The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

'සිම්පල්’ රොහාන් සහ ප්‍රේම කතාවක් - (උපාලි ගජනායක)

T

The Leader Desk

April 24, 2024 • 1:22 PM

'සිම්පල්’ රොහාන් සහ ප්‍රේම කතාවක් -  (උපාලි ගජනායක)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒවා සියල්ල කියවා බැලීමෙන් සෑහීමට පත්වෙමින් රොහාන් සම්බන්ධයෙන් විශේෂ යමක් නොලියන මනසකයි මම හිටියෙ. නමුත් අන්තිමේ දී ආචාර්ය මහේෂ් හපුගොඩ විසින් තබන ලද එක සටහනක් හේතුවෙන් මේ කතාව ලියාතැබීම අවශ්‍ය කරුණක් යයි හැඟෙන හෙයිනුයි මෙය ලියැවෙන්නේ.
  • අවුරුදු 17 වෙනකල් කොල්ල සහ අන්තිම දවස් තුනේ ෆස්ලි ''මගේ මිත්‍යා කතාවට අදාල වෙන්නේ අපි නොදන්නා කොටස.
  • ඒ කියන්නේ අවුරුදු 17 වෙනකල් කොල්ල සහ අන්තිම දවස් තුනේ ෆස්ලි.
  • මහේෂ් යෝජනා කරනු ලබන රොහාන් තේමා කරගත් සිනමාමය නිමැවුමක් කවදා හෝ යතාර්ථයක් බවට පත්කිරීමේ ප්‍රයත්නය කවුරුන් විසින් හෝ භාරගනු ලබන්නේනම්,එහි මිනිත්තු කීපයක් සඳහා සුදුසු අමුද්‍රව්‍ය ස්වල්පයක් මේ සටහන තුළත් ඇතැයි සිතෙන නිසයි - සැබෑ ලෙසම මෙය ලියැවෙන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒවා සියල්ල කියවා බැලීමෙන් සෑහීමට පත්වෙමින් රොහාන් සම්බන්ධයෙන් විශේෂ යමක් නොලියන මනසකයි මම හිටියෙ. 

නමුත් අන්තිමේ දී ආචාර්ය මහේෂ් හපුගොඩ විසින් තබන ලද එක සටහනක් හේතුවෙන් මේ කතාව ලියාතැබීම අවශ්‍ය කරුණක් යයි හැඟෙන හෙයිනුයි මෙය ලියැවෙන්නේ.

මහේෂ් ලස්සන භාෂාවකින් මෙසේ ලියා තිබෙනව.

 

රොහාන් පෙරේරා හෙවත් මොහොමඩ් ෆස්ලි නිසාර්ගේ අවසන් කටයුතුවලට එක්වූ  මුසල්මානුවෙක්ගේ සටහනක්අවුරුදු 17 වෙනකල් කොල්ල සහ අන්තිම දවස් තුනේ ෆස්ලි
''මගේ මිත්‍යා කතාවට අදාල වෙන්නේ අපි නොදන්නා කොටස. ගොඩක් අයට යථාව. ඒ කියන්නේ අවුරුදු 17 වෙනකල් කොල්ල සහ අන්තිම දවස් තුනේ ෆස්ලි. ඒක චිත්‍රපටයක්.

''ඒක ඔස්කා යන මට්ටමේ ෆිල්ම් එකක්.''

මහේෂ්ගේ එම සටහනෙහි අන්තිම පාදය තමයි මේ කෙටි සටහනට ජවය සපයන්නේ.

මහේෂ් යෝජනා කරනු ලබන රොහාන් තේමා කරගත් සිනමාමය නිමැවුමක් කවදා හෝ යතාර්ථයක් බවට පත්කිරීමේ ප්‍රයත්නය කවුරුන් විසින් හෝ භාරගනු ලබන්නේනම්,එහි මිනිත්තු කීපයක් සඳහා සුදුසු අමුද්‍රව්‍ය ස්වල්පයක් මේ සටහන තුළත් ඇතැයි සිතෙන නිසයි - සැබෑ ලෙසම මෙය ලියැවෙන්නේ.

‍ස්ත්‍රීවාදී' රොහාන් පෙරේරා ගැන අසම්පූර්ණ කතාවක් - (නීතිඥ රදිකා ගුණරත්න)අනිත් අතින් රොහාන්ගේ සැඟවුන එක්තරා අවධියක් දැනගැනීමටත් මෙය කුඩා ආලෝකයක්

අනිත් අතින් රොහාන්ගේ සැඟවුන එක්තරා අවධියක් දැනගැනීමටත් මෙය කුඩා ආලෝකයක්.

 

අපි රොහාන් සොයා යළි ඇවිද යමු. මට රොහාන් හමුවන්නේ 1988 අවුරුද්දේ.


මුණගැසීම;


අවුරුද්ද 1988. අවාසනාවකට මාසය හෝ දිනය මතක නැහැ. එකක් මතකයි. ඒ එවකට ආණ්ඩුවේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ජනඝාතක භීෂණ කාලය.
 
එක්තරා හැන්දෑවක මළහිරු බැසගොස්  අඳුර පැතිරයමින් තිබෙන හෝරාවක, එම අඳුර අතරින්  මිනිස් සෙවනැළි හතරක් එකාපස්සේ එකා වන පරිදි පෙළගැසී නුගේගොඩ උඩහමුල්ලේ මගේ එකල නිවහන කරා ලඟා වෙන අවස්ථාව මමත් බලාසිටියේ නිවසේ පහන්නිවා අඳුර අතර සිටිමින්. කලින් කතාකරගත් පරිදි මම දැනසිටියේ දෙදෙනෙකුගේ පැමිණීමක්. එක්කෙනෙක් එකළ රාජ්‍ය සහ ජනතා විමුක්ති පෙරමුණේ ආනුබද්ධ සංවිධානයක් වූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් එල්ල වූ ජීවිත තර්ජනය නිසා යටිබිම්ගතව සිටි දයාපාල තිරාණගම. දෙවැන්නා නෙල්සන් එදිරිසිංහ. මේ හමුව සැලසුම් කරන ලද්දේත් නෙල්සන් විසින්. දයාපාල තිරාණගම මගේ නිවහනේ සඟවා තබා ගැනීමයි, අපේ සැලැස්ම වී තිබුණේ.
 
ඒ රාත්‍රියේ දයාපාල සහ නෙල්සන් හැරුනවිට පැමිණි අනිත් දෙදෙනාගෙන් එක් තැනැත්තකු නෙල්සන් විසින් මට මට හඳුන්වා දුන්නේ 'රොහාන්' යනුවෙන්. ඔවුන් සමඟ සිටි හතරවැන්නාත් වැදගත්. ඔහු ප්‍රගීත් (එක්නැලිගොඩ).
 
රොහාන් සහ රොහාන් - (උදන් ප්‍රනාන්දු)''මම රොහාන් නොවෙයි, ඒක මගේ ඇත්ත නම නොවෙයි. මම මුස්ලිම්''
දයාපාල මගේ කාමරයේ නතර කොට සෙසු තිදෙනා එදින ආපසු ගියත් රොහාන්ගේ සහ ප්‍රගීත්ගේ ආගමනය එතැනින් නතරවුණේ නැහැ. ටිකදිනකින් දයාපාල වඩාත් ආරක්‍ෂිත වෙනත් ස්ථානයකට මාරුකරන ලද්දේ මගේ නිවහන විවිධ දේශපාලන චරිත යන එන තැනක් වූ හෙයින්. එහෙත් රොහාන් සහ ප්‍රගීත් ඔවුන් දෙදෙනා වශයෙන් හෝ තනි තනිව පැමිණ මා හමුවීම එතැන් පටන් සාමාන්‍ය දෙයක් බවට පත්වී තිබුනා. ඔවුන් දෙදෙනාගේ එකී යන එන චාරිත්‍රය කෙළවර වුනේ ස්ථිර නවාතැනක් නොමැති තත්වයක සිටි රොහාන් මගේ නිවහනේ නිත්‍ය සාමාජිකයකු බවට පත්වීමෙන්. ඇත්තෙන්ම සිය නිවසින් පළාවිත් සිටි රොහාන්ට ස්ථිර නවාතැනක් තිබුණේ නැහැ.
 
අනායාසයෙන්ම රොහාන් අපේ නිවහනේ ස්ථිර සාමාජිකයකු බවට පත්වුනත් මුල්දිනවල ඔහුගේ සැබෑ අනන්‍යතාව මමත් දැන සිටියේ නැහැ. ඔහු විසින්ම මට හඳුන්වා දෙන ලද පරිදි ඔහු මට රොහාන්. ගම අම්බලන්ගොඩ බවයි ඔහු මට කියා තිබුණේ. එහෙත් පසුව අපේ ඇසුර විශ්වසනීය ලෙස තහවුරුවීමත් සමඟ (එසේ වන්නට ඇතැයි සිතමි)  දිනක් අප දෙදෙනා වෙනත් කතාබහක නිරතවෙමින් සිටින මොහොතක, රොහාන් හිටිහැටියේම  ඔහුගේ සැබෑ අනන්‍යතාව මා ඉදිරියේ අනාවරණය කළ අවස්ථාව තවම මතකයට නැගෙනවා.
 
''මම රොහාන් නොවෙයි, ඒක මගේ ඇත්ත නම නොවෙයි. මම මුස්ලිම්''

එතෙක් සිය උපන්ගම අම්බලන්ගොඩ හැටියටත් නම රොහාන් හැටියටත් පෙනී සිටි පුද්ගලයා හිටිහැටියේ මුස්ලිම් තරුණයකු බවට පත්විය.

මට දැන් හිතෙන්නේ සිය ඇත්ත අනන්‍යතාව මගෙන්  දිගටම සැඟවීම ඔහුට දරාගන්න බැරිවෙන්නට ඇති. අපි දිනෙන්දින මිතුරන් බවට පත්වෙමිනුයි සිටියෙ. ඔහුගේ එකී මුස්ලිම් වාර්ගික සම්භවය කුමක්වුනත් එය මට ප්‍රශ්නයක් වුනේ නැහැ. මම ඔහුගෙන් ඒ ගැන විපරම් කිරීමක් කළේත් නැහැ.දෙවැන්න, එම භීෂණ සමයේ ආරූඪ නම්වලින් පෙනීසිටිමින් සැබෑ අනන්‍යතාව වසං කිරීමේ වරදක් තිබේද?

රොහාන් මා සමඟ සිටි කාලය තුළ අප දෙදෙනා වැඩිවශයෙන් කළේ දේශපාලනය ගැන කතාකිරීම. දේශපාලන විද්‍යාවේ ප්‍රධාන මූලධර්ම සහ රාජ්‍ය පාලනය ගැනත්  අපි කතාකළා. මේ කාලයේ බලය විමධ්‍යගත කිරීමට ආදාලව රටතුළ පැවැති විවාදය පසුබිම්කර ගනිමින් මා විසින් ලියන ලද ඇතැම් ලියැවිලිවල  මුල් පිටපත් පවා රොහාන් කියෙව්වා.

රොහාන් සමඟ සිදුකරන ලද සාකඡාවන් අතරවාරයේ දැක්වූ අදහස් අනුව ඔහුගේ මනසේ ප්‍රඥාවේ ළදරු පහන්සිලක් දළුලමින් ඇති බවක් මා තේරුම්ගත්තේ මෙයින් දශක තුනකටත් අධික කාලයකට පෙරයි.
 
රොහාන් පෙරේරා : හමු නොවීමේ ආසියාතික ආදරය - (ආචාර්ය මහේෂ් හපුගොඩ)රොහාන් ඉතාම සරල මිනිසකු වූ නිසා ඔහුට පහසුකම් සැපයීම කිසිම දුෂ්කර කරුණක් වුනේ නැහැ.
මාක්ස්වාදය, යුරෝපයේ නව දාර්ශනික ප්‍රවණතා මෙන්ම මූලික බුදුසමයේ විශ්ලේෂණයන් කෙරෙහි රොහාන් විශේෂ උනන්දුවක් දක්වන බවයි ඔහුගේ අදහස් වලින් පෙනීගියේ.

මගේ මතකයේ රැඳී ඇති කරුණු අනුව මම වරක් රොහාන්ට යෝජනා කළා- ඔහුගේ විග්‍රහයන් ඇතුළත් කරමින් ලියන ලෙස. ඒ අනුව ඔහු එක ලිපියක් පිළියෙළ කළා. 

එය A4 හාෆ්සීට් තනි පිටුවකට සීමාවූවක්. අපේ අදහස් වුනේ දෙදෙනාම එක්ව හෝ එය තවත් සංවර්ධනය කරමින් ලිපියක් හැටියට පිළිවෙල කිරීම. මට එක අභියෝගයක් වුනේ ඔහුගේ එකල භාෂාව සහ අත්අකුරු. අනිත් අතින් මගේ අතින් ලියැවිය යුතුව තිබුණ කොටස සම්පූර්ණ කරගැනීමට නොහැකිවීම නිසා ඔහුගේ එම කෙටුම්පත මගේ ලිපිගොණු අතර බොහෝකාලයක් නිද්‍රාවෙන් ගතකර අතුරුදහන් වුනා.
 
රොහාන් ඉතාම සරල මිනිසකු වූ නිසා ඔහුට පහසුකම් සැපයීම කිසිම දුෂ්කර කරුණක් වුනේ නැහැ. ඔහුගේ දේපොළ වී තිබුණේ කලිසම, කමිසය සහ නිවසේදී අඳින සරම පමණයි. අමතර ඇඳක් නොමැති නවාතැනක පැදුරක වැතිර නිදාගැනීම හෝ ඇති අහරකින් සෑහීමට පත්වීම  වැනි ගුණාංග නිසා ඔහු අපට කිසිම බරක් වුනේ නැහැ. ප්‍රගීත් දුම්පානය කළත් රොහාන්ට එවැනි පුරුද්දක්  තිබුණේ නැහැ.
 
දුම්වැටියක් නොමැති අවස්ථාවන්හි ඔතාගත් දුම්වැටියක හෝ රස බැලීම ප්‍රගීත්ගේ පුරුද්දයි. මගේ නිවහනේ ආලින්දයේ තබා තිබුණ සුවපහසු හාන්සි පුටුවේ දිගාවෙන ප්‍රගීත් කඩදාසි සුරුට්ටුවල දුම්රස විඳින අතරවාරයේ දුම්වළලු මැද දොඩමළු වෙමින් ලද්දේ පුදුම ආශ්වාදයක්.
 
අතුරුදහන්වීම;
 
රොහාන් නම් මිත්‍යා කතාව (Rohan the Myth) - (ආචාර්ය මහේෂ් හපුගොඩ)අනාරාධිතව පැමිණ හදිසියේ එක්වූ ආකාරයට රොහාන් අපෙන් වෙන්ව ගියේත් අනපේක්ෂිත ආකාරයට.

