The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

ඩීසල් මිල හා බස් ගාස්තුව සැසඳීමට වැඩි යමක්! - (රේණුකා දමයන්ති)

T

The Leader Desk

May 3, 2024 • 10:49 AM

ඩීසල් මිල හා බස් ගාස්තුව සැසඳීමට වැඩි යමක්! - (රේණුකා දමයන්ති)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ පවතින මිල සූත්‍රය අනුව එලෙස බස් ගාස්තු අඩු කිරීමක් සිදු කිරීමට නොහැකි බවක් සඳහන් කරමිනි.
  • ඒ අතර ඩීසල් මිල පහළ ගියද බස් ගාස්තු අඩු කිරීමට හැකියාවක් නොමැති බවත් බස් ගාස්තු අඩු කිරීමට නම් මිල සූත්‍රය අනුව ඩීසල් මිල රුපියල් පනස් පහකින් අඩු විය යුතු බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ද කියා තිබේ.
  • ඔහු පවසා ඇත්තේ මාස තුනක් තිස්සේ ඩීසල් ලීටරයකට රුපියල් 28ක පාඩුවකට බස් කර්මාන්තයේ නියැලෙන බවය.
  • පසුගිය ජනවාරි මාසයේ රුපියල් 29කින් ඩීසල් මිල ඉහළ නැංවූ විට ද බස් ගාස්තුව සංශෝධනය නොකළ අතර පෙබරවාරි මාසයේ ඩීසල් මිල රුපියල් 5කින් අඩු කළ විටත් මිල සංශෝධනයක් නොකළ බව ඔහු පෙන්වා දී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

පවසා ඇත. ඒ පවතින මිල සූත්‍රය අනුව එලෙස බස් ගාස්තු අඩු කිරීමක් සිදු කිරීමට නොහැකි බවක් සඳහන් කරමිනි. ඒ අතර ඩීසල් මිල පහළ ගියද බස් ගාස්තු අඩු කිරීමට හැකියාවක් නොමැති බවත් බස් ගාස්තු අඩු කිරීමට නම් මිල සූත්‍රය අනුව ඩීසල් මිල රුපියල් පනස් පහකින් අඩු විය යුතු බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ද කියා තිබේ.

 



ඔහු පවසා ඇත්තේ මාස තුනක් තිස්සේ ඩීසල් ලීටරයකට රුපියල් 28ක පාඩුවකට බස් කර්මාන්තයේ නියැලෙන බවය. පසුගිය ජනවාරි මාසයේ රුපියල් 29කින් ඩීසල් මිල ඉහළ නැංවූ විට ද බස් ගාස්තුව සංශෝධනය නොකළ අතර පෙබරවාරි මාසයේ ඩීසල් මිල රුපියල් 5කින් අඩු කළ විටත් මිල සංශෝධනයක් නොකළ බව ඔහු පෙන්වා දී තිබේ. ඔහු තවදුරටත් සඳහන් කළේ රජය සමග එකඟ වී ඇති මිල සුත්‍රය අනුව අතුරු වැඩි කිරීමක් හෝ අඩු කිරීමක් සිදු කිරීමට 4%ක බලපෑමක් සිදු විය යුතු බව ය. 

 

ඉන්ධන මිළ ඉහළ යාමෙන් භාණ්ඩ රැසක මිළ ඉහළට - බස් ගාස්තු 25%කින් වැඩිවෙයි ද ?බස් ගාස්තුව යනු මේ වන විට අප ජන සමාජයේ වැඩි පිරිසක් ජීවිතයේ එදිනෙදා මුහුණ දෙන අභියෝග වලින් එකකි.
බස් ගාස්තුව යනු මේ වන විට අප ජන සමාජයේ වැඩි පිරිසක් ජීවිතයේ එදිනෙදා මුහුණ දෙන අභියෝග වලින් එකකි. අද අප රටේ වැඩි පිරිසකට අත්‍යාවශ්‍ය ආහාර පාන සපයා ගැනීමේ දී හා අධ්‍යාපනය,සෞඛ්‍ය, වැනි මූලික අවශ්‍යතා පිරිමසා ගැනීමේ දී පවා ඊට බස් ගාස්තුව ද එක් කළ යුතු වෙයි. ඊට අමතරව අද සමාජයේ වැඩි පිරිසක ගේ ඥාති හා සමාජ සබඳතා පවත්වා ගැනීම සම්බන්ධයෙන් ද බස් ගාස්තුව ප්‍රබල සාධකයක් ව තිබේ. එමෙන්ම අද එම බස් ගාස්තුව සපයා ගැනීම බොහෝ දෙනකුට එක්තරා අභියෝගයක් බව ද නොරහසකි. 

