The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

අලුත් අවුරුදු උළෙලක 'හොඳම විහිළුවට' සුදුසු කාරනා ? - (තිලක් සේනාසිංහ)

T

The Leader Desk

April 8, 2024 • 7:56 AM

අලුත් අවුරුදු උළෙලක 'හොඳම විහිළුවට' සුදුසු කාරනා ? - (තිලක් සේනාසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇතුළත් කර තිබේ නම් ඒ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක සඳහන් කොට ඇති බවක් මාධ්‍ය වල සඳහන් ව තිබේ.
  • ඒ සඳහා අවුරුදු උත්සව පැවැත්වීමට අදාල උපදේශන මාලාවක් මේ වන විට සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත ලබා දී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කොට තිබේ.
  • අවුරුදු උත්සවවල පවත්වන සදාචාර විරෝධී උත්සව අංග ඉවත් කිරීම හා නිර්මාණාත්මක අංග එකතු කිරීම පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීම සම්බන්ධ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා ඇතැයි මාධ්‍ය වාර්තා වල සඳහන් ය.
  • අවුරුදු උත්සවවලට ඇතුළත් කර ඇති උත්සව අංග සහ ක්‍රීඩා අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලබා දී ලියාපදිංචි කළ යුතු බවත්, ඉන්පසු ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම සඳහා පොලීසියේ අනුමැතිය ලබා ගත යුතු බවත්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ අතිරේක ලේකම් කේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇතුළත් කර තිබේ නම් ඒ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක සඳහන් කොට ඇති බවක් මාධ්‍ය වල සඳහන් ව තිබේ.

ඒ සඳහා අවුරුදු උත්සව පැවැත්වීමට අදාල උපදේශන මාලාවක් මේ වන විට සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත ලබා දී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කොට තිබේ. අවුරුදු උත්සවවල පවත්වන සදාචාර විරෝධී උත්සව අංග ඉවත් කිරීම හා නිර්මාණාත්මක අංග එකතු කිරීම පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීම සම්බන්ධ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා ඇතැයි මාධ්‍ය වාර්තා වල සඳහන් ය.

අවුරුදු උත්සවවලට ඇතුළත් කර ඇති උත්සව අංග සහ ක්‍රීඩා අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලබා දී ලියාපදිංචි කළ යුතු බවත්, ඉන්පසු ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම සඳහා පොලීසියේ අනුමැතිය ලබා ගත යුතු බවත්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ අතිරේක ලේකම් කේ. ඩී.ආර්. නිශාන්ති ජයසිංහ ද එහි දී සඳහන් කොට ඇත. 

 



අවුරුදු උත්සවවලදී අසභ්‍ය ලෙස පවත්වනු ලබන ක්‍රීඩා හා උත්සව අංග පිළිබඳව මෙන්ම ආගමික වශයෙන් හානි වන ක්‍රියාකාරකම් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන අතර ඒ පිළිබඳව පවතින නීති යටතේ ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති වරයා ද මෙහි දී අනතුරු අඟවා තිබේ. 

 

 

චාරිත්‍රමය වශයෙන් කිසිදු තැනක නොවූවත් සිංහල අලුත් අවුරුදු උත්සවවල ප්‍රමුඛත්වයක් කෙළි සෙල්ලම් වලට හිමිවන බව රහසක් නොවේ. බක්මහ උළෙල, බක්මහ සැණකෙළිය ආදී වශයෙනුදු ප්‍රසිද්ධ කෙරෙන සිංහල අවුරුදු උත්සව පිරී ඇත්තේ ක්‍රීඩා තරඟ ඉසව්වලිනි. සිංහල අලුත් අවුරුද්ද මුල් කොට ප්‍රජාව අතරේ එකමුතු බව, සහජීවනය තහවුරු වීමටත් පොදුවේ සියලු දෙනාගේ කායික, මානසික, සෞඛ්‍යය තහවුරු වීමටත් මෙම අලුත් අවුරුදු උත්සව හෙවත් බක්මහ සැනකෙළි ඉවහල් වන බව පොදු මතයකි. එහි යම් සත්‍යතාවක් ද තිබේ.


