කිසිදු ඓතිහාසික හෝ පුරා විද්‍යාත්මක මූලාශ්‍රයක් නොමැති මෙම රාවණ චරිතය මුලින්ම ඉස්මතු වනුයේ වාල්මිකී නම් සෘෂි වරයකු විසින් ලියන ලදැයි පැවසෙන “රාමායන” නම් භාරතීය වීර කාව්‍යය මඟිනි.
රාවණ චරිතය මුලින්ම ඉස්මතු වනුයේ වාල්මිකී නම් සෘෂි වරයකු විසින් ලියන ලදැයි පැවසෙන “රාමායන” නම් භාරතීය වීර කාව්‍යය මඟිනි.
රාමායනයට අනුව එවක ලංකාපුරයට අධිපති මහා බලසම්පන්න රාවණා රජු ගේ ප්‍රතිවාදියා ඉන්දියාවේ රජ කළ රාම කුමාරයා ය. පසුගිය කාලය පුරා අප රට තුළ පැන නැඟි එල්ටීටීඒ යුද්ධය මත ජාතියට මානසික ජවයක් පන්නරයක් ලබා දෙනු පිණිස උත්කර්ෂයට නැංවුණු රාවණා චරිතයේ බල සම්පන්න බව එවක කෙතරම් ඉහළ මට්ටමකට පත් වී ද යත් ගෝඨාභය රාජපක්ෂගේ ජනපතිවරණ ජයෙන් උද්දාමයට පත් අප රටේ තරුණ පෙළ රට පුරා එළිමහන් තාප්ප විචිත්‍ර වත් කළ රූ රටා මඟින් වැඩිපුරම ඉස්මතු කළ චරිතය වනුයේ ද රාවණා රජු ය.
ගෝඨාභය රාජපක්ෂගේ ජනපතිවරණ ජයෙන් උද්දාමයට පත් අප රටේ තරුණ පෙළ රට පුරා එළිමහන් තාප්ප විචිත්‍ර වත් කළ රූ රටා මඟින් වැඩිපුරම ඉස්මතු කළ චරිතය වනුයේ ද රාවණා රජු ය.
නමුත් ඉන්පසු උඩු යටිකුරු වූ දේශපාලන බලගැන්වීම මත අද ඒ සියල්ල කණ පිට හැරී තිබේ. ඒ මේ වන විට රාම කුමරු නියෝජනය කරන ඉන්දීය බලය අප රට තුළට සම්ප්‍රේෂණය වීමට පටන් ගැනීමෙනි.
“ශ්‍රී රාමායන් මංපෙත” වන්දනා චාරිකා ව්‍යාපෘතිය
ඉන්දු – ශ්‍රී ලංකා ආධ්‍යාත්මික සහ සංස්කෘතික සබැඳියාවේ නවමු පරිච්ඡේදයක් ඇරඹුමට අඩිතාලම සකස් කරමින් ශ්‍රී රාමයන මංපෙත් ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ නිල වශයෙන් ක්‍රියාත්මක කිරීම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් කොළඹ ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයේ දී පෙරේදා (21) පැවැත්වුණු බව මාධ්‍ය මඟින් නිවේදනය විය.
අධ්‍යාත්මික හා සංස්කෘතික උරුමයන් පිළිබඳ උනන්දුවක් දක්වන මිලියන සංඛ්‍යාත ඉන්දියානු සහ ජාත්‍යන්තර සංචාරකයින් මෙරටට ආකර්ෂණය කර ගැනීම එහි අරමුණ බව ද ප්‍රකාශ වී තිබේ.
“ශ්‍රී රාමායන් මංපෙත” වන්දනා චාරිකා ව්‍යාපෘතිය මඟින් රාමායන වීර කාව්‍යයේ සඳහන් වන ශ්‍රී ලංකාව පුරා පිහිටි ප්‍රධාන ස්ථාන නවයක් හින්දු භක්තිකයින්ගේ වන්දනාව සහ සංචාරය සඳහා ප්‍රචලිත කිරීම සිදු කෙරෙන අතර අධ්‍යාත්මික හා සංස්කෘතික උරුමයන් පිළිබඳ උනන්දුවක් දක්වන මිලියන සංඛ්‍යාත ඉන්දියානු සහ ජාත්‍යන්තර සංචාරකයින් මෙරටට ආකර්ෂණය කර ගැනීම එහි අරමුණ බව ද ප්‍රකාශ වී තිබේ. මෙම සිද්ධස්ථානවල සංචාරය කිරීමට අවස්ථාව ලබාදීමට අමතරව, මෙම ඓතිහාසික සිද්ධස්ථාන හා බැඳුණු පැරණි අධ්‍යාත්මික සිදුවීම් කෘත්‍රිම බුද්ධිය (AI), Augmented reality සහ Virtual reality වැනි අති නවීන තාක්‍ෂණය ඔස්සේ සජීවීකරණයට ලක්කර පෙන්වීම හරහා මෙම සංචාරයෙහි නිරතවන්නන් හට නවමු අත්දැකීමක් ලබා දීමට සැලසුම් කර ඇත.
