The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

'කුකුළු බිළි දේශපාලනයේ' නරක පැත්තකුත් තිබේ - (හේමන්ත රන්බණ්ඩාර)

T

The Leader Desk

May 16, 2024 • 9:19 AM

'කුකුළු බිළි දේශපාලනයේ' නරක පැත්තකුත් තිබේ - (හේමන්ත රන්බණ්ඩාර)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම ප්‍රවෘත්තියට අනුව රිදීගම පානගමුවේ අඩු ආදායම් ලාභියකු තමන්ට ලැබුණු සහල් රැගෙන ගොස් පළමුව එයින් කොටසක් තම කුකුළන්ට දී ඇත.
  • එම සහල් ආහාරයට ගත් කුකුලන් සිහිසුන්ව වැටී සිටි බවත් පසුව මියගිය බවත් ඔහු මහජන සෞඛ්‍ය නිලධාරීන්ට කළ පැමිණිල්ලේ සඳහන් වන බව පැවසෙයි.
  • මේ අතර මාධ්‍ය වල පළ වන මෙම සිද්ධිය පිළිබඳව දැනුවත් දැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබුර් රහුමාන් පසුගිය 14 වන දා පාර්ලිමේන්තුවේ දී ද විමසා තිබේ.
  • ඊට පිළිතුරු දුන් සභානායක අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඊට ක්ෂණිකව පිළිතුරක් ලබා දිය නොහැකි බවත් ඒ කාරණය විෂය බාර අමාත්‍යංශයට යොමු කොට පිළිතුරක් ලබා දෙන බවත් පවසා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


එම ප්‍රවෘත්තියට අනුව රිදීගම පානගමුවේ අඩු ආදායම් ලාභියකු තමන්ට ලැබුණු සහල් රැගෙන ගොස් පළමුව එයින් කොටසක් තම කුකුළන්ට දී ඇත. එම සහල් ආහාරයට ගත් කුකුලන් සිහිසුන්ව වැටී සිටි බවත් පසුව මියගිය බවත් ඔහු මහජන සෞඛ්‍ය නිලධාරීන්ට කළ පැමිණිල්ලේ සඳහන් වන බව පැවසෙයි.

මේ අතර මාධ්‍ය වල පළ වන මෙම සිද්ධිය පිළිබඳව දැනුවත් දැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබුර් රහුමාන් පසුගිය 14 වන දා පාර්ලිමේන්තුවේ දී ද විමසා තිබේ.

 



රජය අඩු ආදායම් ලාභීන් සඳහා දුන් සහල් වල ප්‍රමිතිය සම්බන්ධයෙන් පසුගිය කාලයේ ද ප්‍රශ්න ඇති වූ බව කී මන්ත්‍රී වරයා පානගමුවේ ගම්වැසියෙකුගේ කුකුළන් හත් දෙනකු ද මෙම සහල් කෑමෙන් පසු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය නිලධාරීන්ටත් පැමිණිලි ලැබී ඇතැයි ද ඒ ගැන යම් දැනුවත් වී තිබේදැයි දැන ගැනීමට අවශ්‍ය බව පවසා තිබේ.

ඊට පිළිතුරු දුන් සභානායක අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඊට ක්ෂණිකව පිළිතුරක් ලබා දිය නොහැකි බවත් ඒ කාරණය විෂය බාර අමාත්‍යංශයට යොමු කොට පිළිතුරක් ලබා දෙන බවත් පවසා තිබේ. පසුව මෙම සිදුවීම සම්බන්ධයෙන් රසපරීක්ෂක වාර්තාවක් කැඳවන්නැයි රම්බඩගල්ල අධිකරණය ද නියෝග කර ඇතැයි එම ප්‍රවෘත්තියේ සඳහන් වේ.

 

එනම් එම කුකුළන් සත් දෙනා මරණ හා දේශපාලනික සැබැදියාවක් තිබීම ය.

ආහාරයක් වීස වී කුකුළන් සත් දෙනකු මිය යාම ජන මාධ්‍යයක පළවිය යුතු පුවතක් නොවේ. මක් නිසාද යත් කුකුළු ගොවිපල ආශ්‍රිතව එබඳු සිදුවීම් හිඟ නොවන බැවිනි. එහෙත්, ඉහත සඳහන් ප්‍රවෘත්තිය ජන මාධ්‍ය ඔස්සේ පාර්ලිමේන්තු සභා ගර්භයට ද පැමිණ තිබේ. එතැනින් නොනැවතී අධිකරණය හමුවට ද ගොස් තිබේ. එමෙන්ම ඊට නියත හේතුවක් ද තිබේ. එනම් එම කුකුළන් සත් දෙනා මරණ හා දේශපාලනික සැබැදියාවක් තිබීම ය.

