The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

මහින්දව මරන්න ආ දවස - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

May 9, 2024 • 4:08 PM

මහින්දව මරන්න ආ දවස - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දහස් ගණනක් ලේ පිපාසිත අරගලකරුවන් පැමිණ මහින්දගේ නිවස වට කළේ ය.
  • ඔවුන්ගේ ඒකායන අරමුණ වූයේ මහින්දව අල්ලාගෙන මහ මග වධ දී ජාත්‍යන්තරයට පෙනෙන්න කුරිරු ලෙස මරා දමා ඔවුන්ගේ ජයග්‍රහණය සැමරීම ය.
  • ඔවුන් එදා මරන්න ආවේ නැවත මේ රටේ යුද්ධයක් ඇති නොවනු පිණිස සිංහල දෙමළ මුස්ලිම් මිනිසුන් අතර දුර අඩු කළ මහා මාර්ග, මහා පාලම්, දුම්රිය මාර්ග ඉදි කළ මහින්දව ය.
  • එදා මහින්දව මරන්න ආවේ ප්‍රභාකරන් විසින් පැය 24 න් උතුරෙන් එළවා දැමූ මුසල්මානුවන් ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔවුන් හතර වටින් ආවේ ය. දහස් ගණනක් ලේ පිපාසිත අරගලකරුවන් පැමිණ මහින්දගේ නිවස වට කළේ ය. ලේ පිපාසාවෙන් පෙළුණු අලුගෝසුවන් ඉවසිල්ලක් නැතිව මහින්දගේ නිවසේ මුරකාවල් එකින් එක ගිනි තැබුවේ ය. ඔවුන්ගේ ඒකායන අරමුණ වූයේ මහින්දව අල්ලාගෙන මහ මග වධ දී ජාත්‍යන්තරයට පෙනෙන්න කුරිරු ලෙස මරා දමා ඔවුන්ගේ ජයග්‍රහණය සැමරීම ය.

zdfsdfdsfewe

ඔවුන් එදා මරන්න ආවේ ඔවුන්ට ජීවිතය දුන් මහින්දව ය. තිස් වසරක් තිස්සේ ඔවුන් සෑම දිනකම අවදි කළ මරබිය නැති කළ මහින්දව ය. ඔවුන් එදා මරන්න ආවේ ඔවුන්ට නිදහස දුන් මහින්දව ය. උතුරේත් දකුණේත් ඔවුන්ට නිදහසේ ජීවත් වීමට ඉඩ සලසා දුන් මහින්දව ය. ඔවුන් එදා මරන්න ආවේ ඔවුන්ට සතුටින් ජීවත් වීමේ අවස්ථාව උදා කළ මහින්දව ය. ඔවුන් එදා මරන්න ආවේ මෑත ඉතිහාසයේ මෙරට සිදු කළ දැවැන්තම සංවර්ධනය කර දුන් මහින්දව ය. ඔවුන් එදා මරන්න ආවේ නැවත මේ රටේ යුද්ධයක් ඇති නොවනු පිණිස සිංහල දෙමළ මුස්ලිම් මිනිසුන් අතර දුර අඩු කළ මහා මාර්ග, මහා පාලම්, දුම්රිය මාර්ග ඉදි කළ මහින්දව ය. ඔවුන් එදා මරන්න ආවේ ඒ මාර්ග ඔස්සේ මේ රටේ අසීමිත සොබා සුන්දරත්වය විඳගන්නට සෑම සති අන්තයකම ට්‍රිප් යෑමට ඔවුන්ගේ අතට මුදල් දුන් මහින්දව ය. ඔවුන් එදා මරන්න ආවේ තම පවුල සමග නිදහසේ ඕනෑම තැනක යන්න ඇති තරම් පෙට්‍රල් ගෙනැත් සහන මිලට දුන් මහින්දව ය. ඔවුන් එදා මරන්න ආවේ ඈත සුන්දර ගම්මානයේ පවා තමන්ගේ ෆෝන් එක චාර්ජ් කර ගැනීමට හැකිවන පරිදි මුළු රටටම විදුලිය දුන් මහින්දව ය. ඔවුන් එදා මරන්න ආවේ පිටරටින් නොඉල්ලා මේ රටේ සෑම මිනිහෙකුටම මේ දෙරණේ බත් කන්න පුළුවන් තරමට මහා කෘෂි විප්ලවයක් කළ මහින්දව ය.



ඔවුන් එදා මරන්න ආවේ ඔවුන්ට නිදහසේ ඉගෙන ගන්න පාසල් සහ විශ්වවිද්‍යාල ඉදි කළ මහින්දව ය. ඔවුන් එදා මරන්න ආවේ මේ රටේ සෑම ඒක පුද්ගලයෙකුගේම ආදායම තෙගුණ කළ මහින්දව ය. ඔවුන් එදා මරන්න ආවේ මේ රටේ උගත් නූගත් තරුණ තරුණියන්ට රැකියා අවස්ථා උදා කරමින් මේ රට එකම වැඩ බිමක් කළ මහින්දව ය. ඔවුන් එදා මරන්න ආවේ ඔවුන්ට දුකක් කරදරයක් වුණාම බෝධි පුජා තියන්න පන්සල් හැදූ, යාඥා කරන්න පල්ලි හැදූ, කන්නලව් කරන්න කෝවිල් හැදූ මහින්දවය. ඔවුන් එදා මරන්න ආවේ බෝම්බ පිපිරේවි යැයි බියක් නැතිව පිටකොටුවේ පාර මැද සලාව කරන්නට ඉඩ දුන් මහින්දව ය. ඔවුන් එදා මරන්න ආවේ විදේශ රාජ්‍යයන්ට හිස නොනමා මේ රටේ මිනිසුන්ගේ ආත්ම අභිමානය රැක දුන් මහින්දව ය. ඔවුන් එදා මරන්න ආවේ මතු ඉපදෙන ඔවුන්ගේ දරුවන්ට උරුම වෙන මහා වරාය, ගුවන් තොටුපළ, ආර්ථික නගර, තාක්ෂණික උද්‍යාන, සන්නිවේදන කුළුණු, දහස් ගණන් නිවාස ආදී සුවිසල් සම්පත් මේ දෙරණේ ඉදි කළ මහින්දව ය.