මෙම වන්දනා චාරිකා ව්‍යාපෘතිය සඳහා මන්නාරම් ද්‍රෝණියේ පිහිටි ආදම්ගේ පාලමේ සිට නුවරඑළිය ප්‍රදේශයේ පිහිටි සීතාඑළිය දක්වා රාමායන වීර කාව්‍යයේ සඳහන් සෑම ස්ථානයක්ම තෝරාගෙන ඇත.
මෙ හී විශේෂයෙන්ම කිව යුත්තේ මෙම ව්‍යාපෘතිය පිළිබඳ කිසිදු ආරෝවක් අප තුළ නොමැති බව ය. එහෙත් ඒ සම්බන්ධයෙන් කතා කළ යුත්තක් තිබේ.
රාවණා බල කොටු වලට රාම කුමරුන් ගේ බැල්ම යොමු වීම ගැන තමන් රාවණා පරපුරට අයත් බව උදම් අනන “හෙළ යක්ඛ පුත්තු” එක වදනක් වත් දොඩා නැත්තාහ.
හෙළය තුළ පවතින අසම සම රාවණා බල කොටු වලට රාම කුමරුන් ගේ බැල්ම යොමු වීම ගැන තමන් රාවණා පරපුරට අයත් බව උදම් අනන “හෙළ යක්ඛ පුත්තු”එක වදනක් වත් දොඩා නැත්තාහ. එපමණක් නොවේ. ඒ සම්බන්ධයෙන් අප රටේ ඇතැයි පැවසෙන රාවණ බලය නියෝජනය කෙරෙන කිසිවකු සිංහ නාදයක් තබා මී හඬක් වත් නැඟූ බවට තොරතුරක් නැත.
1988/89 කාල සමයේ ශ්‍රී ලංකාව තුළ භීෂණකාරී වාතාවරණයක් පැවතුණු බව වැඩිහිටි බොහෝ දෙනකුගේ මතකයේ තිබේ. එය නිර්මාණය වීම සඳහා හේතුවුණු කරුණු අතුරින් ප්‍රධානතම කරුණ වූයේ1987 ජූලි 29 වැනිදා අත්සන් කළ ඉන්දු-ලංකා ගිවිසුම යි. එදා ඉන්දීය බලපෑම මත එම ගිවිසුම අත්සන් කිරීමත් සමඟ ම කැරලි කෝලාහල, මනුෂ්‍ය ඝාතන, පොදු දේපල ගිනි තැබීම් රට පුරා ව්‍යාප්ත විය. ඒ එම ගිවිසුම ඔස්සේ අප රටට එල්ල වන ඉන්දීය ව්‍යාප්තවාදයේ අතිශය හාකිකර බව පවසමිනි.
ඉන්දු-ලංකා ගිවිසුම
මෙම ඉන්දීය විරෝධය කොතෙක් ප්‍රබල වී ද යත් එතෙක් ඉන්දියාවෙන් ගෙන්වූ බොම්බයි ළුණු නාමය ලොකු ළුණු ලෙස ද මයිසූර් පරිප්පු රතු පරිප්පු පත් කිරීමට තරම් එවක විකල්ප දේශපාලන බලය සවිමත් විය. එහෙත්, අද වන විට ඒම ඉන්දීය ව්‍යාප්තවාදය පිළිබඳව ඔවුන් ජනතාව හමුවේ ඉදි කළ ආකල්ප මන්දිර මුළුමනින් ගරා වැටී තිබේ. ඒ මෙරට විකල්ප දේශපාලනය ගෝලීය තලයට පිවිසුවාලීම පිණිස වන පියගැට පෙළ ඉන්දියාව හරහා වැටී ඇති බව ඔවුන් ද විශ්වාස කිරීමට පෙළඹී ඇති බැවිනි.ඉන්දීය රජයේ ආරාධනයෙන් මෙරට විප්ලවීය දේශපාලන නායකයන් ටයි කෝට් හැඳ ඉන්දීය රාජ්‍ය නායකයන් මුණ ගැසීම එම ඉන්දියානු විරසකයේ අවසන් පරිච්ඡේදය වීමට ද බැරි නැත.
ඉන්දියාවේ අයෝධ්‍යාහි සුවිශාලතම ශ්‍රී රාම පූජා මන්දිරයේ ප්‍රධාන භාණ්ඩාගාරික හා පූජක භාණ්ඩාගාරික ස්වාමි ගෝවින්ද් දේව් ගිරි මහාරාජ්ගේ මඟ පෙන්වීම සහ අනුග්‍රහය මත මේ ව්‍යාපෘතිය ඉදිරියට යෑමට නියමිත බව පැවසෙයි.
