The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය කොයිබට ද ?

T

The Leader Desk

May 16, 2024 • 9:54 AM

ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය කොයිබට ද ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පිළිගැනීම, ආර්ථිකමය වශයෙන් පවතින ස්ථිරසාර භාවය මීට ප්‍රධානතම හේතු වශයෙන් සැලකිය හැකිය.
  • එසේම 1980 දශකය ආරම්භයේ සිට පෞද්ගලික විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් පවතින, මේ දක්වා නොනැසී පවතින අර්බුදයේ ද වෛද්‍ය අධ්‍යාපනය වැදගත් මාතෘකාවක් බවට පත්ව තිබේ.
  • ආසන්න යුගයේ දැඩි අවධානයක් දිනාගත් ‘සයිටම් අර්බුදයේ‘ සිට මේ දක්වා විවිධ මාන ඔස්සේ පැතිර ගොස් නොවිසඳී පවතින වෛද්‍ය අධ්‍යාපනයේ ගැටලු සහ අර්බුද සම්බන්ධයෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සිය ‘කතිකාව‘ වැඩසටහනේ 175 විද්වත් සාකච්ඡාවේදී අවධානය යොමු කරන ලදී.
  • ආචාර්ය සුජාතා ගමගේ මහත්මිය විසින් මෙහෙයවන ලද මෙම විද්වත් සාකච්ඡාව ඇසුරින් මෙම ලිපිය සම්පාදනය කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

පිළිගැනීම, ආර්ථිකමය වශයෙන් පවතින ස්ථිරසාර භාවය මීට ප්‍රධානතම හේතු වශයෙන් සැලකිය හැකිය. එසේම 1980 දශකය ආරම්භයේ සිට පෞද්ගලික විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් පවතින, මේ දක්වා නොනැසී පවතින අර්බුදයේ ද වෛද්‍ය අධ්‍යාපනය වැදගත් මාතෘකාවක් බවට පත්ව තිබේ.

ආසන්න යුගයේ දැඩි අවධානයක් දිනාගත් ‘සයිටම් අර්බුදයේ‘ සිට මේ දක්වා විවිධ මාන ඔස්සේ පැතිර ගොස් නොවිසඳී පවතින වෛද්‍ය අධ්‍යාපනයේ ගැටලු සහ අර්බුද සම්බන්ධයෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සිය ‘කතිකාව‘ වැඩසටහනේ 175 විද්වත් සාකච්ඡාවේදී අවධානය යොමු කරන ලදී.

 

‘සයිටම් අර්බුදයේ‘ සිට මේ දක්වා විවිධ මාන ඔස්සේ පැතිර ගොස් නොවිසඳී පවතින වෛද්‍ය අධ්‍යාපනයේ ගැටලු සහ අර්බුද

‘ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය කොයිබටද?‘ මැයෙන් වූ මෙම විද්වත් සාකච්ඡාව සඳහා මහාචාර්ය රොහාන් සමරජීව, වෛද්‍ය තිමති වික්‍රමසේකර සහ විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ යන විද්වතුන් සම්පත් දායකත්වය සැපයූහ. ආචාර්ය සුජාතා ගමගේ මහත්මිය විසින් මෙහෙයවන ලද මෙම විද්වත් සාකච්ඡාව ඇසුරින් මෙම ලිපිය සම්පාදනය කර ඇත.

 

Kathika 175 465x465‘ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය කොයිබටද?‘ මැයෙන් වූ විද්වත් සාකච්ඡාව

වත්මන් රජය විසින් පසුගිය දා එළිදක්වන ලද ‘නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව‘ සම්බන්ධයෙන් සංවාදයක් මේ වන විට ආරම්භ වී ඇති අතර එහි වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් වන යෝජනා සහ නිර්දේශ විශේෂ අවධානයට ලක්ව ඇත. ඊට හේතුව ලෙස සැලකිය හැකි වන්නේ වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් සමාජය තුළ පවතින දැඩි උනන්දුවයි. මෙම සංවාදය ආරම්භයේදී ආචාර්ය සුජාතා ගමගේ පෙන්වා දුන්නේ නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව තුළ වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධ ගැටලුකාරී තත්ත්වයක් පවතින බවය.