බස් රථ සඳහා අවශ්‍ය අමතර කොටස් නොමැති වීමෙන් හා ඒවායේ මිල අධික වීමෙන් පසුගිය කාලයේ බස්රථ ධාවනය කිරීමට නොහැකි තත්වයක් උද්ගතව තිබූ බව පැහැදිලි ය. ටයර්, බැටරි, බේක් ලයිනර් ඇතුලු බස් රථ අමතර කොටස් නොමැති වීමෙන් බස් රථ ධාවනයෙන් ඉවත් කිරීමට සිදුවේ.එමෙන්ම ඒවා නිසි ලෙස නොයොදා බස් රථ ධාවන කිරීම මාරක අනතුරු වලට ද හේතුවකි.

 

කොරෝනා දෙවන රැල්ලට අත වැනීමක්: මීටරේ දුර අසාර්ථකයි! - මිනිස්සු බස්වල  තෙරපෙයි! (Photos)කප්පම් බර ද අවසානයේ පැටවෙනුයේ බස් මඟියා ගේ කර මතට ය

මෙලෙස බස් ගාස්තුව ඉහළ මට්ටමක පැවතීමට සහ පෞද්ගලික බස් කර්ම්නාන්තය ව්‍යවසායකත්ව මට්ටමින් ප්‍රවර්ධනය නොවීමට පෞද්ගලික බස් වලින් කප්පම් ගැනීම හේතු වී ඇති බව ඉතා පැහැදිලි ය. මෙම කප්පම් කරුවන්ට දීම සඳහා මුදල් උපයා ගත යුත්තේ ද මඟීන් දෙන බස් ගාස්තුවෙන්ම ය. ඒ අනුව එම කප්පම් බර ද අවසානයේ පැටවෙනුයේ බස් මඟියා ගේ කර මතට ය. මෙලෙස පෞද්ගලික බස් රථවලින් කප්පම් කරුවන් අතට වාර්ෂිකව පත් වන මුදල් ප්‍රමාණය රුපියල් කෝටි දෙසිය පනහක් පමණ වන බව ද පැවසෙයි. 

පෞද්ගලික බස් රථවලින් කප්පම් ගැනීම සම්බන්ධව ඉකුත් ආණ්ඩුවේ බලධාරීන්ට මෙන්ම මේ ආණ්ඩුවට ද අවස්ථා ගණනාවක දී තම සංගමය මගින් දැනුම් දුන්නද මෙතෙක් පියවර නොගැනීම කනගාටුවට කරුණක් බව ද ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති වරයා කියා තිබේ. ඒ සම්බන්ධව අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු වී ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද දැනුවත් කර ඇතැයි ද ඔහු කියා ඇත. මෙම කප්පම් ගැනීම් සම්බන්ධයෙන් පෞද්ගලික බස් සේවකයන් පවසනුයේ මේවාට එරෙහිව වදනක් හෝ දෙඩීම ජීවිත කාලයටම මතක සිටින පාඩමක් ඉගෙන ගැනීමට හේතුවක් බව ය. 

 

160301173409 sri lanka private bus 512x288 newsfirst nocreditගමන් වාරයක වේලාව ලබා ගැනීමට පවා මෙසේ කප්පම් ලබාදීමට සිදුව ඇතැයි පවසන ඔව්හු ඊට අවනත නොවන බස් රථවලට ධාවනයට ගමන් වාර අහිමි වී යන බව ද සඳහන් කරති.

බස් රථයක් ගමන් ආරම්භ කරන අවස්ථාවේ සිට ගමන් වාරයක් නිම කරන අවස්ථාව දක්වා කිහිප දෙනකුට කප්පම් ලබාදීමට සිදුවන බවත් පාතාලය හා සම්බන්ධ ප්‍රධාන ජාවාරම්කරුවන් කප්පම් මුදල් එකතු කිරීමට තම ගෝලයන් ප්‍රධාන නගරවල යොදවා සිටින බව පෞද්ගලික බස් සේවකයෝ කියති. ගමන් වාරයක වේලාව ලබා ගැනීමට පවා මෙසේ කප්පම් ලබාදීමට සිදුව ඇතැයි පවසන ඔව්හු ඊට අවනත නොවන බස් රථවලට ධාවනයට ගමන් වාර අහිමි වී යන බව ද සඳහන් කරති. මීට අමතරව අන්තර් පළාත් බසයක් සිය ගමන් වාරයක් නිම කිරීමේ දී රුපියල් දහස් ගණනක් කප්පම් කරුවන්ට පූජා කළ යුතු බව පවසන පෞද්ගලික බස් රථ සේවකයන් එවැනි සිදුවීම් දකින විට පොලිස් නිලධාරීන් ද ඉවත බලා ගන්නා බව ද කියති.මෙය සැබැවින්ම ආණ්ඩුවේ ආරක්ෂක අංශ වල නිවට නියාලු කම ප්‍රසිද්ධියේ පෙන්නුම් කරන අවස්ථාවකි.

