The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●
Top Ad
විශේෂාංග

සිස්ටම් චේන්ජ් එකකින් පරමාදර්ශි පාලනයක් ඇති කර ගත හැකි ද? බුදු දහමට අනුව විමසුමක් - (මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර)

T

The Leader Desk

May 28, 2024 • 8:42 AM

සිස්ටම් චේන්ජ් එකකින් පරමාදර්ශි පාලනයක් ඇති කර ගත හැකි ද? බුදු දහමට අනුව විමසුමක් - (මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යම් යම් සමාජ, ආර්ථික ක්‍රමයන් තුළ මෙම තත්වයේ යම් යම් වෙනස්කම් දැකිය හැකි වුවද මිනිසා කේන්ද්‍ර කරගත් මෙම අසංතෘප්තතාව (Unsatisfactoriness) මුලුමනින් ඉවත් වූ සමාජයක් ලොව කිසිදු රටකින් දක්නට නොපුළුවන.
  • එම කාමභෝගීත්වය සමාජ ප්‍රවාහයක් ලෙස නැඟෙන අතරේ ඉන් මිදී සරල චාම් හුදෙකලා දිවි පෙවෙතක් මගින් සමාජගත ජීවිතයක් ගත කිරීමේ බරපතල අභියෝගයක් මිනිසා හමුවේ පැන නැඟී තිබේ.
  • එනම් මේ වන විට පවත්නා සමාජ ආර්ථික සේම දේශපාලන ක්‍රමය වෙනස් කිරීමෙන් තමන් තුළ පවත්නා පුද්ගල අසංතෘප්තතාවට තිරසාර විසඳුමක් ලද හැකි බව ය.
  • නූතනයේ බහුල ලෙසම ව්‍යවහාර වන “සිස්ටම් චේන්ජ්” යන්නෙන් පැවසෙනුයේ මෙයම බව පෙනේ.
අකුරු ප්‍රමාණය (Font Size):


යම් යම් සමාජ, ආර්ථික ක්‍රමයන් තුළ මෙම තත්වයේ යම් යම් වෙනස්කම් දැකිය හැකි වුවද මිනිසා කේන්ද්‍ර කරගත් මෙම අසංතෘප්තතාව (Unsatisfactoriness) මුලුමනින් ඉවත් වූ සමාජයක් ලොව කිසිදු රටකින් දක්නට නොපුළුවන.

 

the future of luxury lifestyle 04මිනිසා කේන්ද්‍ර කරගත් මෙම අසංතෘප්තතාව (Unsatisfactoriness) මුලුමනින් ඉවත් වූ සමාජයක් ලොව කිසිදු රටකින් දක්නට නොපුළුවන.

ඒ සඳහා වන විවිධ හේතු සාධක ඉදිරිපත් කළ හැකි වුවද ඊට ඉවහල් වන කේන්ද්‍රීය සාධකයක් වනුයේ නූතනයේ විඳින විද්‍යා තාක්ෂණික පහසුව තුළ මිනිසා තුළ පවත්නා කාමභෝගීත්වය මත පදනම් වන ලෞකිකාපේක්ෂාවන් ඉහළ නැඟීම ය. එම කාමභෝගීත්වය සමාජ ප්‍රවාහයක් ලෙස නැඟෙන අතරේ ඉන් මිදී සරල චාම් හුදෙකලා දිවි පෙවෙතක් මගින් සමාජගත ජීවිතයක් ගත කිරීමේ බරපතල අභියෝගයක් මිනිසා හමුවේ පැන නැඟී තිබේ. මා පෞද්ගලිකව විශ්වාස කරන අන්දමට ගිහි සේම පැවිදි සමාජය ද මෙම ලෞකිකාපේක්ෂා ප්‍රවාහයට නතු වී තිබේ.

සිස්ටම් චේන්ජ් සහ වසන්ත දේශපාලනය - (සුමිත් චාමින්ද)එනම් මේ වන විට පවත්නා සමාජ ආර්ථික සේම දේශපාලන ක්‍රමය වෙනස් කිරීමෙන් තමන් තුළ පවත්නා පුද්ගල අසංතෘප්තතාවට තිරසාර විසඳුමක් ලද හැකි බව ය.

