The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●දිල්ලියේ දැඩි නොසන්සුන්තාවක්: රාහුල් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු අත්අඩංගුවට●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●
Top Ad
විශේෂාංග

අපේ රටේ පාලකයන් වෙසක් වලින් නිසි ඵල නොගන්නේ ඇයි? - (තිලක් සේනාසිංහ)

T

The Leader Desk

May 23, 2024 • 7:17 AM

අපේ රටේ පාලකයන් වෙසක් වලින් නිසි ඵල නොගන්නේ ඇයි? - (තිලක් සේනාසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම 23 වැනි දින රාජ්‍ය උත්සවය පෙරවරු 9.30ට මාතලේ ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානයේ දී ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් ප්‍රමුඛ, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර මෙම වැඩසටහනේ දී පූජා භූමි සන්නස් පත්‍ර ප්‍රදානයක් ද සිදු කිරීමට නියමිත ය.
  • මෙවර වෙසක් උළෙලේ තේමාව “අත්තනො’ව අවෙක්ඛෙය්‍ය කතානි අකතානි ච” යන්න බව ද ප්‍රකාශ වී තිබේ.
  • (අනුන් කළ දේ නොව තමන් කළ දේ ගැන විමසිලිමත් වෙමු) යන්න බව ද ප්‍රකාශ වී තිබේ.
  • එහෙත්, එය මෙවර වෙසක් උළෙලේ තේමාව ලෙස එය තෝරා ගැනීමට හේතුව තබා එය මෙම රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් වරනැඟෙන අයුරක් වත් ප්‍රකාශ වී නැත.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙම 23 වැනි දින රාජ්‍ය උත්සවය පෙරවරු 9.30ට මාතලේ ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානයේ දී ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් ප්‍රමුඛ, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර මෙම වැඩසටහනේ දී පූජා භූමි සන්නස් පත්‍ර ප්‍රදානයක් ද සිදු කිරීමට නියමිත ය.

 

මෙවර වෙසක් උළෙලේ තේමාව “අත්තනො’ව අවෙක්ඛෙය්‍ය කතානි අකතානි ච” යන්න බව ද ප්‍රකාශ වී තිබේ.
මෙවර වෙසක් උළෙලේ තේමාව “න පරෙසං විලොමානි න පරෙසං කතාකතං” යන ධම්මපදයේ පුෂ්ප වර්ගයට අයත් ගාථාවේ අවසන් පදය වන “අත්තනො’ව අවෙක්ඛෙය්‍ය කතානි අකතානි ච”. (අනුන් කළ දේ නොව තමන් කළ දේ ගැන විමසිලිමත් වෙමු) යන්න බව ද ප්‍රකාශ වී තිබේ. එහෙත්, එය මෙවර වෙසක් උළෙලේ තේමාව ලෙස එය තෝරා ගැනීමට හේතුව තබා එය මෙම රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් වරනැඟෙන අයුරක් වත් ප්‍රකාශ වී නැත.

මීට අමතර වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා භක්ති ගීත වැඩසටහන්, වෙසක් කලාප, මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් වෙසක් තොරණ, වෙසක් කූඩු ප්‍රදර්ශනය, බොදු බැති ගී, වෙසක් දන්සල්, මල් පෙරහර, සතිමත්භාවය වැඩසටහන්, විරිදු ගායනා, විදුලි පහන් අලංකරණය පමණක් නොව බුදු සමය හා කිසිදු සබැඳියාක් නැති ජන සංස්කෘතික අංග වන තොවිල් සහ දෙවොල්මඩු ශාන්තිකර්ම ආදී වැඩසටහන් පවා මෙවර ක්‍රියාත්මක වන බව සඳහන් ය.

