The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

ශ්‍රීලනිපයට වැරදුණේ කොතන ද? - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

T

The Leader Desk

April 29, 2024 • 12:54 PM

ශ්‍රීලනිපයට වැරදුණේ කොතන ද? - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමසමාජ පක්ෂය, (1935) කොමියුනිස්ට්, බෝල්ෂේවික්, විප්ලවකාරි, අසංකෙයියක් ජාත්‍යන්තර, චීන පිළ, චේ ගුවේරා, ජවිපේ, පෙරටුගාමි, මාලිමා ආදි ලෙස කැඩී ඛෙදී ගියේත් එහෙමය.
  • මාක්ස් ලෙනින් අනුහසින් බිහිවූ රටක් රාජ්‍යයන් විසි එක්වෙනි සියවසේ ලෝක සිතියමේ කොහේවත්ම නැත. ලංකාවට මාක්ස්වාදය යා නො දෙන බව රාජ නීතිඥ එච්.
  • ශ්‍රී නිශ්ශංක තේරුම් ගත්තේ සමාජවාදි ආණ්ඩුවක් බිහි කිරීමට 1947දී ඇන්ඇම්ලා කැඳවා සුප්‍රකට යමුනා සාකච්ඡා බිඳ වැටුණ පසුවය.
  • එජාපයට විකල්ප ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදි ධාරාවක අවශ්‍යතාව වෙනුවෙන් පෙනී සිටි හෙතෙම, එජාපයේ සිටි බණ්ඩාරනායකට 1951දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මානය කිරීමට සහාය විය.
අකුරු ප්‍රමාණය (Font Size):

සමසමාජ පක්ෂය, (1935) කොමියුනිස්ට්, බෝල්ෂේවික්, විප්ලවකාරි, අසංකෙයියක් ජාත්‍යන්තර, චීන පිළ, චේ ගුවේරා, ජවිපේ, පෙරටුගාමි, මාලිමා ආදි ලෙස කැඩී ඛෙදී ගියේත් එහෙමය. ජවිපෙය නම් ජරා අමුඩය උඩින් මාලිමා රෙද්ද පටලා ගැනීමත් එවැන්නකි. මාක්ස් ලෙනින් අනුහසින් බිහිවූ  රටක් රාජ්‍යයන් විසි එක්වෙනි සියවසේ ලෝක සිතියමේ කොහේවත්ම නැත. 

 

ලංකාවට මාක්ස්වාදය යා නො දෙන බව රාජ නීතිඥ එච්. ශ්‍රී නිශ්ශංක තේරුම් ගත්තේ සමාජවාදි ආණ්ඩුවක් බිහි කිරීමට 1947දී ඇන්ඇම්ලා කැඳවා සුප්‍රකට යමුනා සාකච්ඡා බිඳ වැටුණ පසුවය. එජාපයට විකල්ප ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදි ධාරාවක අවශ්‍යතාව වෙනුවෙන් පෙනී සිටි හෙතෙම, එජාපයේ සිටි බණ්ඩාරනායකට 1951දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මානය කිරීමට සහාය විය. රාජ නීතිඥ එච්. ශ්‍රී නිශ්ශංක, ශ්‍රීලනිපයෙන් අපේක්ෂා කළේ ලාංකේය චින්තනයට අනුගත ව්‍යාපාරයක් බව නිමල් කරුණාතිලකට කියා තිබිණ.   

 

1952දී ශ්‍රීලනිපයෙන් තේරී පත්වූ මන්ත්‍රීන් නව දෙනා අතරට, රාජ නීතිඥ එච්. ශ්‍රී නිශ්ශංක ද විය.

