The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

ජවිපෙ සමාජවාදයෙන් ඉවත් වන බවට ලාල් කාන්ත කළ කතාව 'මුට්ටිය දැමීමක් ද'?

T

The Leader Desk

May 7, 2024 • 8:53 AM

ජවිපෙ සමාජවාදයෙන් ඉවත් වන බවට ලාල් කාන්ත කළ කතාව 'මුට්ටිය දැමීමක් ද'? 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමඟ කළ සාකච්ඡාවකදී ඔවුන් දැන් සමාජවාදය අත හැර දමා ඇතැයි කළ ප්‍රකාශය ඉතාම වැදගත් ය.
  • අවාසනාවකට මේ වැදගත් ප්‍රකාශය දේශපාලන හෝ මාධ්‍යයේ වැඩි අවධානයට ලක් වූයේ නැත.
  • එසේ වුව ද ජාතික ජන බලවේගය සිය අර්ථික වැඩ පිළිවෙල හා ප්‍රතිපත්ති පිළිබඳව පැහැදිලි කිරීමට එතරම් මනාපයක් නොදක්වන බව නිරීක්ෂණය වෙයි.
  • එබඳු ප්‍රශ්න මතු වනවිට දී ඔව්හු ආර්ථික අර්බුදයට හේතුව හොරකම බව පෙන්වා දී ඊට විසඳුම හොරකම නතර කිරීම, හොරු ඇල්ලීම හොරා කෑ,දේ ආපසු ගැනීම යන ත්‍රිවිධ උපාය මාර්ග බව ආකර්ශණීයව පෙන්වා දෙන ගමන් ඉතාම සූක්ෂමව සකච්ඡාව වෙනත් තලයකට හරවා ගනිති.
අකුරු ප්‍රමාණය (Font Size):

සමඟ කළ සාකච්ඡාවකදී ඔවුන් දැන් සමාජවාදය අත හැර දමා ඇතැයි කළ ප්‍රකාශය ඉතාම වැදගත් ය.

අවාසනාවකට මේ වැදගත් ප්‍රකාශය දේශපාලන හෝ මාධ්‍යයේ වැඩි අවධානයට ලක් වූයේ නැත. ඒ මැයි දින උණුසුමෙන් වැසුණු නිසා විය යුතු ය. ලාල් කාන්තගේ මේ ප්‍රකාශය මුල් කොට යම් ආකාරයක සමාජ සංවාදයක් මතුකිරීම අත්‍යාවශ්‍ය බවක් හැඟේ.ඒ ජනතා විමුක්ති පෙරමුණ ආරම්භයේ සිට මෑතක් දක්වාම ප්‍රසිද්ධියේ පෙනී සිටියේ සමාජවාදය වෙනුවෙන් වන බැවින් හා ජවිපෙ සමාජවාදය අත හැරියා නම් එමඟින් ඔවුන් ගේ දේශපාලන ප්‍රතිපත්ති මුලුමනින්ම උඩු යටිකුරු වන නිසා ය.



ආර්ථික අර්බුදයක් නිසා බංකොලොත් භාවයට පත් රටක බලය අපේක්ෂා කරන දේශපාලන පක්ෂයක් ස්වකීය ආර්ථික ප්‍රතිපත්තිය ගැන මහජනතාවට පැහැදිලි කර දී මහජන සහයෝගය ඉල්ලා සිටීම ද අත්‍යාවශ්‍යයෙන් ම කළ යුත්තකි. එසේ වුව ද ජාතික ජන බලවේගය සිය අර්ථික වැඩ පිළිවෙල හා ප්‍රතිපත්ති පිළිබඳව පැහැදිලි කිරීමට එතරම් මනාපයක් නොදක්වන බව නිරීක්ෂණය වෙයි.

සාමාන්‍යයෙන් ජාතික ජන බලවේගයේ නායක කාරක ආදී බලවත්තු සිය ආර්ථික ප්‍රතිපත්ති ගැන කතා කිරීමට වැඩි මනාපයක් නොදක්වති. එබඳු ප්‍රශ්න මතු වනවිට දී ඔව්හු ආර්ථික අර්බුදයට හේතුව හොරකම බව පෙන්වා දී ඊට විසඳුම හොරකම නතර කිරීම, හොරු ඇල්ලීම හොරා කෑ,දේ ආපසු ගැනීම යන ත්‍රිවිධ උපාය මාර්ග බව ආකර්ශණීයව පෙන්වා දෙන ගමන් ඉතාම සූක්ෂමව සකච්ඡාව වෙනත් තලයකට හරවා ගනිති. ආර්ථික අර්බුදයක් නිසා බංකොලොත් භාවයට පත් රටක බලය අපේක්ෂා කරන දේශපාලන පක්ෂයක් ස්වකීය ආර්ථික ප්‍රතිපත්තිය ගැන මහජනතාවට පැහැදිලි කර දී මහජන සහයෝගය ඉල්ලා සිටීම ද අත්‍යාවශ්‍යයෙන් ම කළ යුත්තකි. එසේ වුව ද ජාතික ජන බලවේගය සිය අර්ථික වැඩ පිළිවෙල හා ප්‍රතිපත්ති පිළිබඳව පැහැදිලි කිරීමට එතරම් මනාපයක් නොදක්වන බව නිරීක්ෂණය වෙයි.

