The Leader News
BREAKING
රෝහලගතව සිටි සුරේෂ් සලේ යළි CID යට රැගෙන යයි●ලසන්ත - මහින්ද ගැටුමේ නොඇසූ පැත්ත එළියට !●හෝමූස් අර්බුදය සහ නාවික බලයේ අලුත් සෙල්ලම | මිලින්ද මොරගොඩ●වැඩිම ලිංගික ක්‍රියාකාරකම් වාර්තා කළ ඇනී නයිට් විවාහයෙන් පසු ගත් තීන්දුව●උපාධිධාරී රැකියා පොරොන්දුවට මුදල් දෙන්නැයි නාමල්ගෙන් ජනපතිට ලිපියක්●ශ්‍රී ලංකා පාපන්දුවට ඓතිහාසික ජයක්: මොරිෂස් 3-2කින් පරදවයි!●වසර 25 ක ඉන්දියානු දේශපාලනයේ මෝඩි මුද්‍රාව | කුසල් පෙරේරා●වෘත්තීය සටන්කරුවකු වීමට නම්…●සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●
Top Ad
විශේෂාංග

කාලගුණ අනාවැකි කියන ‘ඩොප්ලර් රේඩාර් පද්ධති’ ව්‍යාපෘතියෙන් දහඅට වසරටම එකම අනාවැකියක්වත් නෑ !

T

The Leader Desk

May 31, 2024 • 7:04 AM

කාලගුණ අනාවැකි කියන ‘ඩොප්ලර් රේඩාර් පද්ධති’ ව්‍යාපෘතියෙන් දහඅට වසරටම එකම අනාවැකියක්වත් නෑ !  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • “ශ්‍රී ලංකාව අසල්වැසි ඉන්දියාවෙන් හැටෙන් එකක් තරම් කුඩා දිවයිනක් වුව ද ලොව බලවත් රටවල අවධානයට ලක්ව, දේශපාලන, ආර්ථික වශයෙන් අනාරක්ෂිත දිවයිනක් බවට පත්ව තිබේ.
  • භූගෝලීය පිහිටීම සෙසු රටවල කාලගුණ විපර්යාස සහ නාවුක ගමනාගමන නිරීක්ෂණයට මධ්‍යස්ථානයක් බවට පත් වෙමින් ශ්‍රී ලංකාව තුළ ඩොප්ලර් රේඩාර් පද්ධතියක් ස්ථාපිත කිරීමට යාම වසර දහඅටක් අඩාල වී තිබේ.
  • ‘ඩොප්ලර් රේඩාර් පද්ධතියක්’ අවශ්‍ය බවට ශ්‍රී ලංකා රජයේ කැබිනට් මණ්ඩලය තීරණය කරනු ලබන්නේ 2006 වසරේදීය.
  • ශ්‍රී ලංකාවේ කාලගුණ විපර්යාස ඇතුළු ස්වභාවික පරිසරයේ වෙනස්වීම් සහ නාවුක ගමනාගමනය පිළිබඳව පුරෝකථනය කිරීම සඳහා ‘ඩොප්ලර් රේඩාර් පද්ධතියක්’ අවශ්‍ය බවට ශ්‍රී ලංකා රජයේ කැබිනට් මණ්ඩලය තීරණය කරනු ලබන්නේ 2006 වසරේදීය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

“ශ්‍රී ලංකාව  අසල්වැසි ඉන්දියාවෙන් හැටෙන් එකක්  තරම් කුඩා දිවයිනක් වුව ද ලොව බලවත් රටවල අවධානයට ලක්ව, දේශපාලන, ආර්ථික  වශයෙන් අනාරක්ෂිත  දිවයිනක් බවට පත්ව තිබේ. එසේ වීමට ප්‍රබල ම හේතුව භූගෝලීය පිහිටීම ද ?

භූගෝලීය පිහිටීම සෙසු රටවල කාලගුණ විපර්යාස සහ නාවුක ගමනාගමන නිරීක්ෂණයට මධ්‍යස්ථානයක් බවට පත් වෙමින් ශ්‍රී ලංකාව තුළ ඩොප්ලර් රේඩාර් පද්ධතියක් ස්ථාපිත කිරීමට යාම වසර දහඅටක් අඩාල වී තිබේ.

ඩොප්ලර් රේඩාර් පද්ධතියක් ශ්‍රී ලංකාවට අවශ්‍යද? අවශ්‍ය නම් ඒ කුමක් සඳහාද ?

 

‘ඩොප්ලර් රේඩාර් පද්ධතියක්’ අවශ්‍ය බවට ශ්‍රී ලංකා රජයේ කැබිනට් මණ්ඩලය තීරණය කරනු ලබන්නේ 2006 වසරේදීය.
ශ්‍රී ලංකාවේ කාලගුණ විපර්යාස ඇතුළු ස්වභාවික පරිසරයේ වෙනස්වීම් සහ නාවුක ගමනාගමනය පිළිබඳව  පුරෝකථනය කිරීම සඳහා ‘ඩොප්ලර් රේඩාර් පද්ධතියක්’ අවශ්‍ය බවට ශ්‍රී ලංකා රජයේ කැබිනට් මණ්ඩලය තීරණය කරනු ලබන්නේ 2006 වසරේදීය.