1952දී ශ්‍රීලනිපයෙන් තේරී පත්වූ මන්ත්‍රීන් නව දෙනා අතරට, රාජ නීතිඥ එච්. ශ්‍රී නිශ්ශංකද විය. 1954 පෙබරවාරි 26 දින සිදුවූ ශ්‍රී නිශ්ශංකගේ මරණය නිසා ශ්‍රීලනිපය, අපේක්ෂිත අරමුණෙන් බැහැරව, අවස්ථා වාදි කල්ලි දේශපාලනයට ගොදුරු විය. එජාපයට විකල්ප ප්‍රජාතන්ත්‍රවාදි ධාරාවකට පහසුකම් සැපයූ, ශ්‍රී නිශ්ශංක තුළ බණ්ඩාරනායකට එහා ගිය ගෞරවයක් විශ්වාසයක් එජාප නිර්මාතෘන් කෙරෙහි පැවතිණ. 

සල්ගල මුල්ගල යන අන්වර්ථ නමින් බුහුමන් ලද ශ්‍රී නිශ්ශංක ආරම්භ කළ සල්ගල ආරණ්‍ය සේනාසන පාලක සභාවේ ප්‍රථම සභාපති වරයා ලෙස 1946දී  ඩඩ්ලි සේනානායක නම් කිරීමත්, කැලණිය බියගම ඉදි කොට 1935 ඔක්තෝබර් 25 වෙනි දින විවෘත කළ විහාර මහා දේවී උපාසිකා ආශ්‍රමයේ ආරම්භක උත්සවයේ ප්‍රමුඛ ආරාධිත අමුත්තා ලෙස ඩී.එස්.සේනානායක ආර්යාව කැඳවීමත් ශ්‍රී නිශ්ශංක පිළිබඳ ඉතිහාසයට මග හැරුණ සංසිද්ධීන් (262-263 පිටු චමත්කාර චරිත- චන්ද්‍රසිරි සෙනෙවිරත්න. ඇම්.ඩී. ගුණසේන ප්‍රකාශනයකි.) කිසිවෙකුට බැහැර කළ නො හැකිය. 

ශ්‍රීලනිපය 56දී රටේ බලය ඇල්ලීමට රාජ්‍ය භාෂා වැනි රට තුළ ඛෙදීම් ඇති කරන සටන් පාඨ මිස ආර්ථීක වැඩපිළිවෙලක් නොවුණේ ආගම් ගැටුම් වළකාලීමට කැප වූ නිශ්ශංක 56 වන විට ජීවත් නොවූ නිසාය.

 

ශ්‍රී ලනිපය 56දී රටේ බලය ඇල්ලීමට රාජ්‍ය භාෂා කැතලික් ඇක්ෂන් වැනි රට තුළ ඛෙදීම් ඇති කරන සටන් පාඨ මිස ආර්ථීක වැඩපිළිවෙලක් නොවුණේ ආගම් ගැටුම් වළකාලීමට කැප වූ නිශ්ශංක 56 වන විට ජීවත් නොවූ නිසාය. භාෂා දෙකට සමතැන් ඉල්ලා අරගල කළ සමසමාජ කොමියුනිස්ට් පක්ෂ 56දී බණ්ඩාරනායකට මුක්කු ගැසුවේ රටට සිදුවන විනාසය නො දැන නොවේ. අගමැතිවූ බණ්ඩාරනායක පාලනයට විපක්ෂ නායක ආචාර්ය ඇන්ඇම් පෙරේරා, වැඩ වර්ජන මෙහෙය වමින් රටේ ශක්තිමත් ආර්ථීකය විනාශ කළේය. මගේ ස්වාමි පුරුෂයා නො මරා මැරුවේ ඇන්.ඇම්. බණ්ඩාරනායක මැතිනිය 1960 මැතිවරණ වේදිකාවේදී චෝදනා කළේ ඒ නිසාය.

