The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

අසභ්‍ය ගී එළි දකින්න හේතුත් විමසා බලමු ද? – (මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර)

T

The Leader Desk

May 14, 2024 • 8:38 AM

අසභ්‍ය ගී එළි දකින්න හේතුත් විමසා බලමු ද? – (මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දෙන ලෙස බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම්වරයා, විදුලි සංදේශ නියාමන කොමිසමෙන් ඉල්ලීමක් කොට තිබේ.
  • යම් ජන සමාජයක සංස්කෘතියට හා සදාචාරයට සැලකිය යුතු බලපෑමක් කරන්නවුන් සම්බන්ධයෙන් එලෙස වැඩිදුර කරුණු විමසා ඒ සම්බන්ධයෙන් සුදුසු පියවර ගැනීම අදාල බලධාරීන් ගේ වගකීමකි.
  • ඒ ඇතැම් ගීත ඇසීමේ අවස්ථාව ද අප වෙත හිමි ව ඇත.
  • පොදුවේ ගත් කළ ඒ ගී සියල්ලම පාහේ අශිෂ්ට බවේ අන්තයටම ගිය වදන් වලින් පිරී ගත් ගීත බව ඒ සම්බන්ධ අප ගේ මූලික නිගමනයයි.
අකුරු ප්‍රමාණය (Font Size):

දෙන ලෙස බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම්වරයා, විදුලි සංදේශ නියාමන කොමිසමෙන් ඉල්ලීමක් කොට තිබේ.

යම් ජන සමාජයක සංස්කෘතියට හා සදාචාරයට සැලකිය යුතු බලපෑමක් කරන්නවුන් සම්බන්ධයෙන් එලෙස වැඩිදුර කරුණු විමසා ඒ සම්බන්ධයෙන් සුදුසු පියවර ගැනීම අදාල බලධාරීන් ගේ වගකීමකි.

එහෙත්, දැනට වසර කිහිපයක සිට සමාජ ජාල මගින් පැතිර යන එවැනි අසභ්‍ය ගී ගණනාවක් පිළිබඳ තොරතුරු අප වෙත ලැබී තිබේ. ඒ ඇතැම් ගීත ඇසීමේ අවස්ථාව ද අප වෙත හිමි ව ඇත. පොදුවේ ගත් කළ ඒ ගී සියල්ලම පාහේ අශිෂ්ට බවේ අන්තයටම ගිය වදන් වලින් පිරී ගත් ගීත බව ඒ සම්බන්ධ අප ගේ මූලික නිගමනයයි.

නමුත් පොදු සමාජයට අතිශය අනර්ථකාරී මෙබඳු සිදුවීම් සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේ අවධානය යොමු කිරීම ඒවා ප්‍රවර්ධනය කිරීමෙහි ලද අනියම් පිටිවහලක් වන බව බොහෝ දෙනකුගේ මතය වී තිබේ. එහෙත්, පොදු ජනතාව ගේ ආකල්පය එය වුවද ඒ සම්බන්ධ සමාජ මානව විද්‍යාත්මක ද්‍රෘෂ්ඨි කෝණය එය ඉක්මවා යා යුතු බව අපගේ වැටහීම ය.

 

සිය කැමැත්ත අකමැත්ත කෙසේ වුවත් ඒ පුද්ගලයාගේ මරණයට ද්‍රෘශ්‍යමාන සහ ආසන්නම හේතුව විමසා බැලීම පිණිස එය නරක් වූ මළ සිරුර ව්‍යවඡේදනය කිරීමට එම වෝහාරික වෛද්‍යවරයාට සිදුවීම ය.

