The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

ශ්‍රී.ල.නි.ප තලගොයි-කබරගොයි රණ්ඩු, මැතිවරණ ලොක්කෝ වගකීම් පැහැර හැරීමේ ප්‍රශ්නයක් - (කුසල් පෙරේරා)

T

The Leader Desk

April 26, 2024 • 11:57 AM

ශ්‍රී.ල.නි.ප තලගොයි-කබරගොයි රණ්ඩු, මැතිවරණ ලොක්කෝ වගකීම් පැහැර හැරීමේ ප්‍රශ්නයක් - (කුසල් පෙරේරා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දැනට දෙපාර්ශවයටම වාරණ නියෝග පනවා ඇත.
  • මෙවරත් ඒ ආරවුලට අත දමා ඇත්තේ තමන්ගේ වැඩක් බලා ගෙන විශ්‍රාමික සුවයෙන් සිටින්නට ජනතාව බදු මුදල් වැය කරන, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ය.
  • ඇය විශ්‍රාම ගොස් දැනට අවුරුදු 18 ට වැඩි ය.
  • පළාත් පාලන මැතිවරණයේදී අත්තනගල්ල ප්‍රාදේශීය සභාවට තරග කළ චන්ද්‍රිකාගේ ශ්‍රී.ල.නි.ප කණ්ඩායමට ලැබුණේ ඡන්ද සියයට 12.2 කි.
අකුරු ප්‍රමාණය (Font Size):

දැනට දෙපාර්ශවයටම වාරණ නියෝග පනවා ඇත. මෙවරත් ඒ ආරවුලට අත දමා ඇත්තේ තමන්ගේ වැඩක් බලා ගෙන විශ්‍රාමික සුවයෙන් සිටින්නට ජනතාව බදු මුදල් වැය කරන, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ය.

 

චන්ද්‍රිකාගේ ශ්‍රීලනිප සාමාජිකත්වය අත්හිටුවයි - මහින්දගේ පට්ටම ගලවයිඇය විශ්‍රාම ගොස් දැනට අවුරුදු 18 ට වැඩි ය.

 

ඇය විශ්‍රාම ගොස් දැනට අවුරුදු 18 ට වැඩි ය. ඇයගේ “බණ්ඩාරනායක” නාමය අවලංගු වූවකි. එයට දැන් අත්තනගල්ලේවත් සැළකිල්ලක් නැත. 2018 පළාත් පාලන මැතිවරණයේදී අත්තනගල්ල ප්‍රාදේශීය සභාවට තරග කළ චන්ද්‍රිකාගේ ශ්‍රී.ල.නි.ප කණ්ඩායමට ලැබුණේ ඡන්ද සියයට 12.2 කි. වීරකැටියෙන් පැමිණි මහින්ද රාජපක්ෂගේ පොහොට්ටු පක්ෂයෙන් අත්තනගල්ල ප්‍රාදේශීය සභාවට තරග කළ කණ්ඩායමට සියයට 49.9 ක් ඡන්ද ලැබුණි.

 

පුංචි ඡන්දය : මැතිවරණ කොමිසම දෙකට බෙදේ !මැතිවරණ කොමිසම හරියාකාරව, සමාජ වගවීමක් ඇතිව කටයුතු කරන්නේ නම්, මේ ආරවුල් විසඳීමේ වගකීම ඔවුන් බාරගත යුතුය.

දේශපාලන පක්ෂ තුල ගොනුවන බල අරගලයේ බෙදීම් අධිකරණය වෙත ගෙන ගොස් විසඳුම් ඉල්ලා සිටීම මට තේරෙන පමණට, අධිකරණය වෙත අනවශ්‍ය ප්‍රශ්න රැගෙන යාමකි. දේශපාලන පක්ෂවල නෛතික හා තාක්ෂණික ගැටළු ඉතිරි වන්නේ මැතිවරණ දෙපාර්තමේන්තුව ඔවුන්ගේ වගකීම් ඉටු නොකරන හෙයිනි. මැතිවරණ කොමිසම හරියාකාරව, සමාජ වගවීමක් ඇතිව කටයුතු කරන්නේ නම්, මේ ආරවුල් විසඳීමේ වගකීම ඔවුන් බාරගත යුතුය. පක්ෂ ගැටුම් රැගෙන යා යුත්තේ මැතිවරණ කොමිසමට ය.