1953දී සිංගප්පූරුව පරමාදර්ශයටගත් ස්මාර්ට් ලංකාවට සේනානායකලා දුන් නායකත්වය 1956න් අවසන් වීම සමග දකණු ආසියාවේ ඓතිහාසික සේද මාවතෙහි පිහිටි ලංකාවේ ව්‍යාපාර කළ බොහෝ විදේශීය ව්‍යවසායිකයන් කොළඹ වරාය වැනි ආර්ථීක මර්මස්ථානවලින් ඉවත්ව සිංගප්පූරුවට ගමන් කළහ. නවසිය තිස් ගණණ්වල ජනපද ව්‍යාපාර මෙන්ම, වර්තමානයේ සාම්පූර් උමාඔය වැනි රටට වාසිදායක ව්‍යාපෘතින් විනාස කිරීමට වාමාංශික දේශපාලනය කියා කළහ. තනිව බලය අල්ලා ගත නොහැකි බව දැන සිටි මාක්ස් ලෙනින් වාදින් ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයට රිංගා ගැනීමෙන් ශ්‍රීලනිපයට වඩා රටට හානි සිදු විය. 

 


සිරිමා ශාස්ත්‍රී ගිවිසුම් කෙටුම්පත අත්සන් කිරීමට පෙර විපක්ෂ නායක ඩඩ්ලි සේනානායකගේ නිරීක්ෂණ ලබා ගත්තේ වගකීමක් හැටියටය.

56 පෙරළිය සිව් වසරකින් බණ්ඩාරනායක සමග මිහිදන් වූ පසුව ශ්‍රී ලනිපය මෙහෙයවමින්  බණ්ඩාරනායක මැතිනිය 1960 ජූලියේ ලෝකයේ මුල්ම අගමැතිවරිය ලෙස ජාත්‍යන්තර අවධානය දිනා ගනිමින් රටේ පාලිකාව වූවාය. සිය සැමියාත් අහිමි කළ 56 පෙරළිය, ප්‍රගුණ කළ එතුමිය කිසි විටෙක එජාපය හතුරෙකු ලෙස සැලකුවේ නැත. ඓතිහාසික සිරිමා ශාස්ත්‍රී ගිවිසුම් කෙටුම්පත අත්සන් කිරීමට පෙර විපක්ෂ නායක ඩඩ්ලි සේනානායකගේ නිරීක්ෂණ ලබා ගත්තේ බය නිසා නොව වගකීමක් හැටියටය. එහෙත් 1963දී ඉලංගරත්නලා හරහා වමේ පක්ෂ එක්වීමෙන් අභ්‍යන්තර අර්බුද ඇතිවී මැතිනියගේ ආණ්ඩුව 1964දී  බිඳ වැටිණ. 

ප්‍රින්ස් ගුණසේකර විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ පැවති කතාවකදී 63 එකතුව සඳහා සාකච්ඡාවට රෝස්මීඩ් පැමිණි ඇන්ඇම්ලාට මැතිනිය උඩු මහලින් පහළට පැමිණීම පමා වූ නිසා පැය ගණනක් පහත මාලයේ ආලින්දයේ ඈනුම් අරිමින් සිටීමට සිදුවූ බව කීවේ මැතිනිය තුළ එකී හවුලට පැවති අකමැත්ත හෙළි කරමිනි. එසේම ප්‍රින්ස් 1973 තුන් හවුල් පාලනයට එරෙහිව ජේආර් මෙහෙයවූ සත්‍යග්‍රහ ව්‍යාපාරයන්ටද එක්විය.

 

1965දි රටේ අගමැතිවූ ඩඩ්ලි සේනානායක, 1956දී හානි වූ උතුරු දකුණු හොඳහිත යළි ඇති කරමින් නිර්මානය කළ ජාතික ආණ්ඩුව, 1966දී ගෙනා දෙමළ භාෂා විධිවිධාන පනත් කෙටුම් පතට එරෙහිව මාක්ස්වාදීන් ලේ සොලවා අරගල කළද බණ්ඩාරනායක මෙන් ඩඩ්ලි හෝ එජාප ආණ්ඩුව දුර්වල නොවිණ. සෝල්බරි ව්‍යවස්ථාව අනුව පස් වසරක් අඛණ්ඩව රට පාලනය කිරීමේ ගෞරවය එජාප නායක  ඩඩ්ලිට හිමි විය. 