මරණයෙන් දින කිහිපයක් ගත වීම නිසා බෙහෙවින් නරක් වී ඇති මළ සිරුරක් ජන සමූහයක් අතරට පත් කළ යුතු නැත. මන්ද යත් එය අතිශයින් පිළිකුල් සහගත වූවක් බැවිනි. එහෙත්, එම පුද්ගලයාගේ මරණයට හේතුව ඒ වන විටත් අනාවරණය වී නොමැති නම් ඒ සම්බන්ධ වගකීම් දරණ වෝහාරික වෛද්‍යවරයකුට එම මළ සිරුර පිටු දැකිය නොහැක. ඊට හේතුව සිය කැමැත්ත අකමැත්ත කෙසේ වුවත් ඒ පුද්ගලයාගේ මරණයට ද්‍රෘශ්‍යමාන සහ ආසන්නම හේතුව විමසා බැලීම පිණිස එය නරක් වූ මළ සිරුර ව්‍යවඡේදනය කිරීමට එම වෝහාරික වෛද්‍යවරයාට සිදුවීම ය.


මා ඉහත සඳහන් සරල උපමාව ඔබ හමුවේ ගෙන හැර දක්වන ලද්දේ ඉහත සඳහන් සමාජයට අනර්ථකාරී බව පැවසෙන සිදුවීම් සම්බන්ධයෙන් සමාජ මානව විද්‍යාඥයන් වෙත පැවරී ඇති යුතුකම් සහ වගකීම් පිළිබඳව පැහැදිලි කර දීමට ය.

ඉහත සඳහන් කරුණ සම්බන්ධ මූලික විමසුමක දී ඉතා පැහැදිලි ලෙසම විමසා බැලිය යුතු කරුණක් තිබේ. එනම් එම අසභ්‍ය ගීත සමාජගත වීමේ සැබෑ ප්‍රවණතාව ඇත්තේ ඒවා නිර්මාණය වීමේ ද නැතහොත් එසේ නිර්මාණය වූ අසභ්‍ය ගී සමාජ ගත වීමේ ද යන්න පිළිබඳව සංවිභාගශීලී වීම ය. එහිදී එලෙස නිර්මාණය වූ අසභ්‍ය ගීත සමාජගත වීම පසුව අනුකාරක තත්ත්වයක් ලෙස සමාජ ජාලයන් හි උපකාරයෙන් ප්‍රවර්ධනය වූ බව අපගේ පෞද්ගලික අනුමානයයි.

 

Lil Kim 900x506දුර්භාවිත ගී අප රටට සමාජයට පමණක් සීමා වූවක් නොවේ. කිළුටු ගී (Dirty songs ) අශික්ෂිත ගී (Filthy songs ) ලොව සෑම ජන සමාජයකම අඩු වැඩි වශයෙන් දක්නට ලැබේ.

මිනිස් සමාජය පවත්නා හොඳ නරක, යහපත් අයහපත් ආදී වශයෙන් බෙදා වෙන් කරන නිශ්චිත කඩඉමක් නැත. එහෙත් ජන සම්මතය අනුව ඒ පිළිබඳ පොදු නිර්ණායක තිබේ. එමෙන්ම ඒ තත්වය යටතේ වුව සෑම ජන සමාජයක් තුළම විවිධාකාර ආකල්පමය වෙනස්කම් හා ඒවාට එරෙහි විකල්ප ද දක්නට පුළුවන. සුභාවිත ගී වලට එරෙහි මෙවන් දුර්භාවිත ගීත කලාවක් ද දක්නට ලැබෙනුයේ එබැවිනි.

ඉහත සඳහන් දුර්භාවිත ගී අප රටට සමාජයට පමණක් සීමා වූවක් නොවේ. කිළුටු ගී (Dirty songs ) අශික්ෂිත ගී (Filthy songs) ලොව සෑම ජන සමාජයකම අඩු වැඩි වශයෙන් දක්නට ලැබේ. ප්‍රධාන වශයෙන් කලාත්මක බවේ සීමාව ඉක්මවා ලිංගිකත්වය සහ ප්‍රචණ්ඩත්වය එළි පිටම ප්‍රකාශ කෙරෙන ගීත මෙම ගණයට අයත් වේ.



