The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

කොටි කෝක් හා අයිස් ක්‍රීම් - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

T

The Leader Desk

April 22, 2024 • 6:17 AM

කොටි කෝක් හා අයිස් ක්‍රීම් - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මිය පරලොව ගිය රොහාන් පෙරේරා ගැන බොහෝ අය බොහෝ දේ ලියා තිබුණ ද, මගේ අවධානය යොමු වූයේ නිශාන්ත අල්විස් නමැත්තා ලියන ලද කෙටි සටහනට යි.
  • ඒ සටහන බොහෝ අය කළා මෙන් වාසනා-මුට්ටි ගැහීම් පන්නයේ ලිවීමක් නොව, ලියන දේ ගැන දැනුමකින් යුක්ත ව කළ එකක් බව මට දැනිණ.
  • ඒ කතා කරන අතර, මා ඔහුට කීවේ මීට දශක දෙක තුනකට පෙර මා තවත් නිශාන්ත අල්විස් කෙනෙකු දැන සිටි බව යි.
  • එවිට යි මට දැනගන්නට ලැබුණේ මා අද උදෑසන කතා කළ නිශාන්ත වෙන කිසිවෙකු නොව මා කලින් දැන සිටි නිශාන්ත ම බව !!
අකුරු ප්‍රමාණය (Font Size):

මිය පරලොව ගිය රොහාන් පෙරේරා ගැන බොහෝ අය බොහෝ දේ ලියා තිබුණ ද, මගේ අවධානය යොමු වූයේ නිශාන්ත අල්විස් නමැත්තා ලියන ලද කෙටි සටහනට යි. ඒ සටහන බොහෝ අය කළා මෙන් වාසනා-මුට්ටි ගැහීම් පන්නයේ ලිවීමක් නොව, ලියන දේ ගැන දැනුමකින් යුක්ත ව කළ එකක් බව මට දැනිණ. අද උදෑසන මා මේ නිශාන්ත අල්විස් නමැත්තා සයිබරයේ හඹා ගොස්, මැසෙන්ජර් මගින් ඔහු සමග කතා කළෙමි.

ඒ කතා කරන අතර, මා ඔහුට කීවේ මීට දශක දෙක තුනකට පෙර මා තවත් නිශාන්ත අල්විස් කෙනෙකු දැන සිටි බව යි.  එවිට යි මට දැනගන්නට ලැබුණේ මා අද උදෑසන කතා කළ නිශාන්ත වෙන කිසිවෙකු නොව මා කලින් දැන සිටි නිශාන්ත ම බව !!

 

udan 240422උතුරේ නිෂ්පාදිත කෝක් රසැති පැණි බීම වර්ගය 

නිශාන්ත (ඒ කාලයේ යුක්තිය පත්තරේ මාධ්‍යවේදියෙකු විය) , රාවය පත්තරේ මාධ්‍යවේදීන් වූ නන්දන වීරරත්න හා හසක රත්නමලල හා මා හමු වූ අමතක නොවන අවස්ථාවක් ස්ථානයක් වූයේ, යාපනයේ කොටි පාලනය යටතේ පවත්වාගෙන ගිය කිට්ටු අනුස්මරණ උද්‍යානයේ ය. ඒ 1994 වර්ෂයේ ය. මේ පොටෝවේ ඇත්තේ අප හතර දෙනා හා යාපනයේ 'ඊළනාදන්'  පුවත්පතේ කර්තෘවරයෙකු සමග 'කිට්ටු උද්‍යානයේ'  කොටි සංවිධානයේ සබ්සිඩියරියක් නිෂ්පාදනය කළ තල් ගෙඩිවලින් පෙරූ කොකා කෝලා ආදේශකයක් හා උතුරේ අයිස් ක්‍රීම් ප්‍රභේදයක් රස විඳින ආකාරය යි.

මේ කාලයේ යාපනයට යෑමට කොටි සංවිධානයේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වූ කිලාලි කලපුව හරහා යන රාත්‍රී බෝට්ටු සේවය  අපට භාවිතා කළ යුතු විය. යාපනය නගරය හා කොටුව කොටින්ගේ පාලනය යටතේ ක්‍රියාත්මක විය.

වසර තිහකට පෙර අපගේ ජීවිත හා ලංකාවේ සංදර්භය කොතෙක් වෙනස් ද කියා සිතන්නට ගත්තේ, නිශාන්ත සමග පසුවය කළ විනාඩි තිහක් පමණ කතාවෙන් අනතුරුව ය.

