The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●
Top Ad
විශේෂාංග

මෙදා පොටේ දෙනවා බැටේ දේශපාලනයෙන් රටක් හදන්න පුළුවන් ද? – (විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ)

T

The Leader Desk

May 30, 2024 • 10:23 AM

මෙදා පොටේ දෙනවා බැටේ දේශපාලනයෙන් රටක් හදන්න පුළුවන් ද? – (විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ උණුසුම ජන මාධ්‍ය වලින් සේම වෙනයම් පොදු සමාජමය කතිකාවන් ගෙන් ද පැතිර යනු පෙනේ.
  • ඒ සඳහා දැක්විය හැකි හොඳම නිදසුනක් වනුයේ මේ වන විට රූපවාහිනී මාධ්‍ය වලින් දේශපාලනඥයන් අතර ඇති වන ඇතැම් සංවාද හුදෙක් දේශපාලනික මති මතාන්දර සේම සදාචාරාත්මක සීමාවන් ඉක්මවා යන අතිශය ආවේගාත්මක ස්වරූපයක් ගැනීම ය.
  • එළඹ ඇති තත්වයන් මත එය ඉදිරියේ දී කෙතරම් ප්‍රවර්ධනය විය හැකිද?
  • නමුත් මේ ඇතැම් ක්‍රියා කලාපයන් රංගන විශේෂයන් හා සබැඳි චිත්තාවේගීය සාධක (Emotional factors) මත පදනම් වන ඒවා ද විය හැක.
අකුරු ප්‍රමාණය (Font Size):

පුළුවන. මේ උණුසුම ජන මාධ්‍ය වලින් සේම වෙනයම් පොදු සමාජමය කතිකාවන් ගෙන් ද පැතිර යනු පෙනේ. එමෙන්ම ඒ උණුසුම වඩාත් තීව්‍ර වීමට බලපාන වැදගත් සාධකයක් ද තිබේ. එනම් එම උණුසුම සමාජයේ විවිධ පුද්ගලයන් අතර පවත්නා විසංවාදී දේශපාලන මති මතාන්දර මත පදනම් වීම ය. ඒ සඳහා දැක්විය හැකි හොඳම නිදසුනක් වනුයේ මේ වන විට රූපවාහිනී මාධ්‍ය වලින් දේශපාලනඥයන් අතර ඇති වන ඇතැම් සංවාද හුදෙක් දේශපාලනික මති මතාන්දර සේම සදාචාරාත්මක සීමාවන් ඉක්මවා යන අතිශය ආවේගාත්මක ස්වරූපයක් ගැනීම ය.

 



එළඹ ඇති තත්වයන් මත එය ඉදිරියේ දී කෙතරම් ප්‍රවර්ධනය විය හැකිද? කිවහොත් රූපවාහිනී මැදිරි තුළ සිදුවන දේශපාලනඥයන් ගෙන් “සජීවී ගුටි කෙළි” ද අපට දැක බලා ගැනීමට පහසු අවකාශයක් තිබේ. නමුත් මේ ඇතැම් ක්‍රියා කලාපයන් රංගන විශේෂයන් හා සබැඳි චිත්තාවේගීය සාධක (Emotional factors) මත පදනම් වන ඒවා ද විය හැක. මන්ද යත් පාර්ලිමේන්තු සභා ගැබ තුළ ගහ මරා ගන්නට වෙර දරන ඇතැම් දේශපාලනඥයන් පාර්ලිමේන්තු ලොබියේ දී හෝ කැන්ටිමේ දී කරට අත දමාගෙන කතා බස් කිරීම ප්‍රසිද්ධ රහසක් බැවිනි.