පුංචි ඡන්දෙට කලින් අටදාහ හාරදාහට බස්සන්න පුළුවන් - මහින්ද දේශප්‍රියසමාජ වගකීම් වලින් ක්‍රමානුකූලව මිදුණු මැතිවරණ දෙපාර්තමේන්තුව පක්ෂ දේශපාලනයට යටත් කෙරුවේ මහින්ද දේශප්‍රිය කොමිසමෙහි සභාපති වූ සමයෙහි ය.

 

සමථ ක්‍රියාවලියක් සඳහා හැකියාවක් පමණක් නොව, මැතිවරණ කොමිසම විසින් සමථ කටයුතු ස්වාධීනව ඉටු කෙරෙනු ඇතැයි විශ්වාසයක්ද දැන් ඇත්තේ නැත. සමාජ වගකීම් වලින් ක්‍රමානුකූලව මිදුණු මැතිවරණ දෙපාර්තමේන්තුව පක්ෂ දේශපාලනයට යටත් කෙරුවේ මහින්ද දේශප්‍රිය කොමිසමෙහි සභාපති වූ සමයෙහි ය. ඔහුගේ ගැලරි කතා වලට රැවටුනු කොළඹ මාධ්‍යවේදීන් හා විදේශ අරමුදල් මත ජීවත්වන රාජ්‍ය නොවන මැතිවරණ සංවිධාන ඔහුව ස්වාධීන නිලධාරියෙකු ලෙස ඔසවා තැබීමේ වාසිය ඔහු ගත්තේ වික්‍රමසිංහ අගමැතිගේ යහපාලන ආණ්ඩුව සමගත් පොහොට්ටුවේ රාජපක්ෂලා සමගත් එකවර අශ්වයින් දෙදෙනකු පිට ගමන් යාමට ය. ඔහුගේ වංක දේශපාලනය ගැන මා කියූවේ, 2019 අප්‍රේල් මාසයටත් කලින්ය. මීට වසර 05 ටත් ඉහතින්, ඔහු වික්‍රමසිංහ අගමැතිගේ දේශපාලන තීන්දුව වෙනුවෙන් පළාත් සභා මැතිවරණය කල් තබන්නට වැල් වටාරං කතා කියන විටය.

 

 127577507 gettyimages 1182442373 594x594මැතිවරණ කොමිසමේ සභාපති ලෙස දේශප්‍රියගේ තර්කය වූයේ පළාත් සභා මැතිවරණ පැවැත්වීමට එකී විමර්ශන වාර්තාව අනුව පාර්ලිමේන්තුව විසින් නීති සකස් කළ යුතු බවය
මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණ කොමිසම් සභාවේ වර්තාව සම්බන්ධව අගමැතිගේ විමර්ශන වාර්තාව ජනපතිට යොමුකර, පාර්ලිමේන්තුවෙහි සභාගත කිරීම ප්‍රමාද කෙරුනු අතර මැතිවරණ කොමිසමේ සභාපති ලෙස දේශප්‍රියගේ තර්කය වූයේ පළාත් සභා මැතිවරණ පැවැත්වීමට එකී විමර්ශන වාර්තාව අනුව පාර්ලිමේන්තුව විසින් නීති සකස් කළ යුතු බවය. එය මැතිවරණ කොමිසමක සභාපතිවරයෙකු විසින් නොකිව යුතු මෝඩ කතාවක් යැයි මා ප්‍රසිද්ධියේ ඔහුට කියුවේ, කවදා හෝ දිනක අලුත් නීතියක් සම්පාදනය කර බලාත්මක කරන තෙක් වත්මන් ලෝකයේ කොතැනකවත් පවතින නීති අකර්මන්‍ය කෙරෙන්නේ නැතැයි කියාය. එය ඉතා පැහැදිලිව අර්ථකතන ආඥාවන්හි සඳහන්ව තිබෙන්නකි. එනිසා ඔහුගේ වගකීම වන්නේ පවතින පළාත් සභා මැතිවරණ නීතිය වන 2017 අංක 17 වන සංශෝධිත පළාත් සභා මැතිවරණ නීතියට අනුව මැතිවරණය නොපමාව පැවැත්වීම යැයි මම ඔහුට කීවෙමි. එයට උත්තර දීමෙන් මග හැර සිටි ඔහු අගමැතිගේ දේශපාලන න්‍යාය පත්‍රයට ඉඩ තැබුවේය.

 

මැති ඇමතිකම් ගත් ශ්‍රීලනිප මන්ත්‍රීලට කුමක් වෙයිද?සංශෝධිත එම පක්ෂ ව්‍යවස්ථාවට අනුව මේ වනවිට 2019, 2021 හා 2023 අවුරුදුවල මහා සම්මේලන පවත්වා තිබිය යුතුය.

