The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

ඒ ටී ආරියරත්න ගැන මා සතු මතක සටහන්... - (ලයනල් බෝපගේ)

T

The Leader Desk

April 19, 2024 • 6:17 AM

ඒ ටී ආරියරත්න ගැන මා සතු මතක සටහන්... - (ලයනල් බෝපගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු ශ්‍රී ලංකාවේ සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ (SSM) නිර්මාතෘ වරයා මෙන්ම සම්මානනීය සභාපතිවරයා ද විය. "සියළු දෙනා පුබුදුවා ලීම" නමැති බෞද්ධ ප්‍රතිපත්ති මත පදනම්ව 'තිරසාර සංවර්ධනය සහ සාමය' ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම සඳහා ඔහු නොපසුබස්නා උත්සාහයක නිරත වූයේය.
  • මානව හිතවාදියෙකු ලෙස ආචාර්ය ආරියරත්න උනන්දුව දැක්වූයේ රටේ සියලුම පුරවැසියන්ට සමාන ලෙස සලකන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව යි.
  • සාර්ව මට්ටමින්, මෙම ව්‍යාපාරය බොහෝ දේශපාලන ප්‍රභූන් විසින් ඔවුන්ගේ දේශපාලන නායකත්වයට තර්ජනයක් ලෙස සැලකූ බැවින් ආචාර්ය ආරියරත්න සහ සර්වෝදය ව්‍යාපාරය (SSM) බොහෝ බාධාවන්ට මුහුණ දුන්නේ වී නමුත් ඒ බාධාවන් විඳ දරා ගන්නට ඔව්හු සමත් වූහ.
  • ආචාර්ය ආරියරත්න සර්වෝදය (SSM) හි නායකයා සහ අධිෂ්ඨානශීලී සමාජ සේවකයෙකු ලෙස මට මුලින්ම අසන්නට ලැබුනේ පාසල් සමයේදීය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු ශ්‍රී ලංකාවේ සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ (SSM) නිර්මාතෘ වරයා මෙන්ම සම්මානනීය සභාපතිවරයා ද විය. 

"සියළු දෙනා පුබුදුවා ලීම" නමැති බෞද්ධ ප්‍රතිපත්ති මත පදනම්ව 'තිරසාර සංවර්ධනය සහ සාමය' ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම සඳහා ඔහු නොපසුබස්නා උත්සාහයක නිරත වූයේය. ප්‍රතිපත්තිමය වශයෙන්, ඔහු නව ලිබරල් සාරධර්ම මත පදනම් වූ ආර්ථික සංවර්ධන රටාවන්ට විරුද්ධ වූ අතර, අවාසනාවකට මෙන් එය ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ බොහෝ ප්‍රදේශවල ද වියරුවෙන් මෙන් පැතිර යමින් පවතී.

 

ආචාර්ය ඒ.ටී. ආරියරත්න: ශ්‍රී ලංකාවේ ගම්මාන 15,000කට සහන සැලසූ සර්වෝදය  ව්‍යාපාරයේ නිර්මාතෘවරයාමානව හිතවාදියෙකු ලෙස ආචාර්ය ආරියරත්න උනන්දුව දැක්වූයේ රටේ සියලුම පුරවැසියන්ට සමාන ලෙස සලකන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව යි.