පිටකොටුව බස් නැවතුම කොටුව දුම්රියපොළ අසලට බොහෝ කෙටි දුර සේවා පෞද්ගලික බස් රථ ගමනාගමනය අඩාල ව පවතී

 

මේ අතර කෙටි දුර සේවා පෞද්ගලික බස් රථවල ගමන් කරන මගීන් ගෙන් පසුගිය වසර හය තුළ දී 20%ක් ඉවත් වී විකල්ප වාහනවලට යොමු වී ඇති බවත් පැවසෙන අතර බොහෝ කෙටි දුර සේවා පෞද්ගලික බස් රථ ගමනාගමනය අඩාල ව පවතී. සමහර සේවා මුළුමනින් බිඳ වැටී ඇති බවත් පැවසෙයි. ජාතික ප්‍රවාහන පද්ධනියේ බිඳ වැටීමක් පෙන්නුම් කරන මෙම තත්වය හමුවේ ඇස් කන් පියාගෙන නිසොල්මනේ සිටීමට ආණ්ඩුවට නොපුළුවන.

මේ අතර ලබන ජුනි මාසයේ මැද හෝ ජූලි මුල සිට දිවයින පුරා ඒකාබද්ධ කාලසටහන් ක්‍රමය ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් රූබසිංහ පව්සා තිබේ. ජාතික ගමනාගමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ දුම්රිය දෙපාර්තමේන්තුව නියෝජනය කරන කමිටුවක් මඟින් ඒකාබද්ධ කාලසටහන් සකස් කරමින් සිටින බව පැවැසූ ලේකම්වරයා එහි අවසන් වාර්තාව මැයි මාසයේදී තමා අතට ලැබීමට නියමිත බව සඳහන් කරයි. 

 

දුම්රිය සේවය අධිකාරියක් කිරීමට කමිටුවක් !නව කාලසටහන් ක්‍රමය යටතේ දුර ගමන් සේවා බස් රථ සහ දුම්රිය සම්බන්ධ කිරීමට අවධානය

නව කාලසටහන් ක්‍රමය යටතේ දුර ගමන් සේවා බස් රථ සහ දුම්රිය සම්බන්ධ කරන බවත්, ඒ අනුව දුම්රිය නතර කරන වේලාව අනුව බස් රථ ධාවන කිරීමට අවධානය යොමුව තිබෙන බවත් හෙතෙම කියා සිටියි. බස් රථවලින් කප්පම් ගැනීම් නතර කිරීමට ආරක්ෂක අංශ සහ පොලිසිය සමඟ සාකච්ඡා කරගෙන යන බව පැවැසූ ලේකම් වරයා කප්පම්කරුවන්ට දඬුවම් ලබා දීමට නීතිමය ප්‍රතිපාදන ගෙන එන බවත්, ඊට අවශ්‍ය පියවර ගන්නැයි නිලධාරීන්ට දැනුම් දුන් බවත් පවසා තිබේ.

නමුත් බස් රථවලින් කප්පම් ගැනීම අධිකරණය මඟින් ඇප ලබා දිය හැකි වරදක් යටතට ගැනෙන බැවින් කප්පම්කරුවන් මෙහි වාසිය ගෙන ඇප මත නිදහස්ව සුපුරුදු ජාවාරමේ නිරත වන බවත් මීට වසර 10කට පෙර පැවරූ එවැනි කප්පම් නඩු තවමත් විභාග වෙමින් තිබෙන බවත් අනාවරණය වී තිබේ. ඒ අනුව දුම්රිය ලංගම සහ පෞද්ගලික බස් රථ සේවා එකම කලමණාකරණ සැලැස්මක් යටතේ ප්‍රතිව්‍යුහගත කොට මඟීන්ට වඩාත් සුව පහසු සහ කාර්යක්ෂම සේවාවක් සැලසීමේ ජාතික වගකීම නිසි ලෙස ඉටු කිරීමට ආණ්ඩුව දක්වන ඈලි මෑලි දුබල බව රාජ්‍ය පාලනය වල් බිහි වී ඇති බවට ගෙන හැර දැක්විය හැකි හොඳම නිදසුනක් වනු ඇත.

දිඹුලාගල සෙල් ලිපියෙන් සුදොවුන් රජු සෙවීමේ ඛේදවාචකය - (ඒ ජී රේණුකා දමයන්ති)(ඒ ජී රේණුකා දමයන්ති)

නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com

(උපුටා ගැනීම - vinivida.lk)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...