එළෙසින් දූෂණය වී ඇති මැතිවරණ දෙපාර්තමේන්තුවෙහි අනෙක් වගකීම් ඉටු වන්නේද කිසිදු වැදගත්කමක් ඇතිව නොවේ. මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් ලියාපදිංචි කර ඇති දේශපාලන පක්ෂ 84 තමන්ගේ පක්ෂ ව්‍යවස්ථා අනුව කටයුතු කරන්නේදැයි හෝ සොයා බැලීමක් නැතැයි මම කියමි. දැනට මැතිවරණ දෙපාර්තමේන්තුව සතුව ඇති 2018 සංශෝධිත ශ්‍රී.ල.නි.ප ව්‍යවස්ථාවට අනුව අවසන් වරට පක්ෂයේ මහා සම්මේලනය පැවැත් වූයේ කවදා දැයි මැතිවරණ දෙපාර්තමේන්තුව හරියාකාරව සොයා බැලුවේ නම්, ශ්‍රී.ල.නි.ප ලියාපදිංචිය අහෝසි කළ යුතුව තිබිණැයි මගේ විශ්වාසය වේ.

සංශෝධිත එම පක්ෂ ව්‍යවස්ථාවට අනුව, 17 වන වගන්තියේ (අ) අනු වගන්තිය යටතේ පක්ෂ මහා සම්මේලනය යටත් පිරිසෙයින් වර්ෂ දෙකක (02) ට වරක් කැඳවිය යුතුය. ඒ අනුව මේ වනවිට 2019, 2021 හා 2023 අවුරුදු වල මහා සම්මේලන පවත්වා තිබිය යුතුය. එවැනි මහා සම්මේලන කැඳවා ව්‍යවස්ථාවට අනුව කටයුතු කළ බවට, ලිපිගොනු තිබිය හැක. ඒවා කොළඹ අති ජනප්‍රිය පාසල් වල පළමු වසරට දරුවන් ඇතුළු කර ගැනීමට කිසිදු අඩුවක් නැතිව හදන ලිපිගොනු මෙන් විය හැකිය. තමන්ට ලබා දෙන ලිපිගොනුවල තොරතුරු නිවැරදි දැයි සොයා බැලීමක් මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් සිදු නොවන බවට සැක නැත.

ශ්‍රී.ල.නි.ප මහා සම්මේලනය කැඳවිය යුත්තේ 17 වන වගන්තියේ (ඇ) යටතේ ඒ වනවිට ඉන්නා “පක්ෂ මධ්‍යම කාරක සභිකයින්, සමස්ථ ලංකා කාරක සභාවේ සභිකයින්, මැතිවරණ බලප්‍රදේශ සංවිධානයේ ක්‍රියාකාරී මණ්ඩලයෙන් තෝරාගත් පස් (05) දෙනෙකු බැගින්, කාන්තා හා තරුණ සංවිධාන වලින් තෝරාගත් දස (10) දෙනෙකු බැගින්, සහ අනෙකුත් අනුබද්ධ සංවිධාන වලින් තෝරාගත් පස් (05) දෙනා බැගින්ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පළාත් පාලන ආයතන වලට තේරී පත්ව ඇති සියලුම මන්ත්‍රීවරුන්ද, මැතිවරණ කොට්ඨාශ තරුණ හා කාන්තා පෙරමුණු සභාපති, ලේකම් හා භාණ්ඩාගාරික යන නිලධාරීන්ද මහා සම්මේලනයට නියෝජිතයින් ලෙස කැඳවිය යුතුය” යන සියලු නියෝජනයන් ඇතිව ය. එබැවින් පක්ෂ මහා සම්මේලනය යනු ප්‍රසිද්ධ රැස්වීමක් නොවේ. මැතිවරණ දෙපාර්තමේන්තුවේ වගකීමක් වන්නේ එය එසේදැයි සහතික කර ගැනීමෙහිය.

එම සංශෝධිත පක්ෂ ව්‍යවස්ථාවට අනුව 02 වන වගන්තියේ (ආ) යටතේ සඳහන් අනුබද්ධ සංවිධාන 16 ක් ඇත. ඒවායෙන් නියෝජිතයින් නම් කිරීමට නම්, එම අනුබද්ධ සංවිධානද ඔවුන්ගේ නිලධාරි මණ්ඩල නිල වශයෙන් ඔවුන්ගේ සංවිධානවල ව්‍යවස්ථාවට අනුව පත්කර තිබිය යුතුය.