 

වෛද්‍ය අධ්‍යාපනයට පවතින දැඩි ඉල්ලුම හේතුවෙන් පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවයට සහ තරඟකාරීභාවයට දැඩි බලපෑමක් සිදුව ඇති බව පෙන්වා දුන් ආචාර්ය සුජාතා ගමගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළ වෛද්‍ය විද්‍යා විෂය ධාරාවට අධි සම්පත් සැපයුමක් සිදුවන බව පෙන්වා දුන්නාය. මෙම තත්ත්වය බරපතළ තත්ත්වයක් ලෙස තමා සලකන බවත් වෛද්‍යවරුන් බිහි කිරීම රටකට වැදගත් වන්නා සේම සමාජයීය විද්‍යා සහ මානව විද්‍යා ක්ෂේත්‍රවලින් ද වෘත්තිකයින් බිහිවීම සමාජ සංවර්ධනයට, විශේෂයෙන් රාජ්‍ය පරිපාලනය ඉතා වැදගත් බවත් ඇය පෙන්වා දුනි.

dr sujatha gamageවෛද්‍යවරුන් බිහි කිරීම රටකට වැදගත් වන්නා සේම සමාජයීය විද්‍යා සහ මානව විද්‍යා ක්ෂේත්‍රවලින් ද වෘත්තිකයින් බිහිවීම සමාජ සංවර්ධනයට, විශේෂයෙන් රාජ්‍ය පරිපාලනය ඉතා වැදගත් බවත් ඇය පෙන්වා දුනි.
සාකච්ඡාවට ප්‍රවේශයක් ගනිමින් වෛද්‍ය තිමති වික්‍රමසේකර කියා සිටියේ වසර 20කට ආසන්න කාලයක් පුරා තමා ලැබූ ප්‍රායෝගික හා වෘත්තීය අත්දැකීම් තුළින් ගැටලුව සාකච්ඡා කිරීමට තමා අදහස් කරන බවය.

ලංකාවේ පළමු වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීම සිදුවන්නේ 1870 දී පමණය. මේ වන විට රජයේ වෛද්‍ය පීඨ සංඛ්‍යාව 11ක් වන අතර නුදුරු කාලයේදී ආරම්භ කිරීමට නියමිත ඌව වෙල්ලස්ස සරසවියේ වෛද්‍ය පීඨය සහ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක පීඨය තුළ ක්‍රියාත්මක වන වෛද්‍ය පීඨයත් සමග ශ්‍රී ලංකාව තුළ පිහිටි රජයේ සහ ඊට අනුබද්ධිත වෛද්‍ය පීඨ සංඛ්‍යාව 13ක් බවට පත්වන්නේය. 2009 වර්ෂයේදී රජයේ වෛද්‍ය පීඨ වෙත සිසුන් 1200ක් පමණ බඳවා ගෙන ඇති අතර 2022 වන විට එම සංඛ්‍යාව 2100 ඉක්මවා ඇත.


''වෛද්‍ය පීඨ බිහිවන්නේ දේශපාලන අවශ්‍යතා අනුවයි''- වෛද්‍ය තිමති වික්‍රමසේකර

 

401451001 7292830430747752 2583262770203749227 nවෛද්‍ය තිමති වික්‍රමසේකර

යම් යම් ගැටලු සහ අභියෝග හමුවේ වුව ද ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ජාත්‍යන්තර මට්ටමට ළඟා වී ඇති බව වෛද්‍ය තිමති වික්‍රමසේකර පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ඔහු මෙසේ පැවසුවේය.

