The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

සතුන් මරණීය අවදානමක ලක් කොට නැකතට රතිඤ්ඤා දල්වමුද? - (රේණුකා දමයන්ති)

T

The Leader Desk

April 13, 2024 • 7:46 AM

සතුන් මරණීය අවදානමක ලක් කොට නැකතට රතිඤ්ඤා දල්වමුද? - (රේණුකා දමයන්ති)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දමට එරෙහි ක්‍රියාකාරකම් සඳහා ඉඩ ප්‍රස්ථාව සැලසෙන නැකත් මාලාවක් හඳුන්වා තිබේ.
  • අලුත් අවුරුද්දේ ප්‍රධානතම නැකත වන ගනුදෙනු කිරීම වැඩ ඇල්ලීම සහ ආහාර අනුභවය අප්‍රියෙල් 13 වන දා මධ්‍යම රාත්‍රිය පසුවී එළඹෙන දොලහයි හයට යෙදීම ඒ සම්බන්ධ ලොකුම අනුවණ කමය.
  • ජන වහරට අනුව කිව හොත් මෙලෙස “යක්කු ගස් යන වේලාවට” ගෙවල් තුළ කොටුවී සිටින්නවුන්ට “ඇල්ලිය හැකි වැඩය” කුමක්ද යන්න පිළිබඳ අශ්ලීල කතා ද සමාජ ජාල ඔස්සේ පැතිර යනු පෙනෙයි.
  • නමුත් මෙම නැකත් හඳුන්වා දුන් අනුවණයන් ගෙන් සිදුව ඇති බරපතලම හානිය නම් එවැනි වේලාවක රතිඤ්ඤා මඟින් අධික ශබ්ද දූෂණයකට ඉඩ හසර පාදා දීම ය.
අකුරු ප්‍රමාණය (Font Size):

දමට එරෙහි ක්‍රියාකාරකම් සඳහා ඉඩ ප්‍රස්ථාව සැලසෙන නැකත් මාලාවක් හඳුන්වා තිබේ.

අලුත් අවුරුද්දේ ප්‍රධානතම නැකත වන ගනුදෙනු කිරීම වැඩ ඇල්ලීම සහ ආහාර අනුභවය අප්‍රියෙල් 13 වන දා මධ්‍යම රාත්‍රිය පසුවී එළඹෙන දොලහයි හයට යෙදීම ඒ සම්බන්ධ ලොකුම අනුවණ කමය. ජන වහරට අනුව කිව හොත් මෙලෙස “යක්කු ගස් යන වේලාවට” ගෙවල් තුළ කොටුවී සිටින්නවුන්ට “ඇල්ලිය හැකි වැඩය” කුමක්ද යන්න පිළිබඳ අශ්ලීල කතා ද සමාජ ජාල ඔස්සේ පැතිර යනු පෙනෙයි.


images


නමුත් මෙම නැකත් හඳුන්වා දුන් අනුවණයන් ගෙන් සිදුව ඇති බරපතලම හානිය නම් එවැනි වේලාවක රතිඤ්ඤා මඟින් අධික ශබ්ද දූෂණයකට ඉඩ හසර පාදා දීම ය. Fireworks යන ව්‍යවහාරික නමින් හඳුන්වන පයිරොටෙක්නික් (Pyrotechnics) නම් ගිනි කෙළි කලාව සෞන්දර්යාත්මක සහ විනෝදාස්වාදය සඳහා භාවිතා කරන පුපුරන ද්‍රව්‍ය භාවිතයකි. ගෘහස්ථ වශයෙන් භාවිතා වන එවැනි ගිනිකෙළි සංදර්ශන බොහෝ සංස්කෘතික හා ආගමික උත්සවවල දී ද කැපී පෙනෙයි. ගිනිකෙළි මුලින්ම සොයාගනු ලැබුවේ ලොව මුලින්ම පුපුරන ද්‍රව්‍ය (Explosives) සොයා ගත් චීන ජාතිකයන්ම ය. ක්‍රි.ව අටවන සියවසේ කළ ඒ සොයා ගැනීම මුල් කොට තවමත් ලොව පුරා ජීවිත සහ දේපල විනාශය සහ සන්නිවේදන කටයුතු උදෙසා වෙඩි බෙහෙත් යොදා ගැනේ.