 

image b901d2a62cවෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා භක්ති ගීත වැඩසටහන්, වෙසක් කලාප, මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් වෙසක් තොරණ, වෙසක් කූඩු ප්‍රදර්ශනය, බොදු බැති ගී, වෙසක් දන්සල්, මල් පෙරහර ආදී වැඩසටහන්

රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් සැලසුම් කර ඇති වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කිරීමටත් මැයි 22,23 හා 24 යන දිනයන්හි සත්ව ඝාතන හා මස් මාංශ අලෙවි කරන ස්‍ථාන හා සුරාසැල් ඇතුළු මත්ද්‍රව්‍ය අලෙවි කරන ස්ථාන වසා තැබීමටත්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ. ඒ සඳහා “සාධුකාරයක්” දී පින් අනුමෝදන් වීමේ අවුලක් නැත. 

නමුත් හුදු සමාජ සංස්කෘතික උත්සවයක ස්වරූපයෙන් පැවැත්වෙන මෙම රාජ්‍ය වෙසක් උත්සවයට පදනම් වන බෞද්ධ දාර්ශනික පදනම කුමක් ද? යන්න පිළිබඳව නම් බරපතල ගැටළුවක් පවතී. මගේ පෞද්ගලික විශ්වාසය නම් එවැන්නක් ඇත්තේම නැති බව ය. අඩුම තරමින් ‘අත්තනො ව අවෙක්ඛෙය්‍ය කතානි අකතානි ච (අනුන් කළ දේ නොව තමන් කළ දේ ගැන විමසිලිමත් වෙමු) යන මෙවර වෙසක් උළෙලේ තේමාව පිළිබඳ රාජ්‍ය මට්ටමින් අර්ථ විග්‍රයක් හෝ ඉදිරිපත්ව ඇති වගක් අපි නොදනිමු. ඒ අනුව මෙම සැමරුම උපමා කළ හැක්කේ සාරෝපම සූත්‍ර දේශනාව මඟින් බුදුන් ඉදිරිපත් කළ ගසක අරටුව හැර අන් කොටස් ප්‍රයෝජනයට ගැනීමකටය. 

 

The Leader | We Lead the Nation - Results from #99වත්මන් ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ නොයෙකුත් වාර්ගික භේද භින්නතා පවතී.

වත්මන් ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ නොයෙකුත් වාර්ගික භේද භින්නතා පවතී. ඒවා අලු යට ගිනි මෙන් වරින් වර දැල්වෙනු විනා නිවීමක් දක්නට නැත. එහෙත්, ඒවා නිවීම සම්බන්ධ තිරසාර උපාය මාර්ග සහිත බෞද්ධ ආකල්ප අප රටේ පාලකයෝ තුට්ටුවකට වත් මායිම් නොකරති. මහ නා හිමි වරුන්ට ද ඒ ගැන දැනීමක් හැඟීමක් සේ තෘෂ්නිම්භූතව වැඩ වදාරති. ඒ අතර අධිකරණය මඟින් වරදකරුවන්ව දඬුවම් ලබන පුද්ගලයන් නිදොස් කරන ලෙසට කරන අශාසනික ඉල්ලීම් ආදිය නොවන්නට උන් වහන්සේලාගේ නිහඬතාව වඩාත් මස්තකප්‍රාප්ත වනු ඇත.

බෞද්ධයෙක් නම් නිරාගමිකයි - (චින්තන ධර්මදාස)බුදුන් වහන්සේ ජීව විද්‍යාත්මක සාධක මත ද මිනිසුන් යනු එකම සත්ව කොට්ඨාශයක් බව වාසෙට්ඨ සූත්‍රය මඟින් පහදා දී තිබේ.

මිනිස් වර්ගයා අතර පවත්නා සමානාත්මතාව ඉතා වැදගත් බෞද්ධ ඉගැන්වීමකි. මිනිස් වර්ගයා අතර පවත්නා විෂමතා ඓතිහාසික සාධක මත පදනම් නොවන බව සූත්‍ර රැසක් මඟින් අවධාරණය කරන බුදුන් වහන්සේ ජීව විද්‍යාත්මක සාධක මත ද මිනිසුන් යනු එකම සත්ව කොට්ඨාශයක් බව වාසෙට්ඨ සූත්‍රය මඟින් පහදා දී තිබේ. සමාජ විද්‍යාත්මක සාධක මත ද මිනිසුන් උසස් හෝ පහත් නොවන බව අස්සලායන සූත්‍රය මඟින් අවධාරණය කරන උන් වහන්සේ දේශපාලනික මනෝ විද්‍යාත්මක ආර්ථික සාධක මත මිනිසත් බව වර්ගීකරණය කළ නොහැකි බව මධුර සූත්‍රය මඟින් වටහා දී තිබේ. ඒ අනුව වසල සූත්‍රය ආදී ධර්ම කොටස් මඟින් උන් වහන්සේ අවධාරණය කරනුයේ උසස් පහත් ආදී වශයෙන් මිනිසත් බව නිවැරදි ලෙස නිර්වචනය කළ හැක්කේ ආචාර විද්‍යාත්මක සාධක මඟින් පමණක් බව ය.

