The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●
Top Ad
විශේෂාංග

ණය සහ බදු: තවදුරටත් අප්‍රසන්න සත්‍යයන් පසක් නොකරගෙන සිටිය හැකි ද? - (මහාචාර්ය රොහාන් සමරජීව)

T

The Leader Desk

May 27, 2024 • 10:53 AM

ණය සහ බදු: තවදුරටත් අප්‍රසන්න සත්‍යයන් පසක් නොකරගෙන සිටිය හැකි ද? - (මහාචාර්ය රොහාන් සමරජීව)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අවස්ථාවකට මා සහභාගී වූ අතර අවම වශයෙන් එක් ජනාධිපති අපේක්ෂකයෙකු හෝ එයට සහභාගී වී සිටියේ ය.
  • වියත් මග විසින් ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ගොඩනැගූ ප්‍රතිපත්ති වේදිකාව වූ සෞභාග්‍යයේ දැක්ම ව්‍යසනයක් වූ නමුත් එමගින් ණය සහ බදු යන විෂයයන් දෙකම වැරදි ලෙස හෝ ආමන්ත්‍රණය කරනු ලැබ තිබුණි.
  • ණය ගෙවා ගන්නට බැරිව හිරවී සිටින මෙවන් සමයක මෙම ප්‍රධාන ප්‍රශ්නවලට පිළිතුරු නො දී, 2040 වන විට ශ්‍රී ලංකාව සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කිරීම සඳහා සැලකිය යුතු රාජ්‍ය ආයෝජන ඇතුළු ක්‍රියා මාර්ග කිසිවකු යෝජනා කරන්නේ කෙසේද යන්න මම කල්පනා කළෙමි.
  • විදේශ ණය දෙවර්ගයක් ගෙවීම අත්හිටුවා තිබුණු නමුත් දේශීය පොලී අනුපාත ඉතා ඉහල මට්ටමක පැවති 2023 මුල් මාස නවය තුළ බදුවලින් සියයට 89.8ක් ගියේ පොලී ගෙවීමට යි.
අකුරු ප්‍රමාණය (Font Size):

අවස්ථාවකට මා සහභාගී වූ අතර අවම වශයෙන් එක් ජනාධිපති අපේක්ෂකයෙකු හෝ එයට සහභාගී වී සිටියේ ය. එම ලේඛනයේ (සහ ඉදිරිපත් කිරීම්වල) ණය හෝ බදු ගැන සඳහනක් නොවීම ගැන මම පුදුමයට පත් වීමි. වියත් මග විසින් ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ගොඩනැගූ ප්‍රතිපත්ති වේදිකාව වූ සෞභාග්‍යයේ දැක්ම ව්‍යසනයක් වූ නමුත් එමගින් ණය සහ බදු යන විෂයයන් දෙකම වැරදි ලෙස හෝ ආමන්ත්‍රණය කරනු ලැබ තිබුණි.

ණය ගෙවා ගන්නට බැරිව හිරවී සිටින මෙවන් සමයක මෙම ප්‍රධාන ප්‍රශ්නවලට පිළිතුරු නො දී, 2040 වන විට ශ්‍රී ලංකාව සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කිරීම සඳහා සැලකිය යුතු රාජ්‍ය ආයෝජන ඇතුළු ක්‍රියා මාර්ග කිසිවකු යෝජනා  කරන්නේ කෙසේද යන්න මම කල්පනා කළෙමි. ණය ගෙවීමෙන් පසු එම සැලසුම් ක්‍රියාත්මක කිරීමට මුදල් සොයා ගන්නේ කොහෙන්ද?


දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 14 ක බදු

Dr Sharmini 2ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ හිටපු නිලධාරිනියක වන ෂර්මිණී කුරේ
ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු අපගේ ණය සඳහා පොළිය ගෙවීමට නම් 2028 වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 14ක් බදුවලින් උපයා ගත යුතු බව පැහැදිලි කළ රජයේ උපදේශකවරියක සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ හිටපු නිලධාරිනියක වන ෂර්මිණී කුරේගේ ප්‍රකාශයක් ගැන මා හොඳින් අවධානය යොමු කළෙමි. විදේශ ණය දෙවර්ගයක් ගෙවීම අත්හිටුවා තිබුණු නමුත් දේශීය පොලී අනුපාත ඉතා ඉහල මට්ටමක පැවති 2023 මුල් මාස නවය තුළ බදුවලින් සියයට 89.8ක් ගියේ පොලී ගෙවීමට යි.

දැන් අපි ආසන්න වශයෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 9.2ක් බදුවලින් උපයා ගන්නෙමු. එය ඕනෑවට වඩා වැඩි බවට ව්‍යාපාරිකයෝ සහ වෘත්තිකයෝ හඬ නගති. ආනයනය මත පදනම් වූ බදු (දැන් සියයට 26ක්) තවත් අඩු විය හැකි නිසා, පුද්ගලික සහ ආයතනික ආදායම් බද්දෙන් (දැන් මුළු ප්‍රමාණයෙන් සියයට 34ක්) සහ දේශීය පරිභෝජන පාදක බදුවලින් (දැන් සියයට 36ක්) එකතු කරන ලද මුදල් ප්‍රමාණය තවත් වැඩි විය යුතු බව ඇය පැහැදිලි කළා ය. පළමු කී බදු වර්ගය (උදා: වරාය සහ ගුවන් තොටුපළ බද්ද) අපනයනයට අහිතකර වන අතර පාරිභෝගිකයින්ට හානිකර බැවින් ඒවා ක්‍රමානුකූලව අඩු කරමින් පවතී. ඉහළ පැරා තීරු බදු සමඟ අපට ඉන්දියාවේ සහ තායිලන්තයේ අපනයනකරුවන් සමඟ තරග කළ නොහැකි ය.

 



රජයේ මධ්‍ය කාලීන රාජ්‍ය මූල්‍ය රාමුව (2024 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවේ ප්‍රකාශිත) මගින් මෙම සංඛ්‍යා තහවුරු වෙයි. 9.2 (2023) සිට 2024 වන විට 12.1 දක්වා ද, 2025 වන විට 14.0 දක්වා ද දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස බදු ඉහළ නැංවීමට රජය අපේක්ෂා කරයි. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සමස්ත ආදායම 2022  දී 8.2 සිට 2025 දී 14.9 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. බදු නොවන ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.9 ක ස්ථාවර මට්ටමක පවතිනු ඇතැයි පුරෝකථනය කර ඇති නිසා, විශාල ඉහළ දැමීමක් බදු වැඩි කිරීම මගින් සිදු කිරීමට සිදුවනු ඇති (දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 14) අතර ඉහත පැහැදිලි කර ඇති පරිදි, එය බොහෝ දුරට සිදුවනු ඇත්තේ ආදායම් සහ ගෘහස්ථ පරිභෝජනය පදනම් කරගත් බදු මගින් ය. වෘත්තිකයන්ගේ විරෝධතා පසෙක තැබුව ද, අපේ කෙඳිරිගාන ආර්ථිකයට මෙයින් කුමක් සිදුවනු ඇති ද ?

සියයට තුනක වර්ධනයකින් ගොඩ යන්න හැකි වෙයිද?

 

Goverment 1රජයේ සේවකයන්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප්

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ ආණ්ඩුව යන දෙපාර්ශවයෙන් ම පුරෝකථනය කර ඇති සියයට තුනක වර්ධන වේගය සඳහා ඇතැම් විට බදුවල බලපෑම අර්ධ වශයෙන් වගකිව යුතු විය හැකි ය. නමුත් අපි ප්‍රමාණවත් තරම් බදු වැඩි නොකළහොත් අපගේ ණය ගෙවීමට සහ රජයේ සේවාවන්හි වර්තමාන මට්ටම් පවා පවත්වා ගැනීමට අපට නොහැකි වනු ඇත. රජයේ සේවකයන්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් (දැන් බදු ආදායමෙන් සියයට 50ක් පමණ), සුබසාධනය සහ රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමේ වියදම් සඳහා ගෙවීමට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට නවයක් වෙන් කිරීමට සිදුවනු ඇත.