මානව හිතවාදියෙකු ලෙස ආචාර්ය ආරියරත්න උනන්දුව දැක්වූයේ ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කිරීම සහ ආරක්ෂා කිරීම, සාධාරණත්වය සහ යුක්තිය මත පදනම්ව නීතියේ ආධිපත්‍යය පවත්වා ගැනීම සහ රටේ සියලුම පුරවැසියන්ට සමාන ලෙස සලකන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව යි. මිනිසුන්ගේ අධ්‍යාත්මික, සදාචාරාත්මක සහ සංස්කෘතික ජීවන ගමනට උපකාර කිරීමෙන් ඔවුන්ගේ ජීවිතවල ප්‍රායෝගික වෙනසක් ඇති කරන “පහළ සිට ඉහළ දක්වා” දිවෙන පරිපූර්ණ ප්‍රවේශයක් මත පදනම් වූ තිරසාර සංවර්ධනයක් සහ එසේ කිරීමෙන්, සමාජයීය මට්ටමකින් ඔවුන්ගේ සමාජ, ආර්ථික සහ දේශපාලන ජීවිතවල වැඩි දියුණුවට සහාය වන්නට ඔහු අපේක්ෂා කළේය. සාර්ව මට්ටමින්, මෙම ව්‍යාපාරය බොහෝ දේශපාලන ප්‍රභූන් විසින් ඔවුන්ගේ දේශපාලන නායකත්වයට තර්ජනයක් ලෙස සැලකූ බැවින් ආචාර්ය ආරියරත්න සහ සර්වෝදය ව්‍යාපාරය (SSM) බොහෝ බාධාවන්ට මුහුණ දුන්නේ වී නමුත් ඒ බාධාවන් විඳ දරා ගන්නට ඔව්හු සමත් වූහ.

srvodhaya සර්වෝදය ව්‍යාපාරය (SSM) අප නිදහස් කර ලීම වෙනුවෙන් පෙනී සිටියේය.

 

ආචාර්ය ආරියරත්න සර්වෝදය (SSM) හි නායකයා සහ අධිෂ්ඨානශීලී සමාජ සේවකයෙකු ලෙස මට මුලින්ම අසන්නට ලැබුනේ පාසල් සමයේදීය. මට ඔහුව මුල්වරට හමු වූයේ ලංකාවේ රැජිනගේ ආණ්ඩුවට එරෙහිව කුමන්ත්‍රණය කිරීම, සූදානම් වීම සහ යුද්ධයක් දියත් කිරීම සම්බන්ධයෙන් අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභා පනත යටතේ මා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් සිරගත කොට සිටි සමයේ දී යි.

හැත්තෑව දශකයේ මැද භාගයේදී සර්වෝදය නියෝජනය කරමින් ආචාර්ය ආරියරත්න සහ වෛද්‍ය වර්ණසේන රාසපුත්‍ර ප්‍රමුඛ කණ්ඩායමක් නව මැගසින් බන්ධනාගාරයට අප බැලීමට පැමිණියහ. සර්වෝදය ව්‍යාපාරය (SSM) අප නිදහස් කර ලීම වෙනුවෙන් පෙනී සිටියේය. 1977 දී අප නිදහස ලැබීමෙන් පසු රෝහණ විජේවීර සහෝදරයා අප නිදහස් කර ගැනීම සඳහා දායක වීම සම්බන්ධයෙන් ආචාර්ය ආරියරත්න සහ සර්වෝදය ව්‍යාපාරය (SSM) වෙත ස්තුති කරන්නට මොරටුව සර්වෝදය (SSM) මූලස්ථානයට ගිය බව මගේ මතකයට නැඟේ.

ඉන් පසුව කිහිප වතාවක්ම මම ආචාර්ය ආරියරත්න හමුවී විවිධ කරුණු පිළිබඳව සාකච්ඡා කළෙමි. පසුව සර්වෝදය ආර්ථික ව්‍යවසාය සංවර්ධන සේවා (SEEDS) ආයතනයේ සේවකයකු ලෙස කටයුතු කරමින් සිටියදී මා ඔහුව පෞද්ගලිකව දැන හඳුනා ගතිමි. සර්වෝදය ව්‍යාපාරයේ (SSM) හි සාමාජිකයන් ද වූ ඇතැම් සීඩ්ස් (SEEDS) සේවකයින්ට එරෙහිව විනය පියවර ගැනීමට මට සිදු වූ අවස්ථාවක් වරක් පැන නැඟුණේය. එසේ කිරීමට පෙර මම එම ප්‍රශ්නය පිළිබඳව ආචාර්ය ආරියරත්න සමඟ සාකච්ඡා කළෙමි. ඔහුගේ ගෞරවයට හේතුවන පරිදි, මා බලාගත් වාණිජ ව්‍යාපාර කළමනාකරණය කරන අන්දම වෙත මැදිහත් වෙන්නට ඔහු කැමැත්තක් දැක්වූයේ නැත.

