The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

දැයෙන් සමුගත් මහාචාර්ය නලින් ද සිල්වා යනු කවුද?

T

The Leader Desk

May 3, 2024 • 2:19 PM

දැයෙන් සමුගත් මහාචාර්ය නලින් ද සිල්වා යනු කවුද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අභාවප්‍රාප්ත වන ඔහු 79 වන වියේ පසු විය.
  • භෞතික විද්‍යාව සහ ගණිතය ක්ෂේත්‍රයේ මහාචාර්යවරයෙකු වූ ඔහු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් විශ්ලේෂණ ඉදිරිපත් කළ චින්තකයෙකු ලෙස ප්‍රකටව සිටියේ ය.
  • පානදුර සිට සසෙක්ස් විශ්වවිද්‍යාලය දක්වා 1944 ඔක්තෝබර් මස 20 වන දින නලින් ද සිල්වා උපත ලැබුවේ, කළුතර දිස්ත්‍රික්කයේ පානදුර නගරයට සමීපව පිහිටි, කෝවිලගොඩැල්ල ප්‍රදේශයේදී ය.
  • පසුව, කොළඹ තර්ස්ටන් විද්‍යාලයට ඇතුළත් වූ නලින් ද සිල්වා ද්විතියික අධ්‍යාපන කටයුතු සඳහා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් විය.
අකුරු ප්‍රමාණය (Font Size):

අභාවප්‍රාප්ත වන ඔහු 79 වන වියේ පසු විය.

භෞතික විද්‍යාව සහ ගණිතය ක්ෂේත්‍රයේ මහාචාර්යවරයෙකු වූ ඔහු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් විශ්ලේෂණ ඉදිරිපත් කළ චින්තකයෙකු ලෙස ප්‍රකටව සිටියේ ය.

 

පානදුර සිට සසෙක්ස් විශ්වවිද්‍යාලය දක්වා

1944 ඔක්තෝබර් මස 20 වන දින නලින් ද සිල්වා උපත ලැබුවේ, කළුතර දිස්ත්‍රික්කයේ පානදුර නගරයට සමීපව පිහිටි, කෝවිලගොඩැල්ල ප්‍රදේශයේදී ය.

සිය නිවසේ සිට පාගමනින් යා හැකි තරම් ආසන්නයේ පිහිටි පානදුර, වෑකඩ බෞද්ධාලෝක මහා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබීය.

පසුව, කොළඹ තර්ස්ටන් විද්‍යාලයට ඇතුළත් වූ නලින් ද සිල්වා ද්විතියික අධ්‍යාපන කටයුතු සඳහා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් විය.

ද්විතියික අධ්‍යාපන සාර්ථකව නිම කළ ඔහු, 1962 වසරේදී ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ අතර, 1967 වසරේදී ගණිතය විෂය වෙනුවෙන් පළමු පන්තියේ ‍ගෞරව උපාධියක් හිමි කර ගත්තේ ය.

ඔහු එංගලන්තයේ සසෙක්ස් විශ්වවිද්‍යාලයෙන් භෞතික විද්‍යාවට අදාළව 1970 වසරේදී ආචාර්ය උපාධිය හෙවත් දර්ශන විශාරද උපාධිය ලබා ගත්තේ ය.

ddrdfdf

විශ්වවිද්‍යාල ඇදුරෙකු ලෙස

ආචාර්ය නලින් ද සිල්වා ශ්‍රී ලාංකික සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙකු, දාර්ශනිකයෙකු සහ දේශපාලන විශ්ලේෂකයෙකු පමණක් නොව ජාතිකත්වය පිළිබද මත පළ කළ චින්තකයෙකු ලෙස ද ප්‍රකට වී සිටියේ ය.

ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ මහාචාර්යවරයෙකු ලෙස සේවය කළ අතර එහි විද්‍යා පීඨයේ පීඨාධිපති ධූරය ද දැරී ය.

ඊට අමතරව, මහාචාර්ය නලින් ද සිල්වා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ (FUTA) මෙන් ම කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර තිබිණි.

 

දේශපාලන විශ්ලේෂකයෙකු ලෙස

jlsjdfd

නලින් ද සිල්වා මාක්ස්වාදී ට්‍රොට්ස්කිවාදී ලංකා සම සමාජ පක්ෂයේ සහ නව සම සමාජ පක්ෂයෙහි හිටපු සාමාජිකයෙකු විය.

මාක්ස්වාදියෙකු සහ සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙකු වශයෙන් එම දෙකෙහි ම සිද්ධාන්ත හදාරමින් ඔහු මත ඉදිරිපත් කළේ ය.

