සාමාන්‍යයෙන් අවුරුදු හැට ඉක්ම වූවන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වශයෙන් හඳුන්වනු ලැබේ.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හට උරුම වූ සුවිශේෂ සමාජයීය වරප්‍රසාද බොහොමයකි. මෙරට ජනගහනයෙන් ආසන්න වශයෙන් ලක්ෂ විස්සක්; නැතහොත් සෑම පුද්ගලයන් දහයෙන් එකක් පමණ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් බව සංඛ්‍යාලේඛන මඟින් සනාථ වී තිබේ.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හට උරුම වූ සුවිශේෂ සමාජයීය වරප්‍රසාද බොහොමයකි. මෙරට ජනගහනයෙන් ආසන්න වශයෙන් ලක්ෂ විස්සක්; නැතහොත් සෑම පුද්ගලයන් දහයෙන් එකක් පමණ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් බව සංඛ්‍යාලේඛන මඟින් සනාථ වී තිබේ.
අප රටේ සමාජ ආර්ථිකය අනුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන් රජයේ හෝ පුද්ගලික ආයතන හෝ විවිධ ආයතනවල විවිධ තනතුරු දරමින් සේවය කළ අයඅප රටේ සමාජ ආර්ථිකය අනුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන් රජයේ හෝ පුද්ගලික ආයතන හෝ විවිධ ආයතනවල විවිධ තනතුරු දරමින් සේවය කළ අය සේම ඉන් බහුතරය ගොවියන්, වඩු කාර්මිකයන්, පෙදරේරුවන්, කම්කරුවන්, රියදුරන් වැනි වෘත්තීන්වල මෙන්ම විවිධ වෘත්තීන්හි නිරත වූ අය බව පෙනෙයි. ඔවුන් අතරේ කාන්තාවන් ද සිටින අතර ඉන් බහුතරය ගෘහණිය නම් වන බහු කාර්ය වෘත්තියේ යෙදෙමින් තම දරු මල්ලන් කවා පොවා ඇති දැඩි කොට පෝෂණය කරමින් ඉවුම් පිහුම් ගෙදර දොර සියලු වැඩ කරමින් සිට දැනට ද ඒ උදෙසාම කැප වී සිටින අය වෙති. දියවැඩියාව, අධික රුධිට පීඩනය, අධි කොලෙස්ට්‍රෝලියතාව, කායික වේදනා කැක්කුම් ඇතුළු අනේක විධ රෝගාබාධ නිසා මෙම විශ්‍රාමික ගත යුතු වයස් වල පසුවන මොවුනට විවේක සුවයක් නැත.
නමුත් රාජ්‍ය විශ්‍රාම වැටුප් හෝ පාරිතෝෂිත නැති බහුතරයට එවන් කිසිම ආදායමක් නැත.අනේක විධ කායික මානසික බෙලහීනතා මධ්‍යයේ ද ඔව්හු තම දරුවන්, මුණුපුරු මිණිපිරියන් වෙනුවෙන් වෙහෙස වනු පමණක් නොව විවිධ දෛනික වැඩවල ද නිරතව සිටිති. මේ අය අතරින් රජයේ සේවයේ නිරතව සිටි අයට විශ්‍රාම වැටුපක් හිමිවෙයි. සමාගම් සහ වෙනත් රාජ්‍ය නොවන ආයතනවල සේවය කළ අයට තම සේවයෙන් ඉවත් වීමේදී පාරිතෝෂික මුදලක් ලැබෙන අතර සමහරු මෙම මුදල බැංකුවල තැන්පත් කර මාසිකව ලැබෙන පොලියෙන් කාටවත් අත නොපා ජීවත් වෙති. නමුත් රාජ්‍ය විශ්‍රාම වැටුප් හෝ පාරිතෝෂිත නැති බහුතරයට එවන් කිසිම ආදායමක් නැත. ඒ අනුව ඔව්හු සැබෑම අසරණයෝ වෙති.