එදා මහින්දව මරන්න ආවේ ප්‍රභාකරන් විසින් පැය 24 න් උතුරෙන් එළවා දැමූ මුසල්මානුවන් ය. එදා මහින්දව මරන්න ආවේ ‘83 කෝලාහලය කරවා එජාප මැරයන් විසින් පහර දී නිවාස මංකොල්ල කා ගිනි තබා බෝට්ටුවල පටවා කන්කසන්තුරේට එළවා දැමූ දෙමළුන් ය. එදා මහින්දව මරන්න ආවේ ලස්සනට සුද්ද පවිත්‍ර කළ කොළඹ නගරයේ උදේට හවසට සුඛෝපභෝගී වාහනයෙන් රැකියාවට යන එන, හවසට කොළඹ හෝටල්වල විනෝද වෙන සිංහලයන් ය. එදා මහින්දව මරන්න ආවේ ඔවුන්ගේ පව් සෝදා ගන්නට කුරුසයේ තියා ඇණ ගැසූ යේසුස්ව අදහන ක්‍රිස්තියානුවන් ය. උදේ හවස බුදු පිළිමයට පහන තියන බෞද්ධයන් ය. ආගමක් නොඅදහන මානව දයාව ගැන පන්ති තියන පෙරටුගාමී නිරාගමිකයන් ය. “ජනතාවට ව්‍යවස්ථාව උල්ලංඝනය කළ හැකිය” කියා මිනීමරන්න ලයිසන් දුන් නිර්මාල් දේවසිරිගේ පල්ලියේ අනුගාමිකයන් ය.


xczsdfsdf
එදා මහින්දව මරන තෙක් සජිත් ප්‍රේමදාස බලා සිටියේ ය. අනුර කුමාර බලා සිටියේ ය. රනිල් වික්‍රමසිංහ බලා සිටියේ ය. මෛත්‍රීපාල සිරිසේන බලා සිටියේ ය. චන්ද්‍රිකා බණ්ඩාරනායක බලා සිටියේ ය. ඔවුන් මෙන්ම අනෙක් සියලු දේශපාලන පක්ෂවල නායකයන් එදා එම සාහසිකත්වයට එරෙහිව වචනයක් නොකියා මහින්දව මරන තුරු නොඉවසිල්ලෙන් බලා සිටියේ ය. එපමණක් නොව මහින්දගෙන් හැදුණු ඇතැම් දේශපාලන නියෝජිතයන් “දැන් මහින්දව මරයි… දැන් මහින්දව මරයි…” කියා සිතින් ගනිමින් බලා සිටියේ ය. මහින්දගේ සාටකයට වෛර කරන දිලිත් ජයවීර එදා මහින්දව සාටකයෙන් එල්ලා මරන තුරු බලා සිටියේ ය. මහින්දගේ පෞරුෂත්වයට ඉරිසියා කරන චම්පික රණවක එදා මහින්දව මග දිගට ඇද ගෙන යන තුරු බලා සිටියේ ය. විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ඩලස් අලහප්පෙරුම සහ ඔවුන්ගේ ඊනියා ජාතිකවාදී පරයන් “මහින්දව මරා දැමීමෙන් තමන් ගැලවෙනු ඇතැයි” සිතා සතුටු විය.



පිටරටවල වසන කොටි ඩයස්පෝරාව සහ ඊනියා සිංහල ජාතිකවාදීන් “මහින්දව මරා දමන ලදැයි” කියන පුවත එන තෙක් නිදිමරාගෙන ෆෝන් එක දිහා බලා සිටියේ ය. සාහසික අරගලකරුවන්ට මහින්දව මරන්න ඉඩ දී එදා මහජන ආරක්ෂාව බාර ඇමතිවරයා තමන්ගේ වැඩක් බලාගෙන සිටියේ ය. මහින්දව මරන්න ඉඩ වේලාව දී එදා ආරක්ෂක හමුදාව ප්‍රමාද කර වූයේ ය. “හමුදාව යවන්න… හමුදාව යවන්න…” යනුවෙන් කියන කියන වෙලාවට “යැව්වා සර්… යැව්වා සර්…” කියූ මූඪ අධමයාගෙන් එදා අන්තිමට බැරිම තැන “තමුසෙ පයින්ද ඕයි යවන්නේ?” කියා අසන්නට සේනාධිනායකයාට සිදු විය. නමුත් ඒ මාර සේනාවේ කිසිවෙකුට එදා මහින්දව මරන්න බැරි විය. ඒ මහින්ද රාජපක්ෂ නමැති උතුම් මිනිසා විසින් මේ රටට ජාතියට ආගමට සිදු කළ අසමසම මෙහෙවරට කවුරු නැතත් මේ මහා පොළොව සාක්ෂි දරන නිසා ය. “මහා පොළොවේ මහින්දව” කිසිදාක මරන්නට නොහැකිය. ධර්මය ඔබට මග වේවා!

eranda. ginige(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com

 
2024 මැයි 9 


 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...