 

පාර්ලිමේන්තු සභා ගැබ තුළ ගහ මරා ගන්නට වෙර දරන ඇතැම් දේශපාලනඥයන් පාර්ලිමේන්තු ලොබියේ දී හෝ කැන්ටිමේ දී කරට අත දමාගෙන කතා බස් කිරීම

නමුත් එබඳු අතිශය ආවේගාත්මක ස්වරූපයන් පළ වන දේ සමාජගත වීමෙන් සිදුවන බලපෑම් පිළිබඳව සමාජයේ සංතීක්ෂණ අවධානය යොමු විය යුතු ය. මක් නිසා ද යත් මෙබඳු කරුණු මුල් කොට ජනතාව අතරේ දේශපාලනික භේද භින්නතා තීව්‍ර වීම මත හට ගන්නා සංජානන අසමඟිය ( Cognitive dissonance ) නම් තත්වය හට ගත හැකි බැවිනි.එය නොදියුණු සමාජ ලක්ෂණයක් සේම අතිශය අහිතකර සමාජ ප්‍රවණතාවකි.

දේශපාලනය යනු ලොව සෑම ජන සමාජයකටම පොදු වුව ද එය සමාජයෙන් සමාජයට අනන්‍ය වූ සංස්කෘතික හැඩතල ගන්නා බව නොරහසකි. නිදසුනක් ලෙස බටහිර රටවල දේශපාලන සංස්කෘතිය සහ පෙරදිග රටවල දේශපාලන සංස්කෘතිය අතර පැහැදිලි විෂමතා දක්නට පුළුවන. පෙර දිග රටවල වුවද දේශපාලන සංස්කෘතිය එක් එක් ජන සමාජයන් සම්බන්ධයෙන් විවිධ ස්වරූපයන් දරනු පෙනේ.

 

බටහිර රටවල දේශපාලන සංස්කෘතිය සහ පෙරදිග රටවල දේශපාලන සංස්කෘතිය අතර පැහැදිලි විෂමතා දක්නට පුළුවන

ශ්‍රී ලාංකේය දේශපාලන සංස්කෘතිය තුළ පවත්නා එක් සුවිශේෂතාවයක් නම් එහි පවත්නා චිත්තාවේගීය ස්වභාවයයි. දේශපාලනය යනු යම් රටක සමාජ, ආර්ථික පදනම සම්බන්ධ සජීවී ක්‍රියාකාරී යාන්ත්‍රණයයි. එය විධිමත්ව සකසා ගැනීම ඒ රටේ ජනතාව සතු යුතුකමක් වන අතර එය ජනතා පරමාධිපත්‍යය ලෙස හඳුන්වනු ලැබේ. නමුත් රටක් සම්බන්ධයෙන් එවැනි භාරදූර කාර්යයක දී චිත්තාවේග පෙරටු කර ගැනීමෙන් එය කෙතරම් සාර්ථක ලෙස ඉටු කර ගත හැකිද? යන්න පිළිබඳව අප සිහි නුවණින් සිතා බැලිය යුතු ය.

ජනතාව තුළ පවත්නා චිත්තාවේග පිබිදුවීමෙන් වාසි ලබා ගන්නා සංවිධාන ව්‍යුහයන් කොතෙකුත් ලොව තිබේ. ඒ අතුරින් චිත්තාවේගී අලෙවිකරණය ( Emotional marketing ) අප එදිනෙදා ජීවිතයේ දී නිබඳවම අත්දකින දෙයකි. යම් භාණ්ඩයක් හෝ සේවාවක් ලබාගැනීමේ දී එය මිල, ප්‍රමිතිය, නිමාව ආදී කරුණු සම්බන්ධයෙන් සංවිභාගශීලී වන පාරිභෝගිකයා තුළ එම භාණ්ඩය හෝ සේවාව සම්බන්ධයෙන් චිත්තාවේගී නැඹුරුවක් ඇති කොට අයථා ලෙස පාරිභෝගිකත්වයෙහි ලා ගොදුරු කර ගැනීම මෙම චිත්තාවේගී අලෙවිකරණයේ සාමාන්‍ය ස්වභාවයයි.

