The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

අතිරේක පෝෂණ භාවිතය සහ කායවර්ධනයේ අනාගතය - (නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර)

T

The Leader Desk

April 10, 2024 • 6:17 AM

අතිරේක පෝෂණ භාවිතය සහ කායවර්ධනයේ අනාගතය - (නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ක්‍රිස්තියානි සංගමය මධ්‍යස්ථානය වූ අතර එහි තිබුණේ ද පැරණි තේ කර්මාන්ත ශාලාවකින් ඉවත් කරන ලද දැති රෝද කොටස් උපයෝගී කරගෙන තැනූ ව්‍යායාම කට්ටලයකි.
  • මිස්ටර් ඔලිම්පියා තරගය හත් වරක් ජයගත් අර්නෝල්ඩ් ස්වාසේන්ගර් කායවර්ධනය ක්‍රීඩාවක් ලෙස ඇරඹිම ශක්තිමත්ම මිනිසුන් තේරීම දහනමවන ශත වර්ෂයේ අග භාගයේ සිට සිදුවිය.
  • ඉයුජින් සැන්ඩෝ 1889 දී මුල්වරට ජනතාව ඉදිරියේ සිය ශක්තිය ප්‍රදර්ශනය කළ අතර 1901 සැප්තැම්බර් 14 දින එංගලන්තයේදී සැන්ඩෝ විසින් සංවිධානය කරන ලද ප්‍රථම තරඟය පැවැත්වීනි.
  • / 21 වන විට වඩාත් සංවිධානාත්මකව තරඟ පැවතුණු අතර චාල්ස් ඇට්ලස් ලෝකය වඩාත් කඩවසම් පුද්ගලයා බවට පත්විය.
අකුරු ප්‍රමාණය (Font Size):

ක්‍රිස්තියානි සංගමය මධ්‍යස්ථානය වූ අතර එහි තිබුණේ ද පැරණි තේ කර්මාන්ත ශාලාවකින් ඉවත් කරන ලද දැති රෝද කොටස් උපයෝගී කරගෙන තැනූ ව්‍යායාම කට්ටලයකි.

ඉන් පසුව ආරම්භ කෙරුණු තරුණ බෞද්ධ සංගම් කාය වර්ධන මධ්‍යස්ථානයේ තිබුනේද මූලික ව්‍යායාම කට්ටලයක් පමණි.

අද මෙන් නොව එකල ආත්මාරක්ෂක සටන් පන්ති රට පුරාම ප්‍රචලිතව පැවතිණි. ඒ සමඟම කොළඹ, පද්මසිරි පෙරේරා මීගමුව, වත්තල, වාද්දුව ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින්  විශේෂයෙන් කොළඹ තරුණ ක්‍රිස්තියානි මණ්ඩලය එවකට කායවර්ධන ක්‍රීඩාව ප්‍රචලිතව පැවති ස්ථාන විය. ලේක්හවුස් ආයතනය ප්‍රකාශයට පත් කරන ලද ”ක්‍රීඩා”  පුවත්පතේ මුල් පිටුවේ ශ්‍රී ලංකාවේ අයෝමය පුරුෂයා වූ ඔරුවල වානේ සංස්ථාවේ පද්මසිරි පෙරේරා සහ තිලක් ජයවීර වැන්නන්ගේ ඡායාරූප පළ වූ අතර තරුණයා පුවත්පත මගින් ව්‍යායාම කරන අයුරු ඡායාරූප පාඩම් මඟින් ඉදිරිපත් කරන ලදී                                   


හොලිවුඩ් සිනමාවේ බලපෑම


ශ්‍රී ලංකාවේ අයෝමය පුරුෂයකු තිලක් ජයවීර ට පවා චිත්‍රපටයක ප්‍රධාන චරිතය රඟපෑමට අවස්ථාව ලැබුණි

 

එම යුගයේදී මිස්ටර් ඔලිම්පියා තරගය හත් වරක් ජයගත් අර්නෝල්ඩ් ස්වාසේන්ගර්  (Arnold schwarzenegger) රඟපෑ කොමාන්ඩෝ, predator වැනි චිත්‍රපට මෙන්ම සිල්වෙස්ටර් ස්ටැලෝන් රඟපෑ රම්බෝ වැනි චිත්‍රපට අතිශය ජනප්‍රිය වූ අතර ඉතා වේගයෙන් තරුණයන් අතර කායවර්ධන ක්‍රීඩාව ජනප්‍රියත්වයට පත්විය. ශ්‍රී ලංකාවේ අයෝමය පුරුෂයකු තිලක් ජයවීර ට පවා චිත්‍රපටයක ප්‍රධාන චරිතය රඟපෑමට අවස්ථාව ලැබුණි.

