The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

ඇස්ට්‍රොසෙනිකා කොවිඩ් එන්නතින් සිරුරේ රුධිරය කැටි ගැසෙන කතාව ඇත්තක් ද?

T

The Leader Desk

May 15, 2024 • 9:04 AM

ඇස්ට්‍රොසෙනිකා කොවිඩ් එන්නතින් සිරුරේ රුධිරය කැටි ගැසෙන කතාව ඇත්තක් ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ එසේ මරණයට පත් පුද්ගලයා කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගෙන තිබුණේ නම් එම හදිසි මරණයට හේතුව එම එන්නතේ සංකූලතා නිසා හට ගත් එකක් බව ය.
  • එම කරුණ පිළිගැනීමෙන් පසුව ඇස්ට්‍රාසෙනෙකා එන්නත බෙදාහැරීම භාවිතයෙන් ඉවත් කිරීමට එම සමාගම පසුගියදා තීරණය කළ අතර පසුව ඒ වන විට ලොව පුරා බෙදා හැර තිබූ ඇස්ට්‍රාසෙනිකා එන්නත් ආපසු කැඳවන බව එම සමාගම නිල වශයෙන් නිවේදනය කර තිබිණ.
  • මෙලෙස ඇස්ට්‍රාසෙනෙකා සමාගම හඳුන්වා දුන් කොවිඩ් එන්නතින් දෝෂ ඇති වන බවට එම සමාගම බ්‍රිතන්‍ය මහාධිකරණ ඉදිරියේ පිළිගැනීමත් සමග එම එන්නත පිළිබඳව සැකයක් ලොව පුරා පැතිර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
  • නමුත් අප සමාජයේ ඇතැමකු මෙම ඇස්ට්‍රොසෙනිකා කතිකාව මේ වන විටත් මහත් ආන්දෝලනයකට ලක් ව ඇති ප්‍රමිතියක් නොමැති ඖෂධ; බාල බෙහෙත් ජාවාරම හා පටවලා ගෙන තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ එසේ මරණයට පත් පුද්ගලයා කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගෙන තිබුණේ නම් එම හදිසි මරණයට හේතුව එම එන්නතේ සංකූලතා නිසා හට ගත් එකක් බව ය.

ඒ විශ්වාසය අප රටේ මධ්‍යම පාන්තිකයන් අතර පැතිර යාමේ දී එම එන්නත ඇස්ට්‍රොසෙනිකා වශයෙන් හඳුනාගෙන තිබීම ද විශේෂත්වයකි.

2021 අප්‍රේල් මාසයේදී ඇස්ට්‍රොසෙනිකා එන්නත ලබා ගැනීමෙන් පසු රුධිර කැටියක් හේතුවෙන් ආඝාතයක් හෙවත් මොළයේ ස්නායු ආබාධයකට ලක් වූ එක්සත් රාජධානියේ ජේමි ස්කොට් නමැත්තකු විසින් විසින් ඇස්ට්‍රොසෙනිකා සමාගමට එරෙහිව බ්‍රිතාන්‍ය මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබූණි. එය ජනතාවගේ බිය මුසු කුතුහලය දනවන කරුණක් බැවින් ලොව පුරා ජන මාධ්‍ය මඟින් ඊට පුළුල් ප්‍රචාරයක් ලබා දෙන ලදී.

 

2021 අප්‍රේල් මාසයේදී ඇස්ට්‍රොසෙනිකා එන්නත ලබා ගැනීමෙන් පසු රුධිර කැටියක් හේතුවෙන් ආඝාතයක් හෙවත් මොළයේ ස්නායු ආබාධයකට ලක් වූ එක්සත් රාජධානියේ ජේමි ස්කොට් නමැත්තකු විසින් විසින් ඇස්ට්‍රොසෙනිකා සමාගමට එරෙහිව බ්‍රිතාන්‍ය මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබූණි.