එසේම සමගි ජන බලවේගයෙන් ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති කමිටුවට ආර්ථික වැඩ පිළිවෙල ගැන තම ආර්ථික කමිටුව සමඟ විවාදයකට අභියෝග කළ අවස්ථාවේදීත් එම විවාදය පක්ෂ නායකයන් දෙදෙනා අතර විවාදයක් බවට හරවා ගැනීමට ජාතික ජන බලවේගය උපායශීලිව ක්‍රියා කරන ලදී. මේ අන්දමින් ආර්ථික සැලසුම් පිළිබඳව කතා කිරීමට යාමේදී ජාතික ජන බලවේගය යම් මැලි කමක් දක්වන්නේ මන්දැයි විමසිලිමත්වීම ද වැදගත් ය.

 


ජාතික ජන බලවේගයේ විධායක සභිකයෙකු වන ආචාර්ය හරිනි අමරසූරිය මීට පෙර අවස්ථාවක 13වන ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීමේ ජනපති රනිල් වික්‍රමසිංහගේ අදහස සම්බන්ධයෙන් ප්‍රසාදය දනවන ප්‍රතිචාරයක් දැක්වූවා ය. එවිට සැනින් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඒ මැදට පැන ආචාර්ය හරිනි අමරසූරියගේ අදහස නිශේධනය කරමින් ප්‍රකාශයක් නිකුත් කළේ ය.
 
ihsdfsdf
එමෙන්ම ජවිපෙ ප්‍රබල සාමාජිකාවක ද වන සමන්මලී ගුණසිංහ ගණිකා වෘත්තිය නීතිගත කිරීම ජාතික ජන බලවේග ආණ්ඩුවක දී සිදුවනු ඇතැයි කළ ප්‍රකාශය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා දැක්වූ නිශේධනාත්මක අදහස දෙස විමසිලිමත්ව බැලීමෙන් පෙනී යන්නේ ද ජාතික ජන බලවේගයේ අදහස් කෙරෙහි ජනතා විමුක්‍ති පෙරමුණේ දැඩි පාලනයක්; බලපෑමක් පවතින බව මිස අන්‍ යමක් නොවේ. ජාතික ජන බලවේගයේ ප්‍රමුඛ ක්‍රියාකාරී දේශපාලන ව්‍යුහය වන ජාතික විධායක සභාවේ සාමාජිකයින් දක්වන අදහස් නිශේධනය කරමින් ප්‍රකාශ නිකුත් වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්ගෙන්ම වීමේ අරුත කුමක්දැයි වටහා ගැනීම ද වැදගත්‍ ය.
 
 
ජනතා විමුක්‍ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ හා මධ්‍යම කාරක සභාවේ වැඩි දෙනෙකු ජාතික ජනබලවේගයේ විධායක සභාව ලෙස පෙනී සිටිමින් ජාතික ජනබලවේගය ජනතා විමුක්ති පෙරමුණට අවශ්‍ය පරිදි පාලනය කරමින් සිටින බවක් පෙනෙයි. එසේ ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරී ප්‍රමුඛ තීරණ ගැනීමේ ව්‍යුහයේ පැහැදිලි තීරක බලය ජනතා විමුක්ති පෙරමුණ සතුව තිබියදීත් ජාජබ විධායක සභිකයෙකු පළකරන අදහසක් සම්බන්ධව ජාජබ විධායක සභාව වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම්වරයා හෝ නායකයා ගෙන් පැහැදිලි කිරීමක් කිරීමට වත් ඉඩ නොතබා ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා විසින් එම අදහස් නිශේධ කෙරෙන ප්‍රකාශ නිකුත් කිරීම ද විමසුමට ලක් කළ යුතු ය. ඉන් හැඟී යනුයේ ජාජබය යනු සම්පූර්ණයෙන්ම ජවිපෙ පාලනය යටතේ පවතින පක්ෂයක් වුවත් මේ පක්ෂ දෙක අතර කිසියම් මතවාදී නොගැලපීම් වරින් වර මතුවෙමින් තිබෙන බවක් නොවෙද?

