The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

කුකුළන් සත් දෙනාගේ මරණ වලින් හෙළිවෙන අප රටේ සංවර්ධන මන්දපෝෂණය - (විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ)

T

The Leader Desk

May 17, 2024 • 10:47 AM

කුකුළන් සත් දෙනාගේ මරණ වලින් හෙළිවෙන අප රටේ සංවර්ධන මන්දපෝෂණය - (විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වදන ද ඊට නියත ලෙසම එක් වනු ඇත.
  • එහෙත්, ලොව දියුණු යැයි සැළකෙන බොහෝ රටවල් හා සසඳන විට අපේ රටේ සංවර්ධනය හුදෙක් වචන මාත්‍රයකට සීමා වී ඇති බවක් පෙනේ.
  • ඒ සඳහා ආසන්නම නිදසුනක් ලෙස පසුගිය දා රිදීගම, පානගමුව ප්‍රදේශයේ කුකුළන් සත් දෙනකු මිය යාමේ සිදුවීම දැක්විය හැක.
  • එම සිදුවීමට අදාළ ප්‍රවෘත්තියට අනුව එම කුකුළන් ගේ මරණයට හේතු වී ඇත්තේ රජය විසින් අඩු ආදායම් ලාභීන් සඳහා නොමිලයේ ලබාදුන් සහල් ආහාරයට ගැනීම ය.
අකුරු ප්‍රමාණය (Font Size):

වදන ද ඊට නියත ලෙසම එක් වනු ඇත. එහෙත්, ලොව දියුණු යැයි සැළකෙන බොහෝ රටවල් හා සසඳන විට අපේ රටේ සංවර්ධනය හුදෙක් වචන මාත්‍රයකට සීමා වී ඇති බවක් පෙනේ.

ඒ සඳහා නිදසුන් වශයෙන් දැක්විය හැකි බොහෝ සිදුවීම් තිබේ. ඒ සඳහා ආසන්නම නිදසුනක් ලෙස පසුගිය දා රිදීගම, පානගමුව ප්‍රදේශයේ කුකුළන් සත් දෙනකු මිය යාමේ සිදුවීම දැක්විය හැක.

 



එම සිදුවීමට අදාළ ප්‍රවෘත්තියට අනුව එම කුකුළන් ගේ මරණයට හේතු වී ඇත්තේ රජය විසින් අඩු ආදායම් ලාභීන් සඳහා නොමිලයේ ලබාදුන් සහල් ආහාරයට ගැනීම ය. එහෙත් එය නම් කළ හැක්කේ එම සිදුවීම හා සම්බන්ධ ආසන්නතම සහ ද්‍රශ්‍යමාන හේතුව වශයෙනි. එහෙත් යමක ආසන්නම හා ද්‍රශ්‍යමාන හේතුව ඒ හා සම්බන්ධ සැබෑ හේතුව වීමට සේම නොවීමට ද ඉඩ තිබේ.

කුකුළන් සත් දෙනකු ගේ මරණය බරපතල සිදූවීමක් නොවූවද කාලීන තත්වයන් යටතේ කුකුළන් සත් දෙනකු හදිසියේ එක් වරම මිය යාම එක්තරා අතිශය බරපතල තත්වයක් මත සිදුවීමට ද පැහැදිලි අවකාශයක් තිබේ. ඒ මේ වන විට ලොව යම් ව්‍යාප්තියක් පළ කරන H5N1 නම් කුරුළු උණ රෝගය පිළිබඳව සාධාරණ ලෙස අනුමාන කිරීමේ හැකියාවක් ඒ ඔස්සේ මතු වන බැවිනි. මේ වන විට එය ඇමරිකාවේ ගවයන් අතර පැතිර යාමක් ද පෙන්නුම් කරන අතරේ එමඟින් මිනිසුන් වෙත සම්ප්‍රේෂණය වීමේ නව මංපෙතක් විවර වනු ඇත.