එහෙත් එම ව්‍යාපෘතිය ආරම්භ කර, එය අතරමග නැවතී මේ වනවිට වසර 18 ක් ඉක්මගොස් තිබේ. ඒ වසර 18 ක කාලය තුළ රජයට අහිමිවූ මුදල රුපියල් මිලියන 402 ක් බව කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ඒ. එල්. කේ විජයමාන්නගේ සඳහන් කරයි.

මහාචාර්ය ජිනදාස කටුපොතශ්‍රී ලංකාවට ඩොප්ලර් රේඩාර් පද්ධතියක ඇති අවශ්‍යතාව සහ රේඩාර්  පද්ධතියක්  ස්ථාපිත කිරීමේ  ව්‍යාපෘති අසාර්ථකවීම පිළිබඳව දීර්ඝ කාලයක් තිස්සේ නිරීක්ෂණය කිරීමෙන් පසු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කාලගුණ විද්‍යාව පිළිබඳව මහාචාර්ය  ජිනදාස කටුපොත මහතා පවසන්නේ  ශ්‍රී ලංකාවේ  භූගෝලීය පිහිටීම නිසා  ලොව බලවත් රටවල නිරන්තර අවධානයට ලක්වන, දේශපාලන, ආර්ථික  වශයෙන් අනාරක්ෂිත  දිවයිනක් බවට පත්ව තිබේ යන්නයි.

විශේෂයෙන්ම කාලගුණ විපර්යාස සහ නාවුක ගමනාගමන නිරීක්ෂණය ක්ෂේත්‍රයන්ට අදාළව ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම වඩාත් විශේෂිත බව ලෝක බලවතුන් ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වමින් සිටින බව ඔහුගේ අදහසයි. කාලගුණ විපර්යාස නිරීක්ෂණයට යොදාගනු ලබන  ‘ඩොප්ලර් රේඩාර් පද්ධතියක් ස්ථාපිත කිරීම  ශ්‍රී ලංකාවේ  ජාතික ධනය නාස්ති කිරීමක් වගේම, ලෝක බලවතුන් විවිධ අවස්ථාවල ශ්‍රී ලංකාව පර්යේෂණාගාරයක මීයෙකු බවට යොදා ගෙන තිබේද යන්න ගැටලු සහගත කාරණයක් බව ඔහු සඳහන් කරයි.

කාලගුණික වෙනස්කම් කල්තියා දැනගැනීමේ ‘කැබිනට්’උවමනාව කළමනාකරණ අමාත්‍යංශය සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හත් දෙනෙකුගෙන් සමන්විතව මෙහෙයුම් කමිටුවක් පත් කරගෙන ඩොප්ලර් රේඩාර් පද්ධතිය ස්ථාපිතං කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ විය. නමුත්, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ කොන්ත්‍රාත්තුව පිරිනමා ඇත්තේ එම මෙහෙයුම් කමිටුවේ නිර්දේශවලටද  පිටතින්  බව 2013 විගණනාධිපති වාර්තාවේ 106 සහ PER/A/W/F/2018/03යන වාර්තා ද්විත්වය පෙන්වා දෙයි. මෙම කොන්ත්‍රාත්තුව පිරිනැමීම හෝ ඩොප්ලර් රේඩාර් පද්ධතිය මිලදී ගැනීම සම්බන්ධව කිසිදු ලේඛනයක් දෙපාර්තමේන්තුව සතුව නැතැයිද  එම  විගණන වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.

මහාචාර්ය අමින්ද මෙත්සිලඒ පිළිබඳව අදහස් පළකරන වයඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳව මහාචාර්ය අමින්ද මෙත්සිල සඳහන් කරන පරිදි ටෙන්ඩර් පටිපාටියකින් තොරව ගනුදෙනුවේ වීම තුළ ගනුදෙනුවක ක්‍රියා පටිපාටියට පිටින් ගොස් ඇති බව පැහැදිලි වන බවයි.  රටක මූල්‍යමය ප්‍රතිපත්ති තීන්දු තීරණ ගැනීමේදී දේශපාලකයන්ගේ මැදිහත්වීම මේ තුළින් දක්නට ලැබෙන බව’ ඔහුගේ අදහසයි.  

