්‍යාපෘතිවලට ඩෝසර් වුනොත් අහංගම නැති වෙලා යයි.

Chinthana D(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

#truepatriotlk
 #godayamu

vyadhadeva@gmail.com

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මා දුටු අහංගම - (චින්තන ධර්මදාස) | The Leader