The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

පාලිත තෙවරප්පෙරුම ගේ අකල් මරණය ගැන ගමට කලින් කී කලු බලු අවතාරයේ පසුබිම් කතාව

T

The Leader Desk

April 28, 2024 • 5:55 AM

පාලිත තෙවරප්පෙරුම ගේ අකල් මරණය ගැන ගමට කලින් කී කලු බලු අවතාරයේ පසුබිම් කතාව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යමකු සම්බන්ධ ප්‍රකම්පනීය මරණයක් ළංවන විට මෙලෙස අද්භූත කළු සුනඛයන් දර්ශනය වන බවටත් ඔවුන් නෙත ගැටෙන සාමාන්‍ය සුනඛයන් බියපත්ව උඩු බිරුම් හඬ නංවන බවටත් විශ්වාසයක් අප ජන සමාජයේ ඇත. මේ ආකාරයෙන් අද්භූත ගණයේ කළු සුනඛයන් දැකීම සම්බන්ධ අත්දැකීම් අප සමාජයේ බොහෝ දෙනකු සතුව තිබේ.
  • නමුදු සන්ධ්‍යා හෝ රාත්‍රී කාලයන්හිදී මෙලෙස තමන් ඉදිරියට පැමිණෙන හෝ පසුපසින් ගමන් කරන කළු පැහැති අද්භූත සුනඛයකු පිළිබඳව මෙම අසාමාන්‍ය අත්දැකීම අප ජන සමාජයට පමණක් ආවේණික වූවක් නොවේ.
  • බලු හෝ ඌරු රුව කෙමෙන් වෙනස් වී නැතහොත් විශාල වී එය මහසෝන් රුව ලෙස දර්ශනය වන බවක් පැවසෙයි.
  • අතිශයෝක්තියකින් තොරව කිවහොත් එංගලන්තය, ඇමෙරිකාව ඇතුළු බොහෝ රටවල ද මෙම කළු බලු අවතාරය අතිශයින් ප්‍රකට ය.
අකුරු ප්‍රමාණය (Font Size):


යමකු සම්බන්ධ ප්‍රකම්පනීය මරණයක් ළංවන විට මෙලෙස අද්භූත කළු සුනඛයන් දර්ශනය වන බවටත් ඔවුන් නෙත ගැටෙන සාමාන්‍ය සුනඛයන් බියපත්ව උඩු බිරුම් හඬ නංවන බවටත් විශ්වාසයක් අප ජන සමාජයේ ඇත. 

මේ ආකාරයෙන් අද්භූත ගණයේ කළු සුනඛයන් දැකීම සම්බන්ධ අත්දැකීම් අප සමාජයේ බොහෝ දෙනකු සතුව තිබේ. නමුදු සන්ධ්‍යා හෝ රාත්‍රී කාලයන්හිදී මෙලෙස තමන් ඉදිරියට පැමිණෙන හෝ පසුපසින් ගමන් කරන කළු පැහැති අද්භූත සුනඛයකු පිළිබඳව මෙම අසාමාන්‍ය අත්දැකීම අප ජන සමාජයට පමණක් ආවේණික වූවක් නොවේ.

 

Drummer mocking Mahasonaබලු හෝ ඌරු රුව කෙමෙන් වෙනස් වී නැතහොත් විශාල වී එය මහසෝන් රුව ලෙස දර්ශනය වන බවක් පැවසෙයි.

අතිශයෝක්තියකින් තොරව කිවහොත් එංගලන්තය, ඇමෙරිකාව ඇතුළු බොහෝ රටවල ද මෙම කළු බලු අවතාරය අතිශයින් ප්‍රකට ය. අපගේ ජන සංස්කෘතියට අනුව මහසෝනා නම් යක්ෂයාගේ පැමිණීම මුලින්ම සනිටුහන් වනුයේ කළු බල්ලෙකුගේ හෝ ඌරු තඩියකුගේ කඩා පැනීමක් ලෙසිනි. එහෙත්, ඒ බලු හෝ ඌරු රුව කෙමෙන් වෙනස් වී නැතහොත් විශාල වී එය මහසෝන් රුව ලෙස දර්ශනය වන බවක් පැවසෙයි. ඒ පොල් ගසක් පමණ උස ප්‍රමාණයෙන් යුතුව බව කියන්නෝ ද සිටිති.

එහෙත්, අප මෙහිදී විමසා බැලෙන ලෝක ප්‍රකට ‘කළු බලු අවතාරය’ එලෙස වෙනත් ස්වරූපයක් නොගන්නා අතර දකින්නා මහත් භීතියටත්, චකිතයටත් පත්වූ පසු එය සැණින් අතුරුදන් වෙයි. එමෙන්ම පෙර අපර දෙදිග බොහෝ සංස්කෘතීන්හිම මෙම කළු බලු අවතාරය මරණයේ සංකේතයක් ලෙස ඉදිරියෙන්ම ඇති අයුරු ද එක්තරා පුදුමයකි.