 

ඒ අතර විවිධ සමාජ, ආර්ථික සේම පෞරුෂ සාධක ද පදනම්ව ඉහළ නැංවෙන මෙම අසංතෘප්තතාව පිටුදැකීම පිණිස බොහෝ දෙනකු ගෙත් සිත් තුළ නැඟෙන ස්වයං යෝජනාවක් ද තිබේ. එනම් මේ වන විට පවත්නා සමාජ ආර්ථික සේම දේශපාලන ක්‍රමය වෙනස් කිරීමෙන් තමන් තුළ පවත්නා පුද්ගල අසංතෘප්තතාවට තිරසාර විසඳුමක් ලද හැකි බව ය. නූතනයේ බහුල ලෙසම ව්‍යවහාර වන “සිස්ටම් චේන්ජ්” යන්නෙන් පැවසෙනුයේ මෙයම බව පෙනේ.

බෞද්ධ ත්‍රිපිටකයට අයත් සංයුක්ත නිකායේ රජ්ජ සංයුක්තයට අයත් එක් ගාථා පාඨයකින් මේ සම්බන්ධ අපූරු දාර්ශනික විග්‍රහයක් ලබාගත හැක.

එහි නිදාන කතාවට අනුව බුදුන් වහන්සේ කොසොල් රට හිමවත අරණ්‍ය කුටියක වැඩ වෙසන සේක.

 

buddha 2 නුවණැති පුද්ගල තෙම ‘පස්කම් ලෝකයෙහි සිත බැඳෙනා දේය’ යි දැන එය දුරුකිරීම පිණිස හික්මිය යුතුය
එකල්හි තනිව විවේකයෙන් පසුවන වහන්සේ තුළ මෙවැනි සිතුවිල්ලක් පහළ විය. “අනුන් නොනසමින්, නොනස්වමින්, නො දිනමින්, නො දිනවමින්, ශෝක නොකරමින්, ශෝක නොකරවමින්, දැහැමෙන් රජයක් කරවිය නොහැකිද?” ඒ අතරේ මාරයා උන් වහන්සේ ගේ ඒ සිතුවිල්ල දැන බුදුන් වහන්සේ වහන්සේ වෙත එළැඹ , “ස්වාමීනි, නොනසමින්, නොනස්වමින්, නො දිනමින්, නො දිනවමින්, ශෝක නොකෙරෙමින්, ශෝක නොකරවමින්, ඔබ වහන්සේ දැහැමෙන් රජය කරවන සේක් වා! “යැයි කීය.

එවිට බුදුන්වහන්සේ “මාරය, ‘නොනසමින්, නොනස්වමින්, නො දිනමින්, නො දිනවමින්, ශෝක නොකෙරෙමින්, ශෝක නොකරවමින්, ඔබ වහන්සේ දැහැමෙන් රජය කරවන සේක්වා’ යි මට මෙසේ කියන්නට තෝ කවර කරුණක් දන්නෙයිදැ?” යි ඇසූහ. එවිට මාරයා ද ස්වාමීනි, ඔබ වහන්සේ ඎද්ධිපාද සතර වඩන ලදහ. බහුල කරන ලදහ. යෙදූ යානයක් සේ කරන ලදහ. තහවුරු කොට තම සිත පිහිටුවන ලදහ. නොහැර නිතර තමා කෙරෙහි පවත්වන ලදහ. පුරුදුකරන ලදහ. මැනැවින් සම්පූර්‍ණකරන ලදහ. ඉදින් ඔබ වහන්සේ කැමතිනම් ‘හිමාලය පර්‍වතය රන් ගොඩක්ම වේවා’ යි සිතුවහොත් ඒ පර්‍වතය ද රන් ගොඩක්ම වන්නේය.” යි කීය.

එවිට බුදුන් වහන්සේ ඔහුට පිළිතුරු වශයෙන් මෙසේ වදාළහ.

“පබ්බතස්ස සුවණ්ණස්ස,
ජාතරූපස්ස කෙවලො
ද්වීත්තාව නාලමෙකස්ස,
ඉති විද්වා සම්ඤවරෙ”


(රනින්ම නිම වූ රන් ගොඩක්ම වූ එක පර්‍වතයක් තබා එමෙන් දෙගුණයක් මහත් පර්‍වතයක් වුව ද, එය එක් පුරුෂයෙකුට සිතට වුව නොසෑහේ. මෙසේ මේ කරුණ දන්නා නුවනැත්තේ සමව හැසිරෙන්නේය. නුවණැති පුද්ගල තෙම ‘පස්කම් ලෝකයෙහි සිත බැඳෙනා දේය’ යි දැන එය දුරුකිරීම පිණිස හික්මිය යුතුය. එවිට පාපී මාරයා ‘බුදුරජහු මා හඳුනාගත්හ. යැයි සිතා නොසතුටුව එසැනින් අතුරුදන්විය.