 

xveeවැපුරූ එක් බුසලකට වී බුසල් 25ක අස්වැන්නක් ලැබූ ලාංකේය කෘෂිකාර්මික පලදායිතාව 1969 වන විට බුසල් 105 තෙක් ඉහළ ගියේ එජාප පාලන කාලයේය.
වැපුරූ එක් බුසලකට වී බුසල් 25ක අස්වැන්නක් ලැබූ ලාංකේය කෘෂිකාර්මික පලදායිතාව 1969 වන විට බුසල් 105 තෙක් ඉහළ ගියේ එජාප පාලන කාලයේය. දෙමළ භාෂා විධිවිධාන පනතින් ජාතිවාදය ඇවිස්සීමෙන් සහ යටිබිම් ගත ජවිපෙ සහායෙන් හෙඳන් හාල් ගෙනැවිත් දෙන කතා කියා තුනෙන් දෙකක බලයක් මැතිනිය ප්‍රමුඛ වාමාංශිකයන් දිනා ගත්හ. ඩඩ්ලි 1970දී ආණ්ඩුව රට භාර දුන් අවස්ථාවේ සන්නද්ධ කැරැල්ලක පෙළ ගැස්ම දන්වා සිටියද, වමේ නායකයන් ඒ වාර්තා ප්‍රතික්ෂේප කළ නිසා නව රජයට වසරක් ගතවීමට පෙර 71 කැරැල්ල ඇති විය.  

1971 අප්‍රේල් 5 දින රාත්‍රී අගමැතිනිය අල්ලා ඝාතනය කොට බලය ලබා ගැනීමේ ජවිපේ කුමන්ත්‍රණය එජාප තරුණයෙකු විසින් විපක්ෂ නායක ජේආර් ජයවර්ධන බලධාරින්ට දැන්වූ නිසා මැතිනියගේ ජීවිතයත් රටේ ප්‍රජාතන්ත්‍රවාදයත් ආරක්ෂා වීම ශ්‍රී නිශ්ශංක අපේක්ෂා කළ එජාප-ශ්‍රී ලනිප අනන්‍ය අවබෝධය තහවුරු කර වන්නකි. මේ සාරාංශ කළේ නිදහස් ලංකාවේ මුල් වසර 23 තුළ ශ්‍රී නිශ්ශංකගේ අපේක්ෂාවට අනුගත එජාප ශ්‍රීලනිප සහ සම්බන්ධතාව පිළිබඳ ජයග්‍රහණ කිහිපයකි. 

2001දී බිඳී ගිය රටේ ආර්ථීකය 2001දී අගමැති ලෙස දෙවසරක් තුළ යළි ගොඩ නැගූ රනිල් වික්‍රමසිංහ ජනාධිපති මැතිවරණයෙන් පැරදවීමට ප්‍රභාකරන් තරමටම ජනතා විමුක්ති පෙරමුණට අවශ්‍ය වුණේ රටේ යහපත පිණිස නොවේ. ඒ වාස්තවික තත්වය 2024 ජනාධිපති මැතිවරණය සම්බන්ධව ඒ ආකාරයෙන්ම නිර්මානය වී ඇති බව විසුරුණ ශ්‍රීලනිපය තේරුම් ගත යුතුවේ. 

