එම ක්‍රීඩා කළ සිසුන් සඳහා පෞද්ගලික අංශයේ (සමහරවිට රාජ්‍ය අංශයේ පවා) විධායක රැකියා පාසලෙන් අස්වන විට ම බන්දේසියක තබා පිරි නැමේ. වසර කිහිපයකින් පෞද්ගලික අංශයේ කපිතාන්වරු වන්නේ ඔවුන් ය. එම නිසා මෙම ක්‍රීඩා කණ්ඩායම් සඳහා ඇතුළුවීමට විශාල තරඟයක් තිබේ.
ක්‍රිකට් හා රගර් ක්‍රීඩා කණ්ඩායම් සඳහා ඇතුළු වීමට ඇති තරඟයටත් වඩා ඉතා තියුණු තරඟයක් තිබුණේ අපගේ පාසලේ ගීතිකා කණ්ඩායමට (choir) ඇතුල්වීමට ය. ඊට හේතුව වූයේ, ගීතිකා කණ්ඩායමේ පුහුණුකරු (choir master) වශයෙන් සිටියේ විශිෂ්ට සංගීතඥයෙකු වන රසල් බර්තලමියුස් (1942-2024) මහතා වීම ය. බට පතුරකටත් වඩා කෙට්ටු, උස ම උස, සුදු ම සුදු, අමුතු කැරිකැචරාත්මක රුවකින් හෙබි මොහු අපට සංගීතයට අමතර ව ඉංග්‍රීසි ද ඉගැන්වී ය. ඔහුගෙන් පුහුණුව ලත් බොහෝ දෙනක් අද බටහිර සංගීත ක්ෂේත්‍රයේ හිනිපෙත්තේ ම සිටිති.
පාසලේ ම පිහිටි මහා විසල් දේවස්ථානයේ බැල්කනියේ ය පයිප් ඕර්ගනය තබා තිබුණේ. පුහුණු කිරීම්වලදී, එය මුලින් වාදනය කරන බතෝ, ගායනය පටන් ගත් පසු, බැල්කනියෙන් පහළ, ගොඩනැගිල්ලේ ඉදිරියේ සිටින ගීතිකා කණ්ඩායම දෙස ඔහු උකුසකු ලෙස නෙත් යොමන විට, එහි ඇති ආලෝක තත්ත්වයන් ද සමඟ, මට මතක් වන්නේ හිව්කොකියානු චිත්‍රපටයක රූප රාමුවක් ය. ඔහු පුහුණුවීම්වලදී සිටින්නේ සංගීතයට ආවේශ වී ය. තාලයක ක්ශුද්‍ර කොටසක් හෝ එහා මෙහා වුවහොත් බතෝ දරුණු ලෙස පරළ වේ. සුදු මුහුණ රතු ම රතු වේ.
අප මේ ආදරණීය ගුරුවරයාට කට පුරා සර් කියා ඇමතුවත්, නැති තැන අප ඔහු හැඳින් වූයේ 'බතෝ' කියා ය. ඒ සමච්චලයට හෝ අපහාසයට නොව හුදෙක් හද පත්ලෙන් නැගෙන ආදරේට ය. පාසල් වියෙන් පසු තරමක කාලයකට පසු ව, මට බතෝ නැවත මුණ ගැසෙන්නේ, කොළඹ අවට අපර භාගයේ තැනින් තැන ඇති චිත්‍රපට අවකාශ තුළ ය. ඔහු බොහෝ කලක් වරප්‍රසාද ලත් පාසලකට කොටු වී සිටියත්, තම විශ්‍රාම සමයේ කාලය ගත කළේ තරංගනීයේ, ජර්මානු ග'තයේ, පදනම් ආයතනයේ, රුසියානු මධ්‍යස්ථානයේ, ආදී විකල්ප චිත්‍රපට පෙන්වන තැන්වල ය. මේ සටහන කියවන ඔබත් මා මේ කියන බතෝ දැක ඇති බවට මට නිසැක ය.
Sudath Mahaadivulwewa විසින් මීට කලකට පෙර පදනම් ආයතනයේ පෙන්වූ චිත්‍රපට මාලාවක, එක චිත්‍රපටයක (Munich, 2005) විචාරයක් කිරීමට මට ආරාධනා කළ අතර, එය කිරීම සඳහා මා ඉදිරියට පැමිණ, කතාව පටන් ගැනීමට සභාව දෙස බැලීමේ දී එකවර ම මා දුටුවේ බතෝගේ සුදුමැලි මුහුණ ය. ඇත්ත ම කියතොත් මට මාගේ කතාව කරගැනීමට පවා අපහසු වන ආකාරයට මම ඉමෝශනල් වීමි.
පසු අවස්ථාවක මට බතෝ මුණගැසුණේ ගල්කිස්සේ හෝටලයේ ලොබියේ ය. මෙහි ඇති ඡායාරූප මා ගත්තේ ඒ අවස්ථාවේ ය.
පසු අවස්ථාවක මට බතෝ මුණගැසුණේ ගල්කිස්සේ හෝටලයේ ලොබියේ ය. මෙහි ඇති ඡායාරූප මා ගත්තේ ඒ අවස්ථාවේ ය. මේ හැටි චිත්‍රපටි බලන්න ආස ඇයි කියා මා බතෝගෙන් විමසූ විට ඔහුගේ පිළිතුර වූයේ, තමා එන්නේ චිත්‍රපට බලන්න නොව, ඒවායේ සංගීතය ඇසීමට පමණක් බවය ! ඒ මීට වසර දහයකට පෙර ය (2018.05.18). ඔහු ඒ වෙලේ ලොබියේ බලා සිටියේ ඔස්ට්‍රේලියාවේ වෙසෙන තම පවුලේ සාමාජිකයන් කිහිපදෙනෙක් හමුවීමට ය.
මේ සටහන මා ලියන අවස්ථාවේ, බතෝ නිසල ව, මා ඡායාරූපය ගත් තැනින් වැඩිදුරක නොවන තැනක, ප්‍රාණය නිරුද්ධ ව බලා සිටින්නේ, තමන් මහත් ආදරයෙන් නැණැස පමණක් නොව උගුර ද පෑදූ දහස් සංඛ්‍යාත සිසු පිරිසක තමන්ගේ අවසාන ගමනට සුබ පතනට එනතුරු ය.
බතෝට සමාදානයේ සැතපේවා කීමට වඩා සුදුසු වන්නේ 'සංගීතයේ සැතපේවා' කීම ය. ඒ තමන්ගේ මුළු ජීවිතය ම තනිකඩයකු ලෙස ගත කර, පාසලේ සංගීතයට ම පමණක් කැප කළ නිසාවෙනි.
(ආචාර්ය උදන් ප්‍රනාන්දු)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
udanfer2014@gmail.com
(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )