The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : කට කහනවට නොකියමි අත කහනවට නොලියමි

T

The Leader Desk

May 12, 2024 • 8:49 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : කට කහනවට නොකියමි අත කහනවට නොලියමි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ කියමන තවමත් ජනවහරේ ඇසෙයි.
  • එහි අදහස වන්නේ කිසියම් කියමනක් තේරුමක් ඇතිව කියා ඇති බවය.
  • එසේ ලියවෙන හැමදේම නොවෙතත්, ඇතැම් සටහන් නම් ලියා ඇත්තේ අත කසනවාට නොවන බව පෙනී යයි.
  • පොල් ගෙඩියත් ඔළු ගෙඩියත් අතර හැඩයෙන් සමානකමක්ද ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ කියමන තවමත් ජනවහරේ ඇසෙයි. එහි අදහස වන්නේ කිසියම් කියමනක් තේරුමක් ඇතිව කියා ඇති බවය.

දැන් කාලේ වැඩිපුර කෙරෙන්නේ කියමන් නොව ලියමන්ය. ඉස්සර තාප්ප බිත්තිවල ලියූ දෑ පවා දැන් ලියවෙන්නේ ජංගම දුරකථනවලය. නැතහොත් අන්තර්ජාල අවකාශයෙහිය. එසේ ලියවෙන හැමදේම නොවෙතත්, ඇතැම් සටහන් නම් ලියා ඇත්තේ අත කසනවාට නොවන බව පෙනී යයි.

 

මෑතකදී දුටු සටහනකට අනුව අයිසැක් නිව්ටන්ට ගුරුත්වාකර්ෂණ න්‍යාය පිළිබඳ සංකල්පය පහළ වූයේ ඔහුගේ හිසට ගෑවී නොගෑවී බිම පතිත වූ ඇපල් ගෙඩියක් හේතු කොටගෙනය. ඒ ගසට නෑකම් කියන ඇපල් ගසත් නිව්ටන් පරම්පරාවට අයත් වූල්ස්ත්‍රොපි උද්‍යානයේ තවමත් දක්නට ලැබේ. 

සිරි ලංකාවේ ඇපල් තියෙන්නේ පළතුරු කඩවලය. ඇපල් ගස් වෙනුවට මෙහි බහුලව තිබෙන්නේ පැපොල් හා පොල් වැනි ගස් වර්ගය. ඇපල් වෙනුවට පොල් ගෙඩියක් හිස මත වැටුණොත් ''සියලු සයන්ස්කාරයෝ මැරෙන සුළුය'' වැනි පාසල් කාලේ කියමනක් යළි සිහිපත් වනු නිසැකය.

හැරෙන හැරෙන අතේ පොල් ගස් පෙනෙන රටේ පොල් මිලද අහස උසටය. කලකට ඉහත පොල් වතු පිටින් කැබලි කර වෙන්දේසි කරන ලදී.

 

අඛණ්ඩව තුන්වන මාසයටත් උද්ධමනය පහළ ගියත් බඩු මිල පහත නොයයි!

මේ පොළොවේ සරුවට වැවෙන ඉඟුරු, කහ, මිරිස් වැනි දෑ පවා විකිණෙන්නේ ගිනි ගණන්වලටය. ජීවන වියදම ඉහළ යන්නේ නිව්ටන් සර්ගේ ගුරුත්වාකර්ෂණ තියරියද කඩා බිඳගෙනය.

පොල් ගෙඩියට ඉංග්‍රීසියෙන් කියන්නේ coconut ය. එයට මුල්වන්නේ පෘතුගීසි coco වචනයයි. පෘතුගීසි බසින් ''කොකො'' යනු මිනිස් හිසය. පොල් ගෙඩියත් ඔළු ගෙඩියත් අතර හැඩයෙන් සමානකමක්ද ඇත. ''නට්'' යනු බීජයයි. පොල් ගස පැතිරෙන්නේ - යළි උපදින්නේ පොල් ගෙඩිය නමැති බීජයෙනි.

අවාසනාවට මෙන් මේ පොල් රටේ දේශපාලන බිමේ පොල්මඃකාරයන් වී සිටින්නේ පොල් ගෙඩියක් තරම් වූ හිස් ගෙඩිය තුළ උකුණු හිසක් තරම්වත් මොළයක් නැති පිරිසකි. 


