The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

කොවිඩ් එන්නත් අතුරු ආබාධ වන්දි සටනේ වින්දිතයින් තවත් පියවරක් ඉදිරියට

T

The Leader Desk

May 5, 2024 • 3:29 PM

කොවිඩ් එන්නත් අතුරු ආබාධ වන්දි සටනේ වින්දිතයින් තවත් පියවරක් ඉදිරියට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම එන්නතෙන් තමාගේ මොළයට හානි වූ බව පවසන පියෙකු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයෙකු බීබීසී පුවත් සේවය වෙත පවසා තිබේ.
  • ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නත හරහා ඉතා දුර්ලභ අතුරු ආබාධයක් ඇති කළ හැකි බව අධිකරණ ලේඛනවලින් පළමු වරට පිළිගෙන තිබේ.
  • ඇතැම් පැමිණිලිකරුවන් පවසන්නේ, එන්නත හේතුවෙන් සිය ඥාතීන් මිය ගිය බව ය.
  • එමෙන් ම, තවත් පිරිසක් එන්නත නිසා බරපතළ ආබාධවලට ලක්වූ බවට චෝදනා කරති.
අකුරු ප්‍රමාණය (Font Size):

එම එන්නතෙන් තමාගේ මොළයට හානි වූ බව පවසන පියෙකු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයෙකු බීබීසී පුවත් සේවය වෙත පවසා තිබේ.

ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නත හරහා ඉතා දුර්ලභ අතුරු ආබාධයක් ඇති කළ හැකි බව අධිකරණ ලේඛනවලින් පළමු වරට පිළිගෙන තිබේ.

එම ඖෂධ සමාගම දිගින් දිගට කොවිඩ් එන්නත සම්බන්ධයෙන් චෝදනා ගණනාවකට මුහුණ දෙමින් සිටී.

ඇතැම් පැමිණිලිකරුවන් පවසන්නේ, එන්නත හේතුවෙන් සිය ඥාතීන් මිය ගිය බව ය. එමෙන් ම, තවත් පිරිසක් එන්නත නිසා බරපතළ ආබාධවලට ලක්වූ බවට චෝදනා කරති.

ඇස්ට්‍රාසෙනෙකා ඇතුළු කොවිඩ් එන්නත්වලින් මිලියන ගණනකගේ ජීවිත බේරුණු බව අධ්‍යයනවලින් පෙන්වා දී තිබේ.

පළමු පැමිණිල්ල පසුගිය වසරේ සිදු කරන ලද්දේ, 2021 අප්‍රේල් මාසයේදී එන්නත ලබා ගැනීමෙන් පසු රුධිරය කැටි ගැසීමකින් මොළයට හානි වීම නිසා වැඩ කළ නොහැකි තත්ත්වයට පත් වූ දෙදරු පියෙකු වන ජැමී ස්කොට් විසිනි.

එක්සත් රාජධානියේ පාරිභෝගික ආරක්ෂණ පනත යටතේ ගන්නා ලද ක්‍රියාමාර්ගය අනුව, එන්නත "දෝෂ සහිත" බවට චෝදනා කර ඇත්තේ, ඉන් ජනතාව අපේක්ෂා කළ තත්ත්වයට වඩා අඩු ආරක්ෂිත බවක් පැවති හෙයිනි.

jklhfgkjඑක්සත් රාජධානියේ ලබා දුන් පළමු කොවිඩ් එන්නත වූ ඇස්ට්‍රාසෙනෙකා, 2021 වසරේ ජනවාරි මාසයේදී මෙම බර්මිංහැම් මුස්ලිම් දේවාස්ථානය වැනි ස්ථානවලදී එන්නත් කරන ලදී.


මෙම චෝදනාවලට එරෙහිව ඇස්ට්‍රාසෙනෙකා නඩු විභාගයට පෙනී සිටිය ද, සිය කොවිඩ් එන්නත මගින් "රුධිරය කැටී ගැසීමට බලපෑ හැකි ඉතා දුර්ලභ අතුරු ආබාධ (TTS) ඇති විය හැකි" බව පෙබරවාරි මාසයේදී බ්‍රිතාන්‍ය මහාධිකරණයට ලේඛනයක් ඉදිරිපත් කරමින් පිළිගෙන තිබේ.

