The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : කාරිය කෙරෙන තුරු කාගෙත් කයිවාරු

T

The Leader Desk

April 21, 2024 • 8:46 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : කාරිය කෙරෙන තුරු කාගෙත් කයිවාරු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහෙත් මේ නායකලාගෙන් බහුතරය නායකත්වයෙන් නායකලා නොවේ.
  • ගංගොඩ වටා මෝරන වන ලැහැබ මැන අහුමුලු නෑර සිය අණසක පතුරු වන බලවත් අයියනායක දෙන ගොදුරු ගෙන මේ අය රකිනු මැන යන එන සියලු තැන ඉහළ පෙළැන්තියේ නායකවරුන්ගෙන් මෙන්ම, අයියනායක දෙවියන්ගෙනුත් වැඩක් කර ගැනීමට නම්, පුද පඬුරු දිය යුතු බවක්ද මින් ඉඟි කෙරේ.
  • මේ රටේ බොහෝ සෙයින් සිටින්නේ නමින් හෝ වාසගමින් නායක කෑල්ලක් උරුම වී ඇතත්, ලොකුකම් නැති, නිකං සාමාන්‍ය නායකලාය.
  • තමන් ඇන්දෙන බව දැන දැනත්, කයිවාරම් (පුරසාරම්) නැතහොත් කයිවාරු (චාටු කතා, රුවටිලි බස්) ඇසීමට, අපේ මිනිස්සුද කැමතිය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ තරමටම නායකලාය. හැම තැනකම නායකලාය.

එහෙත් මේ නායකලාගෙන් බහුතරය නායකත්වයෙන් නායකලා නොවේ. නමින් විතරක් නායකලාය.

බණ්ඩාරනායකලා, සේනානායකලා එසේ නොවේ. රට පාලනය කළ නායකලාය. ආදිවාසීන්ගේ නායකයාට කලින් කියූ නම වැදි නායකය.

පාර්ලිමේන්තුව කරගෙන යාමට, කතානායක හා සභා නායක නැතිව බැරිය.

 

සංඝ සමාජයේද, නායක තනතුරු බොහෝය. ක්‍රීඩා පිටියේද නායක සහ උප නායකවරු වෙති. පාසලේද ශිෂ්‍ය නායකවරු සිටිති. පාර්ලිමේන්තුව කරගෙන යාමට, කතානායක හා සභා නායක නැතිව බැරිය.

Diuroවිමලරත්න කුමාරගමවන්නි ප්‍රදේශයට අධිගෘහිත දෙවියා අයියනායකය. විමලරත්න කුමාරගම ලියූ ''අයියනායක'' නමැති කවි පෙළ බොහෝ සෙයින් ජනප්‍රිය විය. මේ එහි එන කවකි.

ගංගොඩ වටා මෝරන වන ලැහැබ මැන
අහුමුලු නෑර සිය අණසක පතුරු වන
බලවත් අයියනායක දෙන ගොදුරු ගෙන
මේ අය රකිනු මැන යන එන සියලු තැන

ඉහළ පෙළැන්තියේ නායකවරුන්ගෙන් මෙන්ම, අයියනායක දෙවියන්ගෙනුත් වැඩක් කර ගැනීමට නම්, පුද පඬුරු දිය යුතු බවක්ද මින් ඉඟි කෙරේ. ඒ සඳහා කුමාරගමයන් යොදන ''ගොදුරු'' යන වදන උත්ප්‍රාසාත්මකය.

මේ රටේ බොහෝ සෙයින් සිටින්නේ නමින් හෝ වාසගමින් නායක කෑල්ලක් උරුම වී ඇතත්, ලොකුකම් නැති, නිකං සාමාන්‍ය නායකලාය.
වන්නිනායක, මදනායක, සමරනායක, අමරනායක, රත්නායක, දිසානායක හා ගමනායක වැන්නෝද එවැනි නායකවරුන් අතර වෙති.

නායකලා ගැන මෙවැනි අසම්පූර්ණ පූර්විකාවක් ලිවීමට සිත්වුණේ විපක්ෂ නායකතුමා විසින් පසුගිය දිනෙක කියන්නට යෙදුණු කතාවක් නිසාය. එතුමා කියන හැටියට, මේ රට තුළ (දේශපාලනය තුළ) බයිය නායකයෝ, සවාරි නායකයෝ සහ කයිය නායකයෝ යනුවෙන් තුන් වර්ගයක් සිටිති.
බයිය නායකයෝ රට බංකොලොත් කළහ.

 



සවාරි නායකයන් ලෝකය වටා ගියත්, රටට තඹ සතයක් ගෙනාවේ නැත.
කයිය නායකයෝ ජනතාවට බොරු සංදර්ශන පවත්වනවා පමණි.

