The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

සමාජවාදයත් කල් ඉකුත් වන ලකුණු ! - (නිරංජන් චාමින්ද කරුණාතිලක)

T

The Leader Desk

May 2, 2024 • 6:47 AM

සමාජවාදයත් කල් ඉකුත් වන ලකුණු ! - (නිරංජන් චාමින්ද කරුණාතිලක)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දින කිහිපයක් ගතවන තුරු මේ පිළිබඳ විවිධ කතිකාවත් පැවතිය හැක.
  • නමුත් නොබෝ දිනකින් එය සියලු දෙනාට අමතක වී යනු ඇත. ප්‍රධාන වශයෙන්ම ධනවාදී සහ සමාජවාදී කඳවුරට අයත් දේශපාලන පක්ෂ බොහොමයක් මෙවර මැයි පෙළපාලි සංවිධානය කොට තිබිණි.
  • ලාල් කාන්ත මෑත දිනක ‍YouTube නාලිකාවක් සමග සිදු කළ සංවාදයක දී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කරමින් පවසා සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික ප්‍රතිපත්තිය තවදුරටත් සමාජවාදී නොවන බවය.
  • කෙසේ නමුත් එය ධනවාදය ද නොවන බව සඳහන් කළ ඔහු පවසා සිටියේ ලෝකයේ සමාජවාදී කඳවුරට අයත් කිසිදු රටක පිළිනොගන්නා බහුපක්ෂ ක්‍රමය ඔවුන් පිළිගන්නා බව ය.
අකුරු ප්‍රමාණය (Font Size):

දින කිහිපයක් ගතවන තුරු මේ පිළිබඳ විවිධ කතිකාවත් පැවතිය හැක. නමුත් නොබෝ දිනකින් එය සියලු දෙනාට අමතක වී යනු ඇත. 

ප්‍රධාන වශයෙන්ම ධනවාදී සහ සමාජවාදී කඳවුරට අයත් දේශපාලන පක්ෂ බොහොමයක් මෙවර මැයි පෙළපාලි සංවිධානය කොට තිබිණි. මේ අතුරින් සමාජවාදී කඳවුර නියෝජනය කරන ප්‍රමුඛ පෙළේ දේශපාලන පක්ෂයක් වන්නේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයයි. 

 

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බල මණ්ඩල සභිකයකු සහ ජාතික ජන බලවේගයේ විධායක සභිකයකු වන කේ.ඩී. ලාල් කාන්ත මෑත දිනක ‍YouTube නාලිකාවක් සමග සිදු කළ සංවාදයක දී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කරමින් පවසා සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික ප්‍රතිපත්තිය තවදුරටත් සමාජවාදී නොවන බවය. කෙසේ නමුත් එය ධනවාදය ද නොවන බව සඳහන් කළ ඔහු පවසා සිටියේ ලෝකයේ සමාජවාදී කඳවුරට අයත් කිසිදු රටක පිළිනොගන්නා බහුපක්ෂ ක්‍රමය ඔවුන් පිළිගන්නා බව ය. එමෙන්ම ඔවුන්ගේ මොඩලය වන්නේ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය බව ද පවසා සිටියේය. 

 



සාමාන්‍යයෙන් සමාජවාදී පක්ෂයක් බලයට පත් වූ විට පෞද්ගලික ව්‍යවසායන් රජයට පවරා ගන්නා ප්‍රතිපත්තියක සිටිය ද ජනතා විමුක්ති පෙරමුණ එවැනි ප්‍රතිපත්තියක නොමැති බවත් ඔහු සඳහන් කළේය. කෙසේ නමුත් ජනතා විමුක්ති පෙරමුණ ව්‍යවස්ථාව නම් තවමත් සමාජවාදයෙන් බැහැර වී නැති බව පෙනෙන්නට තිබේ. ව්‍යවස්ථාවේ මුලින්ම සඳහන්ව ඇත්තේ මෙසේය.

ලාල් කාන්තගේ ප්‍රකාශයත් පක්ෂ ව්‍යවස්ථාව අතර පවතින පරස්පරතාව අනුව එක්කෝ ලාල් කාන්ත ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වූවා ද, නැතහොත් ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ ව්‍යවස්ථාවෙන් ඉවත් වූවා ද යන සාධාරණ සැකය මතුවේ. කෙසේ නමුත් ලාල් කාන්තගේ ප්‍රකාශයේ ධනාත්මක පැත්තක් ද තිබේ. ඒ ඔහු නූතන යුගයට සමාජවාදය නොගැළපෙන බව තේරුම් ගැනීමත්, නූතනයට ගැළපෙන ආර්ථික ප්‍රතිපත්තිය කුමක්ද යන තීරණයට එළඹ තිබීමත් ය. එය සැබවින්ම අගය කළ යුතු ප්‍රවණතාවකි.