 

මිස්ටර් ඔලිම්පියා තරගය හත් වරක් ජයගත් අර්නෝල්ඩ් ස්වාසේන්ගර්

 

 

කායවර්ධනය ක්‍රීඩාවක් ලෙස ඇරඹිම

ශක්තිමත්ම මිනිසුන් තේරීම දහනමවන ශත වර්ෂයේ අග භාගයේ  සිට සිදුවිය. ඉයුජින් සැන්ඩෝ 1889 දී මුල්වරට ජනතාව ඉදිරියේ සිය ශක්තිය ප්‍රදර්ශනය කළ අතර 1901 සැප්තැම්බර් 14 දින එංගලන්තයේදී සැන්ඩෝ විසින් සංවිධානය කරන ලද ප්‍රථම තරඟය පැවැත්වීනි. නොටින්හැම් හි විලියම් එල් මරේ එය ග්‍රහණය කළේය.

 



1920/ 21 වන විට වඩාත් සංවිධානාත්මකව තරඟ පැවතුණු අතර චාල්ස් ඇට්ලස් ලෝකය වඩාත් කඩවසම් පුද්ගලයා බවට පත්විය.

 

IFBB Logo
1937 සිට මිස්ටර් ඇමරිකා තරගය පවත්වන ලද අතර 1940 දී ප්‍රථම නූතන කායවර්ධන තරගාවලිය පවත්වන ලදී. ජෝ වෙල්ඩර් (Joe Welder) සහ බෙන් වෙල්ඩර් විසින් අන්තර්ජාතික කාය වර්ධන සම්මේලනය (IFBB ) පිහිටුවීමෙන් පසු මිස්ටර් ඔලිම්පියා තරගාවලිය පැවැත්වීම 1965 දී ඇරඹීමත් සමඟම  කායවර්ධනය අතිශය ජනප්‍රිය ක්‍රීඩාවක් බවට පත්විය.

 

Joe Weider 004

ජෝ වෙල්ඩර් සහ බෙන් වෙල්ඩර්

 

1965දී ලැරි ස්කොට් (larry scott ) ප්‍රථම ඔලිම්පියා තරගය ජය ගත් අතර සර්ජියෝ ඔලිවා තුන් වතාවක් ද ආර්නෝල්ඩ් ස්වාසෙන්ගර් (Arnold schwarzenegger) 1970 සිට 1980 දක්වා හත් වතාවක් ද ඔලිම්පියා තරගය ජයග්‍රහණය කළේ ය. 1977දී  ආර්නෝල්ඩ්  විසින් කාය වර්ධනය පිළිබඳව ඉදිරිපත් කළ “පම්පින් අයර්න් “ වාර්තා චිත්‍රපටය කායවර්ධන ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට හේතු විය.


640px Bodybuilder Larry Scottලැරි ස්කොට්


අනූව දශකයෙන් පසු බොලිවුඩ් නළුවන් ද හොලිවුඩ් නළුවන් අනුගමනය කරන්නට වූ බැවින් ඉතා වේගයෙන් එවකට වඩාත් ජනප්‍රිය  මට්ටමක පැවති ආත්මාරක්ෂක සටන් ක්‍රම ඉගෙන ගැනීම වෙනුවට ශ්‍රී ලංකාවේ තරුණයන්ට කායවර්ධන ක්‍රීඩාවට නැඹුරු විය

කායවර්ධනයේ විවිධ යුග

ආරම්භක යුගය ලෝකඩ යුගය ලෙසද (1894-1936)  1940 සිට 1960 දක්වා යුගය රිදී යුගය නිසද  ස්වර්ණමය යුගය 1960 සිට 1970 අග භාගය දක්වා ද දිව යයි.


නමුත් වර්තමානය කායවර්ධනය අඳුරු යුගය බවට පත් වෙමින් පවතින බව පෙනී යයි. දැන් ලංකාවේ තරුණියන්ගේ එකම අභිලාෂය කෘතීම සුදුවිම බවටත් ,  තරුණයන් බොලිවුඩ් නළුවෙකු මෙන් ශරීරය සකසා ගැනීමේ උත්සාහයක නිරත වෙති. මේ සඳහා දිවයින පුරා බිහිවී තිබෙන කිසිදු නියාමනයක් නොමැතිව ලංකාවට එන supplement කඩ අවශ්‍ය අමුද්‍රව්‍ය සපයයි.