පොදුවේ ගත් කළ මිනිසා ඇතුළු සත්ව සංහතියේ පැවැත්ම හා සම්බන්ධ ප්‍රධානතම ගාමක බලවේගය ලිංගිකත්වයයි. ඒ අනුව කිසිදු කලා මාධ්‍යයකට ඉන් බැහැර විය නොහැක.

 

අප රටේ ද ලිංගිකත්වයේ කේන්ද්‍රීය සාධකය වන ස්ත්‍රී පුරුෂ ලිංගික සම්භෝගය සංකේතනය කෙරෙන සුභාවිත ගීත රැසක් තිබේ. ඒ අතුරින් ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ සූරීන් විසින් ප්‍රබන්ධය කරනු ලදුව අල්හාජ් මොහිදීන් බෙග් සමඟ රුක්මණී දේවි විසින් ගයනු ලබන “හද ගිලෙයි අම මිහිරේ” නම් ගීතය සුවිශිෂ්ට නිර්මාණයකි.

 



ඊට අමතරව ආචාර්ය පණ්ඩිත් අමරදේව සූරීන් විසින් ගයනු ලබන “බඹරකු ආවයි නිරිත දිගේ යා” සහ “කුමරියක පා සළඹ සැළුණා” යන ගී නිර්මාණය ලිංගික සම්භෝගයක් සංකේතනය කරමින් ප්‍රබන්ධ වූ අපූරු ගී රචනා දෙකකි. ඉන් පළමු ගීතය මඩවල එස්. රත්නායකයන් විසින් රචනා කොට ඇති අතර දෙවන ගීතය ප්‍රබන්ධය කොට ඇත්තේ කේ. ඩී. කේ. ධර්මවර්ධනයන් විසිනි.



එහෙත්, ඉහත සඳහන් කිළුටු ගී හෙවත් අසභ්‍ය ගී තුළ එවන් කාව්‍යාත්මක රසාස්වාදිත බවක් ඇත්තේම නැත. ඒවායින් සිදු වනුයේ ඉහත පහත් ග්‍රාම්‍ය වදන් මගින් ලිංගිකත්වය අමු අමුවේම හුවා දැක්වීම ය. ඒවා අසභ්‍ය නිර්මාණ ලෙස ජන සම්මත වී ඇත්තේ එබැවිනි.

මානව ඉතිහාසයේ ඈත අවදියක සිට පැවැත එන එම අශ්ලීල ගායනා මෑත යුගයේ විශේෂ මාදිලිකරණයක් යටතට පත් වීමට රැප් සංගීතය ඉවහල් වූ බව ඒ සම්බන්ධ විමසුම්වල දී පෙනී යයි. ඉංග්‍රීසි භාෂාවේ අප්පින්ග් යනු ගීතය හා සංගීතය අතරට මැදිකොට ගන්නා ආවේගාත්මක භාෂණයකි. බටහිර අප්‍රිකාවේ ග්‍රියොට් සම්ප්‍රදාය මත බිහි වූ බව පැවසෙන හිප් පොප් සංගීතය ඔස්සේ ඇමරිකාවේ දී විකාශය වූ රැප් සංගීතය තුළ මෙවන් අශ්ලීල වදන් බහුල ලෙසම යෙදී තිබේ. එය අතීතයේ අප්‍රිකාව පාලනය කළ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් යටතේ පතල් ආදියේ සේවය කළ ස්වදේශික වහලුන් තම දැඩි මානසික පීඩනය මුසු විරෝධය පළ කරනු පිණිස යොදා ගත් කර්කශ වදන් මාලාවක් පදනම් කරගත් ගායනා සම්ප්‍රදායක් බවට මත පළ වී තිබේ.