අදාළ  රේඩාර් පද්ධතිය මිලදී ගැනීමට පෙර පිළිගැනුම් පරීක්ෂණයට දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවරුන් සම්බන්ධ වී ඇති අතර, පළමුව පැවැත්වූ පරීක්ෂණය අසාර්ථක වී ඇති බව විගණන විමර්ශනවලදී හෙළිවී තිබේ. අනතුරුව, සිදු කළ ගෙවන පරීක්ෂණයේදී දෙපාර්තමේන්තු නිලධාරීන් සම්බන්ධ කර නොගෙන  ලෝක කාලගුණික විද්‍යා සංගමයේ නියෝජිතයෙක් පමණක් සම්බන්ධ කරගනිමින් පරීක්‍ෂණය සමත් බවට නිර්දේශ කර ඇත. ඒ බව 2024.03.16 දිනැති ශීර්ෂ 304 දරන විගණන වාර්තාව පෙන්වා දෙයි. එහෙත් එම පරීක්ෂණ වාර්තාවේ තත්ත්ව ආරක්‍ෂණ කළමණාකරුගේ අත්සන නැති බවද එසේ තිබිය දී ලංකාවට රේඩාර් පද්ධතිය ආනයනය කිරීමට කටයුතු යොදා ඇති බව විගණන වාර්තාව සඳහන් කරයි. ආයතන දෙකෙහිම සහභාගීත්වයෙන් පත්කළ කමිටුව පසෙක තිබියදී  ඩොප්ලර්  පද්ධතියේ ප්‍රසම්පාදනය කිරීම, සවිකිරීම, විශේෂඥ සේවය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩල පුහුණු කිරීම සහ සම්බන්ධීකරණය යන කාරණා සඳහා කළමනාකරුවෙකු ලෙස ලෝක කාලගුණ විද්‍යා සංගමය පත් කර තිබේ.

ඉදිකිරීම් සහ ව්‍යාපෘතියේ කටයුතු සහ මුදල් වෙන් කිරීම


2011 වසරේදී මෙරටට ආනයනය කරනු ලැබූ  රේඩාර් පද්ධතිය ස්ථාපිත කර ඇත්තේ  2013 ඔක්තෝබර් මාසයේදීය. එහෙත්, එය  2015 සැප්තැමිබර් 30 දින තෙක් අක්‍රියවය තිබී ඇත.
අංක 10/0041/343/0012010-01-13 අමාත්‍යංශය තීරණ අනුව විවෘත ටෙන්ඩර් වලින් බැහැරව කොන්ත්‍රාත් සහ ඉංජිනේරු කාර්ය ඇමරිකාවේ මධ්‍යම උපදේශක කාර්යාංශය (CECB) වෙත භාරදී ඇත්තේ ලෝක කාලගුණ විද්‍යා සංගමයේ උපදෙස් මතය. රේඩාර් පද්ධතිය ස්ථාපිත කිරීමේ කුළුණ ඉදිකිරීම සඳහා  රුපියල් මිලියන 320  සමග   මාර්ගය ඉදිකිරීමට  රුපියල් මිලියන   60.45 ක් , නිලධාරින් සඳහා දෙවැනි මහලේ  කාමරයක් ඉදිකිරීමට රුපියල් මිලියන 6.35  ක් වැය කර තිබේ.  ඊට අමතරව ඩොප්ලර් රේඩාර් පද්ධතිය  වරායේ සිට ප්‍රවාහනයට සහ දොඹකරයට කොන්ත්‍රාත් මුදල වශයෙන් රුපියල් මිලියන 2.84 ක් වැය කර තිබේ.

 

ඒ අනුව එක්සත් ජාතීන්ගේ නියෝජන දායකත්ව ගිණුමක් වන කාලගුණ විද්‍යා සංගමයේ ජිනීවා ගිණුමට රුපියල් මිලියන 376.57 ක් තැන්පත් කර තිබේ. එම මුදලින් රුපියල් මිලියන 12.41 ක් 2014.6.15 දින ලබාගෙන ඇත. එම තැන්පතු පොලියෙන් රුපියල් මිලියන 14.59 මුදලක් ලබා ගෙන ඇති බවද WPC වික්‍රමරන්න විගණාධිපතිවරයා ගේ අත්සනින් යුත් PER/A/W/F/2018/03 විගණන වාර්තාව සඳහන් කරයි.

මුල් සැලසුම අනුව, අදාළ ඉදිකිරීම් සියල්ල එකම ආයතනයකට ලබා දී සියලුම ඉදිකිරීම්  2010 අගෝස්තු 27  වන දිනට සම්පූර්ණ කළ යුතුව තිබූ බවද  විගණන වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි. එහෙත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ 2016 වසරේ මූල්‍ය ප්‍රකාශය 304 ශීර්ෂය යටතේ පෙන්වාදෙන පරිදි, ඔවුන්ට වැඩ අවසන් කිරීමට හැකිවී ඇත්තේ 2013 දෙසැම්බර් මාසයේදීය. ඒ අනුව 2011 වසරේදී මෙරටට ආනයනය කරනු ලැබූ  රේඩාර් පද්ධතිය ස්ථාපිත කර ඇත්තේ  2013 ඔක්තෝබර් මාසයේදීය. එහෙත්,එය 2015 සැප්තැමිබර් 30 දින තෙක් අක්‍රියවය තිබී ඇත.

Doppler Weather Radar Network to Sri Lanka 1ජාතික විගණන කාර්යාලයේ පි ඊආර්/ඒ/ ඩබ් එෆ් /2018/ 03 අංක දරන  පිටු හැත්තෑ තුනකින් යුත් වාර්තාවේ ( 13 පිටුවේ සිට 36  පිටුව දක්වා) දීර්ඝ වශයෙන් පෙන්වාදී ඇති පරිදි 2011 වසරේදී ආනයනය කළ ඩොප්ලර් රේඩාර් යන්ත්‍රය වසර ගණනාවක් ගබඩා කරගෙන තබා ගැනීම, අදාළ ඉදිකිරීම් ප්‍රමිතියෙන් තොරවීම සහ නියමිත මුදල් ගෙවා තිබියදී අදාළ කාල සීමාවන් වලදී ඉදිකිරීම් අවසන් නොකිරීම යන කරුණු සියල්ල සමග ස්ථාපිත කළ ඩොප්ලර් රේඩාර් පද්ධතිය කඩා වැටීම පිළිබඳව විස්තර කරයි.