 

1200px Yama on buffaloඅපායේ අධිපති වශයෙන් අප ජනවහරෙහි එන යම රජු හින්දු වෛදික සංස්කෘතියට අනුව හැඳින්වෙනුයේ මරණයේ දේවතාවා නමිනි.

 

අපායේ අධිපති වශයෙන් අප ජනවහරෙහි එන යම රජු හින්දු වෛදික සංස්කෘතියට අනුව හැඳින්වෙනුයේ මරණයේ දේවතාවා නමිනි. වේදයේ ඉගැන්වෙන අන්දමට මෙලෙස ජීවත් වී මරණයට පත්වූ පළමු පුරුෂයා යම වන අතර, පළමු කාන්තාව ඔහුගේ සොයුරිය ‘යමී’ ය. ඉන්පසුව මිහිතලය යට ඇතැයි සැලකෙන පාතාලය, රසාතලය, අහස නමින් හැඳින්වෙන ලොවට පිවිසෙන ඔහු තරඟයෙන් එහි රජකමට පත්ව තිබේ. ඉන්පසු ඔහුගේ රාජකාරිය වී ඇත්තේ මෙලොව ජීවත් වී මියගිය උන්ගේ පරලොව දිවිය පිළිබඳ විනිශ්චයකරු ලෙස කටයුතු කිරීම ය. අපගේ ජන සංස්කෘතියට අනුව යම රජු හැඩිදැඩි සිරුරකින් යුතු දාමරිකයකු බවක් හැඟෙතත් හින්දු වෛදික ඉගැන්වීම්වලට අනුව ඔහු මුහුණ පුරා වැසීගත් රැවුලින් යුතු වියපත් තාපසයකු බඳු ශාන්ත දාන්ත පුද්ගලයෙකි.

samantabhadraසමන් දෙවිඑමෙන්ම ඔහු අතිශයින් කරුණාවන්ත අයකු බව වෛදික මූලාශ්‍ර මඟින් පෙන්වා දෙන මහාචාර්ය සෙනරත් පරණවිතානයන් ශ්‍රී ලාංකික ජන සමාජයේ ප්‍රමුඛතම දෙවියකු වන සමන් දෙවියන් සහ යම අතර ඇති සමානකම් ද පෙන්වා දෙයි. එමගින් පරණවිතානයන් ඉදිරිපත් කළ මතයට අනුව අප රටේ බෞද්ධයන් සිරිපා වන්දනාවේ යාමේදී ව්‍යවහාර කරන කරුණාවයි යන වදන පවා යම පිළිබඳ වෛදික විශ්වාසයෙන් අප රටට දායාද යමගේ කරුණාව පසෙක තබා ඔහුගේ සෙසු වතගොත විමසා බැලුවහොත් සිහසුන දෙපස සිටින යෝධ සුනඛයන් දෙදෙනෙක් අපට හමුවෙති. රත් පැහැති දෑස් සහ විලිස්සාගත් නියවලින් යුතු මෙම කළු බල්ලන් වේදයෙහි හැඳින්වෙනුයේ ‘සරමේය’ යන නමිනි. මෙලොව යමකු මියයෑමට ආසන්න වන විට යම රජුගේ නියෝගය පිණිස ඒ සුනඛයන් දෙදෙනා නියෝජනය කෙරෙන කළු බලු අවතාර මෙලොවට පැමිණෙයි.

යමකුගේ මරණයට පෙර ඒ ගම්බද ප්‍රදේශවල සුනඛයන් දිගට හරහට උඩු බුරන්නට පටන් ගන්නේ එම යම බල්ලන් දකින අපගේ ගම් බල්ලන් තක්බීර් වන නිසා බව ජන විශ්වාසයයි.

 

පාලිත තෙවරප්පෙරුම සනත් නිශාන්තගෙන් වෙනස්වන්නේ කෙසේ ද? - (ආචාර්ය මහේෂ්  හපුගොඩ)පාලිත තෙවරප්පෙරුමයන් ගේ අකල් මරණය මුල් කොට එම කළු බලු පුරාවෘත්තය නැවතත් කුළුගැන්වෙන්නට ඇත.
පාලිත තෙවරප්පෙරුමයන් ගේ අකල් මරණය මුල් කොට එම කළු බලු පුරාවෘත්තය නැවතත් කුළුගැන්වෙන්නට ඇත. එහෙත්, නේවාසික රෝගීන් දහස් ගණනකින් යුතු වීම නිසා එක් දිනක් තුළ මරණයක් දෙකක් නොව, මරණ කිහිපයක් පවා සිදුවීමේ සම්භාවිතාවක් පවතින කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ මියයන රෝගීන් වෙත පැමිණෙන යම බල්ලන් හමුවේ ඒ අවට වෙසෙන සුනඛ ප්‍රජාව එලෙස ප්‍රතිචාර නොදක්වනුයේ ඒ යම බල්ලන් දිනපතාම වාගේ දැක හුරුපුරුදු නිසාද?

