The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

බොරු ජොන්සන්ලාගෙන් ප්‍රවේසම් වෙමු - (ජයශ්‍රී ප්‍රියලාල්)

T

The Leader Desk

May 17, 2024 • 12:31 PM

බොරු ජොන්සන්ලාගෙන් ප්‍රවේසම් වෙමු - (ජයශ්‍රී ප්‍රියලාල්) 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එවකට සිටි ඩේවිඩ් කැමරන් අගමැතිවරයාගේ නායකත්වයට බ්‍රිතාන්‍යය යුරෝපා හවුලෙන් වෙන්කරවීම මුල් කරගනිමින් තර්ජනයක් එල්ල කලේ බොරිස් ජොන්සන්ය.
  • නිව්යෝර්ක් නුවර ජන්මලාභය ලද ඔහුට ලන්ඩන් නුවර නගරාධිපති වරයා ලෙසට තේරීපත් විය.
  • ඉන් ඉක්බිති 2019 දී පැවැති මැතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් කොන්සර්වෙටිව් පක්ෂයට ලබා දෙමින් බ්‍රිතාන්‍යයේ අගමැති වරයා බවට තේරීපත් විය.
  • හුදු ජනප්‍රියත්වයේ රැල්ලෙන් බලයට පත් බොරිස් ජොන්සන් කොන්සර්වෙටිව් පක්ෂයට සහ බ්‍රිතාන්‍යයේ ආර්ථිකයට අත්කර දී ඇති ඉරණම කනගාටුදායක තත්වයකි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

එවකට සිටි ඩේවිඩ් කැමරන් අගමැතිවරයාගේ නායකත්වයට බ්‍රිතාන්‍යය යුරෝපා හවුලෙන් වෙන්කරවීම මුල් කරගනිමින් තර්ජනයක් එල්ල කලේ බොරිස් ජොන්සන්ය.
2012, ලන්ඩන් නුවර ඔලිම්පික් තරගාවලිය පැවැත්වෙන අවධියේ එහි සිටි නගරාධිපති වරයා වූ බොරිස් ජොන්සන් මහතා ජනප්‍රිය දේශපාලන චරිතයක් විය. නිව්යෝර්ක් නුවර ජන්මලාභය ලද ඔහුට ලන්ඩන් නුවර නගරාධිපති වරයා ලෙසට තේරීපත් විය. ලන්ඩන් නුවර පාපැදි සංස්කෘතිය හඳුන්වා දුන් ඔහු, පාපැදියෙන් ඔබ මොබ ගිය ජනප්‍රිය චරිතයක් වීය. එවකට සිටි ඩේවිඩ් කැමරන් අගමැතිවරයාගේ නායකත්වයට බ්‍රිතාන්‍යය යුරෝපා හවුලෙන් වෙන්කරවීම මුල් කරගනිමින් තර්ජනයක් එල්ල කලේය. ඉන් ඉක්බිති 2019 දී පැවැති මැතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් කොන්සර්වෙටිව් පක්ෂයට ලබා දෙමින් බ්‍රිතාන්‍යයේ අගමැති වරයා බවට තේරීපත් විය.

 

හුදු ජනප්‍රියත්වයේ රැල්ලෙන් බලයට පත් බොරිස් ජොන්සන් කොන්සර්වෙටිව් පක්ෂයට සහ බ්‍රිතාන්‍යයේ ආර්ථිකයට අත්කර දී ඇති ඉරණම කනගාටුදායක තත්වයකි. බලයෙන් උන්මාද වූ ඔහු ගේ ජනප්‍රියත්වය සෙසු අය අවභාවිතා කර ගනිමින් සිටියේ, ඔහු සතුව නොයිදුල් ආවේණික පැහැදිලි දේශපාලන වැඩපිළිවෙළක් නොතිබුණු නිසාය. බ්‍රිතාන්‍ය යුරෝපා හවුලෙන් ඉවත්වීම වේගවත් කරවීම බොරිස් ජොන්සන්ගේ ඒකම අභිප්‍රාය විය. ඒහි ආදීනව බ්‍රිතාන්‍යයන් දැන් අත්විදිමින් සිටී. කෝවිඩ් අර්බුදය හමුවේ ඔහු කටයුතු කල ආකාරය බ්‍රිතාන්‍යයේ දැඩි විවේචනයට ලක්විය. විවිධ අර්බුදයන් බොරු වෙන්‍ යටපත් කිරීමට යාමෙන් වරක් ජනප්‍රිය දේශපාලන චරිතයක් වූ බොරිස්, බොරු ජොන්සන් වරයෙකු වීමට ගතවූයේ වසර දෙකකට අඩු කාලයෙකි. කොන්සරිවෙටිව් පක්ෂයේ බල අරගලය කෙලවරවූයේ කෙටි කාලපරාසයක් තුල අගමැතිවරු පස්දෙනෙකු අතර බලහුවමාරුවකිනි.

