The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

නලින් ද සිල්වා ඇදුරුතුමාට ගරු කළ හැක්කේ කෙසේ ද? - (යුතුකම ජාතික සංවිධානය)

T

The Leader Desk

May 4, 2024 • 4:24 AM

 නලින් ද සිල්වා ඇදුරුතුමාට ගරු කළ හැක්කේ කෙසේ ද? - (යුතුකම ජාතික සංවිධානය)  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තමා තෝරාගත් ක්ෂේත්‍ර පරතෙරට ම හැදෑරීය.
  • අප විද්‍යාත්මක යැයි පිළිගන්නා බොහෝ ප්‍රවාද, ඒ සේ පිළිගැනී ඇත්තේ විද්‍යාත්මක නොවන වෙනත් කරුණු මත බව, සරල වීම, සෞන්දර්යය වැනි කරුණු මත බව පෙන්වා දුන්නේ ය.
  • මේ මඟින් එතුමා, අප වෙනුවෙන් අපේම මාවතක් ඉදි කරගැනීමට එරෙහිව තිබූ ප්‍රධානම බාධකය බිඳ හෙලුවේ ය.
  • අපේ ඉතිහාසය මත අපේ අනාගතය ගොඩනඟා ගත හැකි බවට, කුරුරි ත්‍රස්තවාදය පරාජය කළ හැකි බවට පමණක් නොව පරාජය කළ යුතු බවට මතවාද ගොඩ නැඟුනේ ද මේ අනුව ය.
අකුරු ප්‍රමාණය (Font Size):

සරණ පැතීය. තමා තෝරාගත් ක්ෂේත්‍ර පරතෙරට ම හැදෑරීය.

1980 වැඩවර්ජනයේ අසාර්ථකත්වය එතුමාව සසල කළේ ය. න්‍යාය හා ප්‍රායෝගිකත්වයේ විසංවාද එතුමාව කළඹවාලීය. එතුමා අවංක බුද්ධිමතකු විය.

එතුමා මාක්ස්වාදය ප්‍රශ්න කළේ ය. මාක්ස්වාදය විද්‍යාත්මක නම්, ඊට අනුකූලව ගන්නා දේශපාලන ක්‍රියාමාර්ග අසාර්ථක වන්නේ කෙසේ ද? එතුමා මාක්ස්වාදය විද්‍යාත්මක දැයි ප්‍රශ්න කළේ ය. ඒ, එසේ නොවන බව පෙන්වාලීය.

ඉන්පසු එතුමා විද්‍යාව විද්‍යාත්මක දැයි ප්‍රශ්න කළේ ය. වෙනත් වචනවලින් කිවහොත් විද්‍යාත්මක විධික්‍රමය ම  ප්‍රශ්න කළේ ය. අප විද්‍යාත්මක යැයි පිළිගන්නා බොහෝ ප්‍රවාද, ඒ සේ පිළිගැනී ඇත්තේ විද්‍යාත්මක නොවන වෙනත් කරුණු මත බව, සරල වීම, සෞන්දර්යය වැනි කරුණු මත බව පෙන්වා දුන්නේ ය.


මේ මඟින් එතුමා, අප වෙනුවෙන් අපේම මාවතක් ඉදි කරගැනීමට එරෙහිව තිබූ ප්‍රධානම බාධකය බිඳ හෙලුවේ ය. බටහිර යුරෝපයේ ඉතිහාසය මත ගොඩනැඟුණ, ලොවටම පොදු වූ ඓතිහාසික විකාශනයක් පිළිබඳ මතවාද අභියෝගයට ලක් කෙරුණේ ය. අපගේම වූ දැනුම් පද්ධතියක්, අපගේම වූ මාවතක්, අපගේ වූ අනාගතයක් පිළිබඳ නව අලෝක ධාරා පැතිරෙන්නට විය.

ගුණදාස අමරසේකරයන් ගේ ජාතික චින්තනය පිළිබඳ අදහසට සෛද්ටාන්තිකව ඉඩකඩ වීවර වූයේ මේ දාර්ශනික ප්‍රවේශය ඔස්සේ ය. අපේ ඉතිහාසය මත අපේ අනාගතය ගොඩනඟා ගත හැකි බවට, කුරුරි ත්‍රස්තවාදය පරාජය කළ හැකි බවට පමණක් නොව පරාජය කළ යුතු බවට මතවාද ගොඩ නැඟුනේ ද මේ අනුව ය.

 


ත්‍රස්තවාදය පරාජය කරනු දැකීමට එතුමා වාසනාවන්ත විය. එහෙත් එතුමා අපෙන් සමුගන්නේ මවුබිමේ චිර පැවැත්ම ම අභියෝගයට ලක්ව ඇති මොහොතක ය. ඒ අභියෝගය ජයගැනීම, ත්‍රස්තවාදය පරාජය කළ රටේ  ස්වෛරීත්වය, ස්වාධීනත්වය තහවුරු කිරීම, අද අප හමුවේ වන ප්‍රමුඛතම අභියෝගය ය. මේ තීරණාත්මක පැයේ දී නලින් ද සිල්වා ඇදුරුතුමාට ගරු කළ හැක්කේ ඒ සඳහා කැපවීමෙනි!


(යුතුකම ජාතික සංවිධානය)


සබැඳි ලිපි :

ආචාර්ය නලින් ද සිල්වා : අවසන් කටයුතු ඉරිදා ඇමරිකාවේදී - පාංශුකූලේ පිරිනැමීමක් කොළඹදී


දැයෙන් සමුගත් මහාචාර්ය නලින් ද සිල්වා යනු කවුද?

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...