 

jim 2ආරම්භක යුගය ලෝකඩ යුගය ලෙසද (1894-1936)  1940 සිට 1960 දක්වා යුගය රිදී යුගය නිසද  ස්වර්ණමය යුගය 1960 සිට 1970 අග භාගය දක්වා ද දිව යයි


ස්ටෙරොයිඩ්, ප්‍රෝටීන් වර්ග, විටමින් වර්ග, fat burners, විශාල මිල ගණන්වලට මෙම කඩවලදී විකිණේ. ඇනබලික් ස්ටෙරොයිඩ් ශරීරයට බලපාන ආකාරය (Anabolic androgenic steroid (AAS) අපේ තරුණයන් දැනුවත් නැත. ඇනබලික් ස්ටෙරොයිඩ් භාවිතා කරන පුද්ගලයින් සාමාන්‍යයෙන් ඉතා ඉක්මනින් මාංශ පේශි ශක්තිය වැඩි වීමක් අත්විඳිති. මෙයින් වන අතුරු ආබාධ, වකුගඩුවලට වන හානිය පිළිබඳ දැනීම අපගේ ඉතාම අවමය.

 

WhatsApp Image 2024 04 10 at 11.20.10ඇනබලික් ස්ටෙරොයිඩ් ශරීරයට බලපාන ආකාරය (Anabolic androgenic steroid (AAS) අපේ තරුණයන් දැනුවත් නැත


ලෝකය පුරා වයස අවුරුදු 40ට අඩු කාය වර්ධන ක්‍රීඩකයන්ගේ මියයාම් පිළිබඳ මේ වන විට මාධ්‍ය මඟින් විශාල වශයෙන් අසන්නට ලැබේ. ස්ටෙරොයිඩ් භාවිතා කිරීමෙන් වන හානිය පිළිබඳව බොලිවුඩ් නඩුවෙකු වන සල්මන් ඛාන් ප්‍රසිද්ධියේ කතා කළේය.

 

151209111758 salman khan new image 02 624x351 bbc nocreditස්ටෙරොයිඩ් භාවිතා කිරීමෙන් වන හානිය පිළිබඳව බොලිවුඩ් නඩුවෙකු වන සල්මන් ඛාන් ප්‍රසිද්ධියේ කතා කළේය.


මෙයට ටික කලකට පෙර දෙහිවල ප්‍රදේශයේ ෆාමසියකට තරුණයන් පිරිසක් පහර දුන්නේ ව්‍යාජ පෝෂණ ද්‍රව්‍ය විකිණීම හේතුවෙනි. එමෙන්ම මෑත දී පානදුර ප්‍රදේශයේ සිදුවූ වැඩිමහලු කාන්තාවගේ ඝාතනය පිළිබඳ අත්අඩංගුවට ගැනීමෙන් පසු පාපොච්චාරණයක්  කළ තරුණයකු ප්‍රකාශ කර සිටියේ විටමින් වර්ග මිලදී ගැනීම සඳහා මුදල් අවශ්‍ය හෙයින් එම ඝාතනය සිදුකළ බවයි.

 

14 surprising facts about ronnie coleman 1696492918රොනී කොල්මන්

මිස්ටර් ඔලිම්පියා තරඟය අටවරක් ජයග්‍රහණය කල රොනී කොල්මන් ( Ronnie coleman) දැන් රෝද  පුටුවෙන් ගමන් යන ආබාධිතයෙකි. ඉතා තරුණ වියේදීම අප අතරින් සමු ගන්නා කාය වර්ධකයක් ප්‍රමාණය වැඩිවෙමින් පවතී. ලෝක කාය වර්ධන සම්මේලනය කාය වර්ධන ක්‍රීඩාව ඔලිම්පික් උළෙලට එක් කිරීමට උත්සාහ ගත්තද මෙවැනි කෘතිම ආකාරයට මාංශ පේශී වර්ධනය කිරීම සිදුවන බැවින් ඔලිම්පික් සිහිනය සිහිනයක්ම වනු ඇත.


තහනම් උත්තේජක වර්ග භාවිතය සීමා කිරීමට ( Anti-doping code of IFFB ) ලෝක කාය වර්ධන සම්මේලනය ගෙන ඇති පියවර වර්තමානයේ ඇති වෙළෙඳ තරගය හරහා කිසිදා සාර්ථක නොවනු ඇත. පාරිභෝගිකයා රැකගැනීමට සහ ආහාර සුරක්‍ෂිතතාවය පිළිබඳව පර්යේෂණ කිරීම පිළිබඳ අවම හැකියාවක් ඇති අපේ රට තුළට ගලා එන මෙවැනි දේ පාලනය කිරීමට මැදිහත්වීම බලධාරීන්ගේ යුතුකමකි.

සටහන :

rasanga
නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර
නිදහස් ලේඛක
prasadrharischandra@gmail.com


 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...