 

කාලීන තත්වයන් යටතේ කුකුළන් සත් දෙනකු හදිසියේ එක් වරම මිය යාම එක්තරා අතිශය බරපතල තත්වයක් මත සිදුවීමට ද පැහැදිලි අවකාශයක් තිබේ.

මෙම කුරුළු උණ මූලික වශයෙන් කුකුළන් හා කුරුල්ලන් අතර පැතිරෙන වසංගත රෝගයකි. මෙම රෝග කාරකය ඉන්ෆ්ලුවන්සා A වෛරසයේ H5N1 කාණ්ඩය වශයෙන් නම් කොට ඇත. එය වඩාත් අනතුරුදායක වනුයේ පක්ෂීන්ගෙන් මිනිසුන්ට ද බෝ වන බැවිනි. නමුදු දැනට වාර්තා වී ඇති අන්දමට මෙය මිනිසුන්ගෙන් මිනිසුන්ට කුරුළු උණ බෝවීම ඉතාමත් විරල ය. නමුදු සංචාරක පක්ෂීන් වෙතින් කුරුළු උණ මෙරට කුකුළන්, කුරුල්ලන් අතරට පහසුවෙන් පැමිණීමේ හැකියාවක් තිබේ.

විසිතුරු පක්ෂීන් ලෙස වෙනත් රටවලින් අප රටට ගෙන්වන කුරුල්ලන්, කුකුළන් හා කුකුළු පැටවුන්, කුරුළු පිහාටු,මස් හා බිත්තර වැනි කුරුළු නිෂ්පාදනවල එම රෝග කාරක වෛරසය ඇත්නම් රෝගය අප රටට පැමිණිය හැක. කුරුළු උණ වසංගතය ඇති රටවලට කෙරෙන විදේශ සංචරණ මගින් ද මෙම රෝගය පැතිරෙන බව වාර්තා වී තිබේ. ඒ අනුව මෙම රෝගය පැතිරීම වලක්වා ලීම අභියෝගාත්මක කාරියකි. රෝගී හා මැරුණු කුකුළන්, කුරුල්ලන්, තාරාවන් සහ ගෘහාශ්‍රිතව ඇති කරන කුරුල්ලන් හා උන්ගේ අපද්‍රව්‍ය ස්පර්ශ කිරීමෙන් ද රෝගී පක්ෂීන්ගේ බාගෙට පිසූ සත්ව කොටස් හෝ බිත්තර ආහාරයට ගැනීමෙන් ද මෙම රෝගය මිනිසුන්ට වැළඳිය හැකි බව අනාවරණය වී තිබේ.

 

විසිතුරු පක්ෂීන් ලෙස වෙනත් රටවලින් අප රටට ගෙන්වන කුරුල්ලන්, කුකුළන් හා කුකුළු පැටවුන්, කුරුළු පිහාටු,මස් හා බිත්තර වැනි කුරුළු නිෂ්පාදනවල එම රෝග කාරක වෛරසය ඇත්නම් රෝගය අප රටට පැමිණිය හැක.

H5N1 වයිරසය ශරීර ගත වූ පසු දින 3-5 ක් අතර කාලයකින් පසු රෝග ලක්ෂණ පහළ වේ. මූලික රෝග ලක්ෂණ සාමාන්‍ය ඉන්ෆ්ලුවෙන්සා, රෝග ලක්ෂණ වලට සමාන ය. ඒ අතර උණ, කැස්ස, උගුර අමාරුව, ඇඟ පත අමාරුව හා සමහර අවස්ථා වලදී පාචනය ද පැවතිය හැක. සාමාන්‍යයෙන් මෙම රෝග ලක්ෂණ කඩිනමින් දරුණු අතට හැරුණු පසු නියුමෝනියා රෝගයෙන් මරණයට පත්වීම් ද වාර්තා වෙයි.