ජනමාධ්‍ය මඟින් එළි දුටු ඉහත සඳහන් පුවත දෙස මතුපිටින් බලන ඕනෑම අයකුව එක් වරම හැඟී යන කරුණක් තිබේ. එනම් රජය අඩු ආදායම් ලාභීන් සඳහා ලබා දෙන සහල් ප්‍රමිතියෙන් බාල පමණක් නොව මාරාන්තික වස විස ද සහිත ඒවා බව ය. එකී පුවතේ සඳහන් අන්දමට එම සහල් කෑ කුකුළන් සිහිසුන් බවට පත්ව මිය යාමෙන් ඒ බව තහවුරු වෙයි. 

 

50bfc551a4c2240b81e4ab0dceda15be XLඑහි නිවැරදි පිළිවෙල වනුයේ ඉන්පසු එම සහල් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හමුවට පත්කොට පවත්නා නීති රෙගුලාසි යටතේ එය මුද්‍රා තැබීම ය.
එමෙන්ම එහි වැඩිදුරටත් දැක්වෙනුයේ ඒ සහනාධාර හිමියා එම සහල් වලින් බත් පිසීමට පෙර එහි මුල් කොටස කුකුළු ආහාර වශයෙන් ලබා දී ඇති බවකි. එය ඔහුගේ දානමය චේතනාවක් මත සිදුවූවකැයි අපි මඳකට සිතමු. 


එහෙත්, එම පුවතේ සඳහන් අන්දමට එසේ කුකුළන් සත් දෙනෙකුට මරු කැඳවීමට සමත් සහල් තිබී ඇත්තේ සහනාධාර වශයෙන් ලැබුණු එක් බෑගයක පමණි. එසේ නොවන්නට ඒ සමඟ බෙදා දෙන ලද අනෙක් බෑගයන් හි ඇති සහල් පරිභෝජනය කළ කිසියම් පිරිසකට එහි අහිතකර බලපෑම් ඇතිවීමට ඉඩ තිබිණ. නමුත් එවැන්නක් පිළිබඳව ද වාර්තා වී නැත. ඒ අනුව එම සහල් වල අඩංගු ද්‍රව්‍ය කුකුළන්ට පමණක් විස වන්නක් ද යන්නත් අපි නොදනිමු. 

 

rice rඒ සහල් ඒ එක් එක් දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් නියමිත මිල ගණන් යටතේ දේශීය සහල් නිෂ්පාදකයන් ගෙන් නැතහොත් සහල් මෝල් හිමියන් ගෙන් මිල දී ගත් ඒවා ය.


එමෙන්ම එම සහනාධාර හිමියා කුකුළන් ආහාරයට ගැනීමෙන් පසු මරණයට පත් වූ සහල් සහිත බෑගයේ ඉතිරි සහල් වලට කුමක් කරන ලද්දේ ද යන්න පිළිබඳව ද එම පුවතේ සඳහන්ව නැත. එහි නිවැරදි පිළිවෙල වනුයේ ඉන්පසු එම සහල් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හමුවට පත්කොට පවත්නා නීති රෙගුලාසි යටතේ එය මුද්‍රා තැබීම ය.

සාමාන්‍යයෙන් අප රටේ අඩු ආදායම්ලාභීන් අතර බෙදා දෙන සහල් ප්‍රමිතියෙන් බාල බවට මීට ඉහත ද මාධ්‍ය වාර්තා පළවිය. එහෙත්, ඒ සහල් ඒ එක් එක් දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් නියමිත මිල ගණන් යටතේ දේශීය සහල් නිෂ්පාදකයන් ගෙන් නැතහොත් සහල් මෝල් හිමියන් ගෙන් මිල දී ගත් ඒවා ය. ඒ බොහෝ විට මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් ගෙනි. 

පසුව අඩු ආදායම් ලාභීන් හට බෙදා දීම පිණිස එම සහල් නියමිත ප්‍රමාණයන් ඒ ඒ කොට්ඨාශවල ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත යැවෙන අතර ඔවුන් ඉන්පසුව ඔවුන්ගේ අධීක්ෂණයට හා නියාමනය යටතේ ඒවා එක් එක් ග්‍රාම නිලධාරී වසම්වල වෙසෙන අඩු ආදායම්ලාභීන් අතරේ බෙදී යයි.

මෙහිදී එලෙස තමන් වෙත ලැබෙන සහල් වල නිෂ්පාදකයා ආදී තොරතුරු සේම එම සහල් කල් ඉකුත් වීමේ දින ද එම බෑග් වල සඳහන්ව තිබීම මත යම් විනිවිද භාවයකින් එම බෙදා හැරීම සිදු කිරීමේ අවකාශයක් තිබේ. ඒ අතර පසුගිය කාලයේ එසේ බෙදා හරින ලද සහල් තොග අතර ප්‍රමිතියෙන් බාල කල් ඉකුත් වූ සහල් තිබූ බවට ද මාධ්‍ය වාර්තා පළවිය. ඒ බව තහවුරු කරනු පිණිස එම සහල් කවරවල කල් ඉකුත් වන දිනයන් ලෙස පැරණි දින සඳහන්ව තිබෙනු රූපමය වශයෙන් ජනමාධ්‍ය වලින් ද ප්‍රචාරය කරනු දක්නා ලදී. 