ඇස්ට්‍රාසෙනෙකා එන්නත ගැනීමෙන් පසු හෘද රෝග වැළඳීමට ඉවහල් වන රුධිරය කැටි ගැසීම් ඇතුළු අතුරු ආබාධ ඇති වූ බවට චෝදනා කරමින් ලොව පුරා විවිධ පාර්ශ්ව එම සමාගමට එරෙහිව නඩු පවරන්නට වූ අතර එම එන්නත නිසා රුධිරය කැටි ගැසීමට බලපෑ හැකි ඉතා දුර්ලභ අතුරු ආබාධ ඇති විය හැකි බව පසුගියදා බ්‍රිතාන්‍ය මහාධිකරණය ඉදිරියේ දී සනාථ විය.

එම කරුණ පිළිගැනීමෙන් පසුව ඇස්ට්‍රාසෙනෙකා එන්නත බෙදාහැරීම භාවිතයෙන් ඉවත් කිරීමට එම සමාගම පසුගියදා තීරණය කළ අතර පසුව ඒ වන විට ලොව පුරා බෙදා හැර තිබූ ඇස්ට්‍රාසෙනිකා එන්නත් ආපසු කැඳවන බව එම සමාගම නිල වශයෙන් නිවේදනය කර තිබිණ.

 

covid injection3ඇස්ට්‍රාසෙනෙකා එන්නත ගැනීමෙන් පසු හෘද රෝග වැළඳීමට ඉවහල් වන රුධිරය කැටි ගැසීම් ඇතුළු අතුරු ආබාධ ඇති වූ බවට චෝදනා කරමින් ලොව පුරා විවිධ පාර්ශ්ව එම සමාගමට එරෙහිව නඩු පවරන්නට විිය
වාණිජමය හේතූන් මත එම එන්නත් යළි කැඳවන බව සමාගම පවසා සිටි අතර යුරෝපා සංගමය තුළ ඇස්ට්‍රොසෙනිකා අලෙවි කරන අවසරය ද සමාගම නිල වශයෙන් ඉල්ලා අස් කරගෙන කරගෙන තිබේ.

මෙලෙස ඇස්ට්‍රාසෙනෙකා සමාගම හඳුන්වා දුන් කොවිඩ් එන්නතින් දෝෂ ඇති වන බවට එම සමාගම බ්‍රිතන්‍ය මහාධිකරණ ඉදිරියේ පිළිගැනීමත් සමග එම එන්නත පිළිබඳව සැකයක් ලොව පුරා පැතිර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. නමුත් අප සමාජයේ ඇතැමකු මෙම ඇස්ට්‍රොසෙනිකා කතිකාව මේ වන විටත් මහත් ආන්දෝලනයකට ලක් ව ඇති ප්‍රමිතියක් නොමැති ඖෂධ; බාල බෙහෙත් ජාවාරම හා පටවලා ගෙන තිබේ. එහෙත්, එහි කිසිදු සත්‍යතාවක් හෝ පදනමක් නැත.


ඇස්ට්‍රාසෙනෙකා යනු බ්‍රිතාන්‍ය-ස්වීඩන බහුජාතික ඖෂධ සහ ජෛව තාක්‍ෂණ සමාගමකි.

 

ඇස්ට්‍රාසෙනෙකා යනු බ්‍රිතාන්‍ය-ස්වීඩන බහුජාතික ඖෂධ සහ ජෛව තාක්‍ෂණ සමාගමකි. ඇස්ට්‍රොසෙනිකා සමාගම 1999 දී ආරම්භ කරන ලද්දේ ස්වීඩන් ඇස්ට්‍රා ඒබී සහ බ්‍රිතාන්‍ය සෙනෙකා සමූහය ඒකාබද්ධ කිරීම මඟිනි. එහි මූලස්ථානය එංගලන්තයේ කේම්බ්‍රිජ් ජෛව වෛද්‍ය පීඨයේ ඇත. එහි පිළිකා, හෘදවාහිනී, ආමාශ ආන්ත්රයික, ආසාදන, ස්නායු ආබාධ, ශ්වසන සහ දැවිල්ල ඇතුළු ප්‍රධාන රෝග සඳහා ඇස්ට්‍රාසෙනෙකා නිෂ්පාදන පෙළක් ඇත. පසුව ඇස්ට්‍රාසෙනෙකා සමාගම කොවිඩ්19 එන්නතක් ද නිපදවීමට සම්බන්ධ වී තිබේ. 