අරගලය කණ්ඩායම් අතර මතගැටුම් ! - තීරණාත්මක සාකච්ජාවක් අදඔවුන් එවැනි අරගලයකට එළඹෙමින් නව වෙනසක් බලාපොරොත්තු වූ අතර එය සමාජවාදය නොවන බව ද පැහැදිලි ය

 

නූතනයට සමාජවාදය නොගැළපෙන බව වර්තමාන තාරුණ්‍යයේ ද පිළිගැනීම ය. එය හොඳින් පිළිබිඹු වන තැනක් වූයේ පසුගිය වසරේ ගාලු මුවදොර පිටියේ පැවති අරගල භූමියයි. එම අරගලයට මුල පිරුවේ මධ්‍යම පාන්තික තරුණ පරපුර ය. ඔවුන් එවැනි අරගලයකට එළඹෙමින් නව වෙනසක් බලාපොරොත්තු වූ අතර එය සමාජවාදය නොවන බව ද පැහැදිලි ය. ඔවුන්ට මෙහිදී දේශපාලනමය න්‍යායක් තිබුණේ නැත. ඔවුන් එයට එළඹුණේ දේශපාලනික අරමුණුවලින් තොරව අව්‍යාජව ය. නමුත් පසුව මෙයට විකල්ප දේශපාලන කණ්ඩායම් එකතු වූ අතර එය සාම්ප්‍රදායික දේශපාලන දාෂ්ඨිවාදයන් ඔස්සේ මෙහෙයවන්නට පටන් ගැනීමත් සමග අරගලය දියාරුව ගියේ ය. කෙසේ නමුත් මේ අරගලය ආරම්භ කළ මධ්‍යම පාන්තික තාරුණ්‍යයට අද පවතින දේශපාලන මතවාදයන්ට වඩා යාවත්කාලීන වූ අරමුණක් තිබූ බව නම් පැහැදිලිය. ඇතැම්විට ලාල් කාන්ත ආමන්ත්‍රණය කරන්නට උත්සාහ ගන්නවා ඇත්තේ මෙකී කණ්ඩායම්වලට වන්නට පුළුවන.

ලාල් කාන්ත සිය ‍YouTube සංවාදයේ දී ඔවුන්ගේ දේශපාලන මොඩලය ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය ලෙස පවසා සිටියේ ය. සැබවින්ම වර්තමාන ලෝකයේ පවතින්නේ මේ මොඩලයට සමගාමීව ගමන් කරන දේශපාලන මොඩලයන් විනා ධනවාදයවත් සමාජවාදයවත් නොවේ. ලෝකය තුළ නූතන දේශපාලනය විසින් හඳුනාගත් ප්‍රධාන පෙළේ දේශපාලන මොඩලයන් කිහිපයක්ම පවතී. ඒවා අතුරින් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය (Social Democracy) සහ සමාජ සහයෝගීතා ආර්ථිකය (Social Solidarity Economy) වඩාත් කැපී පෙනේ. සමාජවාදී පක්ෂ සමාජවාදය අතහැර ගමන් කරන්නේ මේ දෙසට ය. ධනවාදී පක්ෂ ද එසේමය. ලෝකයේ අනාගතය ඉදිවන්නේ මෙවැනි මොඩලයන් ඔස්සේ බැවින් ඒ පිළිබඳ කතා කිරීම වඩාත් ප්‍රයෝජනවත් වේ.

සමාජ ප්‍රජාතන්ත්‍රවාදය (Social Democracy)

 

995116769a2c9226432b99dee5aeeaf6සමාජ ප්‍රජාතන්ත්‍රවාදය යනු සමාජවාදී සහ ධනවාදී භාවිතයන් ඒකාබද්ධ කරන සහ ප්‍රජාතන්ත්‍රවාදී සුබසාධන රාජ්‍යයකට සහාය දක්වන දේශපාලන, සමාජීය සහ ආර්ථික දර්ශනයකි.

 

සමාජ ප්‍රජාතන්ත්‍රවාදය යනු සමාජවාදී සහ ධනවාදී භාවිතයන් ඒකාබද්ධ කරන සහ ප්‍රජාතන්ත්‍රවාදී සුබසාධන රාජ්‍යයකට සහාය දක්වන දේශපාලන, සමාජීය සහ ආර්ථික දර්ශනයකි. එය ලෞකික ධනවාදයේ අසමානතාවයට හා පීඩනයට විරුද්ධ වන අතරම නිදහස සහ සමානාත්මතාවයේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සමාජයට හා ආර්ථිකයට ව්‍යාප්ත කිරීම අරමුණු කරගත් දෘෂ්ටිවාදයකි. සමාජ ප්‍රජාතන්ත්‍රවාදය පදනම් වී ඇත්තේ රජයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ජනතාවට අවබෝධයක් තිබිය යුත් බවත්, ධනේශ්වර ආර්ථිකය අගහිඟකම් ඇති මිනිසුන්ට උපකාර කිරීම සඳහා ප්‍රතිසංස්කරණය කළ යුතු බවත් යන අදහස මතය. සමාජ ප්‍රජාතන්ත්‍රවාදයට සාමාන්‍යයෙන් පහත කාරණා ඇතුළත් වේ.