 

කොරෝනාවලින් පසුව එන 88/89 ය - රටේ රාළ1989 දී ශ්‍රී ලංකාවේ ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව රාජ්‍ය මර්දනයේ උච්චතමව පැවති අවස්ථාවේ


1989 දී ශ්‍රී ලංකාවේ ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව රාජ්‍ය මර්දනයේ උච්චතමව පැවති අවස්ථාවේ දී සන්නද්ධ කණ්ඩායම් කිහිපයක් මගේ කළමණාකරණය යටතේ පැවති සර්වෝදය ගරාජය, තණමල්විල, පදියතලාව ඉංජිනේරු කම්හල් සහ සර්වෝදය ඉංජිනේරු අංශය වැනි ව්‍යවසායයන් වෙත “ගොඩ වැදුණහ”. අමුත්තන් මට එරෙහිව මරණ තර්ජන තබා ගොස් තිබූ අතර පසුව මගේ පවුලේ සෙසු අය වෙත ද එම තර්ජනය පුළුල් වූයේය. යතුරුපැදියකින් පැමිණි ආයුධ සන්නද්ධ පිරිසක් සර්වෝදය ඉංජිනේරු අංශයේ ගණකාධිකාරී විමලසේන මහතා භාරයේ තිබුණු මුදල් මංකොල්ල කා, සතියක් ඇතුළත මා අවසන් කරන බවට මරණ තර්ජන පණිවිඩයක් ද තබා ගිය අවස්ථාවේ, සීඩ්ස් (SEEDS)  කළමනාකාරිත්වය මගේ ආරක්ෂාව පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් බවට පත් විය.

මට සහ මගේ පවුලේ අයට එල්ල වූ මරණ තර්ජන හේතුවෙන් 1989 දී ශ්‍රී ලංකාව හැර යාමට සිදු වන්නට පෙර, මම එවකට සීඩ්ස් (SEEDS) ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීව සිටි දුලාන් ද සිල්වා මහතාගේ නායකත්වය යටතේ එහි සාමාන්‍යාධිකාරීවරයෙකු ලෙස සේවය කළෙමි. සර්වෝදය (SSM) විසින් කර ගෙන යන ලද කටයුතු සඳහා විදේශීය අරමුදල් යොමු කිරීම වැළැක්වීමට රජය දැඩි ලෙස ක්‍රියා කළ බැවින්, සර්වෝදය (SSM) එකල බොහෝ බාධාවන්ට මුහුණ දුන්නේය. මගේ එක මෙහෙවරක් වූයේ සර්වෝදය (SSM) එකල පවත්වාගෙන ගිය මානවවාදී වැඩ කටයුතු පවත්වා ගෙන යාම සඳහා සහාය වන ආකාරයෙන් ආර්ථික ව්‍යාපෘතිවලට උදව් වන සහ ඒවා වැඩි දියුණු කරන අන්දමේ මාවත් සෙවීමට සර්වෝදය ව්‍යාපාරයට උපකාර කිරීම යි.

සාමාන්‍යාධිකාරීවරයා ලෙස මම මගේ වගකීම ඉටු කළත්, මගේ දෛනික කාලසටහන් විශාල වශයෙන් වෙනස් කරන්නට මට සිදු විය. එසේ වුවද, ශ්‍රී ලංකාවේ තත්වය තවත් නරක අතට හැරුණු අතර, මට නොමැරී ජීවත් වීම සඳහා රාත්‍රි කාලයේ දී විවිධ ස්ථානවල නිදා ගැනීමට සිදු විය. මාගේ ජීවිතය බේරා ගන්නට දරන ලද අපමණ උත්සාහයන් සමිබන්ධයෙන්, එවකට සර්වෝදය ඉංජිනේරු අංශයේ සේවය කළ චන්ද්‍රසෝම කුමාරගේ මහතා (දැන් පූජ්‍ය බෝකුන්දර කුසලධම්ම හිමි) වෙත මගේ කෘතඥතාවය පළ කර සිටිමි.