‘වෛද්‍ය පීඨ සංඛ්‍යාව වැඩි වීම සහ වෛද්‍ය පීඨවලට ඇතුළත් කර ගන්නා සිසුන් සංඛ්‍යාව වර්ධනය වීමට සමගාමීව ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතියත් සැලකිය යුතු ලෙස වර්ධනය වී තිබෙනවා. ලංකාවේ වෛද්‍ය පීඨ 10ක් වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය නියාමනය කරන ජාත්‍යන්තර ආයතනයේ අනුමැතියට ලක්ව තිබෙනවා. ඉතිරි වෛද්‍ය පීඨ තුනත් මේ අනුමැතිය ඉල්ලා තිබෙනවා. මේ තත්ත්වය තුළ ලංකාවේ වෛද්‍ය උපාධිධාරීන්ට ලෝකයේ ඕනෑම රටක සේවය කිරීමට අවස්ථාව හිමිව තිබෙනවා“

 

 


මෙහිදී වෛද්‍ය තිමති පෙන්වා දුන්නේ ලෝකයේම වෛද්‍ය අධ්‍යාපනය එක් ප්‍රමිතියකට ලක් කිරීමට පියවර ගනිමින් සිටින බවයි. ඒ නිසා ආණ්ඩුවලට හෝ ව්‍යාපාරිකයින්ට අවශ්‍ය ලෙස වෛද්‍ය අධ්‍යාපනය ලබා දෙන්න ඉදිරියේදී අවස්ථාව නොලැබෙන බවත් වෛද්‍ය තිමති වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

‘‘ ලංකාවේ වෛද්‍ය පීඨ අධ්‍යාපනය ගැන යළිත් අවධානය යොමු වෙමින් තිබෙන්නේ කොතලාවල ආරක්ෂක පීඨයට අනුබද්ධ වෛද්‍ය පීඨයට ආරක්ෂක අංශවලට අයත් නොවන සිසුන් ඇතුළත් කර ගැනීමට අවස්ථාව ලබා දෙමින් කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවීමත් සමගයි. මා මෙහිදී කියන්නේ අපි නිදහස් අධ්‍යාපනය වගේම අධ්‍යාපනයට ඇති නිදහස ගැනත් වැඩි අවධානයක් යොමු කළ යුතුයි. මේ දෙක මත පමණයි අපට මේ සංවාදය ඉදිරියට ගෙන යාමට අවස්ථාව හිමිවන්නේ“


kotalawala campus1කොතලාවල ආරක්ෂක පීඨය හා සම්බන්ධයෙන් උද්ගතව පවතින අර්බුදය සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කළ වෛද්‍ය තිමති වික්‍රමසේකර පෙන්වා දුන්නේ එක් කොටසක් මෙය නිදහස් අධ්‍යාපනයට තර්ජනයක් ලෙස තර්ක කරන බවයි.
කොතලාවල ආරක්ෂක පීඨය හා සම්බන්ධයෙන් උද්ගතව පවතින අර්බුදය සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කළ වෛද්‍ය තිමති වික්‍රමසේකර පෙන්වා දුන්නේ එක් කොටසක් මෙය නිදහස් අධ්‍යාපනයට තර්ජනයක් ලෙස තර්ක කරන බවයි. තවත් පිරිසක් මෙය, අධ්‍යාපනයට ඇති අයිතිය සපුරාගත හැකි, තහවුරු වන අවස්ථාවක් ලෙස තර්ක කරන බව ද ඔහු කීවේය.