ඒ අනුව බලන කල ආණ්ඩු පෙරළා දැමීමට හෝ මැති ඇමැතියන් ඇතුළු දූෂිතයන් පිටුදැකීමට කෝවිල් දේවාල වෙත ගොස් පොල් ගැසීම තුළද ඇත්තේ උත්ප්‍රාසයකි.

 

image 99bde7b0e2
මීට කලකට පෙර ඔබට කියූ පොල් කතාවක් නැවත මතක් කිරීමට කැමැත්තෙමි.

එක් දිනක් අප නිවෙස පසුකර යමින් සිටි සයිමන් මා දැක මොහොතකට නැවතුණි. ඔහු අතේ ලොකු මල්ලකි.

''සයිමන් කොහෙද ගියේ... පොළටද?''

''නෑ දේවාලෙට... ඒ පැත්තේ හරි සෙනග. පෝලිමේ ඇතුළට යන්නෙ.''

''ඡන්දෙත් කිට්ටුනෙ.''

''ඒකමත් නෙවෙයි..''

''එහෙනං..''

''පොල් එකතු කර ගන්ඩ.''

''ඒ කිව්වෙ''

''මිනිස්සු ගහන පොල්වල කෑලි එකතු කර ගන්ඩ... මාත් පොල් බෑ දහයක් විස්සක් එකතු කර ගත්තා. පොල්වල ගණන් හැටියට ඉස්සරහට කන්ඩ වෙන්නෙ දේවාල පොල් තමයි.''

සයිමන් පොල් මල්ල අනිත් අතට මාරු කර ගනිමින් යන්නට ගියේය.

ඉදිරි කාලය තුළ මේ සිරි ලංකාවේ පොල් ගැසීම් වැඩි වන්නට ඉඩ ඇති හෙයින් සයිමන්ගේ කීමද අහක දමන්නට බැරිය.
එකලම කියැවූ කවියකි මේ.

හොල්ලා බලා පොල් ගත්තේ ඒ කාලේ
පොල් බෑයකුත් ගත්තා පහුගිය කාලේ
කුරුම්බයක් එකසිය විස්සලු රාළේ
මිල බස්සන්න ගසමුද පොල් දේවාලේ

kalina limg04

 

සියලු දොස් නිවාරණය කළ හැක්කේ මැතිවරණයකින් පසුව යැයි බොහෝ දෙනා සිතති. ඒ සඳහා බලය දෙන්නැයි යදින කපු රාළලාද දැන් දැන් ආවේශ වී ජනතා ආතුරයන් වෙත යමින් සිටිති.

ජෙනරල් චාගි ගාල්ලගේ විසින් ඉංග්‍රීසි භාෂාවෙන් මුහුණුපොතට එක්කර තිබූ සටහනක සිංහල පරිවර්තනයක් පසුගියදා Rajans 007 Group පිටුවෙහි දක්නට ලැබුණි. එය සංක්ෂිප්තව මෙසේය.

නේවාසිකාගාරයක සිටි සිය දෙනකුට උදෑසන ආහාරයට නිතරම ලැබුණේ ලුණුමිරිස් සමඟ කිරිබත්ය. සමහරු ඊට විරුද්ධව වෙනත් ආහාර වර්ග ඉල්ලා සිටියහ.

පාලකයෝ ඡන්ද විමසීමක් පැවැත්වූහ.
ප්‍රතිඵල මෙසේ විය.

තෝසේ - 18
බත් හා සම්බෝල - 16
රොටී හා ලුණුමිරිස් - 14
පාන් සහ බටර් - 12
නූඩ්ල්ස් හා බිත්තර - 10
ඉඩ්ලි හා සම්බාරු - 10
කිරිබත් හා ලුණුමිරිස් - 20

 

මානීගේ තීරුව : රතිඤ්ඤා සහ කිරිබත් - (සුන්දර නිහතමානි ද මැල්)

 

වැඩිම ඡන්ද ලැබූ කිරිබත් කණ්ඩායමට ජයග්‍රහණය ලැබුණි. උදෑසන ආහාරය පෙර සේම පැවතුණි. 

ආදර්ශය : ජනගහණයෙන් 80% ක් ආත්මාර්ථකාමී ලෙස බෙදී සිටින තාක් කල් 20% ක් අපව පාලනය කරනු ඇත. 
 

අනේ, මෙහෙම බූරුවෝ - (කපිල කුමාර කාලිංග)(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී
Kapilakalinga@gmail.com

(උපුටා ගැනීම - deshaya.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...