 

රට ගොඩනැගීමට මැලිවීම හෙවත් සර්වපාක්ෂිකයට පිටුපෑම... මහින්ද ජයග්‍රහණය කරවූවේ උතුරේ යුද්ධය අවසන් කරවීමට
එසේම 2004දී චන්ද්‍රිකා ජවිපෙ සමග පරිවාස ආණ්ඩුවේ අගමැති තනතුරට ලක්ෂ්මන් කදීර්ගාමර් පත් කිරීමට ජනාධිපති චන්ද්‍රිකාට පැවති අවංක උවමනාව ඉටු වී නම් මේ වනවිට ශ්‍රී ලංකාව ජන වාර්ගික අර්බුදයක් නැත. මහින්දගේ උවමනාවට ඒ විශිෂ්ඨ අරමුණ ශ්‍රීලනිප ආණ්ඩුවට රිංගා පරාජය කළේ ජවිපෙ බව රහසක් නොවේ. එදා මහින්ද ජයග්‍රහණය කරවූවේ උතුරේ යුද්ධය අවසන් කරවීමට බව කියන ජවිපෙය 2010දී මහින්දට එරෙහිව එජාප සමග පොන්සේකා වෙනුවෙන් පෙනී සිටියහ. මහින්ද ශ්‍රීලනිප නායකයා වී නව වසරක් ගිය තැන 2014දී පොළොන්නරුවෙන් පැමිණි ශ්‍රීලනිප මහ ලේකම්ද, ඉන් අඩ සියවසකට පෙර 1964දී පොළොන්නරුවෙන්ම පැමිණි සී.පී. ද සිල්වා අනුව යමින් එජාපය සමග සන්ධාන ගතවුණේ ශ්‍රී ලනිපයේ අභ්‍යන්තර පුපුරා යාම් නිසාය. ඒ අවස්ථා දෙකම ශ්‍රීලනිප අනන්‍යතාව වෙනුවෙන් කළ කැප කිරීම් විය හැකිය. මෙවර ශ්‍රීලනිප අර්බුදය රනිල්ට දෙන සහාය නතර කිරීම 2004 මෙන් තවත් කාගේදෝ දිරච්ච ලණුවක් විය හැකිය. 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අපරාධ නඩු ගණනාවක විත්තිකරුවෙකු වීම  ශ්‍රීලනිපය කඩිනමින් විසඳා ගත යුතු ප්‍රශ්නයකි. ඉතිහාසය පුරා එජාපයට එරෙහිව වාමාංශික සහාය ලබා ගැනීම නිසා ශ්‍රී ලනිපය ඓතිහාසිකව දුර්වල විය. රාජ නීතිඥ එච්. ශ්‍රී නිශ්ශංක දැක්මට අනුව, එකම ධාරාවක විකල්ප දේශපාලනයක යෙදෙන එජාප ශ්‍රීලනිප අවබෝධය සක්‍රිය වීමෙන් ඉතිහාසය පුරා රටට යහපත් වූ අතර වෙන්වීමෙන් ශ්‍රී ලනිපය විනාස වූ බව රහසක් නොවේ.  

1975දී ඇන්ඇම්ලා විපක්ෂයේ වාඩි වීමෙන් මැතිනියටත් ශ්‍රීලනිපයටත් අහිමි වුණේ පාලන බලය පමණක් නොවේ. 17 අවුරුද්දක කුරිරු පසුබෑමකටද ශ්‍රීලනිපය ගොදු විය. වර්තමානයේ පවත්නා ශ්‍රීලනිප අර්බුදය කියවිය යුත්තේ මේ ඓතිහාසික සංසිද්ධින් හරහා ය. හෙවත් රටට එරෙහි තක්කඩි වාමාංශික උගුල් ව්‍යර්ථ කළ හැක්කේ එජාප-ශ්‍රීලනිප අනන්‍ය අවබෝධය කෙරෙහි විශ්වාසය තබන්නේ නම් පමණකි. වාමාංශිකයන් සමග එක්වූ හැම අවස්ථාවකම අවසානය ශ්‍රීලනිපය දුර්වල විය. මෙවර ආණ්ඩුවේ සිටින නිමල් සිරිපාලලාට අමරවීරලාට එරෙහි සටනද කාගේදෝ ලණුවකි. මෙවැනි අර්බුද හේතුවෙන් චන්ද්‍රිකාලා අනුරලා පවා අතීතයේ ශ්‍රීලනිපය හැර ගියහ.