රක්ෂණාවරණයට කුමක් සිදු වූයේද ?

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පිළිබඳ රාජ්‍ය ගිණුම්කාරක සභා 2023.08.10  දිනැති වාර්තාව  පෙන්වාදෙන පරිදි, අදාළ යන්ත්‍රය සඳහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මගින් 2011 ඔක්තෝබර් 3 වන දින  රුපියල් මිලියන144.07 ක රක්ෂණාවරණයක් ලබාගෙන,  ඒ සඳහා වාරික පහකදී රුපියල් මිලියන 1.61 ක මුදලක් වාරික වශයෙන් ගෙවා ඇතත්,රක්ෂණ සමාගම සමඟ ඇතිකරගත් ගිවිසුම් සහ කොන්දේසි වල නොගැලපීම මත ව්‍යාපෘතිය අසාර්ථක වීමෙන් කිසිදු  රක්ෂණ මුදලක් ලබා ගැනීමට හැකි වී නැත. 

රේඩාර් පද්ධතිය යළි ඇමරිකාවට

2019 - 2021 විගණකාධිපති වාර්තා සඳහන් කරන පරිදි 2015 මැයි 03 වන විට ලෝක කාලගුණ විද්‍යා සංගමයේ භාරකාර අරමුදලෙහි ඉතිරි වී ඇති මුදල රුපියල් මිලියන 194.2 ක්  අදාළ යන්ත්‍රය අලුත් වැඩියා කිරීම සඳහා යොදවා තිබේ. යන්ත්‍රය 2017 අප්‍රේල් 21 දින නැවත එය නිෂ්පාදිත සමාගමට  යැවීමට  තීරණය කර ඇති අතර එහි  වියදම රුපියල් මිලියන 5.64 කි. 2017 අප්‍රේල් මස 26 දින රේඩාර් පද්ධතිය නැව් ගත කිරීමට රුපියල් මිලියන 8.3  මුදලක් ගෙවා ඇති බව, 2016 ජනවාරි මස  දී රුපියල් මිලියන  9.14 ක්  වටිනා උපකරණ තොගයක් අස්ථානගතවී ඇති බවද  එම වාර්තාව සඳහන් කරයි.

ඒ අනුව, 2006 වසරේ දි ඇරඹි එම  ව්‍යාපෘතිය අසාර්ථක ව්‍යාපෘතියක් ලෙස ඉවත දමා වසර 18 ක කාලයක්  නිහඩව සිටින ශ්‍රී ලංකා රජය  මෙතෙක් එකඳු ඩොප්ලර් රේඩාර් පද්ධතියක්වත් ස්ථාපිත කිරීමට සමත් වී නැත. 

ව්‍යාපෘතිය අතරමග නවතා ඇත්තේ, ව්‍යාපෘතිය අසාර්ථකවීම නිසාද නැතහොත් බලවත් රාජ්‍යයන්ගේ බලපෑම නිසාද ?

 

Screenshot 20240222 032523 Googleමේ සම්බන්ධව පත් කළ කමිටුවේ තීරණය වූයේ යන්ත්‍රය අලුත් වැඩියා කරනවාට වඩා නව තාක්ෂණයෙන් යුතු ඩොප්ලර් රේඩාර් යන්ත්‍රයක් මිලදී ගැනීම ප්‍රායෝගික බවයි. එබැවින් අලුත් වැඩියාව අතහැර දමන ලදී
සිද්ධිය සම්බන්ධව ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මගින් 2017 පංච  පුද්ගල කමිටුවක් පිහිටුවා එහි විමර්ශන කටයුතු ආරම්භකර තිබේ. එමගින්  අදාළ ව්‍යාපෘතිය පිළිබඳව කනස්සල්ලක් මෙන්ම එහි උභතෝකෝටික ප්‍රශ්නයක් ඇති බව, පංච පුද්ගල කමිටු වාර්තා වේ දැක්වේ.
 
vijayamannasකාලගුණ විද්‍යා අධ්‍යක්ෂ  ඒ . එල් . කේ විජමාන්නඅදාල ව්‍යාපෘතියට ගිය වියදම සහ එහි වර්තමාන තත්ත්වය පිළිබඳව විමසීම් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට යොමු කළ තොරතුරු දැනගැනීමේ ඉල්ලුම් පත්‍රයකට අනුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ  ඒ . එල් . කේ විජමාන්න පවසන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් මෙරටට ආනයනය කළ EEC-DWSR-8501/S-SDP  යන වර්ගය සඳහා රජය වියදම් කළ මුදල රුපියල් මිලියන 402ක්’  බවය.  සිදුවූ පාඩුව රුපියල් මිලියන 60.23 ක්  වුවත් එම ප්‍රතිපාදන  මගින් කදු මුදුනේ ඉදි කළ ගොඩනැගිල්ල ආරක්ෂක හමුදා නිලධාරීන්ගේ භාවිතයට ලබා දී තිබෙන බවද එම ප්‍රතිචාරයේ  සඳහන් වේ.
  