 

to shortඕක්ලන්ඩ් හි රැප් ගායක ටූ ෂෝටර්

 

පසුව එම හිප් පොප් සංගීතයේ උප ප්‍රභේදයක් ලෙස කිළීටි රැප් (Dirty rap ) ඇමරිකාවේ දී ප්‍රවර්ධනය වූ අතර පසුව එය ජනප්‍රිය සංස්කෘතිකාංගයක් ලෙස ලොව පුරා පැතිර ගිය බවට සාක්ෂි තිබේ. පසුව ලොව විවිධ ගායකයන් විසින් මෙම රැප් ක්‍රමය අනුගමනය කළ අතර කැලිෆෝනියාවේ, ඕක්ලන්ඩ් හි රැප් ගායක ටූ ෂෝටර් (Too Short) විසින් 1983 නිකුත් කළ Don`t stop rappin නම් ගීත ඇල්බමය ඒ අතරින් සුවිශේෂ ජනප්‍රියත්වයකට පත් ව ඇත. එහෙත්, මෙම ගී සම්ප්‍රදායට එරෙහිව සම්මත සදාචාරය වෙතින් නිරන්තරයෙන් ප්‍රහාර එල්ල වීම මත මෙම ගී සම්ප්‍රදාය ජන සම්මත කිරීම රබර් බෝලයක් දිය යට සැඟවීමට දරන වෑයමට සමාන කාරියක් වී තිබේ.


මේ සියලු තත්වයන් යටතේ අප සමාජය තුළ මෙවන් අසම්මත සම්ප්‍රදායක් හිස එසවීමට හේතු සාධක විමසාබැලීමේ දී ඒ සඳහා වන හේතු සාධක කිහිපයක් ගෙන හැර දැක්වීමට පුළුවන. ආර්ථික, සමාජ, සංස්කෘතික, දේශපාලනික සහ පෞරුෂමය යන සාධක ඒ අතුරින් ප්‍රධාන වෙයි.

අපගේ නිරීක්ෂණය අනුව මේ වන විට ශ්‍රී ලාංකේය යූ ටියුබ් ඇතුළු සමාජ ජාල පරිශීලකයන් ගේ චර්යා රටාවන් අනුව එම ඉදිරිපත් කිරීම් වල තිබිය යුතු ප්‍රමිතිය, ගුණාත්මක භාවය ඉක්මවා මුදල් ඉපැයීමේ අභිලාෂයන් මස්තක ප්‍රාප්ත වී තිබේ. මිනිසුන් ගේ කුතුහලය දනවන ඕනෑම දෙයක් එම මාධ්‍යයට පිවිසුවීමට බොහෝ දෙනෙක් වෙර දරති. ඒ අනුව ලිංගිකත්වය ද ඉතා කදිම අලෙවි මාධ්‍යයක් වීම මත මෙම අශ්ලීල ගී එම සමාජ ජාල මගින් විසුරුවා හරින බවට ද සාධාරණ ලෙස අනුමාන කළ හැක.

 

 106922474 97c427ab 69a1 4707 b342 4be0cad04c38අශ්ලීල භාවිතයන් සමාජ ජාල ඔස්සේ ප්‍රචාරය කරන බවට සාධාරණ සැකයක් උපදවා ගැනීමට අපට පුළුවන.

ඒ හැරුණු කොට මේ වන විට පවත්නා සමාජ සංස්කෘතික සන්දර්භය කෙරෙහි අසංතෘප්තභාවයෙන් පෙළෙන පිරිස් එම ව්‍යුහය වෙනස් කරනු පිණිස ජනතා ආකල්ප වල පෙරැලියක් කිරීම උදෙසා ද මෙවන් අශ්ලීල භාවිතයන් සමාජ ජාල ඔස්සේ ප්‍රචාරය කරන බවට සාධාරණ සැකයක් උපදවා ගැනීමට අපට පුළුවන. ඒ සඳහා අප ජන සංස්කෘතිය වැනසීමට වෙර දරන බාහිර බලවේග වලින් දායකත්වයක් ලැබෙන බවට පවතින ජන මතය ප්‍රතික්ෂේප කිරීමට ද අපට නොපුළුවන.