එහෙත්, මෙහි බොහෝ දෙනකුට නොපෙනන සුවිසල් අඩුපාඩුවක් ද ඇත. එනම් සිංහල අලුත් අවුරුද්දේ මූලික අරමුණ බව පැවසෙන දේශීය සංස්කෘතිය සුරැකීම පිණිස නූතන බක් මහ සැණකෙළි වලින් නිසි පිටුවහලක් හිමි නොවීම ය.

 


සැබැවින්ම මීට දශක හය හතක පමණ සිට අප ජන සමාජයේ ප්‍රවර්ධනය වන සිංහල අලුත් අවුරුදු උත්සව සැණකෙළිවල පවත්නා දේශීය සංස්කෘතික ස්වරූපය කුමක්ද ? යන්න විමැසීමේ අතිශය වැදගත් සමාජ මානව විද්‍යාත්මක කාරිය බොහෝ දෙනකුට අමතකව ගොස් ඇති සෙයකි.

එබැවින් අපි වත්මන් බක්මහ සැණකෙළියක පොදු ආකෘතියක් වෙතට යොමු වෙමු. එහි එකි’නෙක අංග පෙළගැසී ඇත්තේ සාමාන්‍යයෙන් මෙවැනි ආකාරයකට ය.

 

01. ගම හරහා දිවීමේ තරඟය

02. කොට්ටා පොර

03. බයිසිකල් තරඟ

04. අලියාට ඇස තැබීම

05. ලිස්සන ගහේ නැඟීම

06. සංගීත පුටු තරඟය

07. බනිස් කෑමේ තරගය

08. කනා මුට්ටියට ගැසීම

09. හොඳම සිනහව

10. හොඳම හැඬීම

11. සීපද කීමේ තරඟය

12. ලොකුම බොරුව කීම

13. අලුත් අවුරුදු කුමාරිය තේරීම

 

(සැ.යු. මේ අතර සමහර අලුත් අවුරුදු උත්සවලවල අලුත් අවුරුදු කුමාරයා තේරීම සහ සිඟිති අවුරුදු කුමාරිය තේරීම වශයෙන් මෙම තරඟය විවිධාංගීකරණයට ලක් කොට තිබේ.)   
 


මාර්ග පාපැදි තරඟ

දැන් අපි මේ එකිනෙක අංග පිළිබඳ කෙටි විමසුමක් කරමු. දැනට සිංහල අලුත් අවුරුදු උත්සවවල ප්‍රධානතම අංගයක් සේ සැලකෙන පාපැදි ධාවන තරඟ බෙල්ජියම, කොලොම්බියාව, ඩෙන්මාර්කය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය ඇතුළු යුරෝපාකරයේ පවත්නා මාර්ග පාපැදි තරඟ ( Road cycling) ඇසුරින් මීට අඩ සියවසකට පමණ පෙර සිට අප ජන සමාජයට එක්වූ නවතම අංගයකි.


සංගීත පුටු තරඟ


සංගීත පුටු තරඟය පිළිබඳව කීමට ඇත්තේ ද එය බටහිර රටවල සිදුකරන සංගීත පුටු තරඟ (Musical chair.) එලෙසින්ම මෙහි ද ක්‍රියාත්මක කිරීමක් බව ය. 

 

අවුරුදු කුමාරිය තේරීමේ තරඟය

 

එමෙන්ම, දැනට සිංහල අලුත් අවුරුදු උළෙලවල්වල අතිශයින් ජනප්‍රිය අංගයක් වන අවුරුදු කුමාරිය තේරීමේ තරඟය ද හුදෙක් බටහිර රූප රාජිනී තරඟයන්හි (Beauty pageant.) අනුකරණයකි. එසේ පවසනුයේ එම තරගාවලියක ආරම්භයේ සිට අවසන් වටය ( Grand finale) හා අවුරුදු කුමාරියට ජයග්‍රාහී පළඳනාව (Sash) පැළඳවීම දක්වා සියලුම අංග ඔස්සේ බටහිර රූ රැජින තරඟයක ආකෘතිය මනාව විදහා දැක්වෙන බැවිනි.