  

sljkhfsමේ උදාවී ඇත්තේ ඒ ඓතිහාසික පාඩම් ප්‍රවේශමෙන් පරිශීලනය කර තීරණ ගත යුතු අවස්ථාවකි.
1965දී ආණ්ඩුව ඩඩ්ලිට භාර නොදී වාමාංශික බලපෑම් නිසා දින 5ක් මැතිනිය බලයේ රැඳී සිටීමත් 1970දී සමස්ත ප්‍රතිපලය නිකුත් වීමටත් පෙර  ඩඩ්ලි අගමැති කමෙන් ඉල්ලා අස්වන ලිපිය නිකුත් කිරිමත් යනු හරහා ශුද්ධවූ ප්‍රජාතන්ත්‍රවාදයට සමීප වීමට ශ්‍රීලනිපයට පැවති බාධා ඇති කළේ වාමාංශික පොතේ ගුරාලා විසිනි. මේ උදාවී ඇත්තේ ඒ ඓතිහාසික පාඩම් ප්‍රවේශමෙන් පරිශීලනය කර තීරණ ගත යුතු අවස්ථාවකි. 

සම්මුති කොන්දේසි වලට ගරු කරන විශ්ව ප්‍රඥප්තිය අනුව අයිඑම්එෆ් වැනි ආයතන සමග රටක් හැටියට බැඳුණ ගිවිසුම් තමන්  බලයට පත් වී, නො තකා හරින බවට මාලිමා නායකයන්ගේ කයිවාරු යළි ගොඩ නැගෙමින් පවත්නා රටේ ආර්ථීකයට කරන තර්ජනයකි. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හැමදාමත් කැපවීමෙන් ක්‍රියා කළ එජාපයත්  ශ්‍රීලනිපයත් සිය ආත්මීය බැඳීමෙන් මේ තීරණාත්මක අවස්ථාවේ එක්ව ක්‍රියා නො කළොත් එය රටේ විනාසයකි. පහෙන් තුනක බලයක් මාලිමාවට ලැබුණත් ජාත්‍යන්තරය සමග බැඳි කොන්දේසි බැහැර කළොත් ලංකාව බලවතුන්ගේ තහංචි අතර හැකිලී ගොස් රටේ සාමාන්‍ය ජනතාව බඩගින්නේ මිය යාම නතර කළ නො හැකිය. 

 

මෛත්‍රී පක්ෂය විජයදාසට වික්කා' ද?වර්තමාන ශ්‍රී ලනිප අර්බුදයට හේතුව රනිල්ගේ ආණ්ඩුවේ ඇමතිකම් දරන ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් එරෙහිව ගැන විනය පියවර ගැනීම වුවද එහි සැබෑව, මෛත්‍රීපාල සිරිසේන පක්ෂ සභාපතිත්වය දැරීම ගැන පවත්නා මතවාදි ගැටීමය.
වර්තමාන ශ්‍රී ලනිප අර්බුදයට හේතුව රනිල්ගේ ආණ්ඩුවේ ඇමතිකම් දරන ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් එරෙහිව ගැන විනය පියවර ගැනීම වුවද එහි සැබෑව, මෛත්‍රීපාල සිරිසේන පක්ෂ සභාපතිත්වය දැරීම ගැන පවත්නා මතවාදි ගැටීමය. අධිකරණ නියෝග නො තකා මෛත්‍රී කණ්ඩායම පක්ෂ නායකත්වයට නම් කළ විජේදාස රාජපක්ෂ රනිල් ආණ්ඩුවේ අධිකරණ ඇමතිවරයා මෙන්ම පොහොට්ටු මන්ත්‍රී වරයෙකි. මෙහිදී අමරවීරලා නිමල් සිරිපාලලා විජේදාසට වෙනස් වෙන්නේ කෙසේද?  