 

සමාගමක් ලෙස ඇස්ට්‍රාසෙනෙකා කෙතරම් ප්‍රබල ද යත් ස්වීඩන් ඇස්ට්‍රා ඒබී සහ බ්‍රිතාන්‍ය සෙනෙකා සමූහය ඒකාබද්ධ වූ දා සිට එය ලොව විශාලතම ඖෂධ සමාගම් අතරට එක් ව ඇත. ඉන්පසු එය කෙතරම් ප්‍රවර්ධනය වී තිබේ ද යත් ඇතුළු බොහෝ ආයතනික අත්පත් කර ගැනීම් ද සිදු කර තිබේ. එහි පර්යේෂණ හා සංවර්ධනය උපායමාර්ගික මධ්‍යස්ථාන ස්ථාන තුනක සංකේන්ද්‍රණය වී ඇත. විසිවන සියවස තුළ ස්වීඩනයේ විශාලතම ඖෂධ සමාගම බවට වර්ධනය වීමට ඒ ඔස්සේ ඔවුනට හැකිව ඇත.

 

 

dr. anandaඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් කිසිවකු හෝ අනියත බියක් ඇති කරගත යුතු නැතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පසුගිය දා පවසා තිබේ.
නමුදු තත්වය මෙසේ තිබිය දී ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් කිසිවකු හෝ අනියත බියක් ඇති කරගත යුතු නැතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පසුගිය දා පවසා තිබේ. ඒ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය මහාධිකරණ ඉදිරියේ ඇස්ට්‍රාසෙනිකා සමාගම එම ඖෂධයෙන් ඉතා කලාතුරකින් සංකූලතා ඇතිවන බව පිළිගෙන ඇති බවත් එය ඔවුන් ඊට කලින් ද පිළිගෙන තිබූ බවත් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසා ඇත. එමෙන්ම එවා ද එන්නත ලබා ගත් මුල් කාලයේ දී ඇති වන සංකූලතා මිස දිගු කාලීන සංකූලතා නොවන බව ද ඔහු අවධාරණය කරයි.

කොවිව් වසංගතය පාලනය සඳහා විශේෂයෙන් හඳුන්වා දුන් ඇස්ට්‍රාසෙනිකා එන්නත මගින් රෝගය පාලනය කිරීමට විශාල සහායක් ලැබුණු නොරහසකි. ගත වූ කාලය පුරා ඇස්ට්‍රාසෙනෙකා එන්නත වසරක් තුළ එන්නත් මාත්‍රා බිලියන 3ක් ලොව පුරා බෙදා හැර තිබේ. එම එන්නත නිසා ඇති කෝටි ගණනක මිනිස් ජීවිත බේරාගැනීමට හැකිවූ බවට ඇස්ට්‍රාසෙනෙකා සමාගම කරන ප්‍රකාශය ද අප පිළිගත යුතු ය. එමෙන්ම එම එන්නත භාවිතයට නොගැනුණේ නම් තවත් වටිනා මිනිස් ජීවිත රැසක් මාරයාට බිළිවීමට තිබූ හැකියාවද අප පිළිගත යුතුම ය.

 

astrasenacaඑම එන්නත නිසා ඇති කෝටි ගණනක මිනිස් ජීවිත බේරාගැනීමට හැකිවූ බවට ඇස්ට්‍රාසෙනෙකා සමාගම කරන ප්‍රකාශය ද අප පිළිගත යුතු ය

ලොව සෑම ඖෂධයකම පාහේ අතුරු සහ පශ්චාත් ඵල දක්නට ලැබේ. එහෙත්, එම සංකූලතා මඟින් මිනිසාට විවිධ අහිතකර ප්‍රතිඵල ද ලැබී සහ ලැබෙමින් පවතී. නමුත් ඒ බොහොමයක් අධිකරණයක් හමුවේ අභියෝගයට ලක් ව නැත. එසේ වූවා නම් ඇස්ට්‍රාසෙනිකා එන්නත සම්බන්ධයෙන් ලැබුණු ආකාරයේ තීන්දු හා නිගමන ඒ ඖෂධ සඳහා ද ලැබීමට ඉඩ තිබේ.

