The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

මැදපෙරදිග රැකියාවලට කාන්තාවන් යවද්දී මේ ගැනත් හිතන්න - (චාන්දනී දිසානායක)

T

The Leader Desk

April 11, 2024 • 5:38 AM

මැදපෙරදිග රැකියාවලට කාන්තාවන් යවද්දී මේ ගැනත් හිතන්න - (චාන්දනී දිසානායක)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිය වයස අවුරුදු 14, 12 , 9 වයසේ පසුවන මිනිබිරියන් සමඟ කුරුණෑගල මානව හිමිකම් කාර්යාලය වෙත පැමිණි 68 හැවිරිදි විමලාවතී ඉල්ලා සිටියාය.
  • මෙවන් ගැටලු දිනකට දෙක තුනක් මානව හිමිකම් කාර්යාල වලට ලැබෙමින් පවතීන බව මානව හිමිකම් සහ උපදේශන නිලධාරිනියක පවසා සිටියාය.
  • විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ලද තැනැත්තන්ගේ රැකියාවේ සුරක්ෂිත බව සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ගේ සුරක්ෂිතභාවය සඳහා විශේෂ පහසුකම් සලසා ඇත.
  • නිපුණතා සහිත ශ්‍රමිකයා නැවත ගෙන්වා ගැනීමට එම මනුෂීය ගැටලු හේතු වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

සිය වයස අවුරුදු 14, 12 , 9 වයසේ පසුවන මිනිබිරියන් සමඟ කුරුණෑගල මානව හිමිකම් කාර්යාලය වෙත පැමිණි 68 හැවිරිදි විමලාවතී ඉල්ලා සිටියාය.

මෙවන් ගැටලු දිනකට දෙක තුනක් මානව හිමිකම් කාර්යාල වලට ලැබෙමින් පවතීන බව මානව හිමිකම් සහ උපදේශන නිලධාරිනියක පවසා සිටියාය.

 

අතරමං නොවී, විශ්වාසයෙන් එතෙර යන මග - (සෝබා කෝලියවංශ)විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ලද තැනැත්තන්ගේ රැකියාවේ සුරක්ෂිත බව සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ගේ සුරක්ෂිතභාවය සඳහා විශේෂ පහසුකම් සලසා ඇත.

එම පැමිණිලිවලින් වැඩිම සංඛ්‍යාවක් පවුල් පරිසරයේ සාමාජිකයින්ගේ මානුෂීය බැඳීම මත මතුවන ගැටළු වේ. නිපුණතා සහිත ශ්‍රමිකයා නැවත ගෙන්වා ගැනීමට එම මනුෂීය ගැටලු හේතු වී ඇත. 1985  අංක 21දරන පනතේ 53(3) වගන්තියට අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ලද තැනැත්තන්ගේ රැකියාවේ සුරක්ෂිත බව සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ගේ සුරක්ෂිතභාවය සඳහා විශේෂ පහසුකම් කාර්යාංශය මඟින් සලසා ඇත.

එසේ තිබියදී විදෙස්ගත වන පුද්ගලයන් කෙරෙහි අවධානය අඩුවීම නිසා එවැනි පැමිණිලි මානව හිමිකම් කාර්යාල වලට පැමිණෙමින් තිබේ.

කුරුණෑගල මානව හිමිකම් කාර්යාලයට ඒ හා සමාන වූ පැමිණිල්ලක් ලැබෙන්නේ විදෙස්ගත වූ තරුණ දියණියකගේ 62 හැවිරිදි මවකගෙනි.

 

කරදර නොවී විදේශ රැකියාවකට යමුමානව හිමිකම් කාර්යාලය වලට ලැබෙන විදේශ ගත කාන්තාවන් සම්බන්ධව ලැබෙන පැමිණිලි අතර වයස අවුරුදු විස්සත් හතළිහත් අතර විවාහක කාන්තාවන් නැවත ගෙන්වා ගැනීමට කරන ඉල්ලීම්ය.
" දුව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ  උදව්වෙන් මැදපෙරදිග රැකියාවකට ගියා. එයා ගිහින් අපිට කෝල් කරන තුරු අපි හිටියෙ ගොඩක් දුකින්. මට එයා දකින්නේ නැතුව ඉන්න බෑ. මම එයාට කීවා ඉඩ ලැබෙන හැම වෙලාවෙම වීඩියෝ කෝල් එකක් ගන්න කියලා. ඒත් එයා වීඩියෝ කෝල් ගන්නෙ නෑ. එයා කියනවා කෝල් ගන්න විදිහක් නැහැ කියලා. එයාගෙ මහත්තයත් වීඩියෝ කෝල් ගන්න කියනවා. ඒ නිසා අපි දුව ලංකාවට ගෙන්වා ගන්න උත්සාහ කළා. ඒ බැරිම නිසයි අපි මානව හිමිකම් පැමිණිල්ලක් දාන්න ආවේ. ඒ මව ගේ අදහස විය.