ජාතික ජන බලවේග වෙබ් අඩවියේ දක්වා ඇති ජාතික විධායක සභාවේ සාමාජික ලේඛනය බැලූ විට පැහැදිලි වන කරුණක් තිබේ. එනම් එම නාම ලේඛනයේ තුනෙන් දෙකකටත් වඩා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන අයගේ නම් ඇතුලත්ව ඇති බව ය. ජවිපෙ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයින් ලෙස රටේ ප්‍රසිද්ධියට පත් නම් වලින් ජාතික ජන බලවේගයේ විධායක සභාවේ නැත්තේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ගේ නම පමණි.
 


ජාතික ජන බලවේග ජාතික විධායක සභාවේ සෙසු සාමාජිකයන් අතර ජවිපෙ මධ්‍යම කාරක සභිකයන් ලෙස ප්‍රසිද්ධ නම් ද සෑහෙන තරමක් ඇතුලත් ය. ජවිපෙ මධ්‍යම කාරක සභාවේ සාමාජිකත්වය කොපමණද? ඒ අය කවුරුන්ද? යන්න පිළිබඳව තොරතුරු වැඩිදුර ප්‍රචලිතව නැති බැවින් ජාජබ විධායක සභාව නියෝජනය වන ජවිපෙ මධ්‍යම කාරක සභිකයින් සංඛ්‍යාව හරිහැටි දැනගත නොහැක.

කෙසේ වෙතත් ජවිපෙ පක්ෂයට අයත් නොවන පිරිසක් ද ජාජබයේ ජාතික විධායක සභාව නියෝජනය කරන බව පැහැදිලිව නිරීක්ෂණය වේ. ඒ අය අතර ආචාර්ය හරිනි අමරසූරිය, අශෝක පීරිස් වැනි අය සිටිති. විද්වතුන් ලෙස ද ජාජබයේ විධායක සභාවට නම් කර ඇති අය අතර ජවිපෙ ප්‍රබල ක්‍රියාධරයන් ඇතුලත්ව ඇති බැවින් ඔවුන් ද ඒ තුළ නියෝජනය කරන්නේ ජනතා විමුක්ති පෙරමුණම වන්නට ඉඩ ඇත. ඒ අනුව පෙන්වා දිය හැක්කේ ජනතා විමුක්‍ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ හා මධ්‍යම කාරක සභාවේ වැඩි දෙනෙකු ජාතික ජනබලවේගයේ විධායක සභාව ලෙස පෙනී සිටිමින් ජාතික ජනබලවේගය ජනතා විමුක්ති පෙරමුණට අවශ්‍ය පරිදි හසුරුවමින්; පාලනය කරමින් සිටින බව ය.

ජවිපෙ ප්‍රධාන ලේකම් වරයා මැදිහත්වී මුලින්ම නිශේධනය කළේ ජවිපෙ සාමාජිකයෙකු නොවන ජාජබ විධායක සභිකයෙකුගේ ප්‍රකාශයකි. දෙවනුව ඔහුට නිශේධනය කරන්නට සිදුවුණේ ජවිපෙහි ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක ද වන ජාජබ විධායක සභිකයෙකුගේ ප්‍රකාශයකි. මේ ප්‍රකාශ දෙකම ප්‍රතිපත්තිමය වශයෙන් වැදගත් කරුණු දෙකක් අරභයා කෙරුණු ප්‍රකාශයන්‍ ය. නමුත් මෙවර ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයෙකු ද වන ජාජබ විධායක සභිකයෙකු වන කේ ඩී ලාල් කාන්ත සිදු කර ඇති ඔවුන් දැන් සමාජවාදය අත හැර දමා ඇතැයි යන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා විසින් නිශේධනය නොකළ ප්‍රකාශය ජනතා විමුක්ති පෙරමුණේ න්‍යෂ්ඨිය බඳු මූලික අරමුණටම එරෙහිව එල්ල කල ප්‍රහාරයක් වීම බරපතල තත්වයකි.