 

image 8dd69f09b8

ගිනි කෙළි කලාව යනු එහි සෞන්දර්යාත්මක සහ විනෝදාස්වාද භාවිතයකි. දැනට වසර ගණනක සිට අප රටේ ද විවිධ අවස්ථා සඳහා පුපුරන ද්‍රව්‍ය භාවිතා විය. විශේෂයෙන් එවක මඟුල් උත්සව වල විශේෂ අවස්ථා වල රතිඤ්ඤා දැල්වීම කරන ලදී. එහෙත් එහි යම් අරුතක් ද තිබිණ. එනම් එසේ විවාහ වන තරුණයා හෝ තරුණිය විවාහයකට සුදුසු පවිත්‍ර චරිතයකින් යුතු බව ගම රටට සන්නිවේදනය කිරීම ය. එසේ නොවන තරුණ තරුණියන් ගේ අවාහ-විවාහ කටයුතු හොර රහසේ සිදු වූ බව පැවසෙයි. එමෙන්ම අද මෙන් විද්යුත් සන්නිවේදන ජාල බහුල නොවූ අතීතයේ සිංහල අලුත් අවුරුද්දේ නැකත් සෙස්සන්ට සන්නිවේදනය කිරීම පිණිස ද රතිඤ්ඤා හඬ යොදා ගන්නා ලදී. නමුත් ඇතැමකු අද එය තමන් ගේ ඇති හැකිකම් උජාරුකම් ලොවට පෙන්වන මාධ්‍යයක් කර ගෙන තිබේ. ඒ ඇතුලත හිස් වන තරමට බෙරයේ හඬ දුරට විහිදෙන බව පැවසෙන ගැමි වහර සැබෑ කරමිනි.



ගත වූ අතීතයට සාපේක්ෂව අද රටේ ජනගහණය ශීඝ්‍රයෙන් ඉහල ගොස් නාගරික සහ අර්ධ නාගරික මානව ජනාවාස වල වැඩි පිරිසක් වෙසෙති. ඒ පසුබිම තුළ එවැනි ප්‍රදේශවල එක් වර රතිඤ්ඤා වැඩි ප්‍රමාණයක් එක් වර දැල්වීම බොහෝ දෙනකු සිතනවාට වැඩි අන්තරායකාරී තත්වයකි.

 

images 1

ලොව පවත්නා ස්වාභාවික යුක්ති ධර්මය අනුව පීඩාවෙන් තොරව මේ මහ පෙ‍ාළොව මත ජීවත් වීමේ අයිතිය මිනිසුන්ට සේම සතුන්ට ද ඇත. නමුදු මිනිසා විසින් විවිධාකාරයෙන් සතුන්ගේ ඒ අයිතිය උදුරාගනිමින් හිඳියි. ඉන්ද්‍රිය සංවේදිතාවයෙන් බොහෝ වෙනස්කම් තිබෙන සුනඛයන්ට මිනිසාට වඩා පෙනීම අඩු වුවද මිනිස‍ාට වඩා හොඳින් කන් ඇසීම සිදුවේ. නිවසේ සිටින සුනඛයා සම්බන්ධයෙන් ඔබත් මේ අත්දැකීම් විඳ ඇතිවාට සැක නැත. ඇතැම් විටක අපට කිසිදු හඬක් නොඇසුණ ද බිම වැතිර සිටින සුනඛයා හිස ඔසවා බලයි. ඒ ඌට සියුම් ශබ්ද පවා ඇසෙන බැවිනි. එබැවින් සියුම් ශබ්ද පවා ඇසෙන මේ සුනඛයා ඇතැම්විට රතිඤ්ඤා හඬ දරා ගැනීමට නොහැකිව ශ්‍රව්‍යාබාධිත වනු ඇත. ඇතැම් විටෙක මරණයට පවා පත්වීමට පුළුවන.