එංගලන්තයේ සේම ඇමෙරිකාවේද ජනශූන්‍ය මංමාවත් ආදියේ සැරිසරන බව පැවසෙන මෙම කළු බලු ප්‍රවාදය පිළිබඳ ජනශ්‍රැතිවලට සියවස් කිහිපයක් දක්වා විහිද යන ඉතිහාසයක් ඇති බව මානව විද්‍යාඥයන් විසින් අනාවරණය කරගෙන තිබේ. එම ජනප්‍රවාදවල ඉතිහාසය පිළිබඳව වැඩිදුරටත් විමර්ශනය කළ ඔවුන් පවසනුයේ ඒවා ආදී යුරෝපීය කෙල්ටික් (Celtic) ශිෂ්ටාචාරයේ ඇතිවූ ජන විශ්වාස මත පදනම් වූ ඒවා විය හැකි බවය. එමෙන්ම මීට වසර පන්සීයකටත් වැඩි කාලයක් තිස්සේ යුරෝපයේ ප්‍රචලිත මෙම කළු බලු අවතාරය දහ හතරවන සියවසේ තැනූ බව පැවසෙන නෝර්වේහි ඔස්ලෝ නුවර අකර්හුෂ් බලකොටුවේ (Akershus Fortress) අදටත් හොල්මන් කරන බවට විශ්වාසයක් තිබේ.

p00wslx4ෂර්ලෝක් හෝම්ස් කතා මාලාවේ එක් කතාවක් නම් කොට ඇත්තේද බැස්කර්විල්ස්හි සුනඛයා (The hound of the Baskerlles) යනුවෙනි.

 

යුරෝපයේ පැවති මෙම කළු බලු අවතාරය පිළිබඳ පුරාවෘත්ත සහ විශ්වාසය කෙතරම් තදින් සමාජගත වී තිබිණි ද යත් ලෝක ප්‍රකට රහස් පරීක්ෂක කතා රචක ශ්‍රීමත් ආතර් කොනන්ඩොයිල් විසින් ලියන ලද ෂර්ලෝක් හෝම්ස් කතා මාලාවේ එක් කතාවක් නම් කොට ඇත්තේද බැස්කර්විල්ස්හි සුනඛයා (The hound of the Baskerlles) යනුවෙනි.

එහි සඳහන්ව ඇත්තේ මෙබඳු කලු බලු අවතාරයක් පසුපස ලුහුබැඳ යන හෝම්ස් නම් අපරාධ පරීක්ෂකවරයා ඒ අවතාරය මිනිසුන් බිය ගන්වා හෘදයාබාධ මඟින් අකල් මරණවලට පත් කිරීමට අවතාරයක් සේ කෘත්‍රිම ලෙස හැඩගැන් වූ සැබෑ සුනඛයකු බව ඔහු තහවුරු කරගත් බවකි. එමෙන්ම සුනඛයා දකින සියලු දෙනා අතිශය භීතියට පත්වනුයේ එම කළු බලු අවතාරය මරණයේ සංඥාවක්ය යන විශ්වාසය එවක සමාජය පුරා පැතිර තිබීම නිසා බවද එහි සඳහන් ය. මෙම රහස් පරීක්ෂක කතාව 1902 ප්‍රකාශයට පත් ව ඇති අතර 1939 වසරේ සිට එය කිහිප වරක්ම සිනමාවටද නැංවී තිබේ.

 

maxresdefault සුනඛයා දකින සියලු දෙනා අතිශය භීතියට පත්වනුයේ එම කළු බලු අවතාරය මරණයේ සංඥාවක්ය යන විශ්වාසය එවක සමාජය පුරා පැතිර තිබීම නිසා

මිනිසුන් බියට පත් කරමින් හා ඔවුනට මරණයේ සංඥා දෙමින් සැරිසරන කළු බලු අවතාර මෙන්ම මිනිසුන්ට උදව් උපකාර පිණිස ඉදිරිපත් වන යහපත් කළු බලු අවතාර පිළිබඳවද අපට අසන්නට ලැබේ. නිරිතදිග එංගලන්තයේ සොමර්සෙට් (Somerset) හි දක්නට ලැබෙන කළු බලු අතාරය සහ ඇමෙරිකා එක්සත්ජනපදයේ ඊසාන දෙසට වන්නට පිහිටි කොනෙක්ටිකට් (Connecticut) ප්‍රදේශයේ එල්ලෙන කඳු ආශ්‍රිත සැරිසරන කළු බලු අවතාරය ඊට නිදසුන් සපයයි. මිනිසුන් හා මිතුරු වන මෙම කළු බලු හොල්මන් අතරමං වූවන්ට පාර පෙන්වීමට පවා කාරුණික වෙයි. 

ඒ කෙසේ හෝ ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් කිව යුත්තක් තිබේ. එහෙත් එවැනි දේ මුල් කොට අයහපත හෝ යහපත සිදුවන්නේ ඒ සම්බන්ධ විශ්වාස සිත දරන්නවුන්ට පමණක් වීම ය.

(තිලක් සේනාසිංහ)
ගවේශනාත්මක මාධ්‍යවේදී 
thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම- vinivida.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...