 

meditation information psychology nurosceපුද්ගල සංවර්ධනයෙන් තොර සමාජ සංවර්ධනයක් උදා කිරීම කෙසේවත් කළ නොහැකිය

ඉහත සඳහන් බෞද්ධ දාර්ශනික විග්‍රහයට අනුව අපට මූලිකව හැගී එන කරුණක් තිබේ. එනම් පුද්ගල සංවර්ධනයෙන් තොර සමාජ සංවර්ධනයක් උදා කිරීම කෙසේවත් කළ නොහැකිය යන්න ය. අපවත් වී වදාළ අති පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහ නා හිමියන් මෙම අනගි දාර්ශනික පණිවිඩය ඉතා සරල වදන් කිහිපයකට නංවා ප්‍රචලිත කළ අයුරු අපට මතකය. ඒ “මිනිසා නොහදා රට හදන්න බැහැ. මිනිහාත් හදාගනිමින් රට හදා ගනිමු” යනුවෙනි. අපගේ පෞද්ගලික වැටහීම අනුව වත්මන් දේශපාලනය විසින් භාර ගෙන ඇත්තේ ප්‍රායෝගික වශයෙන් සාර්ථක ලෙස අත්හදා බැලිය නොහැකි බවට සාධාරණ ලෙස අනුමානය කළ හැකි “මිනිහා නොහදා රට හැදීමේ” අභියෝගය ජය ගැනීම ය.

මිනිසා ස්වාභාවිකවම දේශපාලනික සත්වයෙකි. ( Man is nature a political animal) යන ඇරිස්ටෝටල් ගේ දාර්ශනික ප්‍රකාශයේ සඳහන් අන්දමට සමාජගත සත්වයකු වන මිනිසාට කෙසේවත් දේශපාලනයෙන් වියුක්ත විය නොහැක. එහෙත්, ගැටළුව ඇත්තේ එහි නොවේ. මිනිසාට කවර දා කුමන ආකාරයකින් හෝ පරමාදර්ශී දේශපාලන ක්‍රමයක් තුළ පැවැතිය හැකිද? යන්න ය. 

 

සමාජවාදයත් කල් ඉකුත් වන ලකුණු ! - (නිරංජන් චාමින්ද කරුණාතිලක)සමාජවාදය නම් තිඹිරිගෙය තුළ උපන් දේශපාලන පක්ෂ පවා ඉන් අත් මිදීමට දරන වෑයම මේ වන විට දැක බලාගත හැක.
සමාජවාදය යනු ලොව විශිෂ්ඨතම දේශපාලන ක්‍රමය වශයෙන් කලක් හැඳින්වුණු මුත් අද වන විට එය කාලානුරූපී නොවීම මත එහි අගය ද ශීඝ්‍රයෙන් අව ප්‍රමාණ වෙමින් පවතී. සමාජවාදය නම් තිඹිරිගෙය තුළ උපන් දේශපාලන පක්ෂ පවා ඉන් අත් මිදීමට දරන වෑයම මේ වන විට දැක බලාගත හැක. ඊට හේතුව මිල ක්‍රමය මත පදනම් වන පරිභෝජනවාදය කේන්ද්‍ර කර ගනිමින් මිනිසා සංතෘප්තිමත් කළ හැකිය යන උපකල්පනය සහිත නව ලිබරල්වාදය මේ වන විට ගෝලීය වශයෙන් ව්‍යාප්තවෙමින් තිබීම ය. ශරීරය තුළ ඔඩු දිවූ රෝගයකට වුව වේදනා නාශක පෙති වලින් යම් තාවකාලික සහනයක් ගෙන දෙන්නාක් මෙන් මිනිසා තුළ දිනෙන් දින මුවහත් වන අසංතෘප්තතාව සඳහා නව ලිබරල්වාදයෙන් විසදුම් ලද හැකි යැයි බොහෝ දෙනෙක් සිතති. 

