The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●
Top Ad
විශේෂාංග

අවංක ලාල් සහ වංක කුමාර සමග දේශපාලන වංග ගිරියේ උතුර දකුණ පැටලුනු මාලිමාව - (ඥානසිරි කොත්තිගොඩ)

T

The Leader Desk

May 29, 2024 • 6:53 AM

අවංක ලාල් සහ වංක කුමාර සමග දේශපාලන වංග ගිරියේ උතුර දකුණ පැටලුනු මාලිමාව - (ඥානසිරි කොත්තිගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒක ශරීරයේ සිදුවෙන රසායනික ක්‍රියාකාරීත්වයේ බලපෑම මත සිදුවෙන්නක් කියලා තමයි කියන්නේ.
  • එලෙසම ජනතා විමුක්ති පෙරමුණේ (JVP) සහ ජාතික ජන බලවේගයේ (NPP) නායක අනුර කුමාර දිසානායකටත් සුද්ද පවිත්‍ර කිරීමේ හා අළුත් පැම්පස් මාරු කිරිමේ බරපතල වගකීමක් අද කරමත පැටවිලා.
  • NPP කියලා JVP නායකත්වයෙන් පෙරමුණක් හදලා, එහි ජනාධිපති අපේක්‍ෂක අනුර කුමාර 88 - 89 සිදුවීම් පිළිබඳව එක් වෙලාවක දී පශ්චාත්තාපය පලකළා.
  • නමුත් ලාල්කාන්ත 88 - 89 සිය ක්‍රියාකාරීත්වයන් උත්කර්ෂයට නංවමින්, ඒ සියළු ක්‍රියා යුක්ති සහගත කරමින් ප්‍රසිද්ධ වේදිකාවේ චොප්පේ පන්නයේ කතාවක් කළා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒක ශරීරයේ සිදුවෙන රසායනික ක්‍රියාකාරීත්වයේ බලපෑම මත සිදුවෙන්නක් කියලා තමයි කියන්නේ. එහෙම මළපහ කරගත්තාම බලා කියා ගන්නා උදවිය කරන්නේ සෝදා පිරිසිඳු කරලා, අළුත් ඇඳුමක් හෝ අළුත් පැම්පස් එකක් දාන එක.

එලෙසම ජනතා විමුක්ති පෙරමුණේ (JVP) සහ ජාතික ජන බලවේගයේ (NPP) නායක අනුර කුමාර දිසානායකටත් සුද්ද පවිත්‍ර කිරීමේ හා අළුත් පැම්පස් මාරු කිරිමේ බරපතල වගකීමක් අද කරමත පැටවිලා. තමා හා සම නායකයෙක් වන ජවිපෙ දේශපාලන මණ්ඩල සභික හා වෘත්තීය සමිති නායක කේ.ඩී.ලාල්කාන්තගේ කතා නැවත පිරිපහදු කිරීම තමයි ඒ භාරදූර වැඩේ. මෙතැනත් තිබෙන්නේ මොළයේ ක්‍රියාකාරීත්වයේ ප්‍රශ්නයක්. හැබැයි ඒක පක්‍ෂ අභ්‍යන්තර මතවාදී අරගලයක්.

 

NPP කියලා JVP නායකත්වයෙන් පෙරමුණක් හදලා, එහි ජනාධිපති අපේක්‍ෂක අනුර කුමාර 88 - 89 සිදුවීම් පිළිබඳව එක් වෙලාවක දී පශ්චාත්තාපය පලකළා. නමුත් ලාල්කාන්ත 88 - 89 සිය ක්‍රියාකාරීත්වයන් උත්කර්ෂයට නංවමින්, ඒ සියළු ක්‍රියා යුක්ති සහගත කරමින් ප්‍රසිද්ධ වේදිකාවේ චොප්පේ පන්නයේ කතාවක් කළා.  