නඩුවේ නීතීඥයින් පවසන්නේ, TTS යනු Thrombosis Thrombocytopenia Syndrome යන රෝගී තත්ත්වය වන අතර, එන්නත් කිරීමෙන් පසුව එම තත්ත්වය ඇති වූ විට VITT (Vaccine-induced Immune Thrombosis with Thrombocytopenia) ලෙස හඳුන්වන බව ය.

TTS හෝ VITT යනු රුධිරය කැටි ගැසීම සහ රුධිර පට්ටිකා අඩුවීම යන තත්ත්වයන් එකතු වීමෙන් ඇති වන දුර්ලභ සංකූලතාවකි.

TTS හෝ VITT සංකූලතා හේතුවෙන් ආඝාතය, මොළයට හානි වීම, හෘදයාබාධ, පෙනහලු ආබාධ, ශරීරාංග ඉවත් කිරීම වැනි ජීවිතයට තර්ජනයක් ඇති විය හැකි බව නීතිඥයෝ පවසති.

එන්නත් ලබා නොගත් අයට ද විවිධ ආකාරවලින් ත්‍රොම්බොසිස් සංකූලතා ඇති විය හැකිය. TTS හෝ VITT නමැති දුර්ලභ සහලක්ෂණය ත්‍රොම්බොසිස් සංකූලතාවට බලපාන්නේ එන්නත් කිරීමෙන් පසුව පමණකි.

SFGDYTRඅඩු ආදායම්ලාභී අසල්වැසි රාජ්‍යයන්ට ළඟා වීමේ ව්‍යාපෘතියකට සමගාමීව මෙක්සිකෝවේ ජැලිස්කෝ ප්‍රාන්තය වැනි දුප්පත් රටවල් ගණනාවකට, වියදම පමණක් පියවා ගැනීමේ මිල ගණන් යටතේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දෙන ලදී.


ස්කොට්ගේ නීතීඥයින් බීබීසී පුවත් සේවයට 2023 මැයි මාසයේදී යවන ලද ප්‍රතිචාරාත්මක ලිපියක ඇස්ට්‍රාසෙනෙකා සමාගම මෙසේ ඔවුන්ට පැවසූ බව තහවුරු කර ඇත: "එන්නත සාමාන්‍ය මට්ටමකදී රුධිරය කැටි ගැසීමකට හේතු වන බව අපි පිළිනොගනිමු. (මහා පරිමාණයෙන්)"

එහෙත්, මහාධිකරණය වෙත පෙබරවාරි මාසයේදී ඉදිරිපත් කරන ලද ලේඛනයෙහි සඳහන් කර ඇත්තේ: "ඇස්ට්‍රාසෙනෙකා එන්නත රුධිරය කැටි ගැසීමට බලපාන ඉතා දුර්ලභ අතුරු ආබාධවලට හේතු විය හැකිය. එය සිදු වන යාන්ත්‍රණය (සිදු වන ආකාරය) නොදනී." යනුවෙනි.

සෑම පැමිණිලිකරුවෙකු ම ත්‍රොම්බොසිස් සංකූලතාව තමන්ට ඇති වූයේ, වෙනත් හේතුවකින් නොව, එන්නත හේතුවෙන් පමණක් බවට තහවුරු කළ යුතු බව සමාගමේ ස්ථාවරය වී තිබේ.

සමාගම පැවසුවේ, "තව ද, ඇස්ට්‍රාසෙනෙකා නොවන වෙනත් එන්නතක් හරහා ද ත්‍රොම්බොසිස් සංකූලතා ඇති විය හැකිය. ඕනෑ ම තනි සිද්ධියක හේතුව විශේෂඥ සාක්ෂි සඳහා කාරණයක් වනු ඇත," යනුවෙනි.

JKGRRඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පිහිටි සීරම් ආයතනය 2021 වසරේදී ඇස්ට්‍රාසෙනෙකා සමග ඇති කර ගත් ගිවිසුමක් මත අවම වශයෙන් එන්නත් මාත්‍රා බිලියන 1ක් නිපදවා තිබේ

 

'සැලකිය යුතු වෙනසක්'

ස්කොට් සහ නඩුවේ සෙසු පැමිණිලිකරුවන්ගේ - සමස්තයක් ලෙස පැමිණිලිකරුවන් 51 දෙනෙකුගේ - නීතිඥවරයා පවසන්නේ, මෙය මෙම නඩුවට අදාළව ඇස්ට්‍රාසෙනෙකා සමාගමේ සැලකිය යුතු වෙනසක් සලකුණු කරන බව ය.

Leigh Day නමැති නීති සමාගමේ සාරා මුවර් බීබීසී පුවත් සේවයට පැවසුවේ: "මෙය සාමාන්‍ය හේතූන් පිළිබඳ වැදගත් පිළිගැනීමක් - එනම් ඇස්ට්‍රාසෙනෙකා එන්නත විශේෂයෙන් TTS සහ VITT සංකූලතාවන්ට හේතු විය හැකි බව පිළිගැනීමක්."

"නිල අභියාචනාවලින් ඔවුන් දැන් මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ ස්ථාවරය වෙනස් කිරීමට තීරණය කර තිබීම වැදගත්", ඇය තවදුරටත් පවසයි.

පැමිණිලිකරුවන්ට සාධාරණ වන්දියක් සහ යම් මූල්‍ය සුරක්ෂිතතාවක් ලබා ගැනීමට මෙම පිළිගැනීම හරහා මග පෑදිය හැකිය.

අඟහරුවාදා, ඇස්ට්‍රාසෙනෙකා සමාගම බීබීසී පුවත් සේවයට අදහස් දැක්වූ නමුත්, සාරා මුවර් විසින් ඉදිරිපත් කරන ලද කරුණුවලට විශේෂ ප්‍රතිචාරයක් දැක්වූයේ නැත. නිවේදනයක් හරහා එම සමාගම පැවසුවේ, "ආදරණීයයන් අහිමි වූ හෝ සෞඛ්‍ය ගැටලු වාර්තා වූ ඕනෑ ම අයෙකුට අපගේ කනගාටුව පළ කරන්නෙමු.

රෝගීන්ගේ ආරක්ෂාව අපගේ ඉහළ ම ප්‍රමුඛතාව වන අතර, එන්නත් ඇතුළු සියලු ම ඖෂධවල ආරක්ෂිත භාවිතය සහතික කිරීම සඳහා නියාමන බලධාරීන් සතුව පැහැදිලි සහ දැඩි ප්‍රමිතීන් ඇත.

"සායනික අත්හදා බැලීම් සහ සැබෑ ලෝකයේ දත්තවල සාක්ෂිවලින්, ඇස්ට්‍රාසෙනෙකා-ඔක්ස්ෆර්ඩ් එන්නත සම්බන්ධයෙන් පිළිගත හැකි ආරක්ෂිත තත්ත්වයක් පවතින බව අඛණ්ඩව පෙන්නුම් කර ඇති අතර, එන්නතෙහි ප්‍රතිලාභ, අතිශයින් දුර්ලභ අතුරු ආබාධමය අවදානම් තත්ත්වයන් ඉක්මවා යන බව ලොව පුරා නියාමකයෝ නිරන්තරයෙන් ප්‍රකාශ කරති‍."