අපේ ආර්ථිකය වර්ධනය කිරීමට නම්, ඇතැම් රාජ්‍ය ආයෝජන අත්‍යවශ්‍ය වෙයි. නමුත් එක්සත් රාජධානියට වඩා විශාල හමුදාවක් වැනි අඩු ප්‍රමුඛතා ක්ෂේත්‍රවලින් රැගෙන සම්පත් නැවත බෙදා හැරීමට සහ ඇතැම් දෙපාර්තමේන්තු සහ ආයතන ඒකාබද්ධ කිරීමට රැඩිකල් ක්‍රියාමාර්ග නොගතහොත්, ඒ සඳහා මූල්‍ය අවකාශයක් නොලැබෙනු ඇත. පිම්බුණු රාජ්‍යය හැකිලීම හැර වෙනත් විකල්පයක් නැත.

අපනයන ක්ෂේත්‍ර සඳහා බුද්ධිමත් සහය සැපයීම සඳහා යම් මූල්‍ය අවකාශයක් නිර්මාණය වුවහොත්, දළ දේශීය නිෂ්පාදිතයේ සියයට තුනකට වඩා වැඩි වර්ධනයක් අපේක්ෂා කළ හැකි වෙයි. මීට අමතරව, විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය වැනි යටිතල පහසුකම් සඳහා පුද්ගලික ආයෝජන ලබා ගැනීම, වෙළඳපොළ ප්‍රවේශය සහතික කරන වෙළඳ ගිවිසුම්වලට එළඹීම සහ පුළුල් කරන ලද  ප්‍රවේශයේ වාසිය ලබා ගැනීම සඳහා විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම වැනි ක්‍රියාමාර්ග උපකාරී වනු ඇත.

ණය මත පොලී දළ දේශීය නිෂ්පාදිතයට සම්බන්ධ නොවේ. දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය වුවද අඩු වුවද එය වෙනස් නොවේ. මේ අපේ බලාපොරොත්තුවේ ආරම්භය යි. අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වර්ධන ප්‍රක්ෂේපන ඉක්මවා යා හැකි නම්, දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 14 දක්වා බදු ඉහළ නැංවීමෙන් වැළකී සිටිය හැකි වනු ඇත. උදාහරණයක් ලෙස, දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට හතරක් වැනි බදු ප්‍රමාණයකින් ණය කළමනාකරණය ගත හැකි නම්, එමගින් ව්‍යාපාර අඩපණ නොවන මට්ටම්වල බදු පවත්වා ගැනීමට අපට ඉඩ සැලසෙනු ඇත.


බදු අනුපාත ඉහළ නැංවීම සඳහා විකල්ප

නිතර ලැබෙන පිළිතුරු වන්නේ "බදු දැල පුළුල් කිරීම" සහ "ඩිජිටල්කරණය" වෙයි. ඒවා ප්‍රකාශ කිරීම පහසු නමුත් ක්‍රියාත්මක කිරීමට අපහසු ය.

 

ශ්‍රී ලාංකිකයින්ට අනිවාර්ය කර ඇති TIN එක ගන්න ලේසිම ක්‍රමය මෙන්නපුද්ගලයන් වෙත කරන සියලුම ගෙවීම්වලදී TIN අංකය භාවිතය අනිවාර්ය කිරීම අත්‍යවශ්‍ය කොන්දේසියක් වනු ඇත. 