 



කතාවෙන් චොප්පේ වුනාට කිසියම්ම වෙලාවක මුහුණට මුහුණ වෙඩි තියාගන්න නම් ආවේම නෑ. සැඟවිලා හෝ තනි වූ වෙලාවකදී නැතිනම් කොන්ත්‍රාත් පදනම මත ඉතාමත් නිහීන විදියට තමයි මේ ඝාතන සිද්ධ කළේ.

පසුගිය මැයි දිනයේ සිය කතාවේදීත් ලාල්කාන්ත නැවත කිව්වා නීතිය ක්‍රියාත්මක කිරීමේ බලයක් අපි ඔබට දෙනවා, බලය බෙදීමක් කරනවා කියලා. එවගේම නීතිය පසිඳළීමේ බලයක් නැතිනම් අධිකරණ බලයක් අපි ඔබට දෙනවා කිව්වා. කොටින්ම කියතොත් නීතිය අතට ගන්න තමන්ගේ අනුගාමිකයන්ට බලය දෙනවා කිව්වා.

 

ලාල්කාන්ත කොතැකදිවත් කියන්නේ නෑ, එයාල බලයට ඇවිත් පවතින ව්‍යවස්ථාව වෙනස් කරලා, පහළම සභාවන් දක්වා බලය බෙදීමක් කරනවා කියලා. ලාල්කාන්ත පොරොන්දු වෙන්නේ JVP සාමාජික, සාමාජිකාවන්ට තමයි මේ බලතල දෙන්නේ කියලා. එතකොට තමයි ගැටළුව මතුවෙන්නේ.

ලාල්කාන්ත ගේ මේ පැම්පස් එක හෝදන්න ගිහින් අනුර කුමාරත් ඇඟ පුරාම ගා ගත්තා. ලාල්කාන්ත කිව්වේ සමථ මණ්ඩල පිළිබඳව කියලා අනුර කුමාර කිව්වා. වැරදිකරුවෙක්ට දඬුවම් කිරිමේ බලයක් සමථ මණ්ඩලවලට නැතිබව රූපවාහිනියේ ප්‍රශ්න විමසූ මාධ්‍යවේදියා පෙන්වා දුන්නා. හැලේ එරුණු කුළා වගේ අනුරටත් පල්ලම් බහින්න වුණා.

 



දෙමළ වර්ග සංහාර යුද්ධයේදී බර අවි වලින් උතුරට පහර දෙන්න රාජපක්‍ෂ රජයට බලපෑම් කළේ JVP.  ඒ තීන්දුව ගැන පමණක් නැවත සිතා බැලිය යුතුය යන බව NPP නායක අනුර කුමාර කියා තිබුණා.

 

'බර අවිවලින් ගහන්නැයි ඉල්ලා සිටීමෙන් අපේ සමබරතාවය නැති වුණා' - අනුර දිසානායක
අනුර කුමාර එහෙම කිව්වත් මේ මෑතකදී JVP ලාල්කාන්ත කිව්වේ ජවිපෙයි හෙළ උරුමයයි නොහිටින්න යුද්ධය දිනන්න ලැබෙන්නේ නැහැ කියලා. මොකද මේක ගහලා ඉවර කරන්න ඕන කියලා කිව්වේ මේ පක්‍ෂ දෙකම විතරයි. අපි සමාජ මතය හැදුවා, ඕගොල්ලෝ ගැහුවා කියලා විශ්‍රාමික හමුදා නිලධාරීන් ගේ රැස්වීමක් අමතමින් ලාල්කාන්ත කිව්වා.

සමලිංගිකයන් ගේ අයිතිය පිළිගන්න ඕන කියලා ලාල්කාන්ත කිව්වත් ඒ පක්‍ෂයේ තවත් නායකයෙක්වන දොස්තර නලීන් ද ජයතිස්ස කියනවා සමලිංගිකත්වය කියන්නේ රෝගයක් කියලා. බලය අරගෙන අපි ගෙනියන්නේ සමාජවාදී වැඩපිළිවෙලක් නෙමේ කියලා ලාල්කාන්ත කියනවා.