 

437497580 10160729406214473 4411761335047385910 nකිට්ටු අනුස්මරණ ප්‍රතිමාව
මගේ මතකය නිවැරදි නම්, අනූ හතර වසරේ ම, එසේත් නැතිනම් වසරක් හෝ දෙවසරකට පසු නන්දන එංගලන්තයට ගියේ බීබීසීයට අනුයුක්ත වීමට ය. හසක කැනඩාවට සංක්‍රමණය වුණේ කොයි කාලෙද කියා මට නිච්චියක් නොමැත. අද උදෑසන මට දැනගන්නට ලැබුණේ නිශාන්ත රාජ්‍ය සේවයට බැඳුණු බවත් තව ටික කාලයකින් විශ්‍රාම යෑමට බලාපොරොත්තු වන බව යි.

ප.ලි :

438198362 10160729406454473 6912100991482162683 nමා නොවන මා හෙවත් උදන් ප්‍රනාන්දු1) නන්දනටත් හසකටත් නිශාන්තටත් මටත් අපගේ යාපන  ගමනේ දී එකල ටයිම් සඟරාවේ ඒෂියා වීක් සඟරාවේ ලාංකීය ඡායාරූප ශිල්පියා වූ බෙයාෆුට් හිමිකාරියගේ පුත්‍රයා වූ ඩොම්නික් සන්සෝනි හමුවිය. අමාරුවෙන් හොයාගත් ලයන් වීර බෝතල් කීපයක්ම අප හිස් කළ අතර, ඩොමිනික් අහිංසක ලෙස, කිසිදු අගතියකින් තොරව, කී කතාවක් මට මතක ය. ඉංග්‍රීසි භාෂක කොළඹ සමාජයේ නියෝජිතයේ වූ ඩොමිනික්ට අවැසි වූයේ අප සමග 'කනෙක්ට්' වීමට යි. එහෙත් ඔහු ඊට භාවිතා කර පාලම තරමක් අසංවේදී එකක් ලෙස නන්දනටත් හසකටත් දැනුනා විය හැක. ඩොමිනික් කීවේ, ඔහුගේ ගෙදර සිටින 'සර්වන්ට් බෝයි' ඉතාමත් උනන්දු 'රාවය' කියවන්නෙකු බවයි !

2) යාපන ගමනට මා ගෙන ගිය අශාහි පෙන්ටැක්ස් එස්.එල්.ආර් කැමරාව හා කාච, වවුනියාවේ පිහිටි 'රම්‍ය නිවස නමින් හැඳින් වූ හමුදා කඳවුරේ භාරයට ගත් අතර, එය මට නැවත දුන්නේ කොළඹට එන විට ය. මෙහි පළ වන ඡායාරූප මා විසින් ගන්නා ලද්දේ, කොඩැක් මිලි මීටර් 35 දළ සේයා පටයක් දමන ලද යාපනයේ මාගේ මිතුරෙකුගෙන් ඉල්ලාගත් පොකට් කැමරාවකිණි.

3) හසක රත්නමලල ගෙන ඇවිත් තිබුණේ, එකල බොහෝ ජනප්‍රිය කැමරාවක වූ යැශිකා එෆ් එක්ස් 3 මොඩලයක් ය. එය නාභිගත කළ හැකි එස් එල් ආර් කැමරාවක් නොවුණ ද, හසක ඉන් ඡායාරූප ගන්නා විට, දෑතින් රාමුව සකසා, සත්‍යජිත් රායි ලෙස, සරඹ වාරයක් කරන්නේ ඡායාරූපයක් ගන්නට පෙර ය. හසකගේ ඕවර්-සයිස්, කාකි පාට, ඩබල් පොකට් කමිසය ඔහුට, අප චිත්‍රපටවල දකින වික්‍රමාන්විත මාධ්‍යවේදියෙකුගේ හැඩ රුව ගෙන දුන් බවත් මට මතක ය. හසක එකල රාවයේ සිටි ඉතාමත් ජ්වලිත මාධ්‍යවේදියෙකි. 

(ඡායාරූපකරණය හා එහි හිමිකාරත්වය -උදන් ප්‍රනාන්දු )

රොහාන් සහ රොහාන් - (උදන් ප්‍රනාන්දු)(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
සමාජ හා දේශපාලන විශ්ලේෂක 
udanfer2014@gmail.com

(උපුටා ගැනීම - Udan Fernando ෆේස්බුක් පිටුවෙන්)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...