FDGDGDFG2021 මාර්තු මාසයේදී මෙම සෞඛ්‍ය සේවකයාට එන්නත් කරන ලද ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දීම, කෙන්යාවේ වැනි චීනයෙන් පිටත ලොක්ඩවුන් කිරීම් ආරම්භ වී වසරකටත් අඩු කාලයක් තුළ ලොව පුරා ක්‍රියාත්මක විය

 

වෛද්‍ය උපදෙස් වෙනස් වෙයි

2022 වසරේ ජූනි මාසයේදී, ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ, ඇස්ට්‍රාසෙනෙකා එන්නත, "වයස අවුරුදු 18 සහ ඊට ඉහළ පුද්ගලයින් සඳහා ආරක්ෂිත සහ ඵලදායී වන" බව ය.

"ඉතා සුළු පිරිසකගෙන් වාර්තා වූ අතිශය දුර්ලභ රුධිරය කැටි ගැසීම් පිළිබඳ වාර්තා අනුව," එන්නත්කරණ සහ ප්‍රතිශක්තිකරණ පිළිබඳ ඒකාබද්ධ කමිටුව 2021 අප්‍රේල් මස 7 වන දා උපදෙස් දුන්නේ, වයස අවුරුදු 30ට අඩු පුද්ගලයින්ට ඇස්ට්‍රාසෙනෙකා එන්නත වෙනුවට විකල්ප එන්නතක් ලබා දෙන ලෙස ය.

ඇස්ට්‍රාසෙනෙකා සමාගම ද පෙන්වා දෙන්නේ, සිය එන්නත් බහලුම් සහ කුප්පිවල සඳහන් කළ උපදෙස් ඉහත කී නිර්දේශ පිළිබිඹු වන පරිදි වෙනස් කිරීමට පියවර ගත් බව ය.

2021 මැයි 7 වන දින, වයස අවුරුදු 40ට අඩු වැඩිහිටියන්ට අදාළ වන පරිදි මාර්ගෝපදේශ සංශෝධන කරන ලදී.

ඇස්ට්‍රාසෙනෙකා බීබීසී පුවත් සේවයට පැවසුවේ, "මේ වන විට ගෝලීය වශයෙන් සිවිල් නඩු 30කට අධික සංඛ්‍යාවක් ඉල්ලා අස්කර ගෙන තිබෙනවා, එසේ නැත්නම් අත්හැර දමා තිබෙනවා, ඒ කියන්නේ, ඇස්ට්‍රාසෙකො සඳහා හිතකර විනිශ්චයන් ලබා දී තිබෙනවා," යනුවෙනි.

DSFGER56

'සාධාරණ වන්දියක්'

ජැමීගේ බිරිඳ වන කේට් ස්කොට් මීට පෙර බීබීසී පුවත් සේවයට පවසා තිබුණේ, "ජැමී විශේෂඥයින්ගේ පුනරුත්ථාපන සැසි 250කට විතර ගිහින් තියෙනවා. ඔහුට ආයෙත් ඇවිදින්න, ආහාර ගිලින්න, කතා කරන්න ඉගෙන ගන්න සිද්ධ වුණා. ඒ වගේ ම ඔහුට මතකය සම්බන්ධයෙන් ගැටලු තිබුණා.


"ඔහු ඔවුන් සමග ඉතා හොඳින් කටයුතු කළත්, අපි දැන් ඉන්නේ ජැමීගේ මෙම නව තත්ත්වයේ යි. මේ තත්ත්වය යටතේ තමයි ඉදිරියට යන්න වෙන්නේ. ඔහුට හැඟීම් දැනීම් පිළිබඳ ප්‍රශ්න තියෙනවා... ඔහුට කතා කිරීමේ ගැටලු තියෙනවා... තද හිසරදය සහ අන්ධභාවය තියෙනවා."


ඇය තවදුරටත් මෙසේ පැවසුවා ය: "එන්නත් හානි ගෙවීමේ ක්‍රමය (එක්සත් රාජධානි රජය) ප්‍රතිසංස්කරණය කළ යුතුයි. එය අකාර්යක්ෂම යි, ඒ වගේ ම අසාධාරණ යි... ඊට පස්සේ සාධාරණ වන්දියක් (අපට අවශ්‍ය යි)."

(BBC සිංහල සේවය)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...