 

 

එදාට පහුවෙනිදා JVP ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කියනවා අපි ගෙනියන්නේ සමාජවාදී වැඩපිළිවෙලක්, අපේ ප්‍රතිපත්තිය තමයි NPP එකෙත් ප්‍රතිපත්තිය. ඒකට වෙනම වැඩපිළිවෙලක් නැහැ කියලා.

1948 දී තමයි යූඇන්පියේ ඩී. එස්. සේනානායක අගමැතිවරයා දශ ලක්‍ෂයක් වූ වතුකර දෙමළ ජනතාවගේ ඡන්ද අයිතිය අහෝසි කළේ. එතැනින් තමයි දෙමළ ජනතාව සිංහල බෞද්ධ රාජ්‍යයට යටත් කර ගැනීම ආරම්භ වුනේ. එදා මෙදාතුර ලංකාවේ වසර 76 ක් පුරා දිවෙන කේන්ද්‍රීය ප්‍රශ්නය වන දෙමළ ජාතික ප්‍රශ්නයට වමේ රතු පාට ගාගත් මේ නායකයන්ට කිසිදු ස්ථිර විසඳුමක්, යෝජනාවක් නැහැ. දෙමළු ලක්‍ෂ එකහමාරක් විතර අමු අමුවේ මරා දමන්න නම් පෙරමුණ ගත්තා.

කඩා වැටී තිබෙන ආර්ථිකයට විසඳුම රනිල්ගේ වැල්පාලම් න්‍යායම තමයි කියලා NPP නායක අනුර කියනවා. JVP ආර්ථික අංශ ප්‍රධානී හඳුන්නෙත්ති ගේ විසඳුම තමයි විදේශගත සාමාජිකයන් ගෙන් ඩොලර් ගෙන්වා ගැනිම. ත්‍රී`මළේ තෙල් ටැංකි පුරවලා නැව්වලට තෙල් ගහලා රට ගොඬ ගැනීම. 

 

 

JVP - NPP නායකයන් ඈතක නොව ඉතා මෑතක කරන්නා වූ මෙවැනි පරස්පර ප්‍රකාශයන් පෙළ ගස්වා බැලුවහොත් ඇත්තෙන්ම මේ පක්‍ෂ මොන තරම් අරාජිකද, රටේ කේන්ද්‍රීය කිසිඳු ප්‍රශ්නයක් අරභයා තිරසර ප්‍රතිපත්තියක්, දැක්මක් නැතිද කියලා මනාව පෙන්නුම් කරනවා. එකම මණ්ඩලයක සිටින නායකයන් යම්කිසි කරුනක් අරබයා ප්‍රකාශ කරන්නේ මත කීපයක්.

 

අපි අතින්ද නොවිය යුතු දේ සිදුවුණා' -අනුර අලුත් ගමනකට සැරසේමේ නායකයන් රටට පෙන්වන්නේ ඉතාම විනයගත, හමුදාවක් මෙන් එකම නියෝගයකට පෙළ ගැසී වැඩ කරන මේ වගේ පක්‍ෂයක් ලොවෙත් නෑ කියලා.

 

නමුත් මේ නායකයන් රටට පෙන්වන්නේ ඉතාම විනයගත, හමුදාවක් මෙන් එකම නියෝගයකට පෙළ ගැසී වැඩ කරන මේ වගේ පක්‍ෂයක් ලොවෙත් නෑ කියලා. විශ්ව විද්‍යාල අධ්‍යාපනය හා උපාධි ලැබූවන් සිටින, ඉහළ සිට පහළට මුතු ඇමුණුව වගේ වමේ පක්‍ෂයක් ලංකාවේ තිබුනේ නෑ කියලා. මේ වගේ මායා වලින් තමයි ජනතාවගේ ඇස් නිලංකාර කරලා තියෙන්නේ.

අනුර කුමාර කියනවා මහමැතිවරණ හෝ ජනාධිපතිවරණ කල්දාන්න හිතන්න එපාලු. මොකද ලංකාවේ මුළු දේශපාලනයම NPP වටා කැරකිලාලු තියෙන්නේ. සමන්ත විද්‍යාරත්න එක කාලයකදි කිව්වේ පළාත් පාලන මැතිවරණය නොතිබ්බොත් රනිල් ගේ කන් කෙට්ටෙන් අල්ලලා එළියට ඇද දාන්නේ කියලා. එක කඳුළු ගෑස් පාරයි ගැහුවේ. අදවන තෙක් පාරට බැස්සේ නෑ. නමුත් වහසිබස් දොඩන්න නම් මේ වර්ගයේ නායකයන් උපන් රුසියන්.

 

රනිල් ලෝක බැංකුවේ නියෝජිතයා හමුවේරනිල් මැතිවරණ පවත්වන්නේ හෝ නැත්තේත්, ජනමත විචාරනයකට යන්නේ හෝ නොයන්නේ ගෝලීය කම්කරු පංතියේ හා ගෝලීය ධනපති පංතියේ බලතුලනය මත.
1975 පාර්ලිමේන්තු මැතිවරණය වසර දෙකකින් සිරිමාවෝ කල් දැම්මේ ධනපති සභාගයන්ට ගිහින් ලෝක පරිමානවත්, ලංකාවේත් කම්කරු පන්තියත් ලද පරාජයන් නිසා. 1982 ජේආර් ජනමත විචාරනයකින් මහමැතිවරණය කල් දැම්මේ ලංකාවේ කම්කරු පන්තිය 80 දී ලද බරපතල පරාජය නිසා. විජේවීර කළේ ජනමත විචාරනය ඉවර වුනාට පස්සේ උසාවි යන එක. නැතිව පාරට බැහැලා අරගල කළේ නැහැ.

එබැවින් රනිල් මැතිවරණ පවත්වන්නේ හෝ නැත්තේත්, ජනමත විචාරනයකට යන්නේ හෝ නොයන්නේ ගෝලීය කම්කරු පංතියේ හා ගෝලීය ධනපති පංතියේ බලතුලනය මත. එහෙම නැතිව මේ නායකයන් කරන්නා වූ මයික් පලන කතා නිසානම් නොවේ. එහෙම නැතිව ව්‍යවස්ථාවේ තිබෙන නිසාත් නොවේ.

JVP බිහිවෙන්නෙ ග්‍රාමීය ගොවියන්, රැකියා විරහිත තරුණයන්, සිසුන්, චපල මැද පාන්තිකයන් වැනි සමාජ ස්ථරයන් ගේ පාදම මත. 1965 දී පමණ බිහිවෙන මේ පෙරමුණ සිංහල බෞද්ධ ජාතිවාදය එක්ක තදින් බැඳුනු මාඕවාදී, කැස්ත්‍රෝවාදී ගරිල්ලා සම්ප්‍රදායන් මූලෝපාය කරගත් සංවිධානයක්. ඒ අත්තිවාරමෙන් මිදෙන්න බැරිබව තමයි ලාල්කාන්ත වරින්වර කියන්නේ.

 



අනුර කුමාර මැයිදින කතාවේදීත් දැඩිව අවධාරන කළේ ඒ ඉතිහාසය අත් හරින්න කියලා. නූතන ලෝකයට අනුව වෙනස් වෙන්න සූදානම් වෙන්න කියලා. වාම ලිබරල්වාදී නොවී රාජ්‍ය බලය ගන්න බැහැ කියන මතයක පිහිටලා තමයි හෙතෙම වැඩ කරන්නේ.