ගම හරහා දිවීම

අප රටේ සිංහල අලුත් අවුරුදු උත්සවවල තරග ඉසව්වක් වන ගම හරහා දිවීම දහ නව වන සියවසේ එංගලන්තයේ ඇරඹි රට හරහා දිවීම (Cross country) නම් පාසල් ධාවන තරගයකින් ආරම්භ වූවකි. සිංහලයෙන් “ගම හරහා” වන වදන යෙදුණ ද අද එම තරගය අප රටේ ද හැඳින්වෙනුයේ ද ක්‍රොස් කන්ට්‍රි යන ඉංග්‍රීසි නමින්ම ය. 

 

ඒ අනුව ඉහත සඳහන් අලුත් අවුරුදු උළෙලකින් අපගේ දේශීයත්වය සහ සංස්කෘතික අනන්‍යතාව මනාව හෙළිවන බව පැවසීම එක්තරා අන්දමකින් “ජයග්‍රහණයකට” තුඩු දෙන ප්‍රකාශයකි. එහෙත්, ඒ ජයග්‍රහණය හිමිකර ගත හැක්කේ වත්මන් අලුත් අවුරුදු තරඟයක බොරු කීමේ තරඟයකින් පමණි. එසේ නොමැති නම් අලුත් අවුරුදු උත්සව වලින් අපේ සංස්කෘතික අංග සෙවීම අලුත් අවුරුදු උළෙලක හොඳම විහිළුව තරඟයකට වුව සුදුසු තේමාවකි. 

 

කොපර කොපර පිපිඤ්ඤා

 

ඉහත දැක්වුණු විස්තර අනුව එදා මෙදා තුර සිංහල අලුත් අවුරුදු කෙළි සෙල්ලම් මේ වන විට කොතෙක් දුරට විපරිණාම ලක්ෂණ පළ කර ඇත්දැයි සිතා ගැනීම අසීරු නොවේ. අපගේ සාම්ප්‍රදායික ජන ක්‍රීඩාවල එන ‘කොපර කොපර පිපිඤ්ඤා’ වැනි ක්‍රීඩාවන් අප රට ආක්‍රමණය කළ පෘතුගීසි හමුදාවන්ගේ සෙබළුන් කළ ක්‍රීඩා ඇසුරින් අප ජන සමාජයට අවශෝෂණය වූ ඒවා බවට සාධාරණ ලෙස අනුමාන කළ හැක. තත්ත්වය මෙසේ තිබිය දී අප සමාජයේ දක්නට ලැබෙන වර්තමාන සිංහල අලුත් අවුරුදු උළෙලක දැකිය හැකි දේශීයත්වය හෝ සාම්ප්‍රදායිකත්වය කුමක්ද?


සිංහල අලුත් අවුරුදු උළෙලක වර්තමාන ව්‍යුහය මෙය වුව ද පැරණි සිංහල අවුරුදු උත්සවවල කෙළි සෙල්ලම් මීට වඩා බෙහෙවින් වෙනස් ස්වරූපයක් දැරූ බව පෙනේ. එමෙන්ම ඒවා ඉතා පැහැදිලිව අභිචාරාත්මක සහ විනෝදාත්මක වශයෙන් කොටස් දෙකකට වෙන් කළ හැකි බව ද පෙනෙයි.

 

පොර පොල් ගැසීම


“ඔවුන්ට ක්‍රීඩාවක් නැති තරම්ය.”දහ අටවන සියවසේ ශ්‍රී ලාංකීය ජන ජීවිතය පිළිබඳව ප්‍රශස්ථ විවරණයක් ගෙන එන ඉංග්‍රීසි ජාතික රොබට් නොක්ස් කියයි. ඉන්පසුව ඔහු ඉදිරිපත් කරනුයේ මෙබඳු විස්තරයකි.