 

වැදගත්ම කාරණාව වන්නේ ව්‍යවස්ථාවෙහි 11 වන වගන්තියෙහි ප්‍රතිපාදන අනුව ඔවුන්ගේ විධායක සභාව පත්වීමෙහි ය. එය මහා සම්මේලනයෙන් පත් කෙරෙන්නක් නොවේ. ව්‍යවස්ථාවට අනුව ශ්‍රී.ල.නි.ප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙන සහ මැතිවරණ බල ප්‍රදේශ සංවිධායකවරුන් නිල බලයෙන් විධායක සභිකයින්ය. ඊට අමතරව අනුබද්ධිත සංවිධාන වලින්ද විධායක සභාවට නියෝජිතයින් පත් කරනු ලැබේ. පක්ෂ සාමාජිකයෙකු විධායක ජනාධිපතිවන විට ඔහු හෝ ඇය පක්ෂ සභාපති වන අතර, එසේ නොවන විට සභාපති ඇතුළු සියලු ප්‍රධාන නිල සඳහා පත් කිරීම් කෙරෙන්නේ විධායක සභාවෙනි. පක්ෂ මහා සම්මේලනයෙන් මධ්‍යම කාරක සභාව හෝ පත් කෙරෙන්නේ නැත. පක්ෂ ව්‍යවස්ථාවෙහි 13 වන වගන්තියට අනුව විධායක සභාව විසින් තෝරා පත් කරනු ලැබූ නිලධරයින් සහ පක්ෂයේ සභාපති විසින් තෝරාපත් කරන විධායක සභිකයින් 25 කු සමග අනුබද්ධිත කාන්තා, තරුණ සහ වෘත්තීය සමිතිවල ප්‍රධාන නිල දරණවුන් මධ්‍යම කාරක සභාවට පත් කෙරෙන්නේය.

මෙම ව්‍යවස්ථාවට අනුව, විශ්‍රාමික නායකයින් ගෞරවාන්විත අනුශාසකවරුන් ලෙස පත් වන නමුත් පක්ෂයේ සභාපතිට ඉහළින් පක්ෂයේ නායකයෙකු නැත. මෙම පක්ෂ ව්‍යවස්ථාවෙහි මහා සම්මේලනයෙන් ඉටු විය යුතු වගකීම් හා කාර්ය භාරය ගැන කිසිදු සඳහනක් නොවීම බරපතල ගැටළුවකි. ඇත්තටම නම්, මේ පක්ෂ ව්‍යවස්ථාව රටේ විධායක ජනාධිපති ධූරයටත් වඩා ඒකාධිකාරී, බලහත්කාරී පක්ෂ සභාපති ධුරයක් හදා ඇත. ප්‍රජාතන්ත්‍රවාදයක් යන්තමින් හෝ ගෑවී නැති, මහා සම්මේලනයේ වගකීම්ද හොයන්නට නොහැකි මෙවැනි ව්‍යවස්ථාවක් සමග පක්ෂයක් ලියාපදිංචි කිරීමෙන් මැතිවරණ දෙපාර්තමේන්තුව හා කොමිසම කිසිදු සමාජ වගකීමක් හා වගවීමක් ඇතිව කටයුතු නොකරන බැව් ඔප්පු කරති.

ඒ සමග මේ තලගොයි-කබරගොයි රණ්ඩු මගින් අපට ලබා දෙන පණිවිඩය නම්, පක්ෂ ලියාපදිංචියේදී ඒවායේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම සහතික කිරීම අනිවාර්ය වගකීමක් කෙරෙන “ඡන්දදායක හා පක්ෂ ප්‍රඥප්තියක්” සමගින් මැතිවරණ කොමිසම සහ දෙපාර්තමේන්තුව වහා ප්‍රතිසංවිධානය විය යුතු බවය.

ශ්‍රී.ල.නි.ප ව්‍යවස්ථාව කියවා ගැනීමට අවශ්‍ය නම්
 

Kusal 28(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com

(උපුටා ගැනීම - කුසල් පෙරේරාගේ ෆේස්බුක් ගිණුමෙන් )
2024 අප්‍රේල් 26


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ශ්‍රී.ල.නි.ප තලගොයි-කබරගොයි රණ්ඩු, මැතිවරණ ලොක්කෝ වගකීම් පැහැර හැරීමේ ප්‍රශ්නයක් - (කුසල් පෙරේරා) | The Leader