ඔහු මාක්ස්වාදයේ සහ බටහිර විද්‍යාවෙහි පදනම පිළිබඳ දැඩි ලෙස ප්‍රශ්න කළ අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන්, සංස්ථාපිත බටහිර දැනුමෙහි පදනම සහ ලොව පුරා විහිදුණු එහි ආධිපත්‍යය විවේචනය කරමින් 1986 වසරේදී 'මගේ ලෝකය' නමින් ග්‍රන්ථයක් රචනා කළේ ය.

ඒ තුළින්, ඔහු තවදුරටත් ඥාන විභාගය සහ සත්භාව විචාරය පිළිබඳ හැදෑරීමකට යොමු වූ අතර එහිදී, සංවේදන ඉන්ද්‍රියයන්ට, සංස්කෘතියට සහ මනසට සාපේක්ෂව මිනිසා විසින් දැනුම ගොඩනැගීමේ පදනම ලෙස 'නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය' නමැති සංකල්පය හඳුන්වා දුන්නේ ය.

 

මතභේදාත්මක ප්‍රකාශ

2010 වසරේදී ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ දීර්ඝ කාලයක සිට පවතින වකුගඩු රෝග සම්බන්ධව එවකට කැලණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශ ප්‍රධාන මහාචාර්ය ප්‍රියානි පරණගමගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් පර්යේෂණයක් පැවැත්වීය.

එවකට එම සරසවියේ විද්‍යා පීඨාධිපතිව සිටි මහාචාර්ය නලින් ද සිල්වා මෙම පර්යේෂණයේ උපදේශකවරයෙකු වශයෙන් කටයුතු කළේ ය.

මෙම පර්යේෂණයේ ප්‍රතිඵල 2011 වර්ෂයේ ප්‍රකාශයට පත්කරනු ලැබූ අතර, පර්යේෂක කණ්ඩායම උතුරු මැද පළාතේ පානීය ජලයේ, ශාකවල, සහල්වල සහ අනිකුත් නියැදිවල ආසනික් අධික ප්‍රමාණවලින් අඩංගු වන බව ප්‍රකාශ කළේ ය.

මෙම ආසනික් ආනයනික කෘමිනාශකවලින් පරිසර පද්ධතියට එකතු වූ බව ඔවුන්ගේ චෝදනාව වූ නමුත් පර්යේෂණයට අදාළ දත්ත ප්‍රසිද්ධ කිරීම ඔවුන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම නිසා මෙම නිගමනයේ නිරවද්‍යතාව පිළිබදව ඇතැම් පාර්ශව සැක පළ කළේ ය.

මේ සම්බන්ධයෙන් නලින් ද සිල්වා ඇතුළු පර්යේෂක කණ්ඩායම දුන් පිළිතුරක් වූයේ, ආසනික් ප්‍රතිශතය සම්බන්ධයෙන් තමන්ට නාථ දෙවියන් විසින් දැනුවත් කරනු ලැබූ බව ය.

මේ සම්බන්ධයෙන් එවකට ප්‍රධාන පුවත්පත්වල ලිපි පවා පළ වී තිබූ අතර, පර්යේෂකයින් දුන් පිළිතුරු ඒවායේ දැක්වේ.

ඒ අනුව, ඔවුන්ගේ පර්යේෂණ ප්‍රතිඵල සම්බන්ධයෙන් දැඩි මතභේදකාරී තත්ත්වයක් ඇති විය.

 

ගෝඨාභය රාජපක්ෂ සමයේ ලැබූ තානාපති ධූරය

මහාචාර්ය නලින් ද සිල්වා, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරය දැරූ සමයේදී මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ධූරයට පත් කෙරිණි.

පසුකලෙක ඔහු ෆේස්බුක් සමාජ මාධ්‍යයෙහි ද ක්‍රියාකාරී මත පළ කරන්නෙකු වූ අතර, පාස්කු ප්‍රහාරයට ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධ නොවූ බව තහවුරු කිරීම සදහා ලිපි කිහිපයක් ම පළ කර තිබිණි.

අවසන් වරට ෆේස්බුක් පිටුවෙහි පළ කළ අදහස
ඔහු සිය නිල ෆේස්බුක් පිටුවෙහි අවසන් වරට සටහනක් තබා තිබුණේ, අභාවප්‍රාප්ත වීමට පෙර දිනයේදී ය.

එහිදී ඔහු සටහන් කර තිබුණේ,

"දින කිහිපයක් ලිපි පළ නොකෙරෙන බව කරුණාවෙන් සලකන්න," යනුවෙනි.

(BBC සිංහල සේවය)

 

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

දැයෙන් සමුගත් මහාචාර්ය නලින් ද සිල්වා යනු කවුද? | The Leader