අප සමාජයේ බොහෝ දෙනකු වර්තමාන දේශපාලනය නිර්ණ‍ය කරනු ලබන්නේ වත්මන් දේශපාලන පක්ෂ තුලනාත්මකව සංසන්දනය කිරීමෙනි. එහෙත්, එම ව්‍යුහයෙන් තොර වෙනත් නිහඬ දේශපාලන ධාරාවන් අප ජන සමාජය තුළ ක්‍රියාත්මක වීමට ඇති හැකියාව ප්‍රතික්‍ෂේප කිරීමට අපට නොපුළුවන. වත්මන් පක්ෂ දේශපාලනයෙන් වියුක්තව දියත් වූ ගාලුමුවදොර අරගලය ඒ සඳහා වන එක් නිදසුනක් පමණි. ඒ අනුව නව විකල්ප දේශපාලන පෙරැලියක් අපේක්ෂා කරන කිනම් හෝ කණඩායමක් මෙවැනි සමාජ ජාල භාවිතාවකින් ජන මනැස තුළ ආකල්පමය පෙරැලියක් සිදුකිරීමට වෙර දරන බවට අනුමානයක් ඇති කර ගැනීම අනුවණ කමක් සේ අපට නොපෙනේ.

 

galle 1එම ව්‍යුහයෙන් තොර වෙනත් නිහඬ දේශපාලන ධාරාවන් අප ජන සමාජය තුළ ක්‍රියාත්මක වීමට ඇති හැකියාව ප්‍රතික්‍ෂේප කිරීමට අපට නොපුළුවන

විවිධ මනෝමය සහ පෞරුෂමය සාධක මත සමාජ විරෝධී පෞරුෂය (Antisocial personality ) නම් මානසිකත්වයෙන් යුතු පිරිස් ද පවත්නා සමාජ ආර්ථික, දේශපාලන සංස්කෘතික ධාරාව කෙරෙහි විරෝධය පෑම් වශයෙන් මෙවන් අසම්මත නිර්මාණ ජන සම්මතය අතරට පත් කිරීමට ඇති හැකියාව ද අප බැහැර කළ යුතු නැත.

එමෙන්ම පවත්නා සකල විධ සම්මතයන් කෙරෙහි තම අසංතෘප්තතාව පළ කරනු පිණිස මෙබඳු විකල්ප ධාරාවේ අසම්මත භාවිතයන් ඇසුරු කරන තරුණ කණ්ඩායම් ද අපට කොතෙකුත් හමු වී තිබේ. ඇතැම් විට ඔව්හු සරල සැහැල්ලු විනෝදයක් අපේක්ෂාවෙන් ද එම කාරියේ යෙදෙති. ඔහුන් අතුරින් සරසවි සිසුන් ආදීන් මුල් තැනක් ගන්නා බව රහසක් නොවේ.

 

10863913 841169812588284 7225780877018653112 oඇතැම් විට ඔව්හු සරල සැහැල්ලු විනෝදයක් අපේක්ෂාවෙන් ද එම කාරියේ යෙදෙති. 

ඒ අනුව ඉහත සඳහන් සංසිද්ධිය සම්බන්ධ කරුණු සියල්ල වඩාත් නිවැරදි සහ විශ්ලේෂණාත්මකව අධ්‍යයනය කිරීම පිණිස එම අශ්ලීල ගී නිර්මාණ මුල් කොට වෙනම සමාජ මානව විද්‍යාත්මක අධ්‍යයනයක් කළ යුතු බව අපගේ වැටහීම ය.

සටහන :


(ප්‍රණීත් අභයසුන්දර)
මානව විද්‍යා මහාචාර්ය
(උපුටා ගැනීම - vinivida.lk)


 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අසභ්‍ය ගී එළි දකින්න හේතුත් විමසා බලමු ද? – (මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර) | The Leader