මොන තරම් කිව්වත් මහ පොළොවේ පය ගහගෙන ඉන්න ලාල්කාන්තට තේරෙනවා අනුරගේ මේ රග පෑමෙන් තමන්ගේ පාදමම ගැලවිලා යනවා කියලා. ඒනිසා තමයි ඔහු වරින් වර ජේවීපී ඉතිහාසය මතක් කරමින් සිය කේඩරය රැක ගැනීමේ අවංක උත්සාහයක් ගන්නේ. ඉතිහාසය අමතක කරලා අනාගතයට යමු කියලා NPP අනුර කුමාර කිව්වට, ලාල් කාන්ත අවංකවම පෙනී සිටින්නේ ඉතිහාසය වෙනුවෙන්. එහෙම වුනාම බොහෝවිට සිදු වන්නේ බලය ලබා ගැනීමට බාධාවක් යැයි සිතා ඔවුන් නිහඬ කර තැබීමයි.

 



කාලයේ වැලිතලාවට යටවෙන්නට ඉඩදී තිබූ දෙමළ වර්ග සංහාර යුද්ධයේ හිමි උරුමක්කාරකම ලාල්කාන්ත අවංකවම ලියා ගත්තෙත් JVP කේඩරයට ගැම්මක් දෙන්න. යුද උරුමයෙන් කේඩරයට ගැම්මක් ආවත් අනුර කුමාර වටේ ඉන්න වාම ලිබරලුන් ගේ මුඛ පූට්ටු උනා. 71 සිට JVP අත්හැර වටම ගොස් ගෙටම ඇවිත් ඉන්න පැරණි සාමාජික, සාමාජිකාවන්. සමසමාජ - කොමියුනිස්ට් හා අනෙකුත් වමේ පක්‍ෂවලින් ඇවිත් මාලිමාවට වමේ සළුපිළි පළඳවන්නන් මේ අය අතරින් විශේෂයි.  

මේ ලිබරල්ලු විවිධ වමේ කතා කියමින් ආණ්ඩු සිහින දකිමින් ඉන්නේ. ඒත් නොසිතූ මොහොතක ලාල්කාන්ත විසින් උතුරේ යුද ලෙයින් ආයෙමත් පැම්පස් තෙමා ගත්තා. පැම්පස් ගලවද්දී වමේ සියළු සළුපිළි ගැලවිලා සිංහල, බෞද්ධ, යුදවාදී, ජාතිවාදී හෙළුව එළියට ආවා. මෙනිසා ඔවුන් මාරාවේශවෙලා ලාල්කාන්තට පස්පඩංගුවේ බැන වැදිමින් ඉන්නේ. මාලිමාවේ කටු මාරු වෙලා. ඒත් කරන්න දෙයක් නෑ. වවුලාගේ ගෙදර ගියානම් එල්ලිලා ඉන්න එපැයි. 

මේ සියළු නන්දන වින්දන තිබියදීත් වෙනදා සීනුවට නොතිබුණු ජනතා කැමැත්තක් මෙදා මාලිමාවට තියෙනවා. ඒ අන් කිසිවක් නිසා නොව ධනපති ක්‍රමයට විරුද්ධ සැබෑ වමේ බලයක් විකල්පව ගොඩ නැගී නැති නිසා. ඒ නිසා සමාජ වෛරය ප්‍රකාශ කිරීමේ කපාටය බවට මාලිමාව පත්වෙලා.

ඒක මූණත් එක්ක තරහා වෙලා නහය කපා ගැනීමක් නොව බෙල්ලම කපා ගැනීමක්.

 


බාහු කුජීත කරන්න නලින් ද සිල්වාගේ මළගෙදර කොටළුවෝ බූරු ගසති - (ඥානසිරි  කොත්තිගොඩ)(ඥානසිරි කොත්තිගොඩ)
BBC සිංහල සේවයේ හිටපු මාධ්‍යවේදී
(නිදහස් ලේඛක)

koththigoda@gmail.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අවංක ලාල් සහ වංක කුමාර සමග දේශපාලන වංග ගිරියේ උතුර දකුණ පැටලුනු මාලිමාව - (ඥානසිරි කොත්තිගොඩ) | The Leader