පසුගිය 24 වෙනි බදාදා විවෘත කළ උමාඔය ව්‍යාපෘතිය මෙගාවොට් 150ක් ජල විදුලි බල ශක්තියක් සහ අක්කර 15000කට දෙකන්නට සැපයෙන වාරි ජලය හා ජල විදුලි පහසුව වසර නවයක් ජනතාවට අහිමි කළේ ජනතා විමුක්ති පෙරමුණට ආවේනික තක්කඩි වාචාලකම් ය. මෙහි පවත්නා හාස්‍ය හෝ ඛේදවාචකය වන්නේ 2005 ජවිපෙ ආණ්ඩුවේ සිටියදී මේ ව්‍යාපෘතිය ඔවුන් විසින් ඉදිරිපත් කිරීමය. ඡන්ද පොළට එන මුල් දස දෙනාට මරණය කී ජවිපෙයට මෙවැනි ක්‍රියා සරල විය හැකිය. නලින් හේවගේ තහවුරු කළ ආකාරයට නඩු නො අසා හන්දි ගානේ අපරාධ කාරයන්ට  මරණ දඬුවම් ක්‍රියාත්මක  කරන පාලනයක් වළක්වා ගැනීමේ ඓතිහාසික වගකීම වර්තමානයේ රටේ ප්‍රධාන දේශපාලන ධාරාවන් දෙකට පැවරී ඇත. 

 



නවසිය තිස් ගණන්වල වියලි කලාපීය ජනපද ව්‍යාපාරයට තෝරා ගත් ගොවීන් බිය පත් කළේ වාමංශිකයන් වුවද, 1994 එජාප පාලනයට එරෙහිව කණ්ඩලම හෝටල් ව්‍යාපෘතිය කඩා කප්පල් කළේ ශ්‍රී ලනිපයට රිංගා ගත් අවස්ථාවාදීන් ය. ඔවුන් චන්ද්‍රිකා බලයට පත් කොට කණ්ඩලම අංග සම්පූර්ණ රෝහලක් බවට පත් කරන බවට ප්‍රකාශ කළද, ඔවුන් අදටත් නිවාඩු ගත කරන්නේ කණ්ඩලම හෝටලයේය. එදා කණ්ඩලම විරෝධය සත්තකින්ම බලපෑවේ ආයෝජනයකට මිස පාලක ආණ්ඩුවට නොවේ. කිසි විටෙක රෝහලක් නොවූ කණ්ඩලම් හෝටලය අදටත් දේශීය විදේශීය සංචාරක ආකර්ශණය දිනාගත් ප්‍රමුඛ හෝටල් සංකිර්ණයකි. මෙවැනි බාධාකිරීම් දේශපාලනිකව සිදු නො කරන සම්මුති වාදයක් ප්‍රධාන පක්ෂ අතර ඇති කරවීමට ව්‍යෘපාරිකයන් ක්‍රියා කළ යුතුවේ. 

2022 ආර්ථීකය කඩා වැටීම වසර 75ක රටේ පාලනයේ කුරිරු ප්‍රතිපලය බව කරන ජවිපේ විග්‍රහය තවත් බොරුවකි. නවසිය තිස් පහේ සිට බලය ඇල්ලීමට විවිධ නූල් සූත්තර කර බැරි ගැන ශ්‍රීලනිප දේහයේ එල්ලී යැපුණ, 2022 අරගල භූමියට පය ගැසීමට අවසර නො ලැබුණ අපතයන්ට නිදහස් ලංකාවේ 75 අවුරුදු සාර්ථකත්වය පාච්චල් කිරීමට කතාවට එජාප ශ්‍රීලනිප දෙපාර්ශවයම එක්ව මුහුණ දිය යුතුවේ. 

චණ්ඩි බුද්ධාගම, පොන්න පොලිසිය සහ යහ (ලාලකතිස්ස) පාලනය - Colombo Telegraph(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
sugathcb@gmail.com

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ශ්‍රීලනිපයට වැරදුණේ කොතන ද? - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න) | The Leader