මානව හිමිකම් කාර්යාල 12 කට 2023 ජනවාරි 01 දින සිට ජුනි මස 31 දින  දක්වා ලැබුණු පැමිණිලිවලට අනුව තරුණ බිරිඳ නැතිව තනි ව විසීමට ඇති අපහසු බව දක්වමින් තම බිරිඳ ගෙන්වාගැනීමට දැමූ පැමිණිලි ඒ අතර විය. දරුවන් විදෙස්ගත රැකියා වලට යොමු කර ඔවුන් බලාපොරොත්තු නොවුණු රැකියාවක් ලැබීම මත ඔහු හෝ ඇය ගෙන්වා ගැනීමට දෙමව්පියන් ඉල්ලීම් කිරීම. දරුවන්ගේ භාරකාරත්වය පියවරුන් යටතේ තබා කාන්තාවන් විදෙස් ගත වීමෙන් පසු දරුවන් රැක බලා ගෙන සිටීමට නොහැකි බව දක්වමින් ඇය ගෙන්වාගැනීමට කටයුතු කරන තරුණ සැමියන්ගේ පැමිණිලි ද ඒ අතර විය.

 

HOUSEMAID12022 වසරේදී නැවත ගෙන්වා ගැනීමට ලැබුණු  පැමිණිලි සංඛ්‍යාව 434 කි.
මානව හිමිකම් කාර්යාලය වලට ලැබෙන විදේශ ගත කාන්තාවන් සම්බන්ධව ලැබෙන පැමිණිලි අතර වයස අවුරුදු විස්සත් හතළිහත් අතර විවාහක කාන්තාවන් නැවත ගෙන්වා ගැනීමට කරන ඉල්ලීම්ය.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ තොරතුරු නිළධාරි සෙනරත් යාපා සඳහන් කරන පරිදි විදෙස් ගත වූවන්ගෙන් 2022 වසරේදී නැවත ගෙන්වා ගැනීමට ලැබුණු  පැමිණිලි සංඛ්‍යාව 434 කි. එම පැමිණිලි සංඛ්‍යාවෙන් ලංකාව තුළ මතුවන ගැටලු නිසා මෙරටට ගෙන්වා ගැනීමට කරන පැමිණිලි සංඛ්‍යාව 170 කි. ගෙවුණු ජූලි මාසයේදී පමණක් විදෙස් ගත වූවන් සම්බන්ධව පැමිණිලි සංඛ්‍යාව 648 ක් ලැබී තිබුණ ද එම පැමිණිලි ස්ත්‍රීන් හෝ පුරුෂයන්ගෙන් ද යන්න වෙන් කර නැත. මෙම පැමිණිලි විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුවත්ව විදෙස්ගත වන පුද්ගලයන් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි ය.

නිපුණතා සහිත ශ්‍රමිකයෙකු ලෙස විදෙස්ගත වීමෙදි ඔවුන්ට ලබාදෙන උපදේශනයේ යම් හිඩැසක් ඇති බව මේ පැමිණිලි වලින් තොරතුරු අනාවරණය වේ.

 

රට ගිහින් හම්බකරගෙන ආවට පස්සේ අනාථ වන ජිවිත - (සකීෆ් සාම්)නිපුන ශ්‍රමිකයෙකු බිහිකිරීමේදී ඔහුගේ හෝ ඇයගේ පවුල් පරිසරය තුළ එය රෝපණය කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරින්ට කොතෙක් දුරට හැකියාවක් ලැබී ඇත්ද ?
නිපුණතා සහිත ශ්‍රමිකයෙකු ලෙස විදෙස් ගතවීමේ දී පවුල් පසුබිම් වාර්තා වෙහි අවධානයට ලක් වන්නේ ඒ ඒ පවුල් වල කවුරුන්ද? ඔවුන්ට ලැබෙන උපදේශනය ප්‍රමාණවත්ද යන්න කෙරෙහි අවධානයට ලක් වන්නේ පසුගිය වසරක පමණ කාලයක් තුළ මානව හිමිකම් කාර්යාලවලට සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ලැබෙන පැමිණිලි අනුවය.

නිපුණතා සහිතව ශ්‍රමිකයන් කොපමණ විදෙස් රැකියා සඳහා පිටත්ව ගිය ද නිපුන ශ්‍රමිකයෙකු බිහිකිරීමේදී ඔහුගේ හෝ ඇයගේ පවුල් පරිසරය තුළ එය රෝපණය කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරින්ට කොතෙක් දුරට හැකියාවක් ලැබී ඇත්ද ?