විනාශ වූ අති විශාල මුදල පිළිබඳ විධිමත් විමර්ශනයක් සිදු කිරීමට දෙපාර්තමේන්තුව අපොහොසත්වීම පිළිබඳව තොරතුරු පනත යටතේ සිදුකළ විමසීමට ප්‍රතිචාර දක්වමින් සඳහන්කර ඇත්තේ, "මේ සම්බන්ධව පත් කළ කමිටුවේ තීරණය වූයේ යන්ත්‍රය අලුත් වැඩියා කරනවාට වඩා නව තාක්ෂණයෙන් යුතු ඩොප්ලර් රේඩාර් යන්ත්‍රයක් මිලදී ගැනීම ප්‍රායෝගික බවයි. එබැවින් අලුත් වැඩියාව අතහැර දමන ලදී." යනුවෙනි.

ඒ අතරතුර බලවත් රාජ්‍යයන් ලංකාව තුළ ඩොප්ලර් රේඩාර් පද්ධති ස්ථාපිත කිරීමට සැරසේ. 
                      
ජපන් පරිත්‍යාග

 

5c9f6ed597c9728d85e152bae7daa1a4 XLජපානය ඒ කෙරෙහි අවධානය යොමු කරමින් රුපියල් මිලියන 2503 ක වටිනාකමින් යුත් ඩොප්ලර් රේඩාර් පද්ධතියක් ස්ථාපිත කිරීමට 2017 දී  එකඟතාව පළකර තිබේ.
2018 / 2030 ශ්‍රී ලංකා ආපදා කළමණාකරණ සැලැස්ම පෙන්වාදෙන පරිදි, ලොව ආපදාවන්ට මුහුණ දෙන රටවල් අතර ශ්‍රී ලංකාව  හයවැනි ස්ථානයේ පසුවේ.
 
එම අවදානමෙන් රට මුදවා ගැනීමට ලංකා රජය  වෙහෙසක් දරන බවක් පෙනෙන්නට නොතිබුණද,ජපානය ඒ කෙරෙහි අවධානය යොමු කරමින් රුපියල් මිලියන 2503 ක වටිනාකමින් යුත් ඩොප්ලර් රේඩාර් පද්ධතියක් ස්ථාපිත කිරීමට 2017 දී  එකඟතාව පළකර තිබේ.
 
ඒ සඳහා ශ්‍රී ලංකා රජය සමඟ ගිවිසුම් ගතව සිටියද  2023 වනතුරුම ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය සමත් වී නැත. 

2015 න් පසු බලයට පැමිණි ආණ්ඩුව ඩොප්ලර් රේඩාර් පද්ධතිය ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියට අදාළව මූල්‍ය වංචා පිළිබඳව විමර්ශනයක් ආරම්භ කළ අතර  විමර්ශන කටයුතු සිදුවෙමින් තිබියදී 2019  වසරේ දී නැවතත් ලංකාවේ රාජ්‍ය පාලනය වෙනස් විය. විනාශ වූ ඩොප්ලර් රේඩාර් පද්ධතිය ආරක්ෂා කිරීම භාරවූයේ හමුදාවටය. 2022 දී  ශ්‍රී ලංකා රජය ආර්ථික වශයෙන්  වඩාත් උග්‍ර අර්බුදයකට මුහුණදුන් අතර  මෙම අස්ථාවර තත්ත්වය ජපන් ඩොප්ලර් රේඩාර් පද්ධති කෙරෙහිද  බලපෑවේය.

 

චීන අත්හදා බැලීම්

 

thediplomat 2023 04 25 033026චීනය ලද අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් පසුගිය 2023 අප්‍රේල් මාසයේදී  ලංකාවේ දකුණු දිසාවෙහි ඩොප්ලර් රේඩාර් පද්ධතියක් ස්ථාපිත කිරීමට රජයෙන් අවසර ඉල්ලා සිටියේය. 
ආර්ථික වශයෙන් පරිහානියට පත් ශ්‍රී ලංකාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන චීනය ලද අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් පසුගිය 2023 අප්‍රේල් මාසයේදී  ලංකාවේ දකුණු දිසාවෙහි ඩොප්ලර් රේඩාර් පද්ධතියක් ස්ථාපිත කිරීමට රජයෙන් අවසර ඉල්ලා සිටියේය. 
   
2023.04 .07 The economic times සඟරාව පවසන ආකාරයට ශ්‍රී ලංකා රජය පවතින ණය බරින් 52% ප්‍රමාණයක් ගෙවිය යුතුව තිබෙන්නේ චීනයටය. ඒ නිසා චීන රජයේ ඉල්ලීම් ලංකාවට ප්‍රතික්ෂේප කිරීමට බැරි තත්ත්වයකට පැමිණ තිබේ. චීනයේ සහ ශ්‍රී ලංකාවේ මෙම සැලැස්ම ඉන්දියාවේ උපාය මාර්ගික වත්කම්වලට තර්ජනයක් විය හැකි  බව The economic times වැඩිදුරටත් පෙන්වා දෙයි. 