අලුත් අවුරුද්ද සරලකමින් ඈත්වෙලා - ජනශ්‍රැති පර්යේෂකයන් කියයි ශ්‍රී ලාංකේය සමාජයේ ප්‍රධාන ජාතික උත්සවය සේ සැලකෙන සිංහල අලුත් අවුරුද්ද තුළ එක්තරා ජන වාර්ගික මුහුණුවරක් දක්නට ලැබේ.

 

මෙය මානව ඉතිහාසයේ මෙතෙක් පැවසුණු ඉතා වැදගත් දාර්ශනික ප්‍රකාශයක් බව විද්වත් මතයයි. නමුත් මහ නාහිමිවරුන් වැඩ හිඳුවාගෙන පවත්වන එකම රාජ්‍ය වෙසක් උත්සවයක වත් මේ උතුම් දාර්ශනික පණිවිඩය ප්‍රවර්ධනය කිරීම උදෙසා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත. ශ්‍රී ලාංකේය සමාජයේ ප්‍රධාන ජාතික උත්සවය සේ සැලකෙන සිංහල අලුත් අවුරුද්ද තුළ එක්තරා ජන වාර්ගික මුහුණුවරක් දක්නට ලැබේ. එහෙත්, බුදු දහම මත පදනම් වන වෙසක් උත්සවය බුදු දහමේ සබ්බේ සත්තා (සියලු සතුන්) සබ්බේ පානා (සියලු ප්‍රාණීන්) සබ්බේ භූතා (සොබාදහමේ සංයුතීන්) හිත සුව යහපත පිණිස යෙදවිය හැකි ඉතා පුළුල් සමාජ සංස්කෘතික මෙවලමකි.

මෙය තවදුරටත් විග්‍රහ කළහොත් සිංහල අලුත් අවුරුදු ක්‍රියාකාරකම්වල සීමාව මම මගේ, අපි අපේ සීමාව ඉක්මවා නොයන බව පැහැදිලි ය. එහෙත්, බෞද්ධ ඉගැන්වීම්වල පරමාදර්ශයක් වන ‘මෛත්‍රිය’ එසේ සීමා මායිම් තුළ සිරගත කළ හැක්කක් නොවේ. ඉංග්‍රීසියෙන් එහි අර්ථ ගැන්විය හැක්කේ සීමා මායිම්වලින් තොර කාරුණික බව (Boundless compassion) යනුවෙනි. ඒ අනුව වත්මන් සිංහල අලුත් අවුරුද්දේ පවත්නා ඥාති මිත්‍රාදී සීමිත වපසරිය සීමා මායිම්වලින් තොරව අසීමාන්තිකව පුළුල් කරගැනීම පිණිස වෙසක් උත්සවය තුළ මනා අවකාශයක් තිබේ. එය ජාතියක් වශයෙන් අපගේ උදාරත්වය බොහෝ ඉහලට ඔසවා තබන්නකි. 