“ඔවුන් ක්‍රීඩා කරමින් සතුටු වන ආකාරය දැකීමට අසීරු ය.                                                ඔවුන්ගේ අවුරුදු සමයේ දී පමණක් ඔවුන්  ක්‍රීඩා කරනු දැකිය හැකි ය. තව`කෙකු සමඟ සතුටු වනු දැක්මට ලැබෙන්නේ ද ඒ සමයෙහි දීය. ඔවුන්ගේ ප්‍රධාන ක්‍රීඩාව පොර පොල් ගැසීම නමැති එක් පොල් ගෙඩියකින් තවත් පොල් ගෙඩියකට පහර දීමේ ක්‍රීඩාව ය. එහි දී කාගේ පොල් ගෙඩිය ද වඩා ශක්තිමත් යන්න ඔවුහු උරගා බලති. මේ කාලයේ දී ඔවුහු කිසිවෙක් වැඩ පොළෙහි නොයදෙති . ඔවුන්ගේ ජ්‍යොතිෂවේදය විසින් කෘෂි උපකරණ රැගෙන වැඩෙහි නිරත වීමට හොඳ කාලය පෙන්වා දෙන තෙක් ඔවුහු මෙසේ සිය රාජකාරියෙන් බැහැර වී සිටිති.ඉන් අනතුරුව ගැහැනුන් සහ පිරිමි තමන්ගේ සාමාන්‍ය රාජකාරීන්හි නිරත වෙති. පිරිමි තමන්ගේ කැත්ත,උදැල්ල සහ නගුල ද ගැහැනුන් තමන්ගේ කොස්ස, වංගෙඩිය සහ ඉරිඟු සුද්ධ කිරීම සඳහා කුල්ල ද ගෙන සිය එදිනෙදා කටයුතුවල නිරත වෙති.”


4 1පිරිමි තමන්ගේ කැත්ත,උදැල්ල සහ නගුල ද ගෙන සිය එදිනෙදා කටයුතුවල නිරත වෙති

 

රොබට් නොක්ස් පවසන මෙම පොර පොල් ගැසීමේ ක්‍රීඩා අනුරාධපුර හෝ පොළොන්නරු යුගවල පැවැති බවට කිසිදු සම්භාවනීය ඓතිහාසික හෝ සාහිත්‍ය මූලාශ්‍රයක සඳහන් නොවේ. එහෙත්, මේ පිළිබඳ පොදු සම්මතය නම් පළමු ගජබා රජතුමා (ක්‍රි. ව. 114-135) විසින් ශ්‍රී ලංකාවට පත්තිනි ඇදහීම හඳුන්වා දීමත් සමඟ මෙම ක්‍රීඩාව ද දකුණු ඉන්දියාවෙන් මෙරටට පැමිණි බවකි. මෙම පොර පොල් ගැසීමේ ක්‍රීඩාවේ දී උඩු පිල සහ යටි පිල වශයෙන් ගම්මු දෙකොටසකට බෙදෙති. මෙම ක්‍රීඩාව සිදු කිරීමෙන් පත්තිනි දේවිය සතුටු වන බවත් ඉන්පසු එතුමිය නියං, වසංගත රෝග බෝග පාළු ආදියෙන් ගම රට ආරක්ෂා කොට වැසියන් සුඛිත මුදිත කරවන බවටත් පැරණි විශ්වාසයක් තිබේ.


48gC7fC1POvTLU6c 1පත්තිනි දේවිය සතුටු වන බවත් ඉන්පසු එතුමිය නියං, වසංගත රෝග බෝග පාළු ආදියෙන් ගම රට ආරක්ෂා කොට වැසියන් සුඛිත මුදිත කරවන බවටත් පැරණි විශ්වාසයක් තිබේ

 

මෙම පොර පොල් ගැසීමේ සාමාන්‍ය ක්‍රමය වනුයේ දෙපිල විසින්ම ඝන කටු සහිත පොල්ගෙඩි එකි’නෙක ගටා ප්‍රතිවාදීන්ගේ පොල් බිඳ දැමීම ය. මීට තරමක් සමාන අංකෙළිය නම් ක්‍රීඩාවක් ද අතීතයේ තිබූ බවට සාක්ෂි තිබේ. මෙය අං ඇදීම යනුවෙන් ද හඳුන්වා ඇත. මේ සඳහා ශක්තිමත් මුව හෝ ගෝන අඟක් යොදා ගැනෙයි. නැතිනම් අන්දර හෝ සියඹලා ගසකින් සපයා ගැනෙන දැවමය දෙබලක් යොදාගනු ලබයි. ඉන්පසු කණ්ඩායම් දෙකක් විසින් ඒ අඟ හෝ දැවමය දෙබලය කැඩී යන තෙක් ඇදීම අංකෙළිය හෙවත් අං ඇදීම යනුවෙන් හැඳින්වෙයි. මෙය හුදෙක් විනෝදාශ්වාදය ලැබීමට වඩා ගමට, රටට සෙත ශාන්තිය පතා කරනු ලබන ජන ක්‍රීඩාවකි.