බලවත් රාජ්‍යයන් ශ්‍රී ලංකාව වැනි දූපතක ඩොප්ලර් රේඩාර් පද්ධති ස්ථාපිත කිරීමට දක්වන උනන්දුව පිළිබඳව සහ  ශ්‍රී ලංකා රජය ඒ සම්බන්ධයෙන්  ක්‍රියාකරමින් සිටින  ආකාරය කුතුහලය දනවන සුළුය. the economic times පෙන්වා දෙන පරිදි කුඩම්කුලම් සහ කම්කුලම්වල පිහිටි න්‍යෂ්ටික බලාගාර ඇතුළුව රටේ දකුණු ප්‍රදේශයේ උපාය මාර්ගික වත්කම්වලට අමතරව ඉන්දියන් සාගර කලාපයේ සහ ඉන්දියාවේ පැවැත්ම සහ ඉන්දියානු නාවික  හමුදාවේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම, ශ්‍රී ලංකාවේ රේඩාර් පද්ධතිය තුළින් සිදු කළ හැකි බව චීනය සලකා බලයි. කලාපය පුරා ඉන්දියාවේ උපාය මාර්ගික අවශ්‍යතාවලට හානිකර තත්වයක්  ඇති අතර රටේ දකුණු කොටසේ ඉන්දියානු උපාය මාර්ගික ස්ථාපනයක් රේඩාර් පරාසය තුළ පවත්වනු ඇති බව පැවසේ. රේඩාර් මඟින් අන්දමන් සහ නිකොබා දූපත්වල වෙත ගමන් කරන ඉන්දීය නාවික යාත්‍රාවල චලනය නිරීක්ෂණය කළ හැකි බවත්  the economic times සඟරාව සඳහන් කරයි.

එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව  ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ  හම්බන්තොට චයිනාමර්චන්ඩ් පෝට් සිටිය වසර 99 ක කාලයක් සඳහා ඩොලර් බිලියන 1.12  චීනයට බදු දීම  තුළ ලංකාවට මෙන්ම යාබද රටවල් වලටද යම් අනාරක්ෂිත තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතී.

 

jitendra singh tomar2ඉන්දීය මධ්‍යම රජයේ අමාත්‍ය ජිතේන්ද්‍ර සිං
එහෙත් ඉන්දියාව පසුගිය වසර නවයක කාලය තුළ සියයට 40 කින් පමණ වැඩි දියුණු වී ඇති බව ඉන්දීය මධ්‍යම රජයේ අමාත්‍ය ජිතේන්ද්‍ර සිං පවසයි. ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ 148 වැනි සැමරුම අමතමින් අමාත්‍යවරයා පවසා තිබුණේ, පුරෝකථනය වැඩිදියුණු වීමත් සමඟ ආපදා ආශ්‍රිත මරණ තනි ඉලක්කමක අගයක් දක්වා පහත වැටී ඇති බවයි. මේ වනවිට රට පුරා ඇති ඩොප්ලර් රේඩාර් සංඛ්‍යාව 2013 දී 15 සිට 2023 වනවිට 37 දක්වා ඉහළ ගොස් ඇති බවද අමාත්‍යවරයා පෙන්වාදී තිබිණි.

ලංකාවට චීනයේ මැදිහත්වීම පිළිබඳව දේශීය විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය  ප්‍රචාරයක් ලබා දී  නැති අතර, ශ්‍රී  ලංකාව චීනය සමග ඩොප්ලර් රේඩාර් පද්ධතියක් ස්ථාපිත කිරීම සම්බන්ධව කතාබහ හෝ ඊට අදාළ ප්‍රවෘත්ති  පළවී ඇත්තේ විදෙස් මාධ්‍යවල ය. මෙයින් චීන රජය බලාපොරොත්තු වන්නේ සාගර කලාපයේ හැසිරීම් සහ නාවුක හමුදා  හමුදා ක්‍රියාකාරීත්වය, දියගො ගර්සියා දූපතේ ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය හමුදා ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම තුළින් අන්දමන් දූපත් නිකෝබා දූපත් දක්වා නිරීක්ෂණය කිරීමේ හැකියාව ලබා ගැනීම බව Economic Times 2023 April  වාර්තා කරයි. 

මේ විවිධ ක්‍රියාකාරකම් තුළින් ඒ ඒ බලවතුන් තම රාජ්‍යවල බලය තහවුරු කර ගැනීමට ඔවුනොවුන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව භාවිත කරමින් සිටිනවා විය හැකි බව පෙන්වාදෙන පේරාදෙණියේ විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යාව පිළිබඳව මහාචාර්ය අතුල වික්‍රමනායක මහතා සඳහන් කරන්නේ අපේ රටට එක් ඩොප්ලර්  රේඩර් පද්ධතියක් සවිකළත් ඇති බවය. එයින් නැව් ගමනාගමනය නිරීක්ෂණය කරන්න පුළුවන් වගේම මහාද්වීපවලට වඩා දූපත්වල විපර්යාස ඉක්මනින් වෙනස් වන නිසා ඉතා ඉක්මනින් කාලගුණය පිළිබඳ අනාවැකි පැවසීමේ හැකියාවත්  තිබෙන බවය. "