 133271516 gettyimages 2150879461බොරිස් ජොන්සන් තරම් ජනප්‍රිය නොවුවද ලන්ඩන් නුවර වාසීන්ට සේවා සපයෙන පැහැදිලි වැඩපිලිවෙලක් දියත් කර තිබීම සදීක් කාන්ගේ ජයග්‍රහණයට හේතු වී ඇත.

 

පසුගිය සතියේ බ්‍රිතාන්‍යයේ පැවැති පළාත් පාලන මැතිවරණ වලින් කම්කරු පක්ෂය විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කර ගෙන ඇත. ලන්ඩන් නුවර නගරාධිපති පදවිය තෙවැනි වරටත් දිනාගැනීමට වත්මන් නගරාධිපති සදීක් කාන් සමත්විය. ඔහු බොරිස් ජොන්සන්ගේ අනුප්‍රාප්තිකයා වීය. 2016 සිට නගරාධිපති පදවිය හොබවන සදීක් කාන් වෘත්තීයෙන් නීතීඥවරයෙකි, ඉස්ලාම් භක්තිකයෙකි ඔහු මෙවර වැඩි ඡන්ද 276,000 තනතුර රැකගත්තේය. බොරිස් ජොන්සන් තරම් ජනප්‍රිය නොවුවද ලන්ඩන් නුවර වාසීන්ට සේවා සපයෙන පැහැදිලි වැඩපිලිවෙලක් දියත් කර තිබීම සදීක් කාන්ගේ ජයග්‍රහණයට හේතු වී ඇත. සදීක් කාන් තෙවරක් නගරාධිපති පදවියට තේරී පත්වෙන විට, බොරිස් ජොන්සන්ට වසර 03 ක් වත් සක්‍රියව අගමැති පදවියේ කටයුතු කල නොහැකි විය.   


ජනප්‍රියත්වයේ රැල්ලට ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයින් හසු නොවිය යුත්තේ මන්ද?

ඊයේ දිනය තුළ කොවිඩ් මරණ 3ක්කෝවිඩ් අර්බුදයත් සමඟ බොහෝ ජනප්‍රිය දේශපාලන චරිතවලට සිය නායකත්වයේ නිවැරදි ස්වභාවය සමාජගත කරවීමට සිදුවිය.

කෝවිඩ් අර්බුදයත් සමඟ බොහෝ ජනප්‍රිය දේශපාලන චරිතවලට සිය නායකත්වයේ නිවැරදි ස්වභාවය සමාජගත කරවීමට සිදුවිය. ශ්‍රී ලංකාවේ බොරු ජොන්සන්ලාගේ භූමිකාව රඟ දක්වන බොරු විරුවන්ලා, සිංහලා, නායකලා, දාසලා, පාලලා, සේනලා කවුරුන්ද යැයි හඳුනාගැනීමට පාඨක ඔබට අපහසු නොවෙනු ඇත.

වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති සංකීර්ණ සමාජ, ආර්ථික, දේශපාලන අර්බුදවලට විසඳුම් සොයා ක්‍රියාත්මක කලහැකි පැහැදිලි වැඩපිලිවෙලක් සහිත කණ්ඩායමත් අතට ඉදිරි මැතිවරණයේදී ජනවරම ගොනු කරවිය යුතුව ඇත. 

විසි එක්වෙනි ශතවර්ෂයේ අභියෝගවලට, විසිවෙනි ශතවර්ෂයේ දේශපාලන මතවාද සහ යල්පැනගිය විසඳුමි හරියන්නේ නැත. ඒක දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමකට පමණක් මේ සදහා විසඳුමි ඉදිරිපත් කිරීමේ සම්භාවිතාවක්ද නොමැත. රට පෙරට තබා දේශපාලන පක්ෂ හෝ මමත්වය රජකරවන දේශපාලන චරිතවලට මුල් තැන නොදී කණ්ඩායම් හැඟීම පුබුදුවා ගත හැකි නායකත්වයක් සඳහා මෙහෙයක් කල හැකි ශ්‍රී ලාංකේයන් පාර්ලිමේන්තුවට තෝරා පත්කරගැනිමට ඡන්ද දායකයින් වග බලාගතයුතුව ඇත.