  

images5අංකෙළිය හෙවත් අං ඇදීම


එහෙත්, රොබට් නොක්ස් එම ක්‍රීඩාව සම්බන්ධයෙන් කරන මතු දැක්වෙන විස්තරය අලුත් අවුරුදු කෙළි සෙල්ලම් පිළිබඳව සඳහන් කිරීමේදී ද අප සැම විසින් විශේෂ අවධානයට ලක් කළ යුත්තකි. “රටවැසියන් බෙහෙවින් ප්‍රිය කරන පත්තිනි දෙවියන් උදෙසා වන තවත් ක්‍රීඩාවක් ඇත. මෙරට පවත්නා දුර්භික්ෂ සහ වසංගත බිය දුරු කිරීමේ අරමුණින් සිදු කෙරෙන මෙම ක්‍රීඩාවේ ඉතා අශික්ෂිත, අශීලාචාර අංගයකුත් තිබේ එනිසා මෙය සිදුකරනුයේ නගරයෙන් දුරබැහැර, විශේෂයෙන් කාන්තාවන්ට නොපෙනෙන ඉසව්වක දීය. මෙම ක්‍රීඩාව සිදුවන්නේ මෙලෙසිනි. වැලමිටි හැඩයෙන් යුතු කරු (හෙවත් බලටු) දෙකක් ගෙන ඒවා එකිනෙක අමුනා පිරිස දෙපිලට බෙදී ඉන් එකක් කැඩී යන තුරු අදිති. මුදල් ඔට්ටුවක් නොමැති වුව ද ඉන් දිනන කණ්ඩායම නොයෙක් ආකාරයේ ප්‍රීති ඝෝෂා කරමින් විනෝද වෙති.

මෙසේ විනෝද වීමේදී කියනු ලබන වදන් සහ කරනු ලබන ක්‍රියා වචනයෙන් විස්තර කිරීමට බැරි තරම් පිළිකුල් සහගත ය. කෙටියෙන් කිවහොත් මෙසේ ප්‍රීති ඝෝෂා කිරීමේදී ම්ලේච්ඡ, තිරිසන් වෙසින් හැසිරෙන්නා තරඟයේ වීරයා බවට ද පත්වෙයි. මෙම ක්‍රීඩාවේ ඇති අශික්ෂිත බව වටහා ගත් රජතුමා වරක් මෙය පැවැත්වීම තහනම් කළේ ය. ඉන්පසුවත් මෙම ක්‍රීඩාවේ යෙදුණු ගම්පොළ ප්‍රදේශයේ පිරිසකට අදිකාරම්වරයකු යවා දඩ නියම කරන ලදී.

 

image 7

 

” ඉහත සඳහන් පසුබිම සම්බන්ධ තවත් කරුණු බොහොමයක් ඒකරාශී කොට 2016 වසරේ ම`විසින් “සිංහල අලුත් අවුරුද්දේ මායාව සහ යථාර්ථය” යනුවෙන් කෘතියක් සම්පාදනය කොට එළි දැක්වීමි. එය මේ වන විට කෙතරම් සමාජ කතිකාවකට බඳුන් වී තිබේද යන් වර්තමානයේ බොහෝ දෙනෙක් එබඳු පොතක් තිබේද කියාවත් නොදනිති. එවන් පසුබිමක් යටතේ සිංහල අලුත් අවුරුදු උත්සව පිළිබඳ නිවැරදි සමාජ මානව විද්‍යාත්මක කියැවීමක් ඇවසි තැන එම සංසිද්ධිය මුල් කොට ඉහත සඳහන් අන්දමට මතුපිටින් පැලැස්තර ඇලවීම යම් ව්‍යාධියක රෝග නිධානය නොසොයා ඊට “අර ඩෝල් මේ ඩෝල්”ආදී වේදනා නාශක පෙති වලින් සහනයක් ලබා දීමට වෙර දැරීමක් මෙනි.



(තිලක් සේනාසිංහ)

ගවේශනාත්මක මාධ්‍යවේදී 
thilaksenasinghe@gmail.com

 

 


(උපුටා ගැනීම- vinivida.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...