අපි අතින්ද නොවිය යුතු දේ සිදුවුණා' -අනුර අලුත් ගමනකට සැරසේ

 

ජනතා විමුක්ති පෙරමුනේ පක්ෂ ව්‍යවස්ථාවේ මුල් කොටසේම දැක්වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකාවේ නිර්ධන පන්තියේ දේශපාලන පක්ෂය බව ය. එය විද්‍යාත්මක සමාජවාදය දර්ශනයෙන් මඟ පෙන්වීම් ලබන බවත් පවතින ධනපති සමාජ ක්‍රමය නව සමජවාදී සමාජ ක්‍රමයක් මගින් ප්‍රතිෂ්ඨාපනය කිරීමට එය ක්‍රියා කරන බවත් ඉතාම පැහැදිලිව දක්වා ඇත. පක්ෂ ව්‍යවස්ථාවේ දක්වා ඇති මේ ප්‍රතිපත්තිමය රාමුව තුළ රැඳී සිටීම සඳහා පක්ෂ සාමාජිකත්වයට බල කෙරෙන විශේෂ විධිවිධානයන් ද එම පක්ෂ ව්‍යවස්ථාවෙන්ම පනවනු ලැබ ඇත. 

ජවිපෙ සාමාජිකයා පක්ෂ ව්‍යවස්ථාවට අනුකූලව ක්‍රියා කරන බවට දිවුරුමක් ද දීම විද්‍යාත්මක සමාජවාදය පිළිබඳව අවබෝධයක් ලැබීම, පක්ෂ ව්‍යස්ථාවට හා පක්ෂ විනයට බැඳී සිටීම පක්ෂ විශ්වාසය කඩ නොකිරීම සාමාජිකත්වයේ වගකීම් ලෙස පක්ෂයේ ව්‍යස්ථාවේම සඳහන් කර ඇත්තේ ඒ සඳහා විය යුතු ය. මේ අන්දමින් යම් තරමක දැඩි විධිවිධානයන් සහිත ව්‍යවස්ථාවකින් බැඳී සිටින ජවිපෙ දේශපාලන මණ්ඩලයේ සභිකයෙකු ජවිපෙ මුඛ්‍ය අරමුණ වන සමාජවාදය අත හැරියායැයි ප්‍රකාශයක් ප්‍රසිද්ධියේ කිරීම පක්ෂ ව්‍යවස්‍ථාව බරපතල ලෙස උල්ලංඝණය කිරීමක් නොවන්නේද?

 

බරපතල දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි' - ලාල්කාන්ත
දැන් ගැටලුව වී ඇත්තේ මේ ප්‍රකාශය ලාල් කාන්ත විසින් සිදුකළේ සත්‍ය වශයෙන්ම ජවිපෙ සිය සමාජවාදී පදනමෙන් ඉවත්වීම නිසාද? නැතිනම් ඒ සාකච්ඡාවේදී විමසූ පැනයකට පිළිතුර ලෙස කටට ආ උත්තරයක් දිය යුතු නිසා දැමූ වාචික පැලැස්තරයක්ද? නැතිනම් තම ආර්ථික ප්‍රතිපත්තිය පැහැදිලි කරන ලෙසට එන බලපෑම් වල පීඩනය වලකා ගැනීමට දුන් කෙටි පිළිතුරක් ද? යන්න අවිනිශ්චිත ය. ඒ කිසිවක් නොවී නම් ජවිපෙ නායක කාරකාදීන් කොටසකගේ අනුදැනුම ද ඇතිව ‍රාජ්‍ය බලය ලබා ගැනීමේදී ප්‍රධානතම අභියෝගය වන සමාජවාදී ආර්ථික දර්ශනය අත හැර දැමීමට ජවිපෙ තුළට “මුට්ටිය දැමීමක්” ලෙස ලාල් කාන්ත මේ ප්‍රකාශය කළාද? යන්නත් සැක සහිත ය.

තමන්ට බලය ලැබුණොත් ක්‍රියාත්මක කරන්නේ ද වර්තමානයේ දූෂිත ලෙස ක්‍රියත්මක වන නව ලිබරල් ස්වරූපයේ ආර්ථික ක්‍රමය සුදුසු සංශෝධන සහිතව ය යනුවෙන් ප්‍රකාශයක් කිරීමට ජාජබ නායකයන්ට හැකියාවක් නැත. එසේ ප්‍රකාශ කිරීමට ඇති ප්‍රධාන බාධාව එබඳු ප්‍රකාශයක් සිදු කළේ ජාජබයේ සිටින ජවිපෙ සාමාජිකයෙකු නම් ඔහුට ජවිපේ මූලික ප්‍රතිපත්තියට හා පක්ෂ විනයට පටහැනිව ක්‍රියාකළේ යැයි චෝදනා එල්ල කර පක්ෂයෙන් නෙරපා හැරීමට වුව ද ලක්විය හැකි බැවිනි.