 

iukhjපසුව එම ලේබල් ගලවා ඉවත් කිරීමෙන් පසුව මෙවර ආණ්ඩුව අඩු ආදායම් ලාභීන්ට ප්‍රමිතියෙන් තොර කල් ඉකුත් වූ සහල් දී ඇති බවට මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කොට තිබේ.

එහෙත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමසීමේදී අනාවරණය වී ඇත්තේ එම සහල් තොග සැපයීම පිණිස ඒ සහල් නිෂ්පාදකයා සතු අළුත් හිස් කවර ප්‍රමාණවත් ලෙස නොමැති වීම මත ඒ අඩුව සපුරාලීමට පැරණි හිස් කවර යම් ප්‍රමාණයක් ගෙන ඇති බවකි. පසුව ඒවායේ සඳහන් පැරණි කල් ඉකුත් වීමේ දිනවලට උඩින් අලුත් කල් ඉකුත් වීමේ දින සහිත ලේබල් අලවා තිබූ බවකි. නමුත් පසුව එම ලේබල් ගලවා ඉවත් කිරීමෙන් පසුව මෙවර ආණ්ඩුව අඩු ආදායම් ලාභීන්ට ප්‍රමිතියෙන් තොර කල් ඉකුත් වූ සහල් දී ඇති බවට මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කොට තිබේ. එය එම සහල් සැපයීමට දායක වූ ග්‍රම නිලධාරී ප්‍රාදේශීය ලේකම්, දිස්ත්‍රික් ලේකම් සේම ඒ සහල් නිෂ්පාදකයා වෙත සෘජුවම එල්ල කළ හැකි චෝදනාවකි. එහෙත් එවැන්නක් ද සිදු වී නැත. 

එමෙන්ම අඩු ආදායම් ලාභීන් සඳහා මෙවර හිමි වූ සහල් සම්බන්ධයෙන් විමසා බැලූ අපට ඒවායේ විශේෂ දොසක් ඇති බවට කිසිවකු ගෙන් දෝෂාරෝපණයක් එල්ල වනු අසන්නට නොලැබිණි. එය ඕනෑම කෙනෙකුට පහසුවෙන් ප්‍රායෝගිකව අත්හදා බැලීමට පුළුවන. අනෙක් කරුණ නම් එම සහල් වෙළඳසලෙන් සිල්ලරට ලබා ගන්නා සහල් වලට වඩා විශ්වාසදායක වනුයේ ඒවා නිෂ්පාදකයා ගේ නම ඇතුළු තවත් විස්තර ද සහිත ඇසුරුම් වශයෙන් අඩු ආදායම් ලාභීන් අතට පත් කෙරෙන බැවිනි.

 

කීරි සම්බා හිඟය කෘත්‍රිමව ඇති කළ එකක් !“කුකුළන් බිළි දී” රජයේ නැති වැරදි ඉස්මතු කිරීම රජයේ බරපතල වැරදි ද වසා දමන්නක් බව මෙවන් චෝදනා ගොනු කරන සියලු පාර්ශවයන් ඉතා හොඳින් වටහා ගත යුතු ය.
එමෙන්ම ජනමාධ්‍ය මගින් මෙබඳු පදනම් විරහිත පුවත් සමාජ ගත වීමෙන් සිදුවන දෙයාකාර අයහපතක් තිබේ. ඉන් පළමු වැන්න ආණ්ඩුවෙන් ලබා දෙන සහල් වස විස සහිත බවට සමාජයීය වශයෙන් විශ්වාසයක් පැතිර ගිය හොත් ජනතාව ඒවා එක් වරම පරිභෝජනය කිරීමට මැලි වීම ය.

එමෙන්ම එහි දෙවන අයහපත ඊටත් වඩා බරපතල ය. එනම් ආණ්ඩුව අපහසුවට පත් කිරීම පිණිස යම් යම් පාර්ශවයන් විසින් ගොනු කරන පදනම් විරහිත චෝදනා වල සාවද්‍ය භාවය වටහා ජනතාව එම චෝදනාවෙන් සේම රජය වෙත එල්ල විය යුතු අතිශය සාධාරණ චෝදනා වලින් පවා රජය නිදහස් කිරීමට පෙළඹීම ය. 

එනිසා මෙලෙස “කුකුළන් බිළි දී” රජයේ නැති වැරදි ඉස්මතු කිරීම රජයේ බරපතල වැරදි ද වසා දමන්නක් බව මෙවන් චෝදනා ගොනු කරන සියලු පාර්ශවයන් ඉතා හොඳින් වටහා ගත යුතු ය.


සටහන :
(හේමන්ත රන්බණ්ඩාර)

උපුටා ගැනීම : vinivida.lk )

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...