එවන් පසුබිමක් යටතේ මෙරට සංචාරක, සංස්කෘතික සහ ආධ්‍යාත්මික ක්ෂේත්‍රයන්හි ප්‍රවර්ධනය සඳහා නවමු මංපෙත් විවර කරමින්, ලෝකයේ අති නවීන තාක්ෂණික හා සංචාරක ක්‍රමවේද සමඟින් ශ්‍රී රාමායන මංපෙත ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බව රජය පවසයි. ඉන්දියාවේ අයෝධ්‍යාහි සුවිශාලතම ශ්‍රී රාම පූජා මන්දිරයේ (ධූරන්දර ශ්‍රී රාම් ජන්මභූමි තීර්ත් ක්ෂේත්‍ර භාරයේ) ප්‍රධාන භාණ්ඩාගාරික හා පූජක භාණ්ඩාගාරික ස්වාමි ගෝවින්ද් දේව් ගිරි මහාරාජ්ගේ මඟ පෙන්වීම සහ අනුග්‍රහය මත මේ ව්‍යාපෘතිය ඉදිරියට යෑමට නියමිත බව පැවසෙයි.
ගෝලීය වේදිකාවේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සහ සංස්කෘතික කීර්තිය ඉහළ නැංවීම මෙහි අරමුණ බව ද කියනු ලැබේ.
මේ ව්‍යාපෘතිය මඟින් ශ්‍රී ලංකාව රාම කුමරුන් ගේ බලය පදනම් කර ගත් ආධ්‍යාත්මික සංචාරක ගමනාන්තයක් ලෙස ස්ථානගත කෙරෙන අතර, එමඟින් ගෝලීය වේදිකාවේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සහ සංස්කෘතික කීර්තිය ඉහළ නැංවීම මෙහි අරමුණ බව ද කියනු ලැබේ. එහෙත්, එය ඉන්දීය රාම බලය ව්‍යාප්ත කරවීම පිණිස අප ගේ රාවණා රජු බිත්තියට හේත්තු කර ගැනීමක් නොවෙද? යන්න නිකමට හෝ පවසන රාවණා පරපුරේ කිසිවකුත් මෙරටින් සොයා ගත නොහැකි වීම ශ්‍රී ලංකාව තුළ පැවැති රාම ආධිපත්‍යය බිඳ දමා මෙහි රාමගේ බලය මනාව තහවුරු වීම පිළිබඳ කදිම පෙරනිමිත්තකි.
(හේමන්ත රන්බණ්ඩාර)
[vinivida.lk]
සබැඳි ලිපි :
ඉන්දියාවේ අයෝධ්‍යා ශ්‍රී රාම පූජා මන්දිරයේ ප්‍රධාන පූජක මහනුවර සංචාරයක
'ශ්‍රී රාමායන් ට්‍රේල්ස් ශ්‍රී ලංකා' ව්‍යාපෘතිය ඇරඹේ - ඩොලර් මිලියන 50කට අධික ආයෝජනයක්




“ශ්‍රී රාමායන් මංපෙත” වන්දනා චාරිකා ව්‍යාපෘතිය මඟින් රාමායන වීර කාව්‍යයේ සඳහන් වන ශ්‍රී ලංකාව පුරා පිහිටි ප්‍රධාන ස්ථාන නවයක් හින්දු භක්තිකයින්ගේ වන්දනාව සහ සංචාරය සඳහා ප්‍රචලිත කිරීම සිදු කෙරෙන අතර අධ්‍යාත්මික හා සංස්කෘතික උරුමයන් පිළිබඳ උනන්දුවක් දක්වන මිලියන සංඛ්‍යාත ඉන්දියානු සහ ජාත්‍යන්තර සංචාරකයින් මෙරටට ආකර්ෂණය කර ගැනීම එහි අරමුණ බව ද ප්‍රකාශ වී තිබේ. මෙම සිද්ධස්ථානවල සංචාරය කිරීමට අවස්ථාව ලබාදීමට අමතරව, මෙම ඓතිහාසික සිද්ධස්ථාන හා බැඳුණු පැරණි අධ්‍යාත්මික සිදුවීම් කෘත්‍රිම බුද්ධිය (AI), Augmented reality සහ Virtual reality වැනි අති නවීන තාක්‍ෂණය ඔස්සේ සජීවීකරණයට ලක්කර පෙන්වීම හරහා මෙම සංචාරයෙහි නිරතවන්නන් හට නවමු අත්දැකීමක් ලබා දීමට සැලසුම් කර ඇත.