 

වෙළඳපොළ පාර්ලිමේන්තුවට ; රාජ්‍යය කෞතුකාගාරයට -ධම්ම දිසානායකනිදහස් වෙළඳපොළ පදනම් වූ ධනේශ්වර ආර්ථිකයක්
■ සාපේක්ෂව නිදහස් වෙළඳපොළ පදනම් වූ ධනේශ්වර ආර්ථිකයක්

■ හොඳින් දියුණු වූ සුබසාධන රාජ්‍යයක්

■ ලිබරල්-ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක්

■ විදේශ ප්‍රතිපත්තිය, ආරක්ෂාව සහ ගෝලීයකරණය සඳහා ජාත්‍යන්තරවාදී ප්‍රවේශයක්

සමාජ සහයෝගීතා ආර්ථිකය (Social Solidarity Economy)

 

ණය ප්‍රතිව්‍යුහගතකරණය, ආර්ථික කප්පාදුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල:  පරිපූර්ණ විසදුමක් ද? නැත්නම් තත්ත්වය උග්‍ර කරන්නක් ද? (ආචාර්ය ලයනල් බෝපගේ)එය පදනම් වී ඇත්තේ තිරසාර, සමාජීය වගකීම් සහිත නිෂ්පාදනය, පරිභෝජනය සහ සේවා ප්‍රවර්ධනය කරන මානුෂීය ආර්ථිකයක් පිළිබඳ අදහස මතය.

 

සමාජ සහ සහයෝගීතා ආර්ථිකය යනු ලාභයට වඩා සමාජීය සහ පාරිසරික ඉලක්කවලට ප්‍රමුඛත්වය දෙන පුළුල් ආර්ථික ප්‍රවේශයකි. එය පදනම් වී ඇත්තේ තිරසාර, සමාජීය වගකීම් සහිත නිෂ්පාදනය, පරිභෝජනය සහ සේවා ප්‍රවර්ධනය කරන මානුෂීය ආර්ථිකයක් පිළිබඳ අදහස මතය. සමාජ සහ සහයෝගීතා ආර්ථිකයේ වටිනාකම් පහත පරිදිය.

■ මිනිසුන් සහ ලෝකය පිළිබඳ දක්වන සැලකිල්ල

■ සමානාත්මතාවය සහ සාධාරණත්වය

■ අන්තර් රඳා පැවැත්ම

■ ස්වයං පාලනය

■ විනිවිදභාවය සහ වගවීම

■ හොඳ රැකියාවක් සහ ජීවනෝපායන්

 ඍජු විදේශ ආයෝජන සහ ජාතික සැලසුම් සම්බන්ධයෙන් ජවිපෙ ස්ථාවරය - (මහාචාර්ය  රොහාන් සමරජීව)

අනාගත ලෝකය රඳා පවතින්නේ මෙවැනි දේශපාලන සහ ආර්ථික මොඩලයන් මත බව නූතන විශ්ලේෂණයන්ට අනුව පැහැදිලි වෙයි. යාවත්කාලීන අදහස් සහිත දේශපාලනඥයන් සිය ගතානුගතික, යල් පීනු අදහස් හැර දමා ගමන් කරන්නට උත්සාහ දරන්නේ මේ දෙසට ය. ලාල් කාන්තගේ සාකච්ඡාව තුළින් පැහැදිලි වන්නේ එයයි. මෙය හුදෙක් වැඩි දෙනෙකුගේ විශ්ලේෂණයට ලක් නොවූ සංවාදයක් යැයි පෙනී ගිය ද එය සුබවාදී අනාගත ලෝකයක් දෙසට ධනාත්මකව පියවර තබන්නට ගන්නා වෑයමක් ලෙස දැකිය හැකිය. නමුත් ඔහු ගේ එම මත දැක්වීම ජනතා විමුක්ති පෙරමුණේ පොදු අදහස ද යන්න පිළිබඳව කීමට අපට නුපුළුවන. එය ඔවුන් පක්ෂය තුළින්ම විසඳාගත යුතු ගැටලුවකි. නමුත් ඒ සම්බන්ධයෙන් බාහිරට පැහැදිලි දෙයක් තිබේ. එනම් ජනතා විමුක්ති පෙරමුණේ මව් බස වන සමාජවාදයේ කල් ඉකුත් වීමට බොහෝ ආසන්න බවකි.


සටහන :
chaminda karu(නිරංජන් චාමින්ද කරුණාතිලක)
hnckcreations@gmail.com

vinivida.lk

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...