මට හැඟෙන හැටියට නම්, මේ තුන්ගොල්ලටම පොදුවේ කයිය නායක යෙදුම භාවිත කිරීමේද වරදක් නැත.
කයියෙන් තොර දේශපාලනයක් නැත. 

කයියට අසමත් දේශපාලකයා ජනප්‍රිය වන්නේද නැත.
තමන් ඇන්දෙන බව දැන දැනත්, කයිවාරම් (පුරසාරම්) නැතහොත් කයිවාරු (චාටු කතා, රුවටිලි බස්) ඇසීමට, අපේ මිනිස්සුද කැමතිය.

''කයිය'' යන වදනෙහි සමූහය, එකට වැඩ කරන පිරිස (නිද: කුඹුරු වැඩ) යන අරුතද වෙයි. එහෙත්, ඉහත කී දේශපාලන කයිවාරුකාර සමූහය නම්, මේ රටට කළ දෙයක් නැත.

දේශපාලන අර්ථයෙන් ගත් කල, විපක්ෂ නායකතුමාද දැනට කරන්නේ, කයිවාරු ගැසීමකි. මේ කාගෙ කාගේත් කයිවාරු යථාර්ථයක් වන්නේද යන්න දැකබලාගත හැක්කේ ඔවුන් බලය අතට ගත් පසුය.

1520106660531දේශපාලන පොරොන්දු යනු, ලොව පුරාම වෙසෙන කාටූන් ශිල්පීන්ගේ, තීරු ලිපි රචකයන්ගේ සහ සිනා කතා ලියන්නන්ගේ ජනප්‍රිය මාතෘකාවකි.

 

depositphotos 13982294 stock illustration cartoon computer meltdownබොරු ගොඩක් තිබුණද කිව්වොත් කොම්පියුටරයටත් දරාගන්ඩ බැරුව පිපිරුණාදේශපාලන පොරොන්දු යනු, ලොව පුරාම වෙසෙන කාටූන් ශිල්පීන්ගේ, තීරු ලිපි රචකයන්ගේ සහ සිනා කතා ලියන්නන්ගේ ජනප්‍රිය මාතෘකාවකි. Broken Promises නමින් පළ වූ කාටූන් එකතුවක එක් කාටූනයක මෙසේ දැක්වෙයි. 

කිසියම් පුද්ගලයකුගේ කන්තෝරු කාමරයෙන් විශාල පිපිරුම් හඬක් නැගෙයි. ඔහුගේ බිරිඳ වහා එහි දිව යයි. සැමියා හිස අත් බැඳගෙන බලා සිටී. ඔහුගේ කොම්පියුටරය පුපුරා, කැබලි විසිරී ඇත.

''මොකක්ද වුණේ?''

ඇය විමසයි.

''මම පහුගිය කාලේ අපේ දේශපාලනඥයෝ දීලා තියෙන බොරු පොරොන්දු චෙක් කරන්ඩ ගත්තා. මොන තරම් බොරු ගොඩක් තිබුණද කිව්වොත් කොම්පියුටරයටත් දරාගන්ඩ බැරුව පිපිරුණා.''

තවත්, කතාවකට අනුව කටුනායකදී, දේශපාලනඥයකු මැතිවරණ රුස්වීමකදී කතාවක් පවත්වමින් සිටී. එය අවසානයේ ඔහුගේ ලේකම්වරයා පැමිණ කතාව ලියා තිබූ කඩදාසි කිහිපය යළි එකතු කර ගනී. එහි සිටින මාධ්‍යවේදියකු එය දැක, ලේකම්වරයාගෙන් මෙසේ අසයි.

 

මැතිවරණ කොමිසමේ ගණපූර්ණය තිබුනද? නැද්ද?ඡන්දදායකයා යනු පුදුම සත්වයෙකි.
''ඔබද මේ කතාව ලිව්වෙ?''

''ඔව්. මමනෙ මාධ්‍ය ලේකම්.''

''ඉතින් දැන් කතාව ඉවරයිනෙ. ඇයි ආපහු පිටපත අරන් යන්නෙ?''

''ගිය මැතිවරණෙටත් කිව්වෙ මේ ටිකමයි. ලබන මැතිවරණෙටත් කියන්න වෙන්නෙ මේ ටිකම තමයි.''

ඡන්දදායකයා යනු පුදුම සත්වයෙකි.

ඔහු එකම පිටපත නැවත නැවත අසමින් නැවත නැවත රැවටෙයි.
අවසානයේදී, හොඳම රැවටිලිකාරයා ඔවුන්ගේ පාලකයා බවට පත්වෙයි. 

අනේ, මෙහෙම බූරුවෝ - (කපිල කුමාර කාලිංග)(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී
Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk)


 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කපිල කුමාර කාලිංගගේ හීසරය : කාරිය කෙරෙන තුරු කාගෙත් කයිවාරු | The Leader