අනාරාධිතව පැමිණ හදිසියේ එක්වූ ආකාරයට රොහාන් අපෙන් වෙන්ව ගියේත් අනපේක්ෂිත ආකාරයට. මගේ නිවහනේ සිටියදී රොහාන් නුගේගොඩ ඇඹුල්දෙනියේ වාසයකළ පවුලක් සමඟ හිතවත්ව සිටි බව මම දැනගත්තේ ඔහු විසින්ම මට දැනුම්දීමෙන්. එම නිවස ඔහුට හිතවත් සමාජ ක්‍රියාධරිනියකගේ නිවසයි. (දැනට ජීවතුන් අතර නැති එම සහෝදරියගේ නම මෙහි සටහන් නොකරමි)ඇතැම් සවස්කාලයන්හි ඔහු එම නිවසට යාමේ පුරුද්දක් තිබුණා. පසුව ඔහු බොහෝවිට එම නිවසට ගියේ එම නිවසේ ළමුන් සමඟ බැඩ්මින්ටන් ක්‍රීඩා කිරීමට යන බව පවසමින්.

එක්තරා දිනයක අහම්බයකින් මෙන් මමත් එම නිවස ඉදිරිපිට මාවතෙහි ගමන් කරමින් සිටියදී ඔහු අදාළ නිවස ඉදිරිපිට මිදුලේ දැරියක් සමඟ බැඩ්මින්ටන් ක්‍රීඩාවේ නිරතවෙමින් සිටිනු දුටුවෙමි. මා දුටු සැණින් ක්‍රීඩාව නතරකොට ඔවුන්ගෙන් සමුගෙන පැමිණි රොහාන් මාත් සමඟ පාගමනින් නුගේගොඩ නගරයට ගොස් කැළණිවැලි දුම්රිය මාර්ගයේ සිල්පර කොට උඩින් පනිමින් ආපසු අපේ නවාතැන කරා පැමිණි දවස මට අදත් සිහිපත්වෙන්නේ චිත්තරූප මවමින්.

වැඩි දවසක් ගතවුනේ නැහැ. වෘත්තීය සමිති නායිකාවක් වූ ඉහත කී සහෝදරිය සහ ඇයගේ සැමියා මා සොයා පැමිණ රොහාන් ගැන විමසීමක් කළා. ඇත්තෙන්ම එදින රොහාන් අප සමඟ සිටියේ නැහැ. එම සහෝදරිය කියාසිටියේ රොහාන් ඇයගේ දියණිය සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වන බවයි. මම රොහාන්ගෙන් ඒ ගැන කිසිම විමසීමක් කළේ නැහැ.

ඉන් දවස් කීපයකට පසු එම සහෝදරිය සහ ඇයගේ  සැමියා මා හමුව කියාසිටියේ රොහාන් ඔවුන්ගේ දියණිය රවටා රැගෙන ගොස් ඇති බවකි. එහි සත්‍ය හෝ අසත්‍යතාව මා තවමත් නොදන්නේ ඉන්පසු කිසිදාක මට රොහාන් මුණ නොගැසුණ හෙයිනි.
 
මාස කීපයකට පසු රටින් බැහැර වූ මා රොහාන් දකින්නේ සඟරා කීපයක පළවූ ඔහුගේ ලිපි ලේඛනවලින්. තුරුණු වියේ මාදුටු ප්‍රඥා අංකුරය කාලයත් සමඟ හොඳින් වැඩී ඇති ආකාරයයි මා එම ලේඛන තුළින් තේරුම්ගත්තේ.
 
මහේෂ් (හපුගොඩ) යෝජනාකරන ආකාරයට රොහාන්ගේ ජීවිත කතාව චිත්‍රණය කරන කෙනෙකුට මෙම සැඟවුන කරුණු කීපයත් ප්‍රයෝජනවත් වනු ඇත යන්න මෙම සටහනෙහි එකම අපේක්ෂාවයි.

upali(උපාලි ගජනායක)
බීබීසී සිංහල සේවයේ හිටපු මාධ්‍යවේදී
upaligajanayake@yahoo.co.uk

සබැඳි ලිපිය:

රොහාන් නම් මිත්‍යා කතාව (Rohan the Myth) - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'සිම්පල්’ රොහාන් සහ ප්‍රේම කතාවක් - (උපාලි ගජනායක) | The Leader