 

india weather forecasting AIස්වභාවික විපත් වලින් තම රාජ්‍ය ආරක්ෂා කර ගැනීම ඉන්දියාවේ අරමුණ වුවද සෙසු බලවත්  රාජ්‍යයන්ගේ ග්‍රහණයට හසු නොවී සිටීමට උත්සාහ දැරීමක්

 

2023. 01. 26 News 19 වාර්තා කරන ආකාරයට 2023 වසර වන විට ඉන්දියාව තුළ ඩොප්ලර් රේඩාර් පද්ධති 37 ක් ස්ථාපිත කර ඇති බවත් 2025 වර්ෂය වන විට එය 62ක් බවට පත් කිරීම ඉන්දියාවේ අරමුණ බව කාලගුණ විද්‍යාඥ චාපා කල්පනී පවසයි. ස්වභාවික විපත් වලින් තම රාජ්‍ය ආරක්ෂා කර ගැනීම ඉන්දියාවේ අරමුණ වුවද සෙසු බලවත්  රාජ්‍යයන්ගේ ග්‍රහණයට හසු නොවී සිටීමට උත්සාහ දැරීමක් ලෙසද සඳහන්ය. 

 

ඒ තත්ත්වය ලංකාවට ඇතැම්විට තර්ජනයක් වීමේ හැකියාවක් ඇති බව  ගෝලීය බලවතුන්ගේ දේශපාලනය ලංකාවට බොහෝ දුරට බලපෑ හැකි  බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යාව පිළිබඳව මහාචාර්ය අතුල වික්‍රමනායක  සඳහන් කරයි.

එමෙන්ම ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කාලගුණ විද්‍යාව පිළිබඳව මහාචාර්ය ජිනදාස කටුපොත මහතා ගේ අදහස වන්නේ  සුනාමිය වැනි ව්‍යසන ඩොප්ලර් රේඩාර් පද්ධතියකින් පූර්ව අර්ථකථනය සිදුකළ නොහැකි බවයි.”කාලගුණය සම්බන්ධව එවැනි තත්ත්වයක් ඇති වන්නේ නම් ලංකාවට යාබද රටවල්වලින් දත්ත  ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. එලෙස තිබියදී වර්ග කිලෝමීටර් 65000 ක් පමණ වූ අපේ මේ පුංචි රටට ඩොප්ලර් රේඩාර් පද්ධතියක් අවශ්‍ය වෙන්නේ නෑ. ඔය ව්‍යාපෘතියට රුපියල් මිලියන 420 ක් ආයෝජනය කළා කියල කියනවා. ඒක එහෙම වෙන්නෙ කොහොමද?. මං හිතනවා වැඩි මුදලක් හොරා කෑවා කියලා. වෙන්කළ මුදල් වලින් භාගෙට භාගයක්ම දේශපාලකයන්ගේ සාක්කුවට යනවා. ගෙවු වසර ගණනාවක කාලය තුළ නිලධාරීන්ගේ වැටුප්, විගණනයට යන වියදම, අදාළ භාණ්ඩ සහ ස්ථානය ආරක්ෂා කිරීමට වැටුප් ගෙවා ආරක්ෂක නිලධාරීන් යෙදවීම, සියල්ල තක්සේරු කළොත් මිලියන දහසකට වඩා මුදලක් අවභාවිත වෙලා. මම හිතන්නෙ එහෙම වෙන්නෙ ඒ රටට, ණය දෙනවා කිව්ව පලියට ණය අරගෙන ලාභ බෙදා ගන්න තියෙන පොර කෑමක් නිසා කියලයි.” මහාචාර්යවරයා සදහන් කරයි.

ශ්‍රී ලංකාවට ගැලපෙන සංවර්ධන ව්‍යාපෘති හඳුනා නොගෙන ,ඒ ඒ බලවත් රටවල් ඔවුන්ගේ අවශ්‍යතා සඳහා ඉදිරිපත්කරන විවිධ ව්‍යාපෘති වෙනුවෙන් පෙනී හිඳිමින්  ලංකාවට  දක්වන  මූල්‍ය  සහයෝගය ලබා ගැනීමට  කටයුතු කිරීමට යාම  නිසා රට තුළ මෙවැනි  ගැටලු පැන නගින බව ඔහු සඳහන් කරයි.

 

‘අමතක කරලමු පැරණි කතා’

Screenshot 20240327 113315 Chromeමුදල් අවභාවිතවීම, ව්‍යාපෘතිය අඩාලවීම  පිළිබඳ දැනට දෙපාර්තමේන්තුවක් ලෙස ගෙන ඇති පියවර පිළිබඳව සිදුකළ විමසීමට ප්‍රතිචාර දක්වමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඒ. කේ. කරුණානායක මහතා පවසන්නේ  වසර ගණනාවකට ඉහතදී සිදුවූ සිද්ධිය පසෙකලා  අලුතින් ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින ව්‍යාපෘති පිළිබඳව කතා කිරීම ඵලදායි බවය. අදාළ ඩොප්ලර් රේඩාර් පද්ධතිය උපයෝගී කරගනිමින් එදා-මෙදා තුර කාලගුණ විද්‍යා පුරෝකථන එකක් හෝ සිදුකර නැති  බවද ඔහු සනාථ කරයි.