බදු ජාලය පුළුල් කිරීම සඳහා අවශ්‍ය කුසලතා සහිත බදු නිලධාරීන් ප්‍රමාණවත් පිරිසක් අවශ්‍ය වෙයි. අපේක්ෂාවන් විශාල ලෙස වැඩි වූ නමුත්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ (IRD) සේවක සංඛ්‍යාව 1,200 ක් ලෙස නොවෙනස්ව පවතින අතර තවමත් පුරප්පාඩු 300ක් ඇත. මීට වසර දෙකකට පෙර පැවති විභාගයකින් මෑතකදී බඳවාගෙන ඇත්තේ 60 දෙනෙක් පමණි. රේගු සහ ආගමන වැනි සශ්‍රික දෙපාර්තමේන්තු වල මෙන් නොව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ (IRD) නිලධාරීහු නිල අතිරේක ඉපැයීම් භුක්ති විඳින්නෝ නොවෙති. එබැවින්, විශේෂයෙන් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ අවශ්‍ය කුසලතා ඇති අය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ආකර්ෂණය වන්නේ නැත. වාහන ලියාපදිංචිය සඳහා TIN අංකයක් අනිවාර්ය කිරීම වැනි ප්‍රතිපත්තිමය පියවර ජාලය පුළුල් කිරීමට උපකාරී වෙයි. පුද්ගලයන් වෙත කරන සියලුම ගෙවීම්වලදී TIN අංකය භාවිතය අනිවාර්ය කිරීම අත්‍යවශ්‍ය කොන්දේසියක් වනු ඇත.

  




සියලුම ගෙවීම් සම්බන්ධ ලේඛනවල අනන්‍ය හඳුනාගැනීමක් (TIN අංකය) ඇතුළත් කළ පසු, ඩිජිටල්කරණය ප්‍රතිඵල ලබා දීමට පටන් ගනු ඇත. නමුත් මෙය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තුළ දැන් ක්‍රියාත්මක වන RAMIS 2.0 පද්ධතියට පමණක් සීමා කළ නොහැකි වන අතර රජය පුරා සහ ඉන් ඔබ්බට පවා ව්‍යාප්ත කළ යුතු වෙයි. RAMIS සඳහා යම් පමණකට ඩිජිටල්කරණය කර ඇති මෝටර් රථ දෙපාර්තමේන්තුව සහ සම්පූර්ණයෙන්ම කඩදාසි මත පදනම් වූ ඉඩම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව සමඟ පමණක් නොව, උදාහරණයක් ලෙස රජයෙන් පිටත වෛද්‍ය චැනලින් සේවා සපයන්නන් සමඟ පවා තොරතුරු හුවමාරු කර ගැනීම අවශ්‍ය වෙයි.

ආදායම් පරිපාලන MIS (RAMIS) සඳහා වැඩ ආරම්භ කරන ලද්දේ 2009 වසර තරම් බොහෝ කලකට පෙර දී ය. ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ඇතිවන සාමාන්‍ය අවුල් වියවුල් වලින් පසුව, 2013 වන විට, සිංගප්පූරුවේ භාවිතයේ තිබූ ක්‍රමය රජයෙන් රජයට ගිවිසුමක් මගින් ලබා ගන්නා ලදී. දේශපාලන නායකයෝ දිගින් දිගට ම බදු ප්‍රතිපත්ති වෙනස් කරමින් සිටියෝ ය. මෙම අස්ථාවරත්වය නිසා RAMIS ස්ථාවර කිරීම අපහසු වී ය.

මෙතැන් සිට මාස හයක් ගතවන විට එනම් 2025 ජනවාරි 1 දා වන විට දේපළ, ධන සහ ධන පැවරුම් බදු ක්‍රියාත්මක කිරීමට රජය සුදානම් වී සිටියි. මෙම අංගය දැනට ඇති RAMIS පද්ධතියට ඇතුළත් නැත. දේපළ බදු ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමක් සඳහා පිළිගැනීමක් සහිත තක්සේරු කිරීමේ ක්‍රමයක් ස්ථාපිත කිරීමේ ඇති විශාල අභියෝගය පසෙක තිබිය දී, මේ සඳහා RAMIS 2.0 ට නව අංග ඇතුළත් කිරීම අවශ්‍ය වනු ඇත.