 

unnamed
මගේ ආරක්‍ෂාව සහතික කරන්නට අපහසු වීම හේතුවෙන්, විදේශගතව සිටි දුලාන් ද සිල්වා මහතා සහ ආචාර්ය ආරියරත්න මහතා නැවත රටට පැමිණි විගස, මාව ශ්‍රී ලංකාවෙන් පිටතට යවන්නට ඔවුන්ට අවශ්‍ය වූයේය. මට ජපානයට යන ලෙස යෝජනා කළේ ආචාර්ය ආරියරත්න යි. මගේ මිත්‍රයකු සහ සගයකු වූ සෙල්වරාජා රාධක්‍රිෂ්ණන් මහතාගේ සහෝදරයාගේ පවුල ටෝකියෝවේ පදිංචිව සිටි නිසා සහ ඔවුන්ගෙන් මට උපකාර ලබා ගත හැකි නිසා මෙම යෝජනාව මගේ ද සිත් ඇද ගත්තේය. ආචාර්ය ආරියරත්න ජපානයේ තමන් හොඳින් හඳුනන ඇතැම් වැදගත් පුද්ගලයන්ට මා සම්බන්ධයෙන් පෞද්ගලිකව ලිපි කිහිපයක් ද යොමු කළේය. දුලාන් ද සිල්වා මහතා ජපානයට යාමට අවශ්‍ය කළ මුදල් පිළිවෙල කර දුන් අතර, කාර්ය මණ්ඩලයේ තවත් බොහෝ දෙනාගේ සහාය ඇතිව SEEDS ගණකාධිකාරී සංජය බෙනරගම මහතා මඟින් මගේ වීසා ඉල්ලුම් පත්‍රය සකස් කර දෙන්නට ද කටයුතු කළේය. මගේ ජීවිතයේ තීරණාත්මක මොහොතක ඔවුන් කළ උපකාරයට මම සදහටම කෘතඥ පූර්වක වෙමි.

මා ජපානයේ වැඩ කටයුතු කරන අතරතුර, ආචාර්ය ආරියරත්න ජපානයේ සංචාරයකට පැමිණි අතර, ඔහුගේ සංචාරක කටයුතු කිහිපයකට මා ද කැඳවා ගෙන යන්නට ඔහුට අවශ්‍ය විය. ඔහු මා සමඟ නිසාන් මෝටර් සමාගමේ ප්‍රධානියා (නිසාන් ජිදෝෂා කබුෂිකි ගේෂා) හමුවීමට ගිය බවත්, ඔහුගේ නිවසේ ප්‍රසන්න සංවාදයකට සහභාගි වෙමින් දිවා ආහාරය ගත් බවත් මගේ මතකයේ ඇත. ආචාර්ය ආරියරත්න නිසාන් ප්‍රධානියාට ආශිර්වාද කිරීම සඳහා ‘කරණීය මෙත්ත සූත්‍රය’ සජ්ජායනා කිරීමෙන් පසු ඒ සංචාරය අවසන් විය. මා සමඟ ඔහු ටෝකියෝවේ පිහිටා තිබුන පෘථිවියේ විශ්ව ප්‍රඥාව සඳහා වන විශ්ව විද්‍යාලයේ (UUWE) මූලස්ථානයට ද ගිය අතර එහි කටයුතු ලොව පුරා ප්‍රචලිත කිරීමේ සැලසුමක් පිළිබඳව ද සාකච්ඡා පැවැත්විණි. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ සිටින මගේ පවුලේ අයට උදව් කරන අතරම, ජපානයේ මගේ පැවැත්ම සඳහා රැකියාවේ නිරත වෙන්නට සිදු වූ නිසා විශ්ව විද්‍යාලයේ කටයුතු වෙත දිගටම උදව් කිරීමට මට නොහැකි විය.

මගේ පවුලේ අයට එල්ල වූ මරණ තර්ජන බොහොමයක සෘජු ප්‍රතිඵලයක් ලෙස මගේ බිරිඳ චිත්‍රාට ඕස්ට්‍රේලියාවට එන්නට සිදු විය. ජපානයේ සිට දකුණු කොරියාවට යාමට මට සිදු වූ අතර අවසානයේ දී ඕස්ට්‍රේලියාවට ආවෙමි. ඉන්පසුව, ආචාර්ය ආරියරත්න හමුවීම මා ලංකාවට පැමිණි අවස්ථාවන්ට පමණක් සීමා වූයේය.

