The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

උමා ඔය ව්‍යාපෘතියේ ටර්බයින් යන්ත්‍ර 'දසුනි' සහ 'චුලෝචනා' ලෙස නම් කෙරුණේ ඇයි? - දසුනි කතා කරයි

T

The Leader Desk

April 25, 2024 • 4:40 AM

උමා ඔය ව්‍යාපෘතියේ ටර්බයින් යන්ත්‍ර 'දසුනි' සහ 'චුලෝචනා' ලෙස නම් කෙරුණේ ඇයි? - දසුනි කතා කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම ව්‍යාපෘතිය විවෘත කිරීමත් සමග ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු පිළිබඳව විශේෂ අවධානයක් යොමු වී තිබේ.
  • ඒ පිළිබඳව විමසා බැලීමේදී දැන ගන්නට ලැබුණේ, උමා ඔය ව්‍යාපෘතියට අයත් ටර්බයින් යන්ත්‍ර දෙක ඉහත කී කාන්තාවන් දෙදෙනා නමින් නම් කර තිබීම මෙම විශේෂත්වයට හේතුව බව ය.
  • උමා ඔය ව්‍යාපෘතියේ ටර්බයින් යන්ත්‍ර දෙකෙන් එකක් දසුනි නමින් නම් කර ඇති අතර, ඇය එම ව්‍යාපෘතියට සම්බන්ධ වී ඇත්තේ, අහම්බයකින් බව ඇය බීබීසී සිංහල සේවයට පැවසුවා ය‍.
  • කෙලින් ම වැඩ භාර ගන්න කිව්වා," දසුනි ලුවිස් අතීතය ආවර්ජනය කිරීම ආරම්භ කළේ, එලෙසිනි.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙම ව්‍යාපෘතිය විවෘත කිරීමත් සමග ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු පිළිබඳව විශේෂ අවධානයක් යොමු වී තිබේ.

ඒ කාන්තාවන් දෙදෙනා 'දසුනි' සහ 'සුලෝචනා' ය.

දැවැන්ත ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් මේ කාන්තාවන් දෙදෙනාගේ නාමයන් දැඩි අවධානයකට පාත්‍ර වූයේ ඇයි?

ඒ පිළිබඳව විමසා බැලීමේදී දැන ගන්නට ලැබුණේ, උමා ඔය ව්‍යාපෘතියට අයත් ටර්බයින් යන්ත්‍ර දෙක ඉහත කී කාන්තාවන් දෙදෙනා නමින් නම් කර තිබීම මෙම විශේෂත්වයට හේතුව බව ය.

එක් ටර්බයින් යන්ත්‍රයකට යෙදූ නාමයේ හිමිකාරිය වන දසුනි ලුවිස් සමග කතාබහ කිරීමට අවස්ථාවක් හිමි විය.

'උමා ඔය ව්‍යාපෘතියට සම්බන්ධ වුණේ අහම්බෙන්' - දසුනි ලුවිස්

දසුනි ලුවිස්, කොළඹ මියුසියස් විද්‍යාලයේ ආදි සිසුවියක වන අතර, මේ වන විට ඇය කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි වී සිටී.

උමා ඔය ව්‍යාපෘතියේ ටර්බයින් යන්ත්‍ර දෙකෙන් එකක් දසුනි නමින් නම් කර ඇති අතර, ඇය එම ව්‍යාපෘතියට සම්බන්ධ වී ඇත්තේ, අහම්බයකින් බව ඇය බීබීසී සිංහල සේවයට පැවසුවා ය‍.

ඇය එම ව්‍යාපෘතියට සම්බන්ධ වී තිබුණේ, 2016 වසරේදී ය.

"මම හස්බන්ඩ් එක්ක එකතු වෙලා ඇල්ල ප්‍රදේශයේ හෝටලයක් පවත්වාගෙන ගියා. උමා ඔය ව්‍යාපෘතියේ ඉංජිනේරුවරයෙකු විදිහට කටයුතු කරපු කෙනෙක් අපේ හෝටලයට කෑම ඇණවුමක් දීලා තිබුණා. ඒ වැඩකට ආපු වෙලාවක මගේ ඉංග්‍රීසි කථන හැකියාව ගැන ගොඩක් පැහැදිලා මට කිව්වා උමා ඔය ව්‍යාපෘතියට එකතු වෙන්න කියලා. ඊට පස්සෙ ව්‍යාපෘතිය භාරව හිටපු ඉරාන ජාතික කළමනාකාර තුමාවත් එක්කගෙන ඇවිත් මගෙන් ඉල්ලීමක් කළා ව්‍යාපෘති ලේකම් හැටියට වැඩ භාර ගන්න කියලා. ඒ කාලේ ඉරාන ජාතිකයින් සහ ශ්‍රී ලාංකිකයින් අතර භාෂා බාධකයක් තිබිලා තියෙනවා. ඒ නිසා ඒකට විසඳුමක් විදිහට තමයි, මට එන්න කිව්වේ. ඒකට මම කැමති වුණේ නෑ. ඊට පස්සේ ඒගොල්ලො මගේ හස්බන්ඩ්ගෙනුත් අහලා පෙරැත්ත කරපු නිසා අන්තිමට තීරණය කළා රැකියාව භාර ගන්න. මට සම්මුඛ පරීක්ෂණයක්වත් තිබ්බෙ නෑ. කෙලින් ම වැඩ භාර ගන්න කිව්වා," දසුනි ලුවිස් අතීතය ආවර්ජනය කිරීම ආරම්භ කළේ, එලෙසිනි.