එමෙන්ම හින්දු, ඉස්ලාම්, කිතුණු ජනතාව අතර තහවුරු කර ගන්නා සහජීවනය තුළින් බුදු දහමේ පරමාදර්ශයක් වන සමගිය (සාමග්ගී) මනාව අර්ථවත් කිරීමටත්, ඒ මගින් ජාතික, සාමජික සහජීවනය තහවුරු ස්ථාපිත කර ගැනීමටත් අපට හැකි වනු ඇත. නමුත් රාජ්‍ය මට්ටමින් පවා ඒ ගැන කිසිදු අවධානයක් පළ නොකිරීම ජාතික ඛේදවාචකයකි. වෙසක් උත්සවයේ ඇති ආධ්‍යාත්මික කොටස හැරුණු කොට එහි ඇති සංස්කෘතික සහ සදාචාරාත්මක පක්ෂය කෙරෙහි අන්‍ය ජාතික සහ අන්‍ය ආගමික බොහෝ දෙනෙක් ඇලුම් කරති. ඒ සම්බන්ධයෙන් අප සමාජයේ බෞද්ධයන් නොතකා හරින වැදගත් සාක්ෂි බොහොමයකි.

 

 107025969 vavවෙසක් උත්සවයේ ඇති ආධ්‍යාත්මික කොටස හැරුණු කොට එහි ඇති සංස්කෘතික සහ සදාචාරාත්මක පක්ෂය කෙරෙහි අන්‍ය ජාතික සහ අන්‍ය ආගමික බොහෝ දෙනෙක් ඇලුම් කරති.
පසුගිය දිනයක ලංකාදීප අන්තර්ජාල පුවත් පතේ වෙසක් සැරසිලි මිලට ගන්නා මුස්ලිම් කාන්තාවක ගේ ඡායාරූපයක් පළ කර තිබිණ. ඇත්තෙන්ම 2019 වසර තෙක් එය මට ඉතා සාමාන්‍ය දසුනක් වූයේ එවක මා සේවය කළ මාධ්‍ය ආයතනය සමීපයේ ඇති කොළඹ, ග්‍රෑන්ඩ්පාස් කොස්ගස් හන්දියේ වෙසක් සැරසිලි කඩ වලින් වෙසක් සමයට තරඟයට සැරසිලි භාණ්ඩ ගන්නා මුස්ලිම් කතුන් මා කොතෙකුත් දැක ඇති බැවිනි.

මීට වසර පහලොවකට පමණ කලින් මම වෙසක් සමයෙක විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ හමුවීමට මාවනැල්ල ගමගේ රෝහලට ගියෙමි. මා එහි හිඳින විට වෛද්‍ය ගමගේ හමුවීමට මාවනැල්ල නගරයේ ධනවත්ම ව්‍යාපාරිකයෙක් ආවේය. ඔහු මුස්ලිම් ජාතිකයෙකි. ”සර්; සිංහල මිනිස්සුන් ගේ බත් වලට වඩා එයාලා දෙන දන්සල් බත් හරිම රසයිනෙ මොකක්ද ඒකට හේතුව”  මා දෙස ද නෙත් කොනින් බැලූ ඒ ව්‍යාපාරිකයා වෛද්‍ය ගමගේ ගෙන් ඇසීය. ”හිත හොඳින් දෙන දේනෙ මුදලාලි; ඒකයි” වෛද්‍ය ගමගේ ඇඟපතට නොදැනී කීය. එවිට එම ව්‍යාපාරිකයා එහි නැවුම් අරුතක් ඇති බව වටහා ගත් කලෙක මෙන් බැරෑරුම් මුහුණින් යුතුව ගැඹුරු කල්පනාවක යෙදෙනු මට පෙනිණ. පසුව මට දැන ගන්නට ලැබුණු අන්දමට ඉන් පසු ඔහු ද මාවනැල්ල ප්‍රදේශයේ එක් දන්සලක ප්‍රධාන අනුග්‍රාහකයකු බවට පත් ව තිබේ. 

prasadam5ප්‍රසාදම් අනුභව කරන්නවුන්ට ආයු, වර්ණ, සැප, බල යන චරුර්විධ සම්පත් හිමිවන බව හින්දූන් ගේ විශ්වාසයයි.