bird

කවර ආකාරයකින් ඉදිරිපත් වුව ද මිනිසා ඇතුළු පරිසර පද්ධතීන් කෙරෙහි එල්ල වන අධික ශබ්දය විද්‍යාත්මකවද ශබ්ද දූෂණය ලෙස හැඳිවේ. මෙය ගෘහස්ථ සුනඛයනට බළලුන්ට පමණක් නොව අප ජීවත් වන පරිසරයේ ක්ෂුද්‍ර ප්‍රාණීන්ට සේම මව් කුස කළලයන්ට ද අහිතකට බලපෑම් එල්ල කරයි. එවැනි අධික ශබ්ද නිසා ඔබගේ නිවස අද්දර ගසක ඇති ලේන් කූඩුවක ලේන් මවගේ උණුසුමේ හිඳින කිරිකැටි ලේන් බිළිඳුන් පවා රතිඤ්ඤා වලින් නික්මෙන අධි ශබ්දය මුල් කොට ඇති වන කම්පනයෙන් මරණයට පත් විය හැකිය. එනිසා උත්සව වලට රතිඤ්ඤා අවශ්‍යමද ? අප සමාජයේ තුළ කතා බහක් ඇති කළ යුතුව තිබේ.

 

calm dog during fireworks

විශේෂයෙන් රතිඤ්ඤා දැල්වීමේදී ඇතිවන අධික ශබ්දය අප අවට වෙසෙන ගෘහස්ථ සතුන්ට පීඩාකාරී වේදනාවක් බව පෙන්වා දෙන ලොව දියුණු රටවල සත්ව හිමිකම් සංවිධාන අනාවරණය කරනුයේ එම පීඩාකාරී වේදනාව දරා ගත නොහැකිව සිහිවිකල්ව දුවන සුනඛ ආදී අකල් මරණ වලට ලක්වූ අවස්ථා නිරතුරුව වාර්තා වන බවය. එමෙන්ම එය බරපතල සත්ව හිමිකම් උල්ලංඝනයක් බවය .

 

dog calm during fireworks 1024x768

ඒ හැරුණු කොට රතිඤ්ඤා වලින් ඇතිවන අධික ශබ්දය නිසා බොහෝ සතුන්ගේ ශ්‍රවණේද්‍රියන්ට හානි සිදුවී කන් නෑසෙන තත්වයක් හට ගත හැකි අතර එම කම්පනය නිසා ඇතැම් සතුන් තම ආරක්ෂාව සලසා ගත නොහැකිව අකල් මරණ වලට පවා ලක්විය හැකි බව ද ඔවුන් විද්‍යාත්මක පදනමින් පෙන්වා දී තිබේ. ඒ අනුව එවන් නොමනා මානව ක්‍රියාකාරකම් වලට එරෙහි වැඩසටහන් ලොව පුරා ක්‍රියාත්මක වේ.

 

e2c99cf3 8031 414c ac0f 02baaadda485

මෙවන් පසුබිමක් යටතේ මෙවර සිංහල අලුත් අවුරුදු මිහිර මිනිස් අප පමණක් විඳගන්නා අතරේ අප ජීවත් වන පරිසරයන්හි අප සමඟම ජීවත් වන සෙසු සතුන් මරණීය අවදානමක ලක් කිරීම කෙතෙක් යුක්ති සහගතදැයි සිතා බලා මේ අලුත් අවුරුදු සමයේ ඒ අනුව කටයුතු කිරීම ඔබට භාර කරමු.



(ඒ ජී රේණුකා දමයන්ති)
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com

(උපුටා ගැනීම - vinivida.lk)



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...