මේ සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරමින් වෛද්‍ය තිමති මෙසේ කීවේය. ‘අපි මේ දෙක ගැනම ඉතා සියුම් ලෙස කල්පනා කර තීරණ ගත යුතුයි. නිදහස් අධ්‍යාපනය සහ අධ්‍යාපනයට ඇති නිදහස යන මතවාද දෙක අතරට වෛද්‍ය අධ්‍යාපනය පැමිණි විට රෝගීන්ගේ සුරක්ෂිතතාවය ගැන ගැටලු ඇති වෙනවා. මේ අංශ තුන නිසි ලෙස ගළපා ගැනීමේ අභියෝගය අප හමුවේ දැන් තිබෙනවා. ඒකට හේතුව තමයි සිවිල් සමාජය සමග, සිවිල් ක්‍රියාකාරකම් සමග පමණයි සමාජය නියාමනය විය යුත්තේ. මගේ පුද්ගලික අදහස තමයි සමාජයක් ඉදිරියට යන්නේ සිවිල් නීති පද්ධතියක් මත පමණක් බව කියන එක. ඇතැම් අය කල්පනා කරන පරිදි දැඩි, මර්ධනකාරී නීති මත කිසිම සමාජයක් ඉදිරියට යන්නේ නැහැ‘

 

SIST Molecular Biology Laboratoryවෛද්‍ය පීඨවලට ඇතුළත් කර ගන්නා සිසුන් සංඛ්‍යාව දෙගුණ වී ඇතත් රටේ ජනගහනය සහ රෝහල් පද්ධතියේ ධාරිතාවය දෙගුණයක් නොවූ බව ද වෛද්‍ය තිමති මෙහිදී වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

මෙහිදී වෛද්‍ය තිමති පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ බිහිවන්නේ ප්‍රතිපත්තිමය හෝ විද්‍යාත්මක කාරණාවලට වඩා එම කාලයේ පවතින දේශපාලන අවශ්‍යතා මත බවයි. 2009 සිට 2022 වන විට වෛද්‍ය පීඨවලට ඇතුළත් කර ගන්නා සිසුන් සංඛ්‍යාව දෙගුණ වී ඇතත් රටේ ජනගහනය සහ රෝහල් පද්ධතියේ ධාරිතාවය දෙගුණයක් නොවූ බව ද වෛද්‍ය තිමති මෙහිදී වැඩි දුරටත් පෙන්වා දුන්නේය.


''පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමට තාර්කික හේතු නෑ'' - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

 

dr ajith amarasinghe 1 1 විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

මෙම සංවාදයට එක් වෙමින් විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ කියා සිටියේ මෙම මාතෘකාව තමාට ඉතා සංවේදී මාතෘකාවක් බවයි. තමා ද ඇතුළු වෛද්‍ය පීඨ ශීෂ්‍ය ක්‍රියාකාරී කණ්ඩාමක් මීට වසර 30කට පමණ පෙර පෞද්ගලික වෛද්‍ය විද්‍යාවලට එරෙහි සටනට නායකත්වය දුන් බව සිහිපත් කළ විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, යම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් පුද්ගලික වෛද්‍ය අධ්‍යාපනය ගැන කතා කිරීමක් කරන්නේ නම් එහි බැරෑරුම්කම මනාව වටහා ගෙන කතා කළ යුතු බව ද කීවේය.

ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය කොයිබටද ? යන මාතෘකාව නිර්මාණය වුණේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හා සම්බන්ධ සංවාදය සහ පසුගිය දා එළිදක්වන ලද ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව යන කරුණු දෙක මත යැයි තමා විශ්වාස කරන බව වෛද්‍ය අජිත් අමරසිංහ කීවේය.