පුවත් - Results from #3900ඡන්ද දායකයින් සියළු දෙනාම මැතිවරණයට තරඟ කරන සියළු දේශපාලන පක්ෂ වලට රට පෙරට තබා කටයුතු කල හැකි ජනමතයට ගරුකරන ජාතික රජයකට ඉඩකඩ සැලෙසෙන නව අදහස් වලින් පිරිනු අවංක මන්ත්‍රීවරුන් පිරිසක් තෝරාපත් කරගත යුතුවේ.

 

තෝරාපත් වෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් විශ්වාසය දිනාගන්නා අගමැති වරයෙකු පත්කොට ස්ථාවර රජයක් පවත්වාගෙන යාමට සියළු දේශපාලන පක්ෂ වල කාර්යබාරය වේ. පවතින සමානුපාතික මැතිවරණ ක්‍රමයේ ප්‍රථිඵලය මේ තත්වය ඉබේම නිර්මාණය කරනු ලබයි. ඒබැවින්, බ්‍රිතාන්‍යයේ සිදුවුනු ආකාරයට නායකත්වයේ අවිනිශ්චිතභාවයක් ඇතිවීමේ තත්වය කල්තබාම වලක්වා ගතයුතුව ඇත. 

දැනට පාර්ලිමේන්තුව නියෝජණය කරන 225 දෙනාම දූෂිතයින් යැයි නම් කිරීමට මෙම ලියුම්කරු සූදානම් නැත. ඒහෙත් රට වර්තමාන තත්වයට ඇද දැමූවේ ඔවුන් අතරේම සිටි බලකාමී බඩගෝස්තරවාදීන් කිහිප දෙනෙකු බව පැහැදිලිය. දියවන්නාවේ ඔවුන් තාමත් යෙදෙන්නේ සුපුරුදු හොරා පොලිස් ක්‍රීඩාවේය. කරුනු කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ සිටින බහුතරයක්ම කිසිම ප්‍රතිපත්තියක් මත පිහිටා කටයුතු නොකරන අවස්ථාවාදීන් බවට සනාථ කිරීමට උවමනා තරම් සාධක සාක්ෂි ඇත. 

ඡන්ද දායකයින් සියළු දෙනාම මැතිවරණයට තරඟ කරන සියළු දේශපාලන පක්ෂ වලට රට පෙරට තබා කටයුතු කල හැකි ජනමතයට ගරුකරන ජාතික රජයකට ඉඩකඩ සැලෙසෙන නව අදහස් වලින් පිරිනු අවංක මන්ත්‍රීවරුන් පිරිසක් තෝරාපත් කරගත යුතුවේ. ඒම තෝරාගැනීමේ දී, නොයිදුල් පැහැදිලි නිර්මාණශීලී වැඩ පිලිවෙලක් ඇති, පක්ෂ, පාට, ජාති, ආගම්, කුල බේද පසෙකලා රට, ජාතිය රැකගැනීමේ ප්‍රමුඛ තාව හඳුනාගත් අවංක ශ්‍රී ලාංකේයන්ට තම ඡන්දය ප්‍රකාශ කල යුතුව ඇත.

රට ගොඩනැඟීමේ අභියෝගයට සියළුම ශ්‍රී ලාංකේයන්ගේ වගකීමක් බවට පරිවර්තනය කිරීම

 

මහ මැතිවරණයකින් අපේ ප්‍රශ්න විසඳෙයිද? - මහාචාර්ය රොහාන් සමරජීවවැරදි තීන්දු සහ තීරණ වල අහිතකර බලපෑම් වත්මන් සමාජ ආර්ථික කඩාවැටීම් වලට මුල්විය.
දේශපාලන පක්ෂ වල කෘත්‍යාධීකාරී මණ්ඩල, පොලිට් බියුරෝ හෝ කල්ලිවාදීව අටවාගත් කැබිනට් මණ්ඩල වල තීන්දු තීරණ ජනතාව මත බලෙන් පැටවීමේ කාලය හමාර බව අප සියළු දෙනාම තේරුම් ගතයුතු වේ. ජනතා පරමාධිපත්‍ය ජනතාවගේම සුභසිද්ධියට යෙදවීම සිදුවිය යුත්තේ, පහල සිට ඉහළට තීරණ ගැනීමේ ක්‍රමවේදය අනුගමනය කරනු මිස ඉහළ සිට පහලට දේශපාලන හයිය පෙන්වීමෙන් නොවෙන බව මහජන නියෝජිතයින් අවබෝධ කරගෙන සිටීද?