 

යම් භාණ්ඩයක් හෝ සේවාවක් ලබාගැනීමේ දී එය මිල, ප්‍රමිතිය, නිමාව ආදී කරුණු සම්බන්ධයෙන් සංවිභාගශීලී වන පාරිභෝගිකයා තුළ එම භාණ්ඩය හෝ සේවාව සම්බන්ධයෙන් චිත්තාවේගී නැඹුරුවක් ඇති කොට අයථා ලෙස පාරිභෝගිකත්වයෙහි ලා ගොදුරු කර ගැනීම මෙම චිත්තාවේගී අලෙවිකරණයේ සාමාන්‍ය ස්වභාවයයි.

අප රටේ පවත්නා වර්තමාන දේශපාලන සංස්කෘතියේ බැලූ බැල්මට දැකිය හැකි මීට සමාන ප්‍රධානතම ලක්ෂණයක් තිබේ. එනම් තත්කාලීනව පවත්නා පාලනය ඉතා නොවිධිමත් දුර්දාන්ත බැවින් ඊළඟ මැතිවරණයක දී එම පාලන බලය තමන් වෙත ලබා දෙන ලෙසට ජනතාවට විවිධ ලෙසින් බලපෑම් කිරීම ය. එසේ බලපෑම් කිරීම සඳහා බොහෝ දෙනකු යොදා ගනු ලබනුයේ තම පක්ෂය හෝ කණ්ඩායම සම්බන්ධ නිශ්චිත සමාජ ආර්ථික වැඩ පිළිවෙලක් නොවේ. ඒ ඇතැමුන් ගේ වෑයම ජනතාව තුළ චිත්තාවේග පිබිදුවා ඔවුන් ඊළඟ මැතිවරණයේ තමන් බලයට පත් කිරීම පිණිස ඡන්දය ප්‍රකාශ කිරීම පිණිස කුළුගැන්වීම් කිරීම ය.

මේ ආකාරයට ද හුදෙක් ඥානාන්විත ප්‍රවේශයකින් තොරව සමාජයේ යම් යම් කොටස් එක් එක් දේශපාලන මත සමඟ දැඩිව සම්බන්ධ වේ. ඒ සමඟම ඔවුන් එම දේශපාලනික ප්‍රකාශ පරමාදර්ශී සේ සිතනු ඇත. ඒ සමඟම එම මතයන්ට විරුද්ධ සියළු මත දැඩිව ප්‍රතික්ෂේප කරමින් තම මතය තුළ පමණක් ලෙස එල්බ ගැනීම (Partisanship ) ත් ඒ ඔස්සේ සමූහ වශයෙන් අන්තගාමී බවට පත් වීමත් (Group polarization) ඒ ඔස්සේ තම මතයට එරෙහි සියළු මත නිශේධ කිරීම පිණිස සාපරාධී ක්‍රියාවන්ට පවා ඇතැමකු යොමු විය හැක. මෙය දේශපාලන ප්‍රචණ්ඩත්වය හා සම්බන්ධ ගිනි පුළිඟු විහිදුවන්නකි. පවත්නා තත්වය තුළ අප සමාජයේ ද එබඳු අවදානමක් පැන නැඟී තිබේ. නමුදු එලෙස දේශපාලන ප්‍රචණ්ඩත්වය ඉස්මතු වූ විටෙක පවා එම තත්වයන් හා මෙම සංසිද්ධීන් අතර පූර්වාපර සන්ධි ගැලපීමේ නොහැකියාවක් පැන නඟිනු ඇත.

මෙම තත්වය අප සමාජයට පමණක් සීමා නොවන්නක් වන අතර බ්‍රිතාන්‍ය- ඕස්ට්‍රේලියා පර්යේෂක වරියක හා ලේඛිකාවක වන සාරා අහමඩ් 2004 වසරේ ලියා එළි දක්වන ලද චිත්තවේගී දේශපාලන සංස්කෘතිය (The cultural politics of emotion ) නම් කෘතිය මගින් ඒ සඳහා කදිම අර්ථ නිරූපණයක් ලබා දී තිබේ.