පසුගිය රජය විසින් රු. ලක්ෂ 15ක් බැංකුවක තැන්පත් කරන ජ්‍යෙෂ්ඨ පුරවැසියනට 15%ක වාර්ෂික පොලියක් ලැබෙන ලෙසට සහනශීලී වැඩපිළිවෙළක් බැංකුවලට හඳුන්වා දී තිබිණ. එසේ පසුවන්නවුන් කෙරෙහි අතිශය සාධාරණ ලෙස අවධානය යොමු කළ පසුගිය රජය විසින් රු. ලක්ෂ 15ක් බැංකුවක තැන්පත් කරන ජ්‍යෙෂ්ඨ පුරවැසියනට 15%ක වාර්ෂික පොලියක් ලැබෙන ලෙසට සහනශීලී වැඩපිළිවෙළක් බැංකුවලට හඳුන්වා දී තිබිණ. බොහෝ ජ්‍යෙෂ්ඨ පුරවැසින්ගේ ප්‍රධානම හෝ එකම ආදායම් මාර්ගය ව තිබූ මෙම ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් ක්‍රමය කාටත් නොදන්වා අක්‍රියකර දැමීම හේතුවෙන් එම පිරිස දැඩි අසීරුතාවකට පත්ව සිටින බව ඒ හා සම්බන්ධ නොමැති බොහෝ දෙනෙක් අදටත් නොදනිති. විශ්‍රාම වැටුපක් හෝ නොමැති පෞද්ගලික අංශයේ රැකියාකර විශ්‍රාම ලැබූ තමන්ට ලැබුණු ඊ.පී.එෆ්. මුදල බැංකුවල තැන්පත් කිරීම මඟින් එම පොලිය ලබාගත් විශාල පිරිසකට එය අහිමිවීම බරපතල ලෙස බලපා තිබේ. මෙසේ ලැබුණ පොලියෙන් අප රටේ සමාජයීය වරප්‍රසාද අහිමි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ලැබූ සහනය අසීමිත ය. එදා ඔවුන්ට බැංකු ගිණුමක රු. ලක්ෂ 15ක් ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු ගිණුමක තැනපත් කළ විට මසකට රු. 16,000ත් 17,000ත් අතර ලබා ගැනීමට ඔවුනට හැකිවිය.
අප ප්‍රායෝගිකව දන්නා අන්දමට එම මුදලින් ඔවුන් වැඩි පිරිසක් කළේ තම ලෙඩ දුක් සඳහා වෛද්‍ය වරුන් හමුවීම හා බෙහෙත් ටික ගැනීම පමණකි. අප ප්‍රායෝගිකව දන්නා අන්දමට එම මුදලින් ඔවුන් වැඩි පිරිසක් කළේ තම ලෙඩ දුක් සඳහා වෛද්‍ය වරුන් හමුවීම හා බෙහෙත් ටික ගැනීම පමණකි. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පත් වූ මෙම ඛේදවාචකයට මුල පිරුණේ පසුගිය කාලයේ සිදුවූ ආර්ථිකයේ කඩා වැටීමත් සමඟ බැංකු පොලී අනුපාත ඉහළ නැඟීම සමගිනි. එසේ සිදුවීමත් සමග සෑම ස්ථාවර තැන්පතු ගිණුමකටම ගෙවනු ලැබූ පොලිය ඉහළ ගිය අතර ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ද එහි වාසිය ලැබිණි. බැංකු මගින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ගෙවමින් තිබූ සියයට 15 ඉබේම අහෝසි වී ගියේ සෑම ස්ථාවර තැන්පතු ගිණුමකම පොලිය.සියයට 22 තෙක් ඉහළ ගිය පසුබිමක ය.
කලින් සියයට පහලොවක පොලියකට හිමිකම් කී ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සිදුවී ඇත්තේ තමන්ට කලින් ලැබුණු ආදායම් අහිමි වී ඇති බව සිහිපත් කරමින් සුසුම් හෙළීම පමණි. එහෙත්, රටේ ආර්ථිකය කෙමෙන් ස්ථාවර වෙමින් සාමාන්‍ය අතට හැරෙද්දී පොලී අනුපාත එයට අනුරූප ලෙස අඩු කෙරිණි. එහිදී සියයට 15 මට්ටම පසුකරගෙන අඩු වූ පොලිය මේ වනවිට සියයට 8 මට්ටමට වැටී තිබේ. කලින් සියයට පහලොවක පොලියකට හිමිකම් කී ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සිදුවී ඇත්තේ තමන්ට කලින් ලැබුණු ආදායම් අහිමි වී ඇති බව සිහිපත් කරමින් සුසුම් හෙළීම පමණි. මෙරට ආර්ථිකය සම්බන්ධ අලුත්ම සංඛ්‍යාලේඛන අනුව උද්ධමනය අඩුවී ඇති බවක් පැවසෙයි.