පහල සිට ඉහළට ජනතාවාදී තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාපාටිය ශ්‍රී ලාංකේය ප්‍රතිපත්ති සැළසුම් කරන්නන්ට නුහුරු අත්දැකීමකි. විවිධ අර්බුද, ගැටුම් වලට මුහුණ දෙන සියළු පාර්ශව කරුවන් හා සමාජ සංවාදවල නිරතවෙමින් විසඳුමි සොයන පරිචයක් අප සමාජයේ නොමැත. ඒවන් ක්‍රියාදාමයන් වල නිරත නොවී ගත් වැරදි තීන්දු සහ තීරණ වල අහිතකර බලපෑම් වත්මන් සමාජ ආර්ථික කඩාවැටීම් වලට මුල්විය. දේශපාලන බලධාරීන් ගේ සුරතල් විශේෂඥ උපදේශකයින්ගේ මතයට කටයුතු සැළසුම් කර ක්‍රියාවේ යෙදවීම අනර්ථකාරී බව දැන්වත් තේරුම් ගනිමු.

 

මැතිවරණ කොමිසමේ ගණපූර්ණය තිබුනද? නැද්ද?ඔබේ ඡන්දයෙන් පත්වෙන මන්ත්‍රීවරයා පහල සිට ඉහළට තීරණ ගැනීමේ ක්‍රමවේදයේ වැදගත්කම අවබෝධ කරගෙන ඇත්දැයි පලමුව විමසා බලා කතිරය ගසන්න.
කැබිනට් තීන්දු ක්‍රියාත්මක කිරීමට අකමැති වූ නිලධාරීන්ට අඩන්තේට්ටම් කිරීමට ජනවරමකින් පත්නොවු ඇමැතිවරයෙකුගේ අසාර්ථක උත්සහයක් ජනමාධ්‍ය වාර්තාකර ඇත. සංචාරක කර්මාන්තයේ යෙදෙන කිසිම පාර්ශවකරුවෙකු හා නොවිමසා විදේශිකයින්ගෙන් අයකෙරෙන විසා ගාස්තු අසාමාන්‍ය ලෙස ඉහළ දැමීම ඒවැනි බලයෙන් උන්මාද වූ දේශපාලකයින් ගේ අන්තෝමතික ක්‍රියාවකි. මෙවන් ක්‍රියාවන් ඉදිරියේ සිදුවීමට ඇති ඉඩකඩ අසුරාලීම ශ්‍රී ලාංකේයන් අපේක්ෂා කරන නව පද්ධතිමය වෙනසේ මූලික සංගටකයක් විය යුතුවෙි.  

ඔබේ ඡන්දයෙන් පත්වෙන මන්ත්‍රීවරයා පහල සිට ඉහළට තීරණ ගැනීමේ ක්‍රමවේදයේ වැදගත්කම අවබෝධ කරගෙන ඇත්දැයි පලමුව විමසා බලා කතිරය ගසන්න. මන්ද, රට ගොඩනැඟීමේ වැඩපිලිවෙලට සියළුම ජන සමාජ කොටස් වල කැපවීම වැදගත්වෙන නිසාය. ඒම වෙනස් කරවීමේ ක්‍රියා වලියන් සමාජගත කලහැකිවන්නේ වැඩි දෙනෙක් ඒම වැඩපිලිවෙල ක්‍රියාත්මක කරවීම ස්වෙච්ඡාවෙන්ම සිය වගකීමක් කරගතහොත් පමණි. 

ඒසේ නොමැතිව ඒක් දේශපාලන පක්ෂයකට හෝ කණ්ඩායමකට ජනවරම ලබා දීමෙන් පමණක් මුහුණ දී ඇති අර්බුද වලින් ගොඩවීමේ විකල්ප වැඩ පිළිවෙලට ජනතා ආශිර්වාදය දිනාගත නොහැක.

 

(ජයශ්‍රී ප්‍රියලාල්)
jayasripriyalal59@gmail.com

|ජයශ්‍රී ප්‍රියලාල් :  යුනී ගෝලීය වෘත්තීය සමිති ජාලයේ ආසියා හා ශාන්තිකර කලාපයේ මූල්‍ය සහ වෘත්තීය කළමණාකරුවන්ගේ සේවාවන් අංශයේ කලාපීය අධ්‍යක්ෂකවරයා වන අතර, ඔහු ලිපි රචකයෙක් හා පර්යේෂකයෙක් ලෙසද කටයුතු කරනු ලබයි.

මැයි 14, 2024 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...