 

දෙවියන් උදෙසා පිදෙන “ප්‍රසාදම්” නම් බතක් හින්දු භක්තිකයන් අතර ප්‍රචලිත ය. එය අනුභව කරන්නවුන්ට ආයු, වර්ණ, සැප, බල යන චරුර්විධ සම්පත් හිමිවන බව හින්දූන් ගේ විශ්වාසයයි. හින්දු ආගමේ ප්‍රධාන දෙවියකු නොවුණ ද බුදුන් වහන්සේ ද හින්දූන් ගේ දෙවියකි. විෂ්ණු දෙවියන් ගේ දස අවතාර වල නව වැන්න සේ සැලකෙන බුදුන් වහන්සේ ඇතැම් හින්දූන් පෙරුමාල් සාමි ලෙස ද හඳුන්වති.

ඒ විශ්වාසයට අනුව ඔවුනට වෙසක් දන්සල් බත ද පෙරුමාල් සාමි උදෙසා පිදෙන ප්‍රසාදම් නම් දිව්‍යමය ආහාරයකි. ඒ අනුව ඔව්හු ද දන්සල් කෙරෙහි මහත් උනන්දුවක් පළ කරති. එමෙන්ම අප රටේ බෞද්ධ සංස්කෘතික පදනම සම්බන්ධයෙන් එදා මෙදා තුර කිතුණු පූජක ප්‍රජාව වෙතින් හිමි වූ ආශීර්වාදාත්මක සහයෝගය පිටු දහස් ගණනකට ගොනු කළ හැක්කේ ඒ සම්බන්ධ නුතනයේ ප්‍රබලතතම සාක්ෂියක් ලෙස මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරද ගුරු හිමිපාණන් ගේ නම ද වෙසෙසින්ම සඳහන් කරමිනි.

එමෙන්ම කිසිදු වර්ග භේදයකින් තොරව සමාජයේ අසරණ වූ වියපත් වූවන්, රෝගීන්, කුඩා දරුවන් සේම අසරණ සතුන් කෙරෙහි ද හැකි අයුරින් පිහිටවීම සඳහා ද මෙම වෙසක් සමය යොදා ගත හැක. අසරණ රෝගීන් වෙනුවෙන් රෝහල් සඳහා ද වැඩිහිටියන් උදෙසා වැඩිහිටි නිවාස සඳහා ද අසරණ දරුවන් වෙනුවෙන් ළමා නිවාස සඳහා ද දන් පිරිනැමිය හැකි අතර ජීවත් වීමට මඟක් නොමැති අසරණ පවුල්, ආබාධිතයන්, වීදි දරුවන් ආදී පවත්නා සමාජ ක්‍රමයෙන් නිසි පිළිසරණක් නොමැති අනේක විධ වූ අසරණුන් සඳහා ජාති ආගම් භේදයකින් තොරව පිහිට වීමට ද මෙම වෙසක් උළෙල අතිශයින්ම සුදුසු ය.

එමෙන්ම මේ වන විට තරුණ පරපුර අතර ශීඝ්‍රයෙන් ප්‍රවර්ධනය වන සත්ව කරුණාව කෙරෙහි බුදු සමයෙන් ලැබෙන පිටිවහල ඒ සඳහා සංවිධාත්මක ව්‍යුහයන් ගොඩ නඟා ගැනීමට ද වෙසක් සමය අතිශයින් උචිත ය. 

නමුත් ඉහත සඳහන් පසුබිමක් යටතේ පවා බුදු දහමේ ඇති සමානාත්මතා දර්ශනය පදනම් කරගෙන අප සමාජය තුළ නිරන්තරයෙන් පැන නඟින ගැටළු අර්බුද සමනය කිරීමට කිසිදු රාජ්‍ය නායකයකු තුළ කිසිදු උනන්දුවක් නැත්තේ ගමේ උපාසකම්මලාගේ ජන ආගමික භාෂාවෙන්ම කිව හොත් “මොන කරුමයක් නිසා දැ”යි මට නම් නොවැටහේ.

(තිලක් සේනාසිංහ)
ගවේශනාත්මක මාධ්‍යවේදී 
thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම- vinivida.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අපේ රටේ පාලකයන් වෙසක් වලින් නිසි ඵල නොගන්නේ ඇයි? - (තිලක් සේනාසිංහ) | The Leader