 

image 065aa342ec‘ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව තුළින් අපි සාකච්ඡා කරන්න යන්නේ මේ රටේ සමස්ත සිසු සිසුවියන්ගේ අනාගතය තීන්දු කරන ජාතික අධ්‍යාපන ක්‍රමය කුමක් විය යුතුද ? යන්නයි.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් සිය ස්ථාවරය පැහැදිලි කරමින් ඔහු මෙසේද කීවේය. ‘ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව තුළින් අපි සාකච්ඡා කරන්න යන්නේ මේ රටේ සමස්ත සිසු සිසුවියන්ගේ අනාගතය තීන්දු කරන ජාතික අධ්‍යාපන ක්‍රමය කුමක් විය යුතුද ? යන්නයි. මේ අවස්ථාවේ 7000කට ආසන්න වෛද්‍ය සිසුන්ගේ අධ්‍යාපනය ගැන කතා කිරීමට යාම තුළ ලක්ෂ 39කට අධික අනෙක් සිසුන්ගේ අධ්‍යාපන අයිතිය ගැන සාකච්ඡාව පසුපසට යනවා. ඒ නිසා අපි මේ අවස්ථාවේ වෛද්‍ය අධ්‍යාපනය පුද්ගලීකරණය කළ යුතු ද ? නැද්ද ? යන්න මේ අවස්ථාවේදී ඉස්මතු නොකළ යුතු සාකච්ඡාවක් ලෙස මම දකිනවා. ඊට හේතුව තමයි මෙවැනි සංවාදයක් තුළින් මේ සමාජය තව දුරටත් ධ්‍රැවීකරණය වෙනවා, දෙකට බෙදෙනවා. පුද්ගලික වෛද්‍ය අධ්‍යාපනය තිබිය යුතු ද යන කාරණය ඉදිරියට පැමිණ අර ලක්ෂ 39 ගැන අවධානය ගිලිහී යනවා“

 

86510637 56a9126d5f9b58b7d0f7db0e7000කට ආසන්න වෛද්‍ය සිසුන්ගේ අධ්‍යාපනය ගැන කතා කිරීමට යාම තුළ ලක්ෂ 39කට අධික අනෙක් සිසුන්ගේ අධ්‍යාපන අයිතිය ගැන සාකච්ඡාව පසුපසට යනවා.

නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ගැනත් එහි යෝජනා ගැනත් සිය අවධානය යොමු කළ විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ කියා සිටියේ අදාළ ප්‍රතිපත්ති රාමුවෙහි මූලික අරමුණ ලෙස සඳහන් කර ඇත්තේ ‘ලංකාව සංවර්ධිත රටක් කරා ගෙන යාම අරමුණු කර ගෙන මෙම ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ඉදිරිපත් කරන බව‘යි. ලංකාව සංවර්ධිත රටක් කරා ගෙන යාමට ඇති ප්‍රධාන බාධකය ලෙස තමා දකින්නේ ‘නුපුහුණු ශ්‍රමිකයින්ගේ ‘ප්‍රශ්නය බවත් ලංකාවේ ශ්‍රම බලකායෙන් පුහුණු ශ්‍රමිකයින් සිටිනේ 20%ක් බවත් ඔහු පෙන්වා දුන්නේය.



‘ඒ කියන්නේ 80%ක් පුහුණු කළ යුතුව තිබෙනවා. මම විශ්වාස කරන්නේ ‘මෙන්න මේ පිරිස පුහුණු කරන්නේ කෙසේද ?‘ යන ප්‍රශ්නය ගැන අපි අවධානය යොමු කළ යුතු බවයි‘ අජිත් අමරසිංහ අවධාරණයෙන් සඳහන් කළේය.

1987දී පුද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීම කෙරෙහි දක්වන ලද හේතුවල වත්මන් අදාළත්වය ගැන කරුණු පැහැදිලි කළ වෛද්‍ය අජිත් අමරසිංහ 1986දී ලංකාවේ පුරවැසියන් ලක්ෂයකට වෛද්‍යවරුන් සිටියේ 13 දෙනකු බවත් මෙම තත්ත්වය තුළ රටට අවශ්‍ය වෛද්‍යවරුන් බිහි කිරීමට රජයට අයත් විශ්වවිද්‍යාවලට ඇති නොහැකියාව ගැන කරුණු දක්වමින් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කිරීම සාධාරණීකරණය කිරීමට එවකට පැවැති රජය පියවර ගත් බවත් ඔහු පෙන්වා දුන්නේය.