"මම වැඩ භාර ගත්තාට පස්සේ සම්බන්ධීකරණ වැඩ, වැටුප්වලට අදාළ වැඩ, මුදල් කටයුතු, භාෂා පරිවර්තනය වගේ ගොඩක් වැඩ කළා. ඒගොල්ලො මම වැඩ කරපු විදිහට මට ගොඩක් ගෞරවයෙන් සැලකුවා. ඉරානයේ කට්ටිය ගොඩක් ආචාරශීලී වගේ ම විනයගරුක පිරිසක්. මගේ කාමරයට කිසි ම කෙනෙක් ආවෙ නෑ දොරට තට්ටු නොකර. ඒ වගේ ම, මගේ කම්පියුටර් එක පාවිච්චි කළත්, සමාව ඉල්ලලා හරි ම ආචාරශීලීව වැඩ කළේ."

"දවසක් මට ව්‍යාපෘති කළමනාකරු කිව්වා ඔයාගේ නමින් ටර්බයින් එකක් නම් කරන්න තීරණය කළා කියලා. මට එදා හිතුණේ ඒක විහිළුවක් කියලා. හැබැයි ඔවුන් ඒක ඇත්තට ම කළා. මට හිතා ගන්න බැරි තරම් සතුටක් ඒක," දසුනි ලුවිස් පැවසීය.

2020 වසරේදී දසුනි ලුවිස් උමා ඔයා ව්‍යාපෘතියෙන් ඉවත් වී තිබිණි.

ඊට හේතු වී තිබුණේ, පැනනැගුණු බාධා කිහිපයක් හේතුවෙන් ව්‍යාපෘතිය ටික කලක් නතර කිරීමට සිදුවීම ය.

ඒ අනුව, ඉන් ඉවත් වූ දසුනි, කුරුණෑගල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සූප ශාස්ත්‍ර ගුරුවරියක ලෙස සේවය කරන්නී ය.

uma oya we1
'චුලෝචනා' නමැති ටර්බයිනය නම් කිරීමට හේතු වූ සුලෝචනා කවුද?

සුලෝචනා යනු ඇල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි එවකට පාසල් අධ්‍යාපනය නිම කර සිටි කුඩා දැරියක බව දසුනි ලුවිස් පැවසුවා ය.

"සුලෝචනා සේවය කළේ සංග්‍රහ කරන්නියක් විදිහට වුණත්, ව්‍යාපෘතියේ හැමෝම ඇයටත් සැලකුවේ මට වගේ ම යි. කිසි ම වෙනසක් කළේ නැහැ. එයා ගොඩක් පුංචි ළමයෙක් ඒ කාලේ. ඉරාන ජාතිකයන් සුලෝචනා කියන නම උච්චාරණය කළේ, චුලෝචනා කියලා."

සුලෝචනා ද පසු කලෙක ව්‍යාපෘතියෙන් ඉවත් වී තිබිණි.

"සුලෝචනා අයින් වුණාට පස්සෙ එයා ගැන තොරතුරක් මට දැන ගන්න හම්බ වුණේ නෑ. මමත් කුරුණෑගල පදිංචියට ආව නිසා මට එයා එක්ක කතා කරන්නවත් බැරි වුණා. මට හරි දුකයි, එයා ගැන. එයා දන්නව ද දන්නෙත් නෑ එයාගෙ නමින් ටර්බයින් එකක් නම් කළා කියලා. සුලෝචනා මේක කොහෙන් හරි දැක්කොත් මම ඉල්ලා සිටිනවා මට ඉක්මනින් කෝල් එකක් දෙන්න කියලා," දසුනි වැඩිදුරටත් සඳහන් කළා ය.

umaoyawe3
දසුනි සහ සුලෝචනා නමින් ටර්බයින් නම් කළේ ඇයි?

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ටර්බයින් දෙක දසුනි සහ සුලෝචනා නමින් නම් කිරීමට බලපෑ හේතු කිහිපයක් දසුනි ලුවිස් පැහැදිලි කළා ය.

ඇය පැවසූ පරිදි ඊට බලපෑ ප්‍රධාන ම හේතුව, ඉරානයේ සම්ප්‍රදාය අනුව යම් ඉදිකිරීමකට හෝ යන්ත්‍රයකට නමක් යෙදීමේදී කාන්තා නම් භාවිත කිරීම යි.

"මේ ව්‍යාපෘතියේ පිරිමි තුන් සිය දෙනෙක් විතර හිටියා. කාන්තාවන්ට හිටියේ අපි ‌දෙන්නා විතරයි. ඉතින් අපි දෙන්නා ඔවුන්ට කරපු සේවය සලකලා අපේ නම් ඒ වෙනුවෙන් පාවිච්චි කරන්න ඇති. මගේ නමින් ටර්බයින් එකක් නම් කරපු දවසේ මට කිව්වා, "මේක ඔයා අපි දුන්න කරදර ඉවසගෙන හිටියාට දෙන තෑග්ගක්" කියලා. ඒ වගේ ඔවුන් අපේ සේවය අගයන්නත් මේක හරහා කටයුතු කළා," දසුනි පැවසීය.

(BBC සිංහල සේවය)


 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

උමා ඔය ව්‍යාපෘතියේ ටර්බයින් යන්ත්‍ර 'දසුනි' සහ 'චුලෝචනා' ලෙස නම් කෙරුණේ ඇයි? - දසුනි කතා කරයි | The Leader