නමුත් කිසිසේත් ප්‍රමිතිගත නොවූ බාල බෙහෙතක් නොවන ඇස්ට්‍රාසෙනිකා ඇතුළු ඖෂධ මඟින් මිනිස් සමාජයට සිදුවන යහපතට සාපේක්ෂව ඉහත සඳහන් ආකාරයේ අහිතිතකර ප්‍රතිඵල ලැබීම ඉතා අඩු බව අප පිළිගත යුතු ය. මහා මාර්ගයේ සුදු ඉර හරහා පාර පනින යමකු රිය අනතුරකින් මරණයට පත් විය හැක. එහෙත් එය වලකා ලීම පිණිස මහා මාර්ගය හරහා වැටී ඇති සුදු ඉරි සියල්ල මකා දැමුවහොත් ඇතිවන තත්වය කුමක්ද? මෙය ද ඊට බෙහෙවින් සමාන සංසිද්ධියකි.

 

what will happen if you hit someone crossing a pedestrian crosswalk 6131f278e734c මහා මාර්ගයේ සුදු ඉර හරහා පාර පනින යමකු රිය අනතුරකින් මරණයට පත් විය හැක. එහෙත් එය වලකා ලීම පිණිස මහා මාර්ගය හරහා වැටී ඇති සුදු ඉරි සියල්ල මකා දැමුවහොත් ඇතිවන තත්වය කුමක්ද?

එමෙන්ම යමකු ගේ හදිසි මරණයක් ඔස්සේ ඒ සඳහා ඉවහල් වන අනේක විධ හේතු කාරණා විමසීම ඔවුන් ගේ සමීපතමයන් විසින් නිරායාසයෙන් කරනු ලබන්නකි. එහි දී යමකු හදිසි හෘදයාබාධයකින් මිය යාම සහ ඒ තැනැත්තා ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා ගැනීම පහසුවෙන් ගලපාලිය හැක. මෙලෙස පසු සිදුවීම පෙර සිදුවීමේ ප්‍රතිඵලයක් ලෙස හේතු සාධක නොමැතිව දැකීම මනෝ විද්‍යාත්මක සාධකයක් වන අතර එය Post hoc ego propter hoc නමින් හඳුන්වනු ලැබේ.

නමුදු ඒ සම්බන්ධයෙන් කිව යුතු විශේෂිතම කරුණක් තිබේ. එනම් පසුගිය කොවිඩ් වසංගතයෙන් පසු හෘදයාබාධ හා මොළයේ ආඝාත වැනි රුධිරය කැටි ගැසීම් මත පදනම් වන රෝග තත්වයන් ලොව සැලකිය යුතු ලෙසින් වර්ධනය වී ඇති බවට ලොව මෙතෙක් කිසිදු නිරීක්ෂණයකින් තහවුරු නොවීම ය.

 

Cardiovascular disease 3සුගිය කොවිඩ් වසංගතයෙන් පසු හෘදයාබාධ හා මොළයේ ආඝාත වැනි රුධිරය කැටි ගැසීම් මත පදනම් වන රෝග තත්වයන් ලොව සැලකිය යුතු ලෙසින් වර්ධනය වී ඇති බවට ලොව මෙතෙක් කිසිදු නිරීක්ෂණයකින් තහවුරු නොවීම ය.




(රේණුකා දමයන්ති ගමගේ)
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com

(උපුටා ගැනීම - vinivida.lk)



සබැඳි පුවත් :
ඇස්ට්‍රාසෙනිකා ගත්තු අය බයවෙන්න එපා


 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...