 

3309371 cce525d8a9 bආචාර්ය ආරියරත්න, ඔහුගේ පවුලේ අය සහ සගයන් කළේ ශ්‍රී ලංකාවේ ජනතාවට ඔවුන්ට හැකි උපරිමයෙන් උපකාර කිරීමට උත්සාහ කිරීම යි.

මගේ දැනුමට අනුව, ආචාර්ය ආරියරත්න, ඔහුගේ පවුලේ අය සහ සගයන් කළේ ශ්‍රී ලංකාවේ ජනතාවට ඔවුන්ට හැකි උපරිමයෙන් උපකාර කිරීමට උත්සාහ කිරීම යි. කෙසේ වෙතත්, සර්වෝදය (SSM) සහ ආචාර්ය ආරියරත්න ඔවුන්ගේ පැවැත්මේ මුළු කාලය පුරාම නිමක් නැති ආකාරයේ රාජ්‍ය හිරිහැරවලට හා බිය ගැන්වීම්වලට මුහුණ දී සිටියහ. ව්‍යාපාරය නොනැසී පැවතීමට සහ, ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය නොවන සංවිධානය ලෙස රටටත්, එහි පුරවැසියන්ටත් අඛණ්ඩව සේවය කිරීමට ප්‍රධාන වශයෙන් ආචාර්ය ආරියරත්නගේ උදාර සිතුවිලි සහ ක්‍රියාවන් හේතු විය.

                               ආචාර්ය ඒ ටී ආරියරත්න - වෛද්‍ය වින්‍යා ආරියරත්න

ආචාර්ය ආරියරත්නගේ අභාවය ශ්‍රී ලංකාවේ සිවිල් සමාජය තුළ ගැඹුරු රික්තයක් ඇති කරනවා ඇත. ඔහුගේ සිතුවිලි රටේ අභිවෘද්ධිය සඳහා යොමු කරන කටයුතු කෙරෙහි නොකඩවා බලපානු ඇත. ඒ ටී ආරියරත්න මහතාගේ පුත් වෛද්‍ය වින්‍යා ආරියරත්නගේ බුද්ධිමත් නායකත්වය යටතේ, සර්වෝදය ව්‍යාපාරය (SSM) සමාජ හා ප්‍රජා සංවර්ධනය සඳහා වූ එහි නොසැලෙන කැපවීම නොකඩවා පවත්වා ගෙන යන අතර, අභාවප්‍රාප්ත ආචාර්ය ආරියරත්නයන්ගේ ජීවිතය එම ව්‍යාපාරයේ අනාගත පරිශ්‍රමයන් වෙත ආලෝකයක් වෙමින් ශ්‍රී ලංකාවේ ජනතාවට හැකි හොඳම ආකාරයෙන් සේවය කරනු ඇතැයි මට සහතික ය.

ක්‍රියාකාරික සගයෙකු ලෙස මම ඔහුට උපහාර දැක්වීමට සහ ගරු කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි. චිත්‍රා සහ, මම සර්වෝදය (SSM), සීඩ්ස් (SEEDS) ආයතනය, නීතක්කා සහ ආරියරත්න පවුලේ සියලුම සාමාජිකයින් වෙත අපගේ හෘදයාංගම බලවත් ශෝකය ප්‍රකාශ කර සිටින්නෙමු.

ආර්ථික අර්බුදය ගැන ආචාර්ය ලයනල් බෝපගේ විග්‍රහයක් - (පළමුවන කොටස)(ආචාර්ය ලයනල් බෝපගේ)
සභාපති, ශ්‍රී ලංකාවේ යහපාලනය සඳහා වූ ඔස්ට්‍රේලියානු සහයෝගීතාව
ඔස්ට්‍රේලියාව

(ජවිපෙ හිටපු ලේකම්වරයෙකි)
ඊමේල්: lionel.bopage@gmail.com

2024 අප්‍රේල් 18 වන දා


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...