 

9780748691135 3බ්‍රිතාන්‍ය- ඕස්ට්‍රේලියා පර්යේෂක වරියක හා ලේඛිකාවක වන සාරා අහමඩ් 2004 වසරේ ලියා එළි දක්වන ලද චිත්තවේගී දේශපාලන සංස්කෘතිය (The cultural politics of emotion ) නම් කෘතිය

වර්ගවාදී,හෝ වෙනයම් හේතු සාධක මත චිත්තාවේග පදනම් කොට දේශපාලනමය වශයෙන් යමකු හෙළා දැකීමත් තවත් අයකු උච්චස්ථානයකට නංවා තැබීමේ මෙම ක්‍රියාවලිය ඇය සිය කෘතිය මඟින් විස්තර කොට තිබේ. එහෙත්, කිසියම් රටක අනාගත සමාජ ආර්ථික යහපැවැත්ම සඳහා ඉවහල් වන අනාගත දේශපාලන යාන්ත්‍රනය සම්බන්ධ තීරණ ගැනීම් සම්බන්ධයෙන් ඒ ආකාරයෙන් ජනතාව චිත්තාවේග පදනම් කොට පෙළඹවීම සහ කිසියම් සමාජයක් ඒ කෙරෙහි අනුගත වීම කෙතරම් යෝග්‍ය ද යන්න වෙනම විමසා බැලිය යුත්තකි.

ඇමරිකාවේ මිනසෝටා විශ්ව විද්‍යාලයේ සායනික මනෝ විද්‍යාඥයකු සහ ඇමරිකානු මනෝ වෛද්‍ය සංගමයේ හිටපු සභාපති වරයකු වූ පෝල් මීල් විසින් ලබා දී ඇති “අනාගත චර්යාවන් පිළිබඳ හොඳම පුරෝකතනය අතීත චර්යාවය” ( The best predictor of future behaviour is past behaviour ) යන නිර්වචනය නූතන සමාජ මනෝ විද්‍යාවේ වැදගත් සිද්ධාන්තයක් ලෙස සළකනු ලැබේ.


අපගේ වැටහීම අනුව එය අප රටේ දේශපාලන සංස්කෘතිය සඳහා ද සෘජුවම ආදේශ කර ගත හැකිය. “උන් අන්තිම නරකයි’‘යනුවෙන් පවසන කවර හෝ දේශපාලනඥයකු පක්ෂයක් හෝ කණ්ඩායමක් පිළිබඳ නිසි විශ්ලේෂණයක් කිරීමට පෙර ඔවුන් ගේ අතීත චර්යාවන් සම්බන්ධයෙන් ද විමසා බැලීම අනාගතය සම්බන්ධ හොඳම පුරෝකථනයක් වනු ඇතැයි අපට ද හැඟී යනුයේ එනිසා ය.

 

campainදේශපාලනමය කරුණු වලදී සහ චිත්තාවේග වලට මුල් තැනක් නොදීමට වගබලා ගැනීමට අප පොදුවේ වග බලාගත යුතු ය

එමෙන්ම එදා මෙදා තුර අප රටේ දේශපාලන කරළියෙන් අසන්නට ලැබෙන “මෙදා පොටේ – දෙනවා බැටේ” යන්න දේශපාලනය සම්බන්ධයෙන් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමට පෙර දේශපාලනමය කරුණු වලදී සහ චිත්තාවේග වලට මුල් තැනක් නොදීමට වගබලා ගැනීමට අප පොදුවේ වග බලාගත යුතු ය. ඒ අනුන්ට බැට දීමට ගොස් අවසානයේ ඒ බැටේ අප වෙත ළඟා වීමටද පහසු අවකාශයක් පවතින බැවිනි.



මා ඉහත සඳහන් කරුණු ගෙන හැර දක්වන ලද්දේ ඉහත සඳහන් අප සමාජයේ දේශපාලන සංස්කෘතික අවගුණය ප්‍රමාද වී හෝ පිටු දැකීම සම්බන්ධයෙන් ජනතා අවධානය යොමු කරවනු පිණිස ය.


ranil(විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ)


 

උපුටා ගැනීම : vinivida.lk



 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මෙදා පොටේ දෙනවා බැටේ දේශපාලනයෙන් රටක් හදන්න පුළුවන් ද? – (විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ) | The Leader