මෙවැනි මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් ක්‍රියාකිරීමේ වගකීමට බැඳෙන පාර්ලිමේන්තුවේ ගිණුම්කාරක සභාවේ  2023 අගෝස්තු වාර්තාව සඳහන්  කරන්නේ  "අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පරීක්ෂණය සිදුවන අතර, චෝදනාගත නිලධාරීන් මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි."

විෂය භාර  අමාත්‍යවරු වගකීම භාරගත යුතුයි

පයබර වායට පිටකර බෙහෙත් බැඳි පාරිභෝගික අධිකාරියේ ගෑස් ගැසට්ටුව - ලසන්ත  රුහුණගේකෝපා කමිටුවේ හිටපු සභාපති ලසන්ත අලගියවන්න අමාත්‍යවරයා සඳහන් කරන පරිදි නව තාක්ෂණය පිළිබඳ කතා කරන්න දෙයක් ඉතුරු වී නැති බවත්, ලංකාව පුරා ස්ථාපිත වැහි වාර්තා මධ්‍යස්ථාන 400 ක් පමණ තවමත්  එදිනෙදා වැහි වාර්තා ප්‍රධාන කාර්යාලයට ලබා දෙන්නේ තැපැල් කාඩ් මගින් බව ඔහු සඳහන් කරයි.

පුරවැසි ඇසකින් මෙම සමස්ථ සිදුවීම් දාමය විශ්ලේෂණය කරමින් අදහස් පළකරන  ප්‍රජාතන්ත්‍රවාදය සහ රාජ්‍ය පාලනය පිළිබඳ පර්යේෂක නීතිඥ ඩී. එම් දිසානායක මහතා සඳහන් කරන්නේ මිලියන දහසක් නොව වැයකර ඇති මුදල රුපියලක් වුවද, එම මුදල අපේ රටේ හෝ විදේශීයව ලැබුණු මුදලක් හෝ ආධාරයක් නම් ඒ  සියල්ල මේ රටේ ජනතාව සතු මුදල් බවයි. ඒ මුදල් යම් කිසි ආකාරයකට වැරදි ලෙස භාවිතකර ඇත්නම් පොදු දේපළ පනත යටතේ නීතිමය පියවර ගතහැකි බවයි. “ඒ වගේම පාර්ලිමේන්තුවේ කෝපා කමිටුව හෝ කෝප් කමිටුවට පුළුවන් ඊට අදාළ රාජ්‍ය නිලධාරීන් හෝ දේශපාලකයන් පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ අවධානයට යොමු  කරන්න.එසේම  අදාළ කාලය තුළ මේ ව්‍යාපෘතිය භාරව කටයුතු කළ අමාත්‍යවරු විශේෂයෙන්ම මේ සම්බන්ධ වගකීම භාරගත යුතුයි. 

 

image 1498839286 a343aa8f99මේ ආර්ථික අගාධයේ කරවටක් ගිලී සිටින රටක සිදුවී ඇති මිලියන දහස් ගණනක එක් නාස්තිකාර ගනුදෙනුවක් පිළිබඳ නිදර්ශනයක් පමණි.
අපේ රට අවදානම් තත්ත්වයකට පත්වන මෙවැනි තීන්දු තීරණ ගනිපු  අදාළ අමාත්‍යවරු අනිවාර්යයෙන්ම මෙහි වගකීම භාරගත යුතුයි. ඒ වගේම සිදුව ඇති මූල්‍ය අපරාධය පිළිබඳව අදාළ පාර්ශවයන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ගය ගැනීමේ හැකියාවක් තියෙනවා.” ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ ආර්ථික අගාධයේ කරවටක් ගිලී සිටින රටක සිදුවී ඇති මිලියන දහස් ගණනක එක් නාස්තිකාර ගනුදෙනුවක් පිළිබඳ නිදර්ශනයක් පමණි. ඒ සම්බන්ධයෙන් සිදුවී ඇති විගණන විමර්ශන ඇතුළු විවිධ විමර්ශන, වගකිවයුත්තන්ගේ ප්‍රකාශ පිටු සිය ගණනක් පරිශීලන කිරීමෙන් පසුවත් පෙනී යන්නේ එම මහජන මුදල් අවභාවිතය සම්බන්ධයෙන් වගවීමට බැඳී සිටින කිසිවෙකු සොයා ගැනීමට මේ දක්වා සියලු පාර්ශව අසමත් වී ඇති බවකි. රටක මිලියන දහසකට ආසන්න අයථා ගනුදෙනු සහ මූල්‍ය අවභාවිත කිරීම් සම්බන්ධයෙන්  වගවීමට බැඳෙන කිසිවෙකු නොමැතිවිය හැකිද? එම වගවීමට බැඳී සිටින පුද්ගලයින් මෙම මූල්‍ය අවභාවිතය පිළිබඳව ගනු ලබන ක්‍රියාමාර්ග මොනවාද ?


සටහන :
චාචාන්දනී දිසානායක 
chandissa12@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...