පසුගිය කාලයේ මෙම කුරුලු උණ රෝගය දකුණු අර්ධ ගෝලයේ දක්ෂිණ ද්‍රවයේ ඇන්ටාක්ටිකාව පුරා ව්‍යාප්ත වෙමින් පැවැති බවත් එය මුහුදු ලිහිණින් වැනි කුරුල්ලන් අතර මෙන්ම පෙන්ගුයින් කුරුල්ලන් අතර ව්‍යාප්ත වෙමින් පැවැති බව ද වාර්තා වී තිබේ. මෙය මාරාන්තික තත්ත්වයක් වීමේ අවදානමක් පවතින බව විද්‍යාඥයින් අනාවැකි පළකර ඇති අතර පර්යේෂකයින්ට අනුව ඇන්ටාක්ටිකාවෙන් පළමු වරට කුරුලු උණ වැළඳුණු කුරුල්ලන් හඳුනාගෙන ඇත්තේ එහි ප්‍රධාන භූමියෙනි. කුරුළු උණ සම්බන්ධ නවතම පර්යේෂණයන්ට අනුව, නිව් යෝර්ක් නගරයේ H5N1 පැතිර යාම පිළිබඳ. විද්‍යාත්මක පත්‍රිකාව ක්ෂුද්‍ර ජීව විද්‍යාව සඳහා වූ ඇමරිකානු සංගමයේ වෛරස් විද්‍යාව සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලදී.

 

1710572988 Bird flu Lකුරුලු උණ රෝගය දකුණු අර්ධ ගෝලයේ දක්ෂිණ ද්‍රවයේ ඇන්ටාක්ටිකාව පුරා ව්‍යාප්ත වෙමින් පැවැති බවත් එය මුහුදු ලිහිණින්, පෙන්ගුයින් කුරුල්ලන් අතර ව්‍යාප්ත වෙමින් පැවැති බව ද වාර්තා වී තිබේ.
එම වාර්තාව මඟින් මෙය ග්‍රාමීය පරිසරයට සහ වාණිජ කුකුළු ව්‍යාපාරවලට පමණක් සීමා නොවී නාගරික මධ්‍යස්ථාන දක්වා ව්‍යාප්ත වන බව අවධාරණය කරයි. මෙය ගෝලීය ව්‍යාප්තියක් දක්වා වන මංපෙතක් වීමට ද පුළුවන. නමුත් හුදෙක් දූපත් මානසිකත්වයක් මිස ගෝලීය චින්තනයක් නොමැති අප ජන සමාජය මෙවන් දේ කෙරෙහි සංවේදී වනුයේ ඉතා අඩුවෙනි.

ඉහත සඳහන් කුකුළන් හත් දෙනකු එක් වර මිය යාමේ සිදුවීම අප රටේ ජන මාධ්‍ය තුළින් නැවත නැවතත් ‘වර නැඟෙන්නට’ වූයේත් එය පාර්ලිමේන්තු සභා ගර්භය සේම අධිකරණය වෙත යොමු වන්නට වූයේත් එම කුකුළු මරණ හා අඩු ආදායම් ලාභීන් හට ආණ්ඩුවෙන් නොමිලයේ ලබා දෙන සහල් අතර යම් ආසන්න සහ ද්‍රශ්‍යමාන සබැඳියාවක් ගොඩනැඟී තිබූ බැවිනි.

 

iukhjඑම සහල් ආහාරයට ගැනීමෙන් පසු කුකුළන් මිය යාම එම සහල් ආහාරයට ගැනීම නිසා කුකුළන් මිය යාමක් වීමට සේම නොවීමට ද පුළුවන. 
නමුත් එවැනි සිදුවීමක් හා සබැඳි විද්‍යාත්මක විමසුමක දී එම සිදුවීම තුළ පැවැතිය හැකි බරපතල බව සළකා විද්‍යාත්මක කෝණයකින් විමැසීම ලොව සෑම දියුණු රටකම සිදුවන බව නොරහසකි. නමුත් ඉහත සඳහන් කුකුළු මරණ සහ මේ වන විට ලොව නන් දෙසින් වාර්තා වන H5N1 කුරුළු උණ රෝගය අතර යම් සබැඳියාවක් තිබේදැයි විමසීමට මෙරට සෞඛ්‍ය සහ පශු වෛද්‍ය අංශ ප්‍රමාණවත් අයුරින් මැදිහත් වූයේ ද යන්න ගැටළුව අප තුළ පවතී.