 

british doctor largeලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන්නේ පුද්ගලයින් 100,000කට වෛද්‍යවරුන් 100 දෙනකු සිටීම අවශ්‍ය බවයි. ඒ අනුව අද වන විට ලංකාව එම අගයට පැමිණ තිබෙනවා.

මේ තත්ත්වය තව දුරටත් පැහැදිලි කරමින් විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මෙසේ ද කීවේය. ‘‘1986දී ලංකාවේ වෛද්‍යවරු හිටියේ 2217ක් පමණයි. පුද්ගලයින් 100,000කට 13.7 දෙනක්. ඒත් 2022 වන විට මෙරට වෛද්‍යවරුන් 21,250ක් සිටිනවා. පුද්ගලයින් 100,000කට වෛද්‍යවරුන් 97.9ක්  සිටිනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන්නේ පුද්ගලයින් 100,000කට වෛද්‍යවරුන් 100 දෙනකු සිටීම අවශ්‍ය බවයි. ඒ අනුව අද වන විට ලංකාව එම අගයට පැමිණ තිබෙනවා. මේ අනුව මේ නව වෛද්‍ය පීඨ තුළින් වෛද්‍යවරුන් බිහිකරන්න යන්නේ මේ රටට අවශ්‍ය වෛද්‍යවරුන් ද යන සාධාරණ ප්‍රශ්නය අපට ඇති වෙනවා. මම ඉතාම අවධාරණයෙන් කියනවා වෛද්‍යවරුන්ගේ කිසිම හිඟයක් අද වන විට ලංකාවේ නැහැ‘



මෙහිදී ඔහු කියා දියුණු රටවල් පවා අධ්‍යාපන ආයතන පිහිටුවීම රාජ්‍ය නියාමනයට යටත් කරන අතර, තමන් කැමැති කැමැති ආකාරයට අධ්‍යාපන ආයතන පිහිටුවීමට පුද්ගලික අංශයට කිසිම අවස්ථාවක් කිසිම දියුණු රටක නොමැති බවත් ඔහු අවධාරණයෙන් යුතුව පෙන්වා දුන්නේය. ඒ අනුව ලංකාව තුළ ද කිසිම ආකාරයකින් පෞද්ගලික අංශයට වෛද්‍ය අධ්‍යාපනය ලබාදීමට අවස්ථාව ලබා නොදිය යුතු බව ද විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කළේය.

''වෙළෙඳපොළ ඉල්ලුම අනුව වෛද්‍යවරුන් බිහි නොකළ යුතුයි''- මහාචාර්ය රොහාන් සමරජීව


prof samarajeewaමහාචාර්ය රොහාන් සමරජීව
මෙම සාකච්ඡාවට එක් වූ මහාචාර්ය රොහාන් සමරජීව පෙන්වා දුන්නේ රෝගියා සහ වෛද්‍යවරයා අතර පවතින්නේ අතිෂය සංවේදී සම්බන්ධයක් බවයි. මෙනිසා වෛද්‍ය අධ්‍යාපනය නියාමනය කිරීමේ යාන්ත්‍රණයක් සෑම රටකම පවතින බව මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් මහාචාර්ය සමරජීව මෙසේ ද පැවසුවේය, ‘ඒ ක්‍රමවේද තුළින් අදාළ සහතික ලබාගත් පුද්ගලයින්ට හැර වෙනත් පුද්ගලයින්ට වෛද්‍ය වෘත්තියේ යෙදීමට අවස්ථාවක් නැහැ. මෙය වෛද්‍ය වෘත්තිකයින්ට පමණක් සීමා වූ තත්ත්වයක් නොවෙයි, ගුවන් නියමුවන්, ඉංජිනේරුවන්, ගණකාධිකාරීවරුන් ඇතුළු වෘත්තීන් රැසකට මේ ආයතනික නියාමනය, ප්‍රමිතිකරණය තිබෙනවා‘