 

Income Taxආදායමට අමතරව ධනය මත බදු අය කිරීම මගින් සාධාරණත්වය වර්ධනය වෙයි

ආදායමට අමතරව ධනය මත බදු අය කිරීම මගින් සාධාරණත්වය වර්ධනය වෙයි. එසේ වුව ද, එය ක්‍රියාත්මක කිරීමේ කාල සීමා යථාර්ථවාදී වීම වැදගත් ය. දැනට පවතින වේගය අනුව ධන බදු ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත ලබා දී ඇති කැපවීම ප්‍රශ්නවලට හේතු විය හැකි ය. ඊට අමතරව, මෙම බදු මගින් ලැබෙන ආදායම ඒවා රැස් කිරීම සඳහා යන වියදමට සාපේක්ෂව ප්‍රමාණවත් ද යන්න පිළිබඳව යථාර්ථවාදී තක්සේරුවක් කළ යුතු වෙයි.


නායකයන් වීමට ඉදිරිපත් වන්නන්ගෙන් ඇසිය යුතු ප්‍රශ්න

 

gas polim 2 1000pxඅපව පාලනය කරන්නට අවශ්‍ය අයගෙන් අපි වැඩියෙන් සහ හොඳ ප්‍රශ්න විමසුවේ නැතිනම් සහ එම උත්තර මත පදනම්ව තීන්දු තීරණ නොගන්න නම්, පෝලිම් යුගයට නැවත යාමට අපට සිද්ධ වනු ඇත.

ඔවුන්ගේ අභිලාශය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ගිවිසුම දිගට පවත්වාගෙන යාම ද නැතහොත් අපගේ ණය ගෙවීම පැහැර හැරීම ද යන්න පමණක් විමසීම ප්‍රමාණවත් නැත. විවිධ වර්ගයේ බදු මගින් කොපමණ ප්‍රමාණයක් උපයා ගැනීමට ඔවුන් අපේක්ෂා කරන්නේ ද යන්න අපි ඔවුන්ගෙන් විමසිය යුත්තෙමු. බදු ක්‍රමය වඩා ඵලදායී කිරීම සඳහා ඔවුන් සැලසුම් කරන්නේ කුමන අයුරින්ද යන්න අපි ඔවුන්ගෙන් විමසිය යුත්තෙමු. ජාතික බදු ප්‍රතිපත්තියක් සහ බදු පරිපාලනය සඳහා ප්‍රමාණවත් සම්පත් සැපයීම සම්බන්ධයෙන් සර්ව පාක්ෂික එකඟත්වයක් ලබා ගැනීමට අපි උත්සහ කළ යුත්තෙමු. බදු නිලධාරීන් සඳහා සාධාරණ වැටුප් ව්‍යුහයක් ලබා දීමට සහ ඔවුන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට ඔවුන් කැමතිද?

වියත් මග මගින් ගෝටාභය රාජපක්ෂ මහතාට ගිල්ල වූ බදු යෝජනාවලට අභියෝග කළේ මංගල සමරවීර මහතා හැරුණු විට කිහිප දෙනෙකි. පුරෝකථනය කළ පරිදිම එම “ජනවරම” ක්‍රියාත්මක කිරීම මගින් අප “බංකොලොත්භාවය, ණය පැහැර හැරීම සහ ග්‍රීක ආකාරයේ ණය අර්බුදයක් වෙත යන සීග්‍රගාමී දුම්රියකට” ඇද දමනු ලැබී ය. අපව පාලනය කරන්නට අවශ්‍ය අයගෙන් අපි වැඩියෙන් සහ හොඳ ප්‍රශ්න විමසුවේ නැතිනම් සහ එම උත්තර මත පදනම්ව තීන්දු තීරණ නොගන්න නම්, පෝලිම් යුගයට නැවත යාමට අපට සිද්ධ වනු ඇත.


Rohan Samarajiva LIRNEasia 1x1
(මහාචාර්ය රොහාන් සමරජීව)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික  

rohan@lirneasia.net

(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )

 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...