කෙසේ වුවත් මෙය ජනතා විමුක්ති පෙරමුණ විසින් විධිමත් පරිදි ගත් ප්‍රතිපත්තිමය තීරණයක් අනුව කළ ප්‍රකාශයක් නොවන බව නම් පැහැදිලි ය. මේ අන්දමේ ප්‍රතිපත්තිමය වෙනසක් පිළිබඳ තීරණයක් ගැනීම ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ සම්මේලනයකින් මෙහා කළ හැකි දෙයක් නොවේ.

 

ජාතික ජන බලවේගය හා අන්තරේ මේ සතියේ කොළඹට

ජාතික ජන බලවේගයට ස්වකීය ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳව පැහැදිලි කිරීමේදී ප්‍රධානතම බාධාව වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ව්‍යවස්ථාමය පදනම වූ සමාජවාදය බව නම් පැහැදිලි ය. ඒ මත පිහිටා ජාජබයත් සමාජවාදී ආර්ථික ක්‍රමයක් වෙනුවෙන් පෙනී සිටින බව ප්‍රකාශ කිරීම පහසු වුවද එසේ වුවහොත් පැය විසිහතරක් තුළ ජාජබ ජනරැල්ල අතුරුදහන් වනු නිසැක ය. ඒ සමාජවාදී ආර්ථික ක්‍රමයක් තුළින් අප රට මුහුණ දී ඇති අර්බුදයට විසඳුම් දීමට හැකියැයි සිහි මොළේ ඇති කිසිවෙකුත් විශ්වාස නොකරන බැවිනි.

ජාජබයේ සිටින සුලුතරය වන ජවිපෙ නොවන අයට මේ අන්දමේ කිසිවක් ප්‍රකාශ කළ නොහැක්කේ මීට පෙර ආචාර්ය හරිනි අමරසූරිය කළ දහ තුන්වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමේ අදහස අගය කරමින් කළ ප්‍රකාශයට සිදුවූ දේ ගැන අත්දැකීම ඔවුන් සතුව ඇති නිසාය. මේ අනුව තම පාලනයක් යටතේ ක්‍රියාත්මක කරන ආර්ථික වැඩ පිළිවෙල පිළිබඳව නිශ්චිත ප්‍රකාශයක් කිරීමේ අපහසුතාවයක ජාතික ජන බලවේගය පසුවන බව සිතීම සාධාරණ වේ. මෙවන් පසුබිමක් තුළ ලාල්කාන්ත කළ ජනතා විමුක්ති පෙරමුණ සමාජවාදය අත හැරීම පිළිබඳ මේ ප්‍රකාශය තිබූ ගැටලුවට විසඳුමක් වෙනවාට වඩා වෙනත් ප්‍රශ්න රාශියක් ඇතිකරන්නක් විය හැකි බව පෙනේ. එහෙත්, එම ගැටලුව හා සම්බන්ධ අර්බුදය ඇතිවන්නේ ජනතා විමුක්ති පෙරමුණ තුළ බැවින් එය එකවර එළියට නොපෙනීමට ද ඉඩ ඇත. 

ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභිකයන් ලාල් කාන්ත විසින් සිදුකළ මේ ප්‍රකාශයට පක්ෂවීමෙන් නිහඬවෙතැයි සිතිය නොහැක. ඔවුන් විසින් මේ ප්‍රකාශය ගැන මතු කරන ප්‍රතිවිරෝධයන් පක්ෂ අභ්‍යන්තරයෙන් මතුපිට තලයට ඒමට යම් ප්‍රමාදයක් ඇති බව නියත කරුණකි. ඇතැම් විට ජාජබයේ ක්‍රියාකරන ජවිපෙ ප්‍රමුඛයන් පීඩාවට පත්කරමින් තිබුණු මේ ප්‍රශ්නය පිළිබඳව දිය යුතු විසඳුමක් දීම සඳහා ඉහත ද සඳහන් කළ පරිදි මුට්ටිය දමා බැලීමක් ලාල් කාන්ත විසින් සිදුකළා වන්නටත් පුලුවන. මේ කවර දෙයක් වුණත් මේ කතාවේ බලපෑම තුලනය කර ගැනීමේ දී යම් ආකාරයක හානියක් ජාජබ මැතිවරණ ව්‍යාපාරයට සිදුවීම වලක්වා ගත නොහැකිය.

sunil kannangara(සුනිල් කන්නන්ගර) 
කොළඹ රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති
skannangara1959@gmail.com

(vinivida.lk)

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජවිපෙ සමාජවාදයෙන් ඉවත් වන බවට ලාල් කාන්ත කළ කතාව 'මුට්ටිය දැමීමක් ද'? | The Leader