2024 පළමු කාර්තුවේදී සියයට 1.6 ක ආර්ථික වර්ධනයක අපේක්ෂාවක් විය.2024 පළමු කාර්තුවේදී සියයට 1.6 ක ආර්ථික වර්ධනයක අපේක්ෂාවක් විය. සංඛ්‍යා ලේඛන එලෙස පෙන්වා දෙන අතරේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී ආදායම අඩකින් කපා දමා ඒ පොලී ආදායමෙන් සියයට පහක අසාධාරණ බද්දක් ගෙවීමට සිදුවීම මත ඔවුන්ට මේ වන විට හිමි ව ඇත්තේ දුක් සුසුම් සම්භාරයක් පමණි. මෙය ලෝකයේ අන් කිසිදු රටක නොකරන වැඩකි. එමෙන්ම මෙම තත්වය බලධාරීන්ට සුබ නිමිත්තක් නම් නොවේ ම ය.
රටේ ආර්ථිකය වර්තමානයේ දී සැලකිය යුතු වර්ධනයක් අත් කරගෙන තිබෙන බව මුදල් අමාත්‍යාංශය එසේ පසුගිය කාලයේදී දිගින් දිගටම පෙන්වා දෙනු ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ද මහත් උනන්දුවෙන් බලා සිටි බව බලධාරීන් තාමත් නොදන්නවා විය හැක. එමෙන්ම ඊළඟට ලබාදිය යුතු වන අයි.එම්.එෆ්.ණය වාරිකය ලැබෙන බවට සියලු ලකුණු ද පහළ වී තිබේ. ඩොලරයට එරෙහිව රුපියලේ අගය දවස ගාණේ ශක්තිමත් වෙමින් පවතී. මේ සියලු සංඛ්‍යාලේඛන හා දත්ත මගින් පෙන්වා දෙන්නේ රටේ ආර්ථිකයේ ධනාත්මක ප්‍රගතියක් අත්කරගෙන ඇති බවය.
ඉදිරි මැතිවරණ වල දී ආණ්ඩුව බිම වැට්ටවීමට හැරමිටි බස්තම් ද ලක්ෂ විස්සක් ද එකතු වී එම කාරිය වඩාත් පහසුවෙන් කළ හැකි වීම ය.එහෙත්, රට එලෙස “ගොඩ යන” අතරේත් ආණ්ඩුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වලට ඇද දැමීමේ යුක්ති සහගත බව කුමක්දැයි අපට සිතා ගන්නට පවා නොහැක. අද වන විට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන්නවුන් ගෙන් සැලකිය යුතු පිරිසක් ද ජ්‍යෙෂ්ඨ පුරවැසියන් බව නොරහසකි. ඔවුන් විසින් ශ්‍රී ලාංකේය ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ලොව අඩුම සමාජයීය වරප්‍රසාද ලබන සමාජ කොටසක් බවට පත් කොට ඇති පසුබිමක ඔවුන් තව දුරටත් මෙසේ සමාජ ආර්ථික සේම මානසිකව ද පහළට ඇද දැමීම පාළු ගෙයි වළං බිඳීමක් සේ ආණ්ඩුව කෙසේ වත් නොසිතිය යුතු ය. ඊට හේතුව බොහෝ විට එහි අවසානය ඉදිරි මැතිවරණ වල දී ආණ්ඩුව බිම වැට්ටවීමට හැරමිටි බස්තම් ද ලක්ෂ විස්සක් ද එකතු වී එම කාරිය වඩාත් පහසුවෙන් කළ හැකි වීම ය.
(ඒ ජී රේණුකා දමයන්ති)
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com
(උපුටා ගැනීම - vinivida.lk)
(ඒ ජී රේණුකා දමයන්ති)නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com
(උපුටා ගැනීම - vinivida.lk)