 

ඕමාන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් 'රට විරුවන්ට' පොල්ලක් !සංක්‍රමණික අය අතරින් නැවත මෙරටට පැමිණි සංඛ්‍යාව 41% බවට තොරතුරු හෙළිදරව් වී ඇත.

රාජ්‍ය නොවන සංවිධානයක් වන safe foundation ආයතනය විසින් කළ සමීක්ෂණයකට අනුව සංක්‍රමණික අය අතරින් නැවත මෙරටට පැමිණි සංඛ්‍යාව 41% බවට තොරතුරු හෙළිදරව් වී ඇත. මෙම සමීක්ෂණයට අදාළ ව සංක්‍රමණික පිරිසෙන් 33% විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදෙස් ගත වූවන් ය. සංක්‍රමණික කම්කරුවන් 6291 අතරින් වැඩිම පිරිසක් (87% ) විදෙස් ගත වී ඇත්තේ කුවේට් රටට ය. දිස්ත්‍රික්ක 12ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 63ක පවුල් 11850 ක් සමඟ කළ සමීක්ෂණයකදී මේ තොරතුරු අනාවරණය වී ඇත.

විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා ගතවන අය සඳහා රැගෙන යා යුතු ලිපි ලේඛන අතර විදේශගතවන කාන්තාවන්ගේ සහ දරුවන්ගේ රැකවරණය වැඩපිළිවෙළ පිළිබඳ වාර්තාව කෙටි පණිවිඩයක් මගින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය පරිගණක පද්ධතිය වෙත ලැබී තිබිය යුතුයි. එහෙත් ඒ රැකවරණය කොතෙක් දුරට ප්‍රායෝගිකව අසාර්ථක බව පැහැදිලි වන්නේ පවුල් පරිසරය තුල ඇතිවන ගැටළු පදනම් කරගෙන කාන්තාවන්ට නැවත ලංකාවට පැමිණීමට සිදු වීමයි.

 

untitled 7 jpeg 1024 768 72විදෙස් ගතවන ශ්‍රමිකයන් දැනුවත් කිරීමේ දී ඔවුන්ගේ පවුල් පරිසරය පිළිබඳව අවධානයට ලක් වීමේ අඩුකම නිසා බොහොමයක් පවුල් වල ගැටළු ඇතිවී ඇත
පවුල් පරිසරය තුළ ඇතිවන ගැටළු පදනම් කරගෙන නැවත විදෙස් ගත වූ කාන්තාවන් ලංකාවට ගෙන්වා ගැනීමට පැමිණිලි කරන අයගේ පවුල් පරිසරය පිළිබඳව කතා කළ උපදේශන නිලධාරිනී සුරංගි වෙලේගෙදර සඳහන් කරනු ලැබුවේ, විදෙස් ගතවන ශ්‍රමිකයන් දැනුවත් කිරීමේ දී ඔවුන්ගේ පවුල් පරිසරය පිළිබඳව අවධානයට ලක් වීමේ අඩුකම නිසා බොහොමයක් පවුල් වල ගැටළු ඇතිවී ඇති බවයි.

 

එය බොහෝ දුරට අවසන් වී ඇත්තේ එක්කෝ දරුවන් පරිවාසගත වීමකින්, ස්වාමිපුරුෂයා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවෙකු ලෙසින්. වෙනත් සබඳතා නිසා මිනී මැරුමකින්. වැනි සිද්ධි සහ ළමා අපචාර මෙන්ම අධිකරණයකින් අවසන් වන ගැටළු දක්වා විහිදී මෙන් බවයි.

ලාංකික කාන්තාවන් ඕමානයේ දී මුදලට විකිණෙන්නේ ඇයි?කාන්තාවන් විදෙස් ගත වීමේ දී ඔවුන්ට ලබාදෙන උපදේශනය මෙන්ම ඔවුන්ගේ පවුල් පරිසරයට ලැබෙන උපදේශනය ඉතා වැදගත්

මෙම ගැටලු අවම කර ගැනීමට නම් නිපුණතා සහිත කාන්තාවන් විදෙස් ගත වීමේ දී ඔවුන්ට ලබාදෙන උපදේශනය මෙන්ම ඔවුන්ගේ පවුල් පරිසරයට ලැබෙන උපදේශනය ඉතා වැදගත් වේ. එය නිපුන ශ්‍රමිකයෙකු ට නිදහසේ තම රැකියාව කරගෙන යාමට සුදුසු වටපිටාවක් සකස් කිරීමට ඉවහල් වනු ඇත.


(චාන්දනී දිසානායක)
නිදහස් මාධ්‍යවේදීනී

 

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මැදපෙරදිග රැකියාවලට කාන්තාවන් යවද්දී මේ ගැනත් හිතන්න - (චාන්දනී දිසානායක) | The Leader