තාක්ෂණික වශයෙන් යම් ආකාරයකට නවීනත්වය හා මුසු වුවද චින්තනමය සහ ආකල්පමය වශයෙන් අප ජන සමාජය ඒ නවීනත්වයට කෙතරම් සහසම්බන්ධ දැයි විමසීමක් කිරීමේ දී ඉතා පැහැදිලිව පෙනී යන කරුණක් තිබේ. එනම් ඒ සහසබඳතා ඉතා දුබල මට්ටමක පවතින බවකි.

ඉහත සඳහන් සිදුවීමට අදාලව මෙය විමසීමට ලක් කළහොත් එම සහල් ආහාරයට ගැනීමෙන් පසු කුකුළන් මිය යාම එම සහල් ආහාරයට ගැනීම නිසා කුකුළන් මිය යාමක් වීමට සේම නොවීමට ද පුළුවන. 

Shamanඅවිචාරවත් සමාජයක් ඡන්ද බිලි බා ගැනීමේ ඇමක් ලෙස භාවිතා වන අප රට තුළට සැබෑ සංවර්ධනයේ මූලික පදනම වන විද්‍යාත්මක චින්තනයක අරුණළු කෙලෙස කවදා වැටේ ද යන්න ද බරපතල පැනයකි.

“අම්මා රෑ එළිවෙනකම් තනියට මොන මොනවද කියවන්න පටන් ගත්තා, ඒත් අපි කට්ටඩි මහත්තයෙක් ගෙන්නලා ඇප නූලක් දැම්මට පස්සේ ඒ කියවන එක සෑහෙන්න අඩු වුණා;දැන් ආයිමත් කලින් වගේම කියවනවා”. මානසික රෝගීන් සමඟ පැමිණෙන ඔවුන් ගේ ඥාතීන් සහ භාර කරුවන් එසේ පවසනු මනෝ වෛද්‍යවරුන්ට ඉතා හොඳින් හුරු පුරුදු ය. එහෙත්, එම තනිව කියැවීම නතර වූයේ ඇප නූල දැමීම නිසා ද නැතහොත් ස්වභාවික හේතුවක් නිසා ද යන්න සනාථ කිරීමට කරුණු කිසිවක් ඔවුන් සතුව නැත. එය ඔවුනට දැනෙන හැඟෙන දෙයක් පමණි.

එමෙන්ම ඉහත සඳහන් කුකුළන් සත් දෙනා මිය යාම H5N1 කුරුළු උණ නිසා සිදුවී නොමැති බවට පෞද්ගලිකව අනුමාන කිරීමට අපට පුළුවන. එහෙත්, එවන් අනුමාන වලට වඩා එවැනි බිහිසුණු තත්ත්වයක් වලකා ගැනීම පිණිස වඩාත් යුහුසුළු වීම අතිශය වැදගත් ය. ඒ “අවදානමට වඩා සුදානම ඉතා වැදගත්ය” යන නියාමය අනුව ය. නමුත් සංවර්ධනය යනු අවිචාරවත් සමාජයක් ඡන්ද බිලි බා ගැනීමේ ඇමක් ලෙස භාවිතා වන අප රට තුළට සැබෑ සංවර්ධනයේ මූලික පදනම වන විද්‍යාත්මක චින්තනයක අරුණළු කෙලෙස කවදා වැටේ ද යන්න ද බරපතල පැනයකි.




(විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ)
 උපුටා ගැනීම : vinivida.lk



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...