ලංකාවේ තත්ත්වය ගත්විට වෛද්‍ය වෘත්තියට අදාළ මෙම නියාමනය සහ ප්‍රමිතිකරණයට අදාළව ආයතනයක් ඇති බව පෙන්වා දුන් මහාචාර්යවරයා වෛද්‍ය අධ්‍යාපනය මේ අනුව නියාමනය සහ ප්‍රමිතිකරණය සිදුවිය යුතු බව ද එම නියාමන ආයතන වඩාත් ශක්තිමත් කළ යුතු බව ද අවධාරණය කළේය. ‘සමාජයෙන් ඇතිවන වෙළෙඳපොළ ඉල්ලුම සහ සැපයුම අනුව වෛද්‍යවරුන් බිහි නොකළ යුතුය‘ යන ස්ථාවරයේ තමා සිටින බව කී මහාචාර්ය සමරජීව අධ්‍යාපනය වෙනුවෙන් පුනරාවර්තන වියදම් නොව ප්‍රාග්ධන වියදම් වැඩි කළ යුතු බව පෙන්වා දුන්නේය.

 



මේ තත්ත්වය වැඩි දුරටත් පැහැදිලි කළ මහාචාර්ය රොහාන් සමරජීව මෙසේ සඳහන් කළේය, ‘රජය අධ්‍යාපනය වෙනුවෙන් වාර්ෂිකව වැය කරන මුදල්වලින් 53%ක්ම වැය කරලා තිබෙන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාවලට. එය ඉතාම ඉහළ මුදලක් බව පැහැදිලියි. නමුත් වර්තමාන අර්ථික අර්බුදය තුළ විශ්වවිද්‍යාවලට දැරීමට සිදුවන ප්‍රාග්ධන වියදම් සීමා වෙමින් පවතින අතර පසුගිය කාලයේ තිබුණ ගොඩනැගිලි මේනියාව නිසා ඉදිකළ දැවැන්ත ගොඩනැගිලි නඩත්තු කරන්න අවශ්‍ය පුනරාවර්තන වියදම් පවා ගෙවා ගත නොහැකි තත්ත්වයක සිටිනවා. මේ අනුව අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැවීම වෙනුවෙන් කරන රාජ්‍ය වියදම් හිරවන තත්ත්වයක් දැන් දැකගත හැකියි‘


වෛද්‍ය අධ්‍යාපනය ඉහළ නැංවීම වෙනුවෙන් වාණිජ බැංකු පද්ධතිය හරහා දැවැන්ත ණය ප්‍රමාණයක් ඇතැම් වෛද්‍ය පීඨවලට ලබාදී ඇති බවත් එම ණය වෙනුවෙන් දැවැන්ත මාසික පොලියක් ගෙවීමට එම ආයතනවලට වර්තමානයේ සිදුව ඇති බවත් මහාචාර්ය සමරජීව පෙන්වා දුන්නේය. මෙහිදී ඔහු අවධාරණයෙන් කියා සිටියේ ‘මෙවැනි තීරණ යළි නොගන්නා ලෙස තමා රජයෙන් ඉල්ලා සිටින බවයි‘.

 

Loans 2023.07.24වෛද්‍ය අධ්‍යාපනය ඉහළ නැංවීම වෙනුවෙන් වාණිජ බැංකු පද්ධතිය හරහා දැවැන්ත ණය ප්‍රමාණයක් ඇතැම් වෛද්‍ය පීඨවලට ලබාදී ඇති බවත් එම ණය වෙනුවෙන් දැවැන්ත මාසික පොලියක් ගෙවීමට එම ආයතනවලට වර්තමානයේ සිදුව ඇති බවත් මහාචාර්ය සමරජීව පෙන්වා දුන්නේය.

(සටහන - තුෂාල් විතානගේ)

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...