එහෙත්, එලෙස මිනිසා වැඩියෙන් කාමභෝගීත්වය තුළ නිමග්න වීම මඩ දියේ වැතිරෙන සූකරයන් ඒවා තවරා ගැනීමෙන්ම තෘප්තිමත් වන්නාක් බඳු (තිත්ත සූකර පටිපදා) ක්‍රියාවක් බව බුදු දහමින් අවධාරණයකොට තිබේ. ඒ සම්බන්ධ ආදීනව විමසා ඇති නූතන බුද්ධිමත්හු හුදෙක් පරිභෝජනය තුළින් සංතෘප්තිය ලද හැකි යැයි උපකල්පනය කෙරෙන නව ලිබරල්වාදය වෙතින් නික්මී කිසියම් සදාචාරාත්මක ප්‍රවේශයක් ද ඊට එක් කොට ඊට වඩා සංතෘප්තතාවයක් ලද හැකි බවක් සැළකෙන සමාජ ප්‍රජාතන්ත්‍රවාදය ( Social democracy ) වෙත පිවිස තිබේ. 

social democracyමේ වන විට ලොව රටවල් ගණනාවක්ම එම සමාජ ආර්ථික ක්‍රමයට අනුව ක්‍රියාත්මක වන මුත් ඒ තුළින් ද යම් යම් ගැටළු අර්බුද මතුවීමේ නවතම ප්‍රවණතාවක් මේ වන විට දක්නට ලැබේ.

 

මේ වන විට ලොව රටවල් ගණනාවක්ම එම සමාජ ආර්ථික ක්‍රමයට අනුව ක්‍රියාත්මක වන මුත් ඒ තුළින් ද යම් යම් ගැටළු අර්බුද මතුවීමේ නවතම ප්‍රවණතාවක් මේ වන විට දක්නට ලැබේ. මේ අතර යහසාධක ඒකාධිපතිත්වය (Benevolent dictatorship ) යනුවෙන් හැඳින්වෙන ඊටත් වඩා සුමට සමාජ ආර්ථිකයක් සම්බන්ධයෙන් ගෝලීය දේශපාලනය තුළ මීට කලකට පෙර සිටම කතිකාවක් පැන නැගී තිබිණ. එහෙත් එය ද පරමාදර්ශී දේශපාලන ක්‍රමයක් නොවන බවට ප්‍රබල සාධක ඉදිරිපත් වීම මත එහි ද ව්‍යාප්තියක් දක්නට නොහැකි විය.

නමුත් ජනතාව තුළ අසංතෘප්තිය දුරු කරමින් ඔවුන් උපරිම අයුරින් සංතෘප්තිමත් කෙරෙන දේශපාලන ක්‍රමයක් පිළිබඳව ද බුදු දහමෙහි ද සඳහන්ය. එය වූ කලී චක්‍රවත්තී රාජ්‍යයයි. මෙය යහ සාධක ඒකාධිපතිවාදයේ කූට ප්‍රාප්තිය බව ද පෙනේ. නමුත් එහි පාලකයා සතුව තිබිය යුතු ගුණාංග වශයෙන් යුක්ති ධර්මය පදනම් කර ගත් මනුෂ්‍යයත්වයේ උපරිමය හුවා දක්වන බුදු දහම අනියමින් අප වෙතින් විමසා සිටිනුයේ මිනිස් සමාජය තුළ එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකිද? යන්න ය. ඒ අනුව පසු කලෙක කෞටිල්‍ය, මැකියාවේලී වැනි විද්වතුන් ප්‍රායෝගික තලයේ දේශපාලනයක් වෙත යොමු විය හැකි මංපෙත් වශයෙන් තම දර්ශනයන් ඉදිරිපත් කළ ද ඒ තුලින් මිනිසාට උපරිම සංතෘප්තියක් හිමි වන බව සඳහන් නොකිරීමට තරම් ප්‍රවේශම් වී තිබේ. 

ඒ අනුව වර්තමාන දේශපාලනයේ වෙනස්කම් හෝ උඩු යටි කුරු කම් සිදුකිරීමේ සමාජමය අපේක්ෂාවන් මෙයට අදාල කර නොගන්නා අපි තම ජීවන පැවතුම් තුළ සරල චාම් සේම පරිභෝජනයේ පමණ දැන (මත්තඤ්ඤු )ගත හොත් මිස නූතන ව්‍යවහාරයට අනුව කිවහොත් කවර සිස්ටම් චේන්ජ් එකකින් වුව මිනිසාට පරම සංතෘප්තියක් ලද හැකි පරමාදර්ශී පාලන ක්‍රමයක් හිමි කරගත නොහැකි බව පමණක් සඳහන් කරමු.

z PraneethAbayasundara(ප්‍රණීත් අභයසුන්දර)
මානව විද්‍යා